මාධ්‍යයන් විසින්ද හඳුනා ගතයුතු යුතුකම් හා වගකීම්
Posted on December 14th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

අලුතින් බඳවා ගන්නා ලද රේගු අධිකාරීවරුන්ට පත්වීම් ලිපි ලබාදීම සඳහා පැවති උත්සවයකදී, අගමැති රනිල් වික්රමසිංහ විසින් ප්රථම වතාවට යුද්ධයේ අවසන් අදියර සඳහා ගිය වියදම හා රට සංවර්ධනය කරන්නට ගිය වියදම් සමග විදේශ ණය ප්රමානය සැසඳීමට කටයුතු කලේය. වෙනදා නම් මෙවන් අවස්ථාවලදී ඔහු, පසුගිය රජය රට ණය කලේ යයි පවසමින් රාජපක්ෂ රජයට චෝදනා නගන්නේය. මේ කතාව ඩීල් හෝ වෙන යමක් නිසා කලා වුනත් එහි තර්කයක් තිබේ. ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්නම් පොතේ කතුවරයා වන මේජර් ජෙනරල් කමල් ගුණරත්න යනු වර්ගවාදී යුද්ධය ආරම්භයේදී හමුදාවට බැඳී එහි අවසන් නිමේෂය දක්වා ක්රියාකාරී ලෙස යුද්ධයට සහභාගී වූ අයෙකි. මේ අරගලය යුද්ධයක් ලෙස ඇරඹෙත්දී ජනාධිපතිව සිටියේ අතිගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති උතුමාණන් වහන්සේය. ඉන්පසු විවිධ ජනාධිපතිවරුන්ගේ පාලන සමයන් ඔස්සේ ඇදී ගිය යුද්ධය ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ කෙලවර විය. (පසුව ඔහු රජු ලෙසින් අභිශේක කලේ කවුරුන්දැයි නොකිව මනාය) කෙසේ හෝ මේ සියලු යුගයන්හිදී යුද්ධය සිදු කෙරුන ආකාරය මේ කතුවරයාට ලැබුන ප්රායෝගික අත්දැකීම්ය. කතුවරයා පවසනුයේ යුද්ධය ජයග්රහණයෙන් නිම කිරීමට හේතු වූ ප්රධානතම සහය නම් යුද බිමට අඛණ්ඩව සැපයුනු මිනිස් බලය බවයි. තම පොත එලි දක්වන දා ඔහු, යුද්ධයේ භයංකර බව පෙනි පෙනීත් තම දරුවන් යුද බිමට පුදකල දෙමව්පියන්ට ස්තුති කලේ එහෙයිනි. එමෙන්ම යුද්ධය කෙමෙන් ලං වනවිට ලැබුන දිරිය නිසා හමුදාව අතහැර පලා යන පිරිස අඩුවිය. යුද්ධය පැවති සමයේදී වරක් යුද පෙරමුණේ සිටි සෙබලුන් මාධ් වෙත පැවසූ කතාවක් යලි සිහි කරනු කැමැත්තෙමි. එකල තද වැසි වැටුන සමයකි. වැසි දියෙන් තෙතබරිත වන නිළ ඇඳුම් සහ අනිකුත් අඩුම කුඩුම සහිතව කිලෝ 40 පමන බරක් දරාගෙන ඉදිරියට යන්නට සෙබලුන්ට සිදුව තිබිනි. නමුත් ආරක්ෂක අමාත්යංශය මගින් හීටර් යන්ත් සවිකල විශාල කන්ටේනර් 2 ක් යුද බිමට එවීමට ක්රියාකල අතර, තම තෙත බරිත නිළ ඇඳුම් විනාඩි කිහිපයකදී වේලා ගැනීමේ පහසුකම ඔවුන් වෙත ලැබින. එදා ගැන යුද සෙබලුන් කතාකලේ හද පිරි කෘතඥභාවයෙනි. තමන් පිලිබඳව ඉහල තැන්වලින් මෙතරම් දුරට සැලකිලිමත් වූ පලමු වතාව බව ඔවුහු පැවසූහ. නිළ ඇඳුම් වේලුනාටත් වඩා තමන් හුදෙකලා නොවූ බවටත්, තමන්ගේ දුෂ්කරතා ගැන සිතන ප්රධානීන් සිතන බවටත් ඇති වූ හැඟීම මේ සෙබලුන්ව දිරිමත් කර තිබිනි.

 

මේ අයුරින් යුද්ධය පිලිබඳ කතා කරන කල්හි සැබැවින්ම අඛණ්ඩ මිනිස් බලය මෙන්ම අනිකුත් සැපයුම් වෙනුවෙන් රජයට දරන්නට වන වියදම ගැන අප වටහා ගත යුතුය. මිනිස් බලයේ සිට මෙවන් සැපයුම් අතින් ඔබ දුර්වල වේගෙන යන බව සතුරාට දැනුනහොත් එය කඩා වැටීමක ආරම්භයයි. වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ යමක් විය. 2009 දී යුද්ධය අවසන් වූ වහාම ශ්රී ලංකාව ආර්ථිකව වැටෙන්නට ගිය ප්රපාතයේදී ලිබියාවේ හිටපු නායක මුවම්මර් අල් ගඩාෆි තම සහය ලබා දුන් අයුරුය. එක දුරකථන ඇමතුමකින් කල ඉල්ලීමක් ඔස්සේ ඩොලර් මිලියන 500 ක් ලබා දීමයි. තුල ක්ෂනික කඩා වැටීමකට ඉඩ නොදී ආර්ථිකය යම් මට්ටමක තබා ගැනීමට රජය සමත්විය. 2012 දී ගඩාෆිට අත් වූ ඉරණමද, ඊට මග පෑදූ පුද්ගලයින්ද ගැන සිතන විට අද අප රටට අත්වන්නට යන කල දසාවද පිලිබඳව අග මුල ගැට ගසාගත හැක.

 

කෙසේ  හෝ යුද්ධය අවසන්ය. රත්රන් හෝ ප්ලැටිනම් අතුරා අධිවේගී මාර්ග තැනුනි. කාපට්  ඇතිරූ මාර්ග පද්ධතිද, එතෙක් විශාල හා කුඩා ප්රමානයේ පාලම් පාරු යොදාගෙන එගොඩ මෙගොඩ ගිය කොඩ්ඩියාර් බොක්ක ඇතුලු මුහුදු බොකුවලට පාලම්ද ලැබිනි. යාපන අර්ධද්වීපය රටේ අනිත් කොටස හා යා කරන එලිෆන්ට් පාස් මාර්ගය නෙතට ප්රිය . යුද සමයේ විනාශ වූ දුම්රිය මාගර්ප්රතිසංස්කරණය විය. අද උතුර දකුණ යා කරන සන්හිඳියා චාරිකා යන්නේ මේ මාර්ග ඔස්සේය. හම්බන්තොට ඉදි වූ වරාය හා  ගුවන් තොටුපල වැඩකට නැති ඉදිකිරීම් ලෙස මොවුන් එදා ජනතාවට පෙන්වූවත් චීනය එම ප්රදේශය වෙනුවෙන් තැබූ ලංසුව නිසා එය එසේ නොවන බව පැහැදිලි වේ. එසේ බලත්දී එදා වර්ගවාදී යුද සමය තුල විනාශ වී ගිය යටිතල පහසුකම් නගා සිටුවන්නට ගිය වියදම්ද අප සැලකිල්ලට ගත යුතුය. එමෙන්ම නිමා වූ යුද්ධයෙන් පසු ජයග්රාහී මානසිකත්වයකින් පසුවූ හමුදා සාමාජිකයන් සතු ජීව ගුණය මෙන්ම හමුදාව තුල ඔවුන් ලබන විනයද එකට සංයෝගකර කොළඹ නගරය පිරිසිදු හා සුන්දර ස්ථානයක් බවට පත්කල ආකාරය හා රටේ විවිධ ස්ථානවල ඉදිකල සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනද මතකයට නගා ගත යුතුය. අද රටට ඇදී එන සංචාරකයන් සංඛ්යාව ගැන උදම් අනන ජෝන් අමරතුංග ඇමතිවරයාට සඳහා ඉහත සඳහන් දේ තුල ලැබුන දායකත්වය අමතකව ගිය සේය.

 

2015 දී පැවති රජය පරාජය වූ අතර මෙවන් ව්යාපෘතීන් තුල සිදුවූ මහා පරිමාණ වංචා සහ දූෂණ පිලිබඳ කතිකාවක් රට තුල ඇතිවිය. මේ චෝදනා අවංක සිතින් කලා නම්ද, අලුත් රජය නිසා එම අක්රමිකතාවන් කෙලවරක් වුනේ නම්ද, දැන් එම බල පෙරලියට වසර 2ක් පිරෙන්නට යන තැන ජනතාවට යම් සහනයක් සැලසී තිබිය යුතුය. නමුත් අවාසනාවකට රටේ තත්වය එන්න එන්නම පිරිහෙයි. ආර්ථිකමය අතින් (ජනතාවගේ) පමනක් නොව සමාජමය අතින්ද මෙම පිරිහීම දක්නට ලැබේ. මත්ද්රව් ජාවාරම පමනක් නොව තම ශරීර අවයව පවා විකුණා මුදල් සෙවීමට මිනිසුන් පෙලඹෙන්නේ මේ නිසාය. විනයක් නැතිකම මෙන්ම පාතාල ක්රියාකාරකම්ද වැඩි වෙමින් පවතී. සංඛ්යා ලේඛණ දක්වන්නේ ළමා අපචාරද වසරින් වසර ඉහල යන බවකි. එක පසෙකින් ආගම් මුල් කරගෙන විවිධ පිරිස් මරාගන්නට යත්දී අන්තර් ජාලයේ කාම වෙබ් අඩවිවලට පිවිසීම සම්බන්ධව පිට පිට 5 වන වරටත් ශ්රී ලංකාවට කිරුළ හිමිව තිබේ. මේ සියලු ප්රශ්න මෙසේ තිබියදී රජයේ වගකිවයුත්තන් තවමත් පසුගිය රජය පතුරු ඇරීම හෝ සුරංගනා කතා පවසමින් ජනතාව මුලා කිරීම නම් නැවතී නැත. මෙවන් දේ සම්බන්ධව මාධ්යයන්හි හැසිරීමද ප්රෙහෙලිකා සහගතව ඇත්තේ එදිනෙදා අලෙවි කරගත හැකි යමකින් ඔබ්බට යන අඛණ්ඩ අවධානයක් මෙවන් ප්රශ්න කෙරෙහි දක්වන බවක් නොපෙනෙන නිසාය.

 

පසුගිය සතියක පැවති වෙෙද්යවරුන්ගේ වැඩ වර්ජනයේදී මාධ් වෙතින් සිදුකලේ පුරුදු පරිදි මහජනතාවගේ කෝපය වෙෙද්යවරුන් වෙතට යොමු කිරීමය. වැඩ වර්ජනය ගැන මහජන අදහස් අසන විට සමහර අය කෝපයෙන්ද, තවත් සමහරු හැඬූ කඳුලින්ද වෙෙද්යවරුන්ට බැන වැදුනහ. නමුත් කිසිදු මාධ්යවේදියෙකු මේ වැඩ වර්ජනයට හේතුව කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේ නැත. සමගම රජය ගත් ක්රියාමාර්ගයක ප්රතිඵලයක් ලෙස තමන්ට මෙවන් තත්වයකට මුහුණ දෙන්නට සිදුව තිබියදී රජයේ මැති ඇමතිලාගේ මල්ල පිරුන හැටි දන්නවාදැයි විමසුවේ නැත. පාර්ලිමේන්තු සැසි වාරවලට සහභාගි වීම සඳහා ගෙවන දීමනාව රු. 2500 දක්වා වැඩි වූ හැටි, මන්ත්රී කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව රුපියල් ලක්ෂය බැගින්ද, මන්ත්රී නිළ නිවාස හොඳ තත්වයේ නැතැයි කියා ඔවුන්ට ගෙවල් කුලියට ගන්නට තවත් රුපියල් ලක්ෂය බැගින්ද ලබා දීමට තීීරණය කර ඇත. ජනතාව තම රෝගාබාධවලට ප්රතිකාර ගැන්මට මෙසේ දුක් ගැහැට විඳිනවිට, පසුගිය දිනෙක අය වැය විවාදයේදී සෞඛ් ඇමතිවරයාට ප්රතිකාර ගැන්ම සඳහා ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 100  ක් වෙන්කල  පුවත මතුවූ අතර පසුගිය රජය සමයේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට ඔස්ට්රේලියාවේ හෝටලයකදී සිදුවූ අනතුරකදී මෙවැනිම මුදලක් ගෙවූ බව පැවසුනි. ඊලඟට දබරය අැවිලුනේකොටු පනින්නට ගොස් අත පය කඩා ගත්තායි කීමෙන්ය. එ් ඔස්සේ අපේ මැති සබයේ සිටිනපිරිමින්ගේ හැකි නොහැකියාවන් පිලිබඳ ප්රසිද්ධියේ එකිනෙකාට අපහාස කර ගත්හ. මේ ප්රශ්නවලින් මිරිකෙන  රටක හා එහි ජනතාවගේ පැවැත්ම සඳහා තීරණාත්මක සාධකයක් වන අය වැය විවාදයයි !

 

ඉතින් වැඩ වර්ජනවල යෙදෙන දිළිඳු දුම්රිය හරස්මග මුරකරුවාට පවා දොස් පවරන ජනතාවට මේ අසාධාරණයන් ගැන පවසන්නට කෙනෙකු නැත. රටේ බොහෝ ප්රදේශවල යමින් එමින් ප්රජාව සමග වැඩ කල නිසාම මට සැමවිටම සිතෙන දෙයක් ඇත. බොහෝ අයට පොලිටික්ස් බෝරිං බවය. තමන් මුහුණ දෙන සියලුම ප්රශ්නවලට පාහේ දේශපාලන තීන්දු ගෑවී යන බව වැටහුනත් තම ඇස්, කන් හා මොලය පාවිච්චිකර මේවා විශ්ලේෂණය කරන්නේ ඉතා සුලු පිරිසකි. අද කොපමන බැන වැදුනත් ඊලඟ මැතිවරණයකදී යලි එකම මුහුණු ටිකම මැති සබයට යන්නේ එහෙයිනි. දුර බැහැර පාසල්වල දරුවනට ඉඳගන්නට පුටුු නැතිව, උගන්වන්නට ගුරුවරු නැතිව, යන්න එන්නට ප්රවාහන ක්රමයක් නැතිව අධ්යාපනය කඩා වැටෙන තැනට පත් වත්දී  අමාත්යංශ ලේකම් ඇතුලු ඉහල නිළධාරීන්ට රු. කෝටි 9 1/2 ක් වැය කරමින් වාහන ලබා දෙන්නේ අමාත්යංශය සතු හොඳ තත්වයේ වාහන තිබියදීය. තමන් ලබා ගන්නට යන අලුත් වාහන පිලිබඳව සාධාරණීකරනය කරන සෞඛ් ඇමති තම ප්රතිකාර සඳහා රජයෙන් ලබා ගත් රු. ලක්ෂ 100 තම වරප්රසාදයක් බවට පවසයි. මේ ලිපිය ආරම්භයේදී සඳහන් වූ අගමැතිගේ කතාව තුල මෙවන් මුදල් වැය කිරීම් ගැන අදහසක් තිබිනිද යන්න සැක සහිතය. එක අතකට එය එසේ වෙන්නට නොහැකිය.පාර්ලිමේන්තුවේදී මැති ඇමතිලාගේ නැති බැරි කමේ දුක පලමුවෙන්ම පෙනුනේද අගමැතිටය. තමන්ගේ වැටුප තම බිරිඳගේ වැටුපට වඩා අඩු බව පවසමිනි. එය ඔහුට මදිකමක් විය. එසේ වෙයි නම් ඔහු තවමත් ගතානුගතිකස්ත්රී පුරුෂ සමාජ භාවීය ස්ථිකයන්හිඑල්ලී සිටින්නෙකි. නමුත් ඔහුගේ බිරිඳ එම විෂය පිලිබඳ විශේෂඥවරියකි. අගමැතිට එම අධ්යාපනය බිරිඳ වෙතින් නොලැබීමේ අඩුව බරපතල වන්නේ ශ්රී ලාංකික ජනතාව මෙතරම් ආර්ථික අපහසුතාවලින් පෙලෙද්දී අගමැතිවරයා තම ගතානුගතික චිත්තාවේගයන් ඔස්සේ යමින් මැති ඇමති වරප්රසාද වැඩි කරලීම සඳහා යොදා ගන්නා කල්හිය.

 

මේ සියල්ල මෙලෙස වෙත්දී පසුගිය දිනෙක මනුසත් දෙරණලිට්ල් හාට්ස්නම් ව්යාපෘතියට ආධාර පිනිස රටේ පුංචි දරුවන් රුපියල දෙක දමමින් මුදල් රැස්කල කැට පරිත්යාග කරන්නට උනන්දු කරවනු පෙනුනි. තමන්ට ලැබෙන මූල්යමය වරප්ර්රසාද සහ යාන වාහන තම අයිතියක් බවට සාධාරණීකරනය කරන සෞඛ් ඇමතිවරයෙකු , පෙනෙන්නට දැනෙන්නට කිසිවක් නොකර නිකම්ම ජනතාවගේ බදු මුදලින් සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙනයන ඇමතිවරු අති විශාල සංඛ්යාවක්ද අපට සිටිති. මොවුන්ගේ කාර්ය මණ්ඩල වැටුප්ද බොහෝවිට පවුලේ පතටමය. ලිට්ල් හාට්ස් ව්යාපෘතිය අද මුල පුරා ඇත්තේ මේ පිංගුත්තර රැහේ වුන් විිසින් කල යුතු නමුුත් නොකර මගහැර සිටින කටයුත්තකටය.

 

මේ ගැන මතක් වන්නේ නැති නිසාදැයි නොදනිමි. රිජ්වේ ළමා රෝහලේ වෙෙද්යවරයකු ජනතාවගෙන් ආධාර ඉල්ලමින් කියා සිටියේ ශ්රී ලංකාවේ ජනතාව මිලියන 14 ක් ජංගම දුරකථන පාවිච්චි කරන බවත් මේ අයුරින්නිකරුණේවියදම් කරන මුදල්වලින් මාස්පතා රු.100 බැගින් ලබා දෙන්නේ නම් තම අරමුදල ඉක්මනින් සම්පූර්ණ වනු ඇති බවත්ය. මේ ජනතාව දැනටමත් ගෙවන බදු කන්දරාව මොවුන්ට නොපෙනේද? ජංගම දුරකථන ගැනම කතා කලොත් රු.100 සිම් පතකින් රු. 49 ක් දැනටමත් ඔවුන් බදු ගෙවති. ජලය, විදුලිය, ප්රවාහන වියදම් ඉතාම වැඩිය. රටේ සෞඛ් සේවා පද්ධතියේ අාකාරය අනුව චැනල් සේවාවන් සඳහාද බදු  ගෙවන්නට සිදුව ඇත. ඉතින් මේ අය නිකරුණේ වියදම් කරනවාය කියන්නේ කෙසේද? අද මේ මැති ඇමති ගණයා ජීවත් කරන්නේද ජනතාවමය.

 

මේ  අරමුදලට දරුවන්ගේ කැට සල්ලි ලබා දීම, දරුවන්ට කුඩා කල සිටම පරිත්යාගය හුරු කරවන්නට කරන දෙයකැයි ඔබට කිව හැක. එක අතකට එය සැබෑවකි. එවන් පරපුරක් ඇති කිරීම මෙසේ අරඹයි නම් එය ඔවුන් කරන්නට යන ව්යාපෘතිය සේම සද් කාර්යයකි. හැබැයි එම කාර්යයේ සද්භාවය සම්පූර්ණ වන්නට නම් මාධ්යය කල යුතු එක දෙයක් ඇත.

 

මේ කැට රැගෙන එන දරුවන්ගේ වැඩිහිටියන් පසෙකට කැඳවාගන්න. ඊලඟට මේ පරිත්යාගය සඳහා හේතු පාදක වූ යතාර්ථය ඔවුනට වටහා දිය හැක. එතැන රූපවාහිනියෙන් තම රුව ප්රචාරය වුනාට වඩා වැඩි යමක් තිබෙන බව මේ වැඩිහිටියන්ට මතක් වනු ඇත. මෙසේ තම පුුංචි දරුවන් අහිංසක අපේක්ෂා පුරවාගෙන රුපියල දෙක දමමින් එකතු කල කැටය අද මෙසේ පරිත්යාග කරන්නේ වත්මන් පාලන තන්ත්රයේ කවර  අඩුපාඩු සපුරාලීමටද කියා ඔවුන් සිතන්නට පුරුදු වනු නියතය. අනුව තම පරම අයිතිය වන ඡන්දය ප්රකාශ කිරීමේදී මීට වඩා සුලු හෝ සැලකිල්ලක් ඔවුන් දක්වනු ඇත.

 

ජනතාව මෙවන් ක්රියාකාරකම් සඳහා තම පූර්ණ අනුග්රහය දැක්වූ වෙනත් ව්යාපෘතිද තිබේ. නමුත් අගමැති ඇතුලු මැති ඇමතිවරුන්ට, තම පම්පෝරිය ගසන විට මේවා කලේ තම රජයද, පසුුගිය රජයද, ජනතාවද කියා මතකයේ ඇති බවක් නොපෙනේ. පාරේ පදිකයන්ට මාරු වීමට අඳින කහ ඉර සුදු පාටකර ඒකටත් උත්සවයක් තබා මතින් ඇවිද යන ඇමතිවරු සිටින රටක ජනතාව තම වගකීම් පමනක් නොව තමන් තෝරා පත්කර රජගෙදරට යවන ඇත්තන්ගේ වගකීම් පැහැදිලිව දැන සිටිය යුතුය. මාධ්යයන්ගේ වගකීම ජනතාව තම යුතුකම් වෙතට පමනක් තල්ලු නොකර සියලු පාර්ශ්වයන්හි වගකීම් අදාල පරිදි වටහා දීමයි.

 

තම බලපත්රය අහෝසි කරනවාට බයේ තම සේවාවන් පරාසය සීමා නොකර, අද මෙසේ තමන්ගේ පුංචි ඉතුරුම් මුදල පරිත්යාග කරන පොඩිවුන්ගේ අනාගතය සුවපත් කරන්නට නම් මාධ් විසින් මේ වගකීම තමන්ට පවරා ගත යුතුය.

 

One Response to “මාධ්‍යයන් විසින්ද හඳුනා ගතයුතු යුතුකම් හා වගකීම්”

  1. Christie Says:

    තේජා අද අපේ රටට සල්ලි ගේන්නේ මැදපෙරදිග යන අයයි ඇඳුම් මහන අයයි. වෙලාවක කොලොඹ පිටකොටුව පැත්තෙ ගිහිල්ල බලන්න මේ සල්ලි අපේ රටෙන් ඉන්දියාවට යන හැටි. 1792කෙන් පටන්ගත්ත මෙම ඉන්දියානු සූරාකෑම නැවතී නැත. එයයි අපේ ගැටලුව.

    Theija; our problem is that our wealth ends up in India since 1792. Just wonder in Pettah and see how it happens. The wealth that is earned by workers in the Middle East and garment workers end up in India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress