නිලධාරීන් මාධ්‍යවේදීන්ට තග දාන්නේ අගමැතිගෙන් ඉගෙනගෙනයි..
Posted on December 16th, 2016

රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

අගමැතිවරයා විසින් දිගින් දිගටම මාධ්‍ය යවෙත කරනු ලබන බලපෑම් හමුවේ රාජ්‍ය නිළධාරීන් ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයක් දැකගත හැකි යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුව ජනතා ගැටළු  පිළිබදව කථා කරන තැනක් බවට පත්කර මාධ්‍යවේදීන්ගේ නිදහස තහවුරු  කරන්න

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් විශාල වරපසාද ලබා ජනතා ගැටළු පිළිබදව කතා නොකර හුදු පුද්ගලික මතවාද වෙනුවෙනු පමණක් පෙනී සිටින ජනතා නියෝජිතයින්ට අපගේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු. උත්තරීතර පාර්ලිමේන්තුව   තුළ මෙරට ජනතාව මුහුණදෙන ගැටළු පිළිබදව කතා කිරීමට ජනතා නියෝජිතයින්ට වගකීමක් ඇත. එසේම මෙරට මාධ්‍ය භාවිතය මගින් ජනතාව තමන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන අතර රජය මාධ්‍යවේදීන්ට  ‍ වාචිකව හා අතින් පයින් පහරදීමෙන්  පෙන්නුම් කරන්නේ  ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට රජය ගරු නොකරන බව පමණක් නොව රජයේ මුග්ධ භාවයයි. තවද අගමැතිවරයා දිගින් දිගටම මාධ්‍යවෙත කරනු ලබන බලපෑම් හමුවේ රාජ්‍ය නිළධාරීන් ඒමග ඔස්සේ ගමන් කරන ආකාරයක් දැකගත හැක.

පාර්ලිමේන්තුව තුළ වෘෂණ කෝෂ ගැන පමණක් කථා කරන මන්ද මානසික ජනතා නියෝජිතයින් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටීම කණගාටුදායක වන අතර මෙරට ජනතාව මුහුණදෙන ආර්ථික හා සමාජයීය ගැටළු පිළිබදව ජනතා නියෝජිතයින් මීට වඩා සංවේදී  වියයුතුය.

ජනතාවට තොරතරු ලබාදෙන මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර මාධ්‍යවේදීන්ට කෲර ලෙස සළකන රජයේ නිළධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කරන ලෙසද අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress