නීතියේ ආධිපත්‍යය හා බොම්බයිමොටයි රට පාලනය
Posted on December 17th, 2016

ආචාර්ය චන්දන ජයලත්

නීතිය කා හටත් එක හා සමානව බලපාන බවත් නීතිය වනාහි ලෝකයේ උසම මිනිසාගේ උසටත් තවත් අඟලක් උසින් පවතින බවත් අපි අසා ඇත්තෙමු. මීටත් වඩා සැලෝලයිට් කියමනක් තවත් නැතිය. ලෝකයේ ලොකුම බොරුවත් එයමය. එය පරමාදර්ශි වුවත් කිසිදා ලඟා කරගත නොහැකි වාස්තවික නොවූ සමාජ අනුභූතියකි. නීතිය හදන තැනම නීතිය කඩති. තවත් පැත්තකින් නීතිය යාන්ත‍්‍රිකව ක‍්‍රියාත්මක කරති. ඊට හොදම උදාහරණය සපයන්නේ මාර්ග නීති උල්ලංඝණය වූ විට පොලිස් නිලධාරින් විසින් දඩ කොල ලියන ආකාරයයි. රථ පෙලක හූ හඩ දීගෙන නොනවත්වා කෙරෙන අධික හෝන් හඬද ඇතිව පොලිසියද ඉස්සර කර ගෙන යන වී.අයි.පී. වශයෙන් හුවා දක්වන ‘වැදගත් ප‍්‍රභූ’ මහතුන්ට දඩ කොළ නැත. සියතින්ම මාර්ග නීති මහ දවල් අමු අමුවේ උල්ලංඝණය කරන මැති ඇමතිවරුන් ඉදිරියේ පොලිස් නිල ඇඳුම බල්ලටම ගොසින්ය. තනි ඉරි, ඩබල් ඉරි, කහ ඉරි අදාල නැති වී.අයි.පී. ස්කොඞ් නිසා රටේ සාමාන්‍ය පුරවැසියන්ට යන්නට සිදුව ඇත්තේ කාණුපල්ලේය. යුද්ධය නිමාවීමත් සමග ඇතිවූ ජයග‍්‍රාහී ප‍්‍රබෝධයෙන් කුල්මත් වූ දේශපාලූවන් නීතිය අතට ගෙන මහම`ග නාඩගම් නැටූ හැටි අපි දනිමු. එය දැන් තරමක් දුරට සමනය වී ඇති නමුදු සම්පූර්ණයෙන්ම ඊට තිත තැබිය යුතුමය. ඒ සදහා ජනතාවට කළ හැකි වන්නේ එවන් තත්වයකට මහමඟ හැකි පමණින් ඉඩ නොදී සිටිමත් සමාජ තොරතුරු ජාල හරහා එම නීති කඩන්නන්ගේ නිරුවත රටට හෙළිකොට සිටිමත්ය.

මාර්ග නීති ගැන කොතෙක් කතා කළද ඒවා සියල්ල ගඟට කැපූ ඉනි මෙන්ය. නීතිය ක‍්‍රියාත්මක කරන්නේ පොඩි එකාටය. ගසකට මුවා වී හිටි අඩියේ පාරට පනින පොලිසිය අත දමන්නේ වාහනයේ ටයරය බැරි වෙලාවත්් මෝටර් සයිකලයක් ඉස්සර කරන්නට තනි ඉරක් කැපූ සැනෙකින්ය. නීතිය ඒ තරම්ම ‘අකුරට’ ක‍්‍රියාත්මක කරන පොලිසියක් ලෝකයේ කොහෙවත් නැත. ලංකාවේ එකම අපරාධයත් තනි ඉර උඩින් රෝදයක් යාම පමණක්ය. තෝරු මෝරු යහතින් ඉන්නැද්දී හාල් කෑලි දහස් ගණනක් අද සිර ගෙවල්වලය. නීතියේ ආධිපත්‍යයක තරම ඉන් පැහැදිලිය. ඒ හා සමානවම උසාවි පද්ධතියක්ද අපට ඇත. අවුරුදු ගණන් නඩු කල් යන යුක්තිය පසිදලීමේ ඉතා ‘වේගවත්්’ ක‍්‍රමවේදයකට ජාතියක් හැටියට අපි උරුමකම් කියමු. දස දහස් ගණනින් උසාවිවල නඩු ගොඩ ගැසී ඇති අතර නීතියේ පිහිට පැතීම පසෙකලා කෙටි ක‍්‍රමවේදවලට ජනතාව හුරුවී තිබේ. ඇතැම්විට නීතිය අතට ගැනීමට ජනතාවට සිදුවන්නේ යුක්තිය පසිදලීමේ සමස්ථ යාන්ත‍්‍රණය එහෙම පිටින්ම බිදවැටී තිබියදීය. ශිෂ්ඨ සම්පන්න ජන සමාජයක පිලිගත් සම්මුතීන් බිදවැටීමත් සමග නීතිය වල් වැදෙන අතර කැලෑ නීතිය රජයීම නොවැලැක්විය හැකිය. එනිසා කළ යුත්තේ උසාවිවල ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින්ම අහවර කළ හැකි වේගවත් ක‍්‍රමවේදයකට යාමයි. එය හදිසි ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රජයේ ඉහල ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතුව ඇත. ලෙඩා ඒ තරමටම අසාධ්‍ය තත්වයෙන් පසුවන්නේය. නීතියේ ස්වාධිපත්‍යය රැුකිය හැක්කේ එවිටය. ජනතා විශ්වාසනීත්වය බිඳුන තැන නීතියේ ස්වාධිපත්‍යයක් නැත.

තවත් කාරණයක් මෙහාලා පසක් කල යුතු යැයි මම සිතමි. එනම් උසාවි පරිශ‍්‍රය තුල චූදිතයන්, වැරදිකරුවන්, පැමිණිලිකරුවන් හෝ සාක්ෂිකරුවන් සමග කෙරෙන මාධ්‍ය සම්මුඛ සාකච්ජා සම්බන්ධයෙනි. විවිධ දේශපාලන චරිත වටා එක්රොක්වන මාධ්‍යකරුවන් තම අදහස් ප‍්‍රකාශ කිරිමට අනර්ඝ අවස්ථාවක් ලබා දීමෙන් ඇතැම්විට සිදුවන්නේ උසාවියට අපහාස කිරිමක්ය. උසාවි තීන්දුවලට අභියෝග කිරිමත්ය. ඇතැම් පුද්ගලයින් ‘චරිත’ බවට පත්වන මාධ්‍ය ආවරණ හමුවේ නීතිය හෑල්ලූවට ලක්වීම නොවැලැක්විය හැකි වන්නේ හුදු දේශපාලන පලිගැනීමක ප‍්‍රථිඵලයක් වශයෙන් තමන්ට උසාවියට ඒමට සිදුවන බව ප‍්‍රසිද්ධියේ කියා පෑමෙන්ය. මින් වක‍්‍රව අදහස් වන්නේ උසාවිය හා එහි විනිසුරුවරුන් හුදු දේශපාලන අතකොලූ පමණක් බවත් රටේ පාලකයින්ගේ උප කොන්ත‍්‍රාත්තුවක් ගත් පිරිසක් බවත්ය. එය නීතියේ ආධිපත්‍යයට එල්ල කළ හැකි දරුණුතම පහරක් බව නොතේරෙන අධිකරණය ගැනද මට ඇත්තේ කණගාටුවකි. කරුනු එසේ හෙයින් නීතියේ ස්වාධිපත්‍යය රැුක ගනු වස් ජනසමාජයට ඇති පරම වගකීම එහි කොටස්කරුවන් ලෙස මාධ්‍යයටත්, දේශපාලකයින් වගේම පොලිසියටත් අවසානයේ ගරු වින්සුරුතුමන්ලාටත් ඇති බව අවධාරණය කරමු.
යහපාලනයේ හැව ප‍්‍රසිද්ධියේම හුනාලූ පොලිස්පතිතුමා කෙරෙහි මට ඇත්තේ අනුකම්පාවකි. කනේ වැලි ගෑවෙන තරමටම නීතිය නැමූ ඔහු දැන හෝ නොදැන නීතියේ ස්වාධිපත්‍යයට මරු පහරක් එල්ලකර අවසන්ය. ඒ පසුගිය රාජ්‍ය සමයේ නිලමේ නමින් හදුන්වනු ලැබු තවත් කම්බා සොරෙකු අත්අඩංගුවට ගැනීම වලක්වාලමින්ය. ඔව් සර් හා සර් යන් සර්, රයිට් සර් යන්න අප රාජ්‍ය සේවයේ මූලික යතුරු පදය බවට පත්වූයේ අද ඊයේ නොවේ. එනිසා මෙය යහපාලන රජයේ නිර්මාණයක් ලෙස හුවා දැක්වීම ද අපි අපිටම කරගන්නා ආත්ම වංචාවකි. මේ රටේ සුද්දාගේ දැවැද්දක් වන සිවිල් පරිපාලනයේ භෂ්මාවශේෂ හරහා වැළදගත් දිසාපති, දිස්ත‍්‍රික් ලේකම් හා ප‍්‍රාදේශිය ලේකම් සුදු අලි, නාඩගම් දේශපාලකයින් හමුවේ හූ මිටි තැබීමම ස්වාධිපතෘයේ ඛේදවාචකය ජාතික තලයේ ඉස්මතු කොට තබන හොදම නිදසුනක් බව කිවයුතුමය.

විමල් වීරවංශ හිටපු ඇමතිවරයා මහා ජන ගගක් මැද ජෞෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට තරවටු කළ අන්දම අපි දැක්කෙමු. මර්වින් සිල්වා කැලණියේ පොලිස් ස්ථානාධිපතිවරයාට සැරවටු කළ අන්දම අපි දැක්කෙමු. අපි යුග ගණනාවක් පසු කළෙමු. සාගරයක් මැද චිත‍්‍රපටිය ඒ බැව් මනාව පිලිබිබු කරයි. ජේ.ආර්.ජයවර්ධන හා ඔහුගේ අනුගාමිකයින් රටටම දුන් එක් ආදර්ශයක් වන්නේ නීතිය අතට ගෙන හැසිරීමේ දේශපාලන විද්‍යාවයි. අනතුරුව චන්ද්‍රිකා යුගයද ඒ හා සමාන නොවුවත් කීමට බොහෝ දේ ශේෂ කර අවසන් කළේ චෞර රැුජින පොතට කරුණු සැපයීමෙන්ය. රතුපස්වල මහින්ද යුගයේ ඉතාමත් දුර්දාන්තම ඛේදනීය උදාහරණයයි. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට කළ අපරාදය හොදටම ඇතිය. පාර්ලිමේන්තුව උත්තරීතර යැයිද අගවිනිසුරු හා විගණකාධිපති ඇතුළු අන් සියලූ තනතුරු හුදු රජයේ සේවකයින් යැයි හිටපු කතානායක පවා අර්ථ කථන සැපයීය. විමල් වීරවංශ ඇතුලූ මැති ඇමතිවරු කිහිප පලක් තාවකාලික නඩුකාරයින් බවට පත්කළ එම නඩු විභාගය මේ රටේ නීතිය සමච්චලයට පත්කළ කදිම නිදසුනකි. අරලිය ගහ මැදුරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට එන දුරකතන ඔස්සේ නීතිය ගණිකාවක තත්තවයට ඇද වැටුණි. හොරු අල්ලන්නට ආ යහපාලන රජයද හොරු සමග හෙලූවෙන් ය. එසේ නම් මේ දෙක දෙකක් නොව එකකි. නැතිනම් එකම කාසියක දෙපැත්තකි. මොවුන්ගෙන් මින් මතුවට බලාපොරොත්තු විය හැකි කිසිවක් නොමැත.

නීතියේ අවභාවිතාවය නීතියේ ආධිපත්‍යයට කරන තවත් විදිහේ කම්මුල් පහරකි. මධ්‍යම අධිවේගය හමුවේ විෂය භාර ඇමතිවරයාගේ හැසිරිම ඊට උදාහරණයකි. මධ්‍යම අධිවේගය විශේෂ ව්‍යාපෘතියක් ලෙස ගැසට් කර විතැන්වීමට නියමිත අයවලූන්ට හිමි වන්දි මුදල් ගෙවීමේ ක‍්‍රමෝපාය කණපිට පෙරලා ඇත. ස්වභාවික ව්‍යවසනයකදී ඉඩම් අත්පත් කර ගැනීමට ඇති හදිසි අවශ්‍යතාව කරණ කොටගෙන වන්දි ගෙවීමට පෙර එසේ ඉඩම් අත්පත් කර ගැනීමට විෂය භාර ඇමතිවරයාට නීතිමය වශයෙන් ලැබී ඇති බලතලවලට මුවා වී මෙම මංකොල්ලකෑම ක‍්‍රියාත්මක කර තිබේ. මධ්‍යම අධිවේගය වනාහි සැලසුම් කරන ලද ව්‍යාපෘතියකි. කිහිපවතාවක් සැලසුමද සංශෝධිත ව්‍යාපෘතියකි. වන්දි ගෙවීමට අදාල සියලූ වගන්ති පරයමින් සෘජුවම ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීමේ ක‍්‍රමවේදයේ පවතින අඩුලූහුඩුකම් ගැන කථා කිරිමට ජනතාවට ඇති අවකාශය සීමාවනු නොඅනුමානය. නීතියේ අවභාවිතාවක සමාජ බලපෑම මින් පැහැදිලිය.

දැක්ක දුටු තැන වැරදි නිවැරදි කර ගැනීම ඉතා වැදගත්ය. එහෙත් වැරදි කිරිම් හමුවේ මුනිවත රැුකීම තුල තව දුරටත් එම වැරැුද්දම සිදුවිම හරහා කාලයක් යද්දී හරි වැරැුද්ද සොයා ගැනීම අසීරු වෙයි. මන්ද, අවසානයේ එය සමාජයට සම්මුතියක් බවට පත්වන හෙයිනි. තවද නීතියේ ආධිපත්‍යය මෙන්ම රටේ සමගිය සදහා ජාතිවාදයට හා ආගම්වාදයට උඩ ගෙඩි දෙන සියළු සංවිධාන තහනම් කළයුතු අතර එම පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් පිලිබදව බුද්ධි අංශ නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතුය. ජාතිවාදය හා ආගම්වාදය මතින් බලයට ඒමට කැස කවන බංකොලොත් දේශපාලකයින්ට ජනතාව සියලූ තැන්හි පාඩම් ඉගැන්විය යුතුය. නීතියේ ආධිපත්‍යය රැුක ගනු වස් රජය විසින් ඇතැම් ඉහල තනතුරු පිරිපහදුවකට ලක්කළ මුත් එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒමේදි ඇති වී ඇති දෝෂ ම`ග හරවා ගැනීමට නොහැකි වීම ගැන කම්පාවිමු.

නීතියේ ආධිපත්‍යය රදාපවතින තවත් වැදගත් කාරණයක් වන්නේ සමාජ ප‍්‍රගමණයත් සමග අවශ්‍ය සංශෝධන ඇති කර ලීමයි. සයිබර් අපරාධ හොදම උදාහරණයයි. කූට බුද්ධිය හා තාක්ෂණයට සමගාමීව නීති රාමුවේද සංශෝධන හා ප‍්‍රති සංශෝධන අත්‍යවශ්‍යය. නැත්නම් සහන මිලට නීතිය අමු අමුවේ උල්ලංඝණය කිරිමට අවසර ඉල්ලති. වර්ජන කරති. අපේ රටේ බොහොමයක් නීති යල් පැනගිය ඒවාය. නීතිය පිලිබදව ජනතාවට ඇති අවබෝධය ද ඉතා අඩුය. නීතියේ ආධිපත්‍යය රැුක ගැනීමට නම් නීතියට බිය සමාජ වටපිටාවක් ඇති කර ගත යුතුය. මන්ද හොද නිතියක් යනු ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි නිතියක් පමණි. නීතියේ ආධිපත්‍යය රැුක ගනු වස් මාධ්‍යකරුවන්ගේ කාර්යභාරය ද අති මහත්ය. ඒ අතර සියලූ ආකාරයේ අපරාධ දුෂණ වංචා නාස්තිය පිටුපස ඇති කළු චරිත නොවලහා හෙලි කිරිම මෙන්ම නීතිය ඉදිරියට පමුණුවාලීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. උසාවි නියෝග හරහා ඔවුන්ට අත්වන අවසාන ඉරනම ගැනද රපෝර්තු විය යුතුය. දඩුවමක් නැති තැන නීතියට බිය නැතිවා මෙන්ම සමාජයේ පිලිගත් සාරධර්ම පද්ධතිය ද කඩා වැටෙනු ඇත.

ඉහල නිලධාරින්ගේ හැසිරීම හා ඔවුන් විසින් දෙනු ලැබුවාවූූ පූර්වාදර්ශය සෘජුවම පහල නිලධාරින්ට බලපාන අතර මේ වන විට සමස්ථ පොලිසිය මෙන්ම හමුදාවද එහි ප‍්‍රධානීන්ගේ හැසිරීම කරණ කොට ගෙන නීතියේ ආධිපත්‍යය අභියෝගයකට ලක් වෙමින් පවතී. මාධ්‍යය ඉදිරියේ මොවුන්ගේ බයාදුකම හා චණ්ඩිකම පිලිවෙලින් පොලිස්පති සහ නාවුක හමුදාපති ඔප්පු කර ඇත. මොවුන් දෙදෙනාම නීතියේ හා සදාචාරයේ නාමයෙන් ඉල්ලා අස්විය යුතුව ඇත.

2 Responses to “නීතියේ ආධිපත්‍යය හා බොම්බයිමොටයි රට පාලනය”

  1. Christie Says:

    ආචාර්ය නන්දන සින්හල අපි ජීවත් වෙන්නේ ඉන්දියානු යටත් විජිතයකය. අපේ හැසිරීම යටත් වැසියන්ගේ හැසිරීමය.

  2. Randeniyage Says:

    “මාධ්‍යය ඉදිරියේ මොවුන්ගේ බයාදුකම හා චණ්ඩිකම පිලිවෙලින් පොලිස්පති සහ නාවුක හමුදාපති ඔප්පු කර ඇත. මොවුන් දෙදෙනාම නීතියේ හා සදාචාරයේ නාමයෙන් ඉල්ලා අස්විය යුතුව ඇත.”

    Yes, they should, but if the root cure, that is law and order properly established, this kind of problems would never had occured.
    All general public can do is to vote out the existing governement and they rightly did that and yet you see the same cycle of cheating public is being repeated.

    “ජාතිවාදයට හා ආගම්වාදයට උඩ ගෙඩි දෙන සියළු සංවිධාන තහනම් කළයුතු අතර එම පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් පිලිබදව බුද්ධි අංශ නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතුය.”
    When a party name containning “Tamil”, “Sinhala”, “Buddhist”, “Muslim”, “Hindu” is approved, it becomes the root cause of this problem, not the subsequent statements of politicians. This problem goes back to pre-independence ! We cannot simply start punishing “Bodu Bala Sena”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress