දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය…!!! දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය නිර්මාණය කළේ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමට පෙරයි
Posted on December 17th, 2016

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

‘දෙමළ ඊළාම් නිජබිම් ප්‍රශ්නය’ නමින් කෘතියක්‌ සහ වාර්තාමය චිත්‍රපටයක්‌ ‘සිංහල හඬ’ සංවිධානය විසින් පසුගියදා එළිදක්‌වන ලදී. එහිදී එම කෘතිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළිදැක්‌වීමට කටයුතු කිරීම විශේෂත්වයකි. එම කෘතිය සම්පාදනය කිරීමේදී ඒ සඳහා දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සමග  කළ සංවාදයේ සංක්‍ෂිප්තය පහතින් පළ වේ.
‘දෙමළ ඊළාම් නිජබිම්’ කෘතිය ඒ හා සම්බන්ධ වාර්තා චිත්‍රපටය බිහිවීමේ පසුබිම කුමක්‌ද?

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ 2000 පෙබරවාරි 07 වැනිදා. ඒ වෙද්දි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවූයේ ජනතා විමුක්‌ති පෙරමුණ විසින්. මම විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පෙර ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් තිබුණු චින්තන පර්ෂදයත් සමග වැඩ කළා. ඔහුගේ අදහස්‌වල ආභාසයෙන් පෝෂණය වූ අයෙක්‌ හැටියට මට අවශ්‍ය වුණා ජාතිකවාදී ශිෂ්‍ය සංගමයක්‌ ආරම්භ කිරීමට.

ඉතිං මම තව පිරිසක්‌ සමග එකතු වෙලා සරසවි සංවාද කේන්ද්‍රය ආරම්භ කළා. 2002-2003 ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට අපි ප්‍රදර්ශන කුටියක්‌ ඉදිරිපත් කළා ‘යාපනයේ ඉතිහාසය’ නමින්. ඒකට අවශ්‍ය විස්‌තර අපි සපයා ගත්තේ මූලික වශයෙන්ම අපේ ප්‍රධාන පුස්‌තකාලයෙන්. පසුව අපි තොරතුරු සෙවීමට යාපනේටත් කීප වතාවක්‌ම ගියා. ඒ ප්‍රදර්ශනයට චින්තන පර්ෂදය වෙනුවෙන් ආවේ එරික්‌ ගාමිණී මහතා. ඔහු තමයි අපේ ප්‍රදර්ශන කුටියේ කරුණු සහ තවත් කරුණු එකතු කරලා මෙවැනි කෘතියක්‌ සහ වාර්තා චිත්‍රපටයක්‌ සකස්‌ කිරීම වෙනුවෙන් මූලිකත්වය ගත්තේa.

nijabumi

අපේ ප්‍රදර්ශන කුටියේ කරුණු අන්තර්ගත කරලා අපේ සංගමයේ භාණ්‌ඩාගාරිකවරයා වූ වෛද්‍ය කමල් පද්මප්‍රිය මහතා ‘යාපනයේ සිංහල බෞද්ධ උරුමය හා දෙමළ නිජභූමි මිථ්‍යාව’ කියල කෘතියක්‌ රචනා කළා 2003දී. මගෙන් පස්‌සේ සභාපතිවරයා වුණේ ආචාර්ය චන්න ජයසුමන. ඔහු ඊළඟ වසරේ ඒ කියන්නේ 2003-2004 වර්ෂයේ සාහිත්‍ය උළෙලේ දී ඒ කුටියම වැඩිදියුණු කරලා ඉදිරිපත් කළා. ඒ වගේම ඔහු 2009 දී ‘දෙමළ ජනතාවගේ සංක්‌ෂිප්ත ඉතිහාසය’ නමින් කෘතියක්‌ ලිව්වා. අපි හොයපු කරුණු වගේම අලුත් කරුණුත් ඒ කෘතියේ අන්තර්ගත වෙනවා. පසුගියදා එළිදැක්‌වුනු ඔබ සඳහන් කළ කෘතිය සහ වාර්තා චිත්‍රපටය අපි මුලින්ම සකස්‌ කළේ 2008දී. සිංහල කෘතිය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කළා. වාර්තා චිත්‍රපටයත් සංශෝධනය කරලා තමයි අලුතින් ඉදිරිපත් කළේ.

මේ වනවිට අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙනැල්ල රට දෙකඩ කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේවායේ මූලිකත්වය අරගෙන ඉන්නේ නම ගිය පෙඩරල්වාදීන්. එදා රට වෙනුවෙන් හිටපු ජ.වි.පෙ., ජාතික හෙළ උරුමය වැනි පක්‌ෂ අද මේ සම්බන්ධයෙන් නිහඬයි. හැමදාම සිංහලයන්ට පිහිටක්‌ වුනු ශ්‍රී.ල.නි.ප. යත් අද දියාරු කරලා. මෙවැනි තත්ත්වයක්‌ තුළ සිංහලයින්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට තමන්ගේ අනාගතය ගැන බියක්‌ ඇතිවෙන එක සාධාරණයි. ඒ බිය නිසා තමයි ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා ඒ කියන්නේ දෙමළ නිජභූමි මිත්‍යාව පැහැදිලි කරල මේ කෘති සහ වාර්තා චිත්‍රපටය සකස්‌ කළේ. ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපා රටවල් දෙමළ ජාතිවාදීන්ගේ බෙදුම්වාදයට උදව් කරනවා. මෙවැනි පසුබිමක්‌ තුළ තමයි අපි මේ කෘතිය සහ චිත්‍රපටය නිර්මාණය කරන්නේ.

මෙහි කතෘවරයෙක්‌ ගැන සඳහනක්‌ නැහැ. මේ කෘතිය සහ චිත්‍රපටය සම්පාදනය කිරීමට දායක වූ පිරිස කවුද?

බොහෝ පිරිසක්‌ ඉන්නවා. අපි කාටත් අවශ්‍ය වුණේ අපේ රට දැය සමය වෙනුවෙන් වැඩ කිරීමට මිස නම් ප්‍රදර්ශනය කරගැනීමට නොවෙයි. එහෙත් මූලිකත්වය ගත්ත කීප දෙනෙක්‌ ගැන කිව යුතුයි. මෙහි කරුණු මූලික වශයෙන්ම එක්‌රැස්‌ කළේ මා විසින්. ඒ කරුණු ප්‍රදර්ශන කුටියකට අවශ්‍ය පරිදි සකස්‌ කිරීමේදී වෛද්‍ය රොෂාන් ජයසූරිය, වෛද්‍ය කමල් පද්මප්‍රිය ඇතුළු සරසවි සංවාද කේන්ද්‍රයේ සියලු දෙනාගේ සහයෝගය ලැබුණා.
චිත්‍රපටය සහ මේ කෘතියේ පිටපත ලිව්වේ මාධ්‍යවේදී එරික්‌ ගාමිණි ජිනප්‍රිය. ඒ වගේම ‘සිංහල හඬ’ සංගමයේ අයත් මේකට දායක වුණා. මනෝජ් අබයදීර, රුවන් විඡේසුන්දර, ශ්‍රීනාත් ගනේවත්ත, උදයසිරි වික්‍රමරත්න වැනි අයට මේකට මූලිකව ක්‍රියා කළා. ඒ වගේම කැමරාකරණය, අධ්‍යක්‌ෂණය වගේ පැතිවලින් ගාමිණි වර්ණසූරිය වගේ අය උදව් කළා.

ඒ වගේම අපට මේ අදහස්‌ නිකම්ම පහළ වුණේ නැහැ. චින්තන පර්ෂදය වගේම ආචාර්ය නලින් ද සිල්වා මහාචාර්ය ජී. එච්. පීරිස්‌, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය කේ. එම්. ද සිල්වා වැනි අයගේ ලිපි ලේඛන අපිට බලපෑවා. ඒ වගේම සෙනරත් පරණවිතාන, විමල විජයසූරිය, අබය ආර්යසිංහ, සිරිමල් රනවැල්ල, එල්ලාවල මේධානන්ද නාහිමි, ඇම්. එච්. සිරිසෝම, පෝල් ඊ. පීරිස්‌, පී. වීරසිංහ, අරිසෙන් අහුබුදු, සිරිසමන් විඡේතුංග, සිssරිල් මැතිව් යන අයගේ අදහසුත් අපට බලපෑවා. ඒ විද්වතුනුත් අපි ගෞරවයෙන් සිහි කරනවා.

උතුර නැගෙනහිර ගැටලුව විවිධ පාර්ශ්ව නොයෙක්‌ දෘෂ්ටිකෝණයන්ගෙන් අර්ථ දක්‌වනවා. ‘සිංහල හඬ’ සංවිධානය ඒ ගැටලුව හඳුනා ගන්නේ ‘දෙමළ ඊළාම් නිජබිම් ප්‍රශ්නය’ ලෙසයි. එහි විශේෂත්වය කුමක්‌ද?

ඔව්. ජ. වි. පෙ. මෙය හඳුනා ගන්නේ ජාතික ගැටළුව ලෙසයි. රාජ්‍ය නොවන සංවිධානවලට එය ජන වාර්ගික ගැටළුවක්‌. මේ හඳුනාගැනීම් දෙක වැරදියි. මෙතන ජාතීන් දෙකක්‌ නැහැ. දෙමළ ජනවර්ගය ජාතියක්‌ ලෙස හැඳින්වීම වැරදියි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළ සිංහල ජාතියට, සංක්‍රමණිකයන් සහ ආක්‍රමණිකයන් ලෙසට මෙරටට ආපු ජනවර්ග සමාන කරන්න බැහැ.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නිජභූමියක්‌ පැවතියේ නැතැයි ඔබ කියන්නේ කවර පදනමකින්ද?

අභිලේඛන, කාසි, සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් බැලුවම ලංකාවේ කිසිම ප්‍රදේශයක දෙමළ නිජභූමියක්‌ පැවතුණු බවට සාධක නැහැ. ඒ කියන්නේ ඒ මූලාශ්‍රවලට අනුව වෙනත් පළාත්වල තිබුණු ශිෂ්ටාචාරයම තමයි, ඒ පළාත්වලත් තිබිල තියෙන්නේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියමයි.

අභිලේඛන මූලාශ්‍ර ගත්තොත් දැනට හමුවන අභිලේඛනවලින් ආනෙයිකෝට්‌ටේ ලෝහ මුද්‍රdව, කදුරුගොඩ මැටි බඳුන් කැබැල්ල, වල්ලිපුරම් රන්පත, කදුරුගොඩ අත්තානි කණුව සහ තුනුක්‌කායි සෙල්ලිපිය යන ඒවා සිංහල ප්‍රාකෘතවලින් සහ ඒ ඒ යුගවලට අයත් සිංහල භාෂාවෙන් ලියවුණ ඒවා. අරම්කැලේ සහ මැදගොඩ සන්නස්‌වල සඳහන් වනවා වීදාගම තෙර සාමීන් යාපාපටුනට වැඩ  බුවනෙකබාහු රජුට ධර්මය දෙසුවා කියලා. දෙමළ භාෂාවෙන් රචිත ශිලා ලේඛන 05ක්‌ තියෙනවා යාපනයෙන් හමු වුණු. ඒවායෙන් එකක්‌ ඉරාජරාජපුර හෙවත් මාතොට (මන්නාරම) ගැන සඳහන්වන නිසා ඒක ඒ ප්‍රදේශයෙන් ගෙන එන්න ඇති. කෙසේ වෙතත් කයිට්‌ස්‌ හි ඇති දෙමළ ශිලා ලේඛන දෙකත්, යාපන කොටුවේ ශිලා ලේඛනයත් පිහිටුවලා තියෙන්නේ 11වැනි සියවසේදී ලංකාව ආක්‍රමණය කළ රාජරාජ චෝල සහ රාඡේන්ද්‍ර චෝල කියන දෙමළ රජවරුන්ගේ සෙන්පතිවරු. කයිට්‌ස්‌වල තිබිලා දැනට නාගදීපයේ කෝවිලකට ගෙන ගොස්‌ ඇති ශිලා ලිපිය දෙමළ එකක්‌ වුවත් ඒක පිහිටුවල තියෙන්නේ මුළු සිංහලයම පාලනය කළ

වන මහ පැරකුම්බා රජු විසින්. දෙමළ කියන්නේ ඒ කාලයේ කලාපයේ ජාත්‍යන්තර භාෂාව. ඒ නිසයි ඒක දෙමළ බසින් ලියල තියෙන්නේ. යාපනය නගරයෙන් හමු වූ අනෙක්‌ ශිලා ලිපිය දෙමළ බසින් ලියපු එකක්‌ වුවත් ඒක පිහිටුවල තියෙන්නේ ෂඪ වැනි මහ පැරකුම්බා රජතුමා.

මේ ශිලා ලිපි මගින් මහාවංශයේ සඳහන් ඉතිහාසයමයි පැහැදිලි කෙරෙන්නේ. ක්‍රි. ව. 10වැනි සියවස වන තුරු යාපනයේ තිබුණේ සිංහල පාලනයක්‌. එතෙක්‌ යාපනයෙන් හමුවන සෙල්ලිපි සිංහල ඒවා. ඊට පස්‌සේ දෙමළ ආක්‍රමණිකයන් ලංකාව අල්ලා ගන්නවා. ඒ කාලේ පිහිටවපු සෙල්ලිපි තුන දෙමළ ඒවා. ඊට පස්‌සේ දෙමළ ආක්‍රමණිකයෝ පලවා හැර ලංකාව එක්‌සේසත් කළා ෂ මහ විජයබාහු රජු. ඊට පස්‌සේ හමුවන අභිලේඛන ඇතැම් ඒවා සිංහල. ඇතැම් ඒවා සිංහල පාලකයන් පිහිටවපු දෙමළ සෙල්ලිපි.

ඉතිං මේ ඉතිහාසයම තමයි නාණක හා දේශීය විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවලිනුත් තහවුරු කෙරෙන්නේ. ඒනිසා යාපනයේ දෙමළ නිජභූමියක්‌ පැවතුණාය කියන එක අමූලික බොරුවක්‌. ඒ බොරුව මත පදනම්වෙලා තමයි, මේ ජාතිවාදී, බෙදුම්වාදී, ත්‍රස්‌තවාදී ව්‍යාපාර කටයුතු කරන්නේ.

දෙමළ නායකයන් මුළු උතුර නැගෙනහිර දෙපළාතම ඔවුන්ගේ නිජභූමිය යෑයි පවසනවා. ඔබ පවසන්නේ යාපනය ඔවුන්ගේ නිජභූමිය නොවන බවයි. එසේනම්, ඉතිරි ප්‍රදේශවල නිජ භූමියක්‌ තිබුණාද?

කිසිසේත්ම නැහැ. ඔවුන් පවසන්නේ යාපනය ඔවුන්ගේ නිජභූමියේ කේන්ද්‍රස්‌ථානය කියලයි. ඔවුන්ගේ අගනුවර එහි පැවැති බවයි. යාපනයේ දෙමළ නිජභූමියක්‌ නොතිබුණ බව තහවුරු කළොත් අනෙකුත් ප්‍රදේශ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

දෙමළ ඊළාම් සංකල්පය තහවුරු කිරීම සඳහා භාවිත කෙරෙන ‘යාල්පාන වෛපවමාලෙයි’ නම් කෘතිය පිළිබඳ මෙම කෘතිය තුළ විවේචන එල්ල වෙනවා. මොකක්‌ද මේ ‘යාල්පාන වෛපවමාලෙයි’ කෘතිය…?

එය තමයි දෙමළ ජාතිවාදීන්ගේ පැරණිම කෘතිය. ඒක ලිව්වෙ මයිල්වාගනම් පුලවර් නම් වියතෙකු විසින් 1736දී. එවකට යාපනේ ලන්දේසි පාලකයා තමයි ජාන් මක්‌කාර්. එයා තමයි ඒක ලියන්න ආරාධනා කළේ. මෙම කෘතිය මගින් ඔහු ප්‍රකාශ කළේ විජය රජතුමා දෙමළ කෙනෙක්‌ බවයි. ඊට පස්‌සේ හිටියෙත් දෙමළ රජවරු. ඒ නිසා ලංකාව දෙමළ රටක්‌ කියලයි ඔහු එහි සඳහන් කළේ. ඊට පසුව සයිමන් කාසිචිට්‌ටි වගේ අයත් මේ මතය ප්‍රකාශ කළා.

ඊට පස්‌සේ එස්‌. ජෝන් වී. සදාසිවපිල්ලේ, සී. රාසනායගම්, සී. බ්‍රිටෝ, ඒ. මුත්තුතම්බිපිල්ලේ, පොන්නම්බලම් අරුණාචලම්, සචි පොන්නම්බලම්, සී. සුන්දරලිංගම්, වැනි දෙමළ ජාතිවාදී වියතුන් ඊනියා දෙමළ නිජභූමියක්‌ ගැන විවිධ කෘති සහ ලිපිලේඛන ලියල තියෙනවා. මොවුන් අතරින් වැඩි දෙනෙක්‌ දෙමළ ක්‍රිස්‌තියානි අය.

ඒත් වැදගත්ම දේ තමයි, මේ දෙමළ ජාතිවාදී වියතුන් ඉදිරිපත් කරන කරුණු සංගත නොවීම. යාල්පානම් වෛපවමාලයේ දෙමළ නිජභූමියක්‌ ගැන කියල නැහැ. ඒ කෘතියේ සඳහන් වන්නේ මුල්ම කාලෙ ලංකාවෙ හිටියෙ වැදි ජනතාවයි, වන සතුනුයි විතරයි කියල. ඊට පසු විජය රජු විසින් සිංහල බෞද්ධයෝ ලංකාවේ පදිංචි කළා කියල එහි දැක්‌වෙනව. යාපනේ හිටියෙත් සිංහලයො විතරයි. දෙමළ ජනයා සංක්‍රමණය වුණේ ඊට පස්‌සේ කියල එහි කියවෙනව. ඒ ආකාරයට සංක්‍රමණය වූ දෙමළ නායකයන්ගේ නම් සහ ඔවුන් යාපනයට ඇවිල්ල පදිංචි වූ ගම්වල නම් පවා එහි සඳහන් වී තිබෙනව. ඉතින් යාල්පාන වෛපව -මාලයෙනුත් පැහැදිලි වන්නේ ලංකාවේ දෙමළ නිජභූමියක්‌ තිබුණෙ නැහැ කියලයි.

යාපනයේ ස්‌වාධීන රාජධානියක්‌ පැවතුණු බව ඉතිහාසයේ සඳහන් වෙනව. එය දෙමළ රාජධානියක්‌ද? නැද්ද?

කාලිංග මාඝ පළවා හැර රට එක්‌සේසත් කරපු දෙවැනි පැරකුම්බා රජුට රටම එක්‌සේසත් කරන්න බැරි වුණා කියලයි මට හිතෙන්නේ. මේ කාලෙදි තමයි ස්‌වාධීන රාජධානියක්‌ යාපනේ ඇති වෙන්නෙ. මෙහි පාලකයෝ වුණේ ආරිය චක්‍රවර්තීවරු. ‘ආරිය’ කියන අභිධානය දෙමළ රජවරු භාවිත කළ එකක්‌ නොවෙයි. පරණවිතාන මහතාට අනුව යාපනයේ රජ පරපුර ඇරඹෙන්නේ ගණ්‌ඩ ගෝපාලගෙන්. ඔහු කාලිංග මාඝගෙ පුතෙක්‌. කාලිංග මාඝ කියන්නේ සිංහල රජ පවුලට සම්බන්ධකම් තිබුණු පරපුරක කෙනෙක්‌. නිශ්ශංකමල්ල රජු වගේම ඔහුත් කාලිංග වංශිකයෙක්‌. ඒ වුණාට සිංහල කිරීටයට උරුමයක්‌ තිබුණු කෙනෙක්‌.

ඔරිස්‌සාවේ හතිගුම්පා සෙල්ලිපියට අනුව ‘ආරිය’ කියන අභිධානය භාවිත කරල තියෙන්නෙ කාලිංග වංශිකයෝ. දෙමළ රජවරු එය භාවිත කළ බවට සඳහනක්‌ නැහැ. මෙරට පැරණිම දෙමළ ඉතිහාස කෘතියේ තියෙන්නේ යාපනේ බහුතරය වූ සිංහල බෞද්ධයෝ වන්නියට හා උඩරටට පළවා හැරියේ සංකිලි රජතුමා කියල. ඒ වන තෙක්‌ම යාපනයේ බහුතරය සිංහල බෞද්ධයෝ. ඒනිසා යාපන රාජ්‍යයේ රජවරු දෙමළ නෙමෙයි නම්, එහි ජනතාව දෙමළ නොමෙයි නම්, ඒක දෙමළ රාජ්‍යයක්‌ වෙන්න බැහැනේ.

ඒ විතරක්‌ නෙමෙයි, යාපනයේ සිටි සිංහලයෝ නිරතුරුවම ආර්ය චක්‍රවර්ති පාලනයට එරෙහිව සටන් කළා. එහෙම සටන් කරපු පුංචි බණ්‌ඩා, විජයබාහු සහ බුවනෙකබාහු (සපුමල් කුමරු) වැනි සිංහල නායකයො ගැන මයිල්වාගනම් පුලවර් සඳහන් කරල තියෙනවා. සපුමල් කුමාරය තමයි ඔය නල්ලූර් දේවාලය, කතරගම දෙවියන් උදෙසා ගොඩනංවල තියෙන්නෙත්.

මෙරට ඉතිහාසය නිවැරදිව සඳහන් කෙරුණු කෘති දෙමළ බසින් මෙතෙක්‌ පළවී නැද්ද?

මෙතෙක්‌ පළ වෙලා නැහැ. නමුත් දෙමළ විද්වතෙක්‌ හිටිය මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලා කියල. එතුමාගෙ ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් වෙනව ක්‍රි.ව. 13 වැනි සියවසට පෙර ලංකාවේ ස්‌ථිර දෙමළ ජනාවාස තිබුණු බවට සාක්‌ෂි නැහැ කියල. එහි සාරාංශයක්‌ ඔහු රාජකීය ආසියාතික සමිතියේ, ලංකා ශාඛාවේ සඟරාවට ලියූ ලිපියකත් සඳහන් වෙනව. දැන් එතුමා ඉන්නේ ඔස්‌ටේ්‍රලියාවේ. එතුමා මෑතකදී ලියූ ලිපියකින් පෙනී යන්නේ ඔහුත් තම මතය වෙනස්‌ කරගෙන කියලයි. එතුමත් දැන් වැඩ කරන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ කෙනෙක්‌ හැටියට බවයි පෙනෙන්නේ.

ඒ අඩුව පුරවන්න තමයි අපි අපේ කෘතිය දෙමළ භාෂාවටත් පරිවර්තන කළේ. රජය මැදිහත් වෙලා මේ රටේ ඇත්ත ඉතිහාසය කියවන්න දෙමළ ජනතාවටත් ඉඩ ප්‍රස්‌ථා විවර කර දිය යුතුයි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, දෙමළ ජනතාව වෙනම රටක්‌ ඉල්ලන්නට හේතු වූ බව ඇතැමුන් පවසනවා…

සිංහල කියන්නෙ අනාදිමත් කාලයක ඉඳල මේ රටේ රාජ්‍ය භාෂාව. එහෙත් අවශ්‍ය කරන තැන්වලදී දෙමළ භාෂාවෙනුත් රජයේ ආඥා පනවා තිබෙන බව නාගදීප ශිලා ලිපියෙන් පැහැදිලි වෙනව. කිසිම දවසක දෙමළ භාෂාව අතීතයේදි මෙරට රාජ්‍ය භාෂාව වෙලා තිබුණෙ නැහැ. ක්‍රි. පූ. යුගයේ ඉඳල ක්‍රි.ව. 1815 වන තෙක්‌ම ලංකාවේ රාජ්‍ය භාෂාව වුනේ සිංහල භාෂාව. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන කාලවලදී මුළු ලංකාවටම බලපාන පරිදි ඔවුන් ගිවිසුම් අත්සන් කළේ ඔවුන්ගේ භාෂාවලින් සහ සිංහල භාෂාවෙන්. 1956දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම මගින් කළේ සිංහල භාෂාවට හිමි තැන ලබා දීමක්‌. ඒකෙන් කොහොමද දෙමළ ජනයාට සහ දෙමළ භාෂාවට අසාධාරණයක්‌ වෙන්නේ.

අනෙක්‌ කරුණ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න බොහෝ කලකට පෙරයි දෙමළ උගත්තු දෙමළ නිජ භූමියක්‌ තිබුණ කියල ව්‍යාජ ඉතිහාසයක්‌ නිර්මාණය කළේ. සිංහලයන්ව රවට්‌ටන්න ෙµඩරල් පක්‌ෂය කියල හඳුන්වා දුන් ලංකා දෙමළ රාජ්‍ය පක්‌ෂය පිහිටුවල පනහට පනහ ඉල්ලුවෙත් 1956ට කලින්. අනෙක දැන් සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක්‌. 1968දී පනතකින් දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක්‌ බවට පත් කළා. 1972 ව්‍යවස්‌ථාවටත් ඒක ඇතුල් කළා. ප්‍රශ්නය ඇති වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා නම්, දෙමළත් රාජ්‍ය භාෂාව වුනාම ප්‍රශ්නෙ විසඳෙන්න එපැයි. මෙතැන තියෙන්නෙ අද ටිකක්‌, හෙට ගොඩක්‌ කියන ප්‍රතිපත්තියට අනුව ඔවුන් වැඩ කිරීමයි. ඔවුන් බොහොම වේගයෙන් වෙනම රාජ්‍යයකට අවශ්‍ය පදනම සකස්‌ කර ගනිමින් සිටිනව. ඒකට ජගත් අධිරාජ්‍යවාදීන් උදව් කරනව. කරුණු හරිහැටි නොදන්න අනුවණ සිංහල නායකයෝ කිසිවක්‌ නොදැන මේවට උඩගෙඩි දෙනව. අධිරාජ්‍යවාදී රටවල් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් පොම්ප කරල ඔවුන්ට අවශ්‍ය පරිදි අපේ රටේ ජන මතය වෙනස්‌ කරනව. කවද හරි වෙනම රටක්‌ හැදුනොත් එදාට තමයි සැබෑ ගැටුම පටන් ගන්නේ. මීට කලිනුත් එළාර මහියංගනය දක්‌වාත්, රාජ රාජ චෝල කතරගම දක්‌වාත් අපේ රට පාලනය කළා. එදාට අපේ රට දැය සමය විනාශ වෙනව. ඒක වළක්‌වා ගන්නයි අපි කටයුතු කරන්නේ.

මෙවැනි කුඩා කෘතියකින් හා වාර්තා චිත්‍රපටයකින් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ දාර්ශනික පදනමට අභියෝගයක්‌ එල්ල කළ හැකි යෑයි ඔබ විශ්වාස කරනවාද?

කෘතිය හා චිත්‍රපටය කුඩා වෙන්න පුළුවන්. ඒත් බෙදුම්වාදීන්ගේ සියලු මතවාද පුස්‌සක්‌ බව අපි පෙන්වල තියෙනව. අපේ පර්යේෂණ කටයුතු තවත් ඉදිරියට අපි කරගෙන යනව. අපිට කරුණු හොයල පොත් ලියන්න පුලුවන්. වාර්තා චිත්‍රපට, ප්‍රදර්ශන කුටි හදන්න පුලුවන්. මේවාට විශාල ශ්‍රමයක්‌ ධනයක්‌ සහ කාලයක්‌ වැය වෙනව. මේ වැඩේට වෙනත් දේශමාමකයින්ගේ උපකාර අපට අවශ්‍යයි. කෘතිය සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අපට වෙනත් සංවිධානවල උපකාර අවශ්‍යයි. සංවිධානය කරල ආරාධනා කළොත් මෙරට හෝ පිටරට ඕනෑම තැනකට අපි එන්න ලෑස්‌තියි.

සංවාදය -ලක්‌මාල් බෝගහවත්ත

5 Responses to “දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය…!!! දෙමළ නිජ භූමි ව්‍යාජ ඉතිහාසය නිර්මාණය කළේ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමට පෙරයි”

  1. Christie Says:

    දෙමලු සින්හලයට බුරුතු පිටින් ආවේ 1792 බිරිතනියෝ පස්සෙන් එන්න පටන් ගත්තට පස්සෙ. එන්ගලන්තයේත් ඉස්සර යුරෝපයෙන් ආපු මිනිස්සු හිටිය නමුත් හිටපු මිනිස්සුන්ට එකතු උනා. අපේ රටෙහ් එහෙමයි මේ ඉන්දියානු පරපෝසිතයො සුද්දගෙ පස්සෙන් සුද්දටත්කෙලල අපිටත් කෙලියෙ දිගටම කෙලගෙන යන්නෙ.උන් ඉන්දියානු කොලනි වලත් එහෙමයි. මුරුසිය, ගුයානාව ෆීජි උදාහරන.

  2. Ancient Sinhalaya Says:

    Traitor tamils’ hearts, minds, loyalty etc. etc. all in hell hole tn where they came from. They know the Sinhalese
    are divided, thanks to catholic-run UNPatriotic party. So they keep making these absurd claims to get more and
    more of the cake and get it. They won’t be happy until they achieve their final goal. Drealam!

    They can’t show an ancient brick from these so called kingdoms. Why? Because they never existed. They exist
    only in books and www. There is no Anuradhapuras, there is no Polonnaruwa, Sigiriya etc. etc. The reason for
    these kingdoms never existed was one important factor. All ancient civilisations existed near something very very important
    for them to exist. Water! Water in abundance! Jaffna? Water was 200ft down. Any chance getting them from
    200ft down? No chance for then any civilisations. Knowing Sinhalese, including traitor deshapaluwan, not going to
    open their mouths to ridicule these claims, they keep chanting kingdoms, kingdoms. They should chant mythical
    kingdoms!

    There is more. Just look where they are living in Sri Lanka.
    North and the east – dutch brought them from tn to work in tobacco plantations; old dutch fort is the oldest building in jaffna, this is proven by carbon dating

    up country – british brought them from tn to work in tea plantations

    coastal belt– 60s kallathonis who swam/crossed the seas to save their lives from the severe famine in tn

    Surprise, surprise, they all are natives now with 1000s of years of history (in books and www. only). Tamils themselves
    know the claim is absurd without any evidence to substantiate. Fortunately for them catholic-run UNPatriotic party
    divide the Sinhalese and make the minorities king makers. Sinhala modayas fall for these farce and believe it is
    a national question. The problem tamils have is they can never have enough, never content, never Sri Lankan.
    Reason for this is, their hearts, minds, loyalty are in tn.

    Tamils can write in tamil (depriving Sinhalese students of their fair share) and get into any university (medicine,
    engineering, law preferred of course), but Sinhalese student are not supposed to even go to the unis in the north
    and the east. Sinhalaya famous for being modayas, never complain. So the foreigners tamils and mussies get
    more than their fair share of the cake. Only way to stop these bogus kingdom mantra is the resettle more and
    more Sinhalese in the north and the east and stop these ungrateful aliens dominance in those areas.

    Sinhalese should tell these never grateful, never loyal, never happy, never Sri Lankan foreigners to show an ancient
    brick to substantiate their claims. We need bricks, ancient bricks, not books and the www bogus claimants! Tamil
    Nadu Alliance (TNA) & co. won’t shut until Sinhalese ridicule these claims in mass media giving these simple facts!

  3. Ancient Sinhalaya Says:

    How tamils multiplied and multiplied and tamilised Sinhalese areas in the north.

    http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html

    How catholic-run UNPatriotic party destroying Sinhalese, Sri Lanka and Buddhism. Didn’t want to hurt catholic
    tigers of tamil drealam headed by catholic buddy hitler mala paharan. Catholic sister jayalalitha across the waters
    in tn, archbishop two three of south africa 6,000 miles away, norway, argentina, italy, uk, us etc. etc. all supported
    catholic tigers. Sinhala modayas didn’t understand why. Buddhist jvp was burnt in tyres by the catholic-run
    UNPatriotic party. But catholic buddy hitler mala paharan was given half the country by traitor chief die hard
    catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. Today even the jaathiya
    vinashakaran party (jvp) clowns licking Batalande Wadakaya’s backside. Sinhalaya being famous for modayas
    for very obvious reasons!

    http://ltte-christian-ties.blogspot.com/
    100,000+ Sinhalese killed

    https://www.youtube.com/watch?v=cV6_o9txURc
    60,000+ killed by dragging the jvp insurgency for over 6 years. No rehabilitation like Sirima B did.
    Good opportunity to cull Sinhalese population of course for the catholic-run UNPatriotic party!

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

  4. Hiranthe Says:

    Good work. No matter how small, all actions to defend Mother Lanka are big leaps towards saving her.

    If we can have a contact e-mail or something, we can communicate with them and organise some help financially for the work they do…

    Great to see this type of work still happening within our society…

  5. Ananda-USA Says:

    NPC wants a POWERLESS EUNUCH as Nominal Governor; not an Executive Governor!

    Why have a “Governor”at all??

    We might as well save the money and abolish the NPC!

    REPEAL the13th Amendment!
    DISSOLVE ALL Provincial Councils!
    REPLACE with DISTRICTS administered by a District Governor APPOINTED by the CENTRAL NATIONAL Government!

    NEVER DEVOLVE any part of the NATIONAL Government’s power to any SUB-NATIONAL unit of administration!

    These BUGGERS want to CON US into gifting them a proto-EELAM!

    And, the Yamapalanaya will be only TOO HAPPY to GIVE IT!

    God DAMN the Yamapalanaya TRAITORS!! They shall REAP LATER what they SOW NOW!

    …………………………..
    NPC wants nominal governor with no executive powers
    By Amali Mallawaarachchi

    DailyNews.lk
    Monday, December 19, 2016 – 06:30

    The Northern Provincial Council (NPC) has requested the government for a nominal governor instead of one with executive powers.

    NPC Chairman C.V.K. Sivagnanam speaking to the Daily News pointed out that their request is not to abolish the post of governor.“We have not requested for an abolition of the post of governor. What we have really suggested is that it to be a nominal head appointed by the President or the government. It is not a matter of reducing or enhancing the powers of the governor but that we need a nominal governor, instead of an executive governor,” Sivagnanam said.

    TNA’s M.K.Sivajilingam said reducing the powers vested in the governor is not applicable only to the Northern Province but for all Provincial Councils.

    “The powers vested in a governor in Sri Lanka is too much. Not even the governors in India are vested with such powers. The powers that a governor here has equals to executive power. Our suggestion is not limited to Northern province only, but to the whole country. We do not have a personal vendetta against the governors. We, as the NPC forward this proposal along with few other proposals,” Sivajilingam said.

    “We also propose that there is no need of a title as ‘governor’. Our suggestion is that it should be a title meaning ‘an agent of the central government,” the MP said.

    “We also forwarded proposals for the new constitution steering committees on a federal state and making North-East region a single administrative unit within which the Muslims shall have an autonomous region,” Sivajilingam added.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress