ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..
Posted on December 21st, 2016

ලංකා සී නිවුස්

ආරක්ෂක ලේකම්වරයා දූෂිතයකු බවත් ඔහු විසින් ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දෙන බවත් පසුගිය දවස්වල දිගින් දිගටම චෝදනා කරනු ලැබු මහාචාර්ය සරත් විජේසූරිය නැමැත්තාට විරුද්ධව රුපියල් මිලියන 1000ක වන්දි ඉල්ලමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා තම නීතිඥවරුන් මාර්ගයෙන් එන්නතරවාසියක් යවා තිබේ.

සරත් විජේසුරිය මහතා මේ වන විට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේ සමයේ සිට හිටපු ජනාධිපතිවරයා ඇතුළු එවකට පැවති රජය නිර්ධය ලෙස විවේචනය කිරිම රාජපක්ෂවරුන් ඇතුළු නායකයින්ට අභූත එල්ල කිරීම මේ වනවිටත් කරමින් සිටී.

ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝබිත හිමියන් විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයට එරෙහිව පිහිටුවාගනු ලැබු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ධූරය උන්වහන්සේ අපවත්වීමෙන් පසු මහාචාර්ය සරත් විජේසූරිය විසින් හොබවනු ලබයි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෑතකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විවේචනය කිරිම සම්බන්ධයෙන් අදහස් පලකරමින් ප්‍රකාශ කර සිටියේ ඔහු මහාචාර්යවරයෙකු කෙනෙකු වුවත් ඔහුගේ මොලේට අර්ශස් රෝගය වැලඳ ඇති බවයි.

මූලාශ්‍ය මෙතනින්

මහත්තයෝ සර්පයා දුටුවාද..? සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරියගෙන් ජනාධිපති මෛත්‍රීගේ ලේකම් රු.මිලියන 1000 ක් වන්දි ඉල්ලයි

2 Responses to “ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..”

  1. S.Gonsal Says:

    මූලාශ්‍ය මෙසේ ද කිය යි. මෙය නම් සත්‍යයක් බව පෙනේ.
    Quote
    2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු පොදු අපේක්ෂකයෙකු ගැන නම් යෝජනා කෙරෙද්දී පොදු අපේක්ෂක මතවාදය සමාජගත කළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් එවක සෞඛ්‍ය අමාත්‍ය පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේනගේ නම යෝජනා කෙරිණ. සෝභිත හිමිපාණන් එහිදී එක හෙලාම කීවේ ‘ඔහු රාජපක්ෂලාගේ ඔත්තු කරුවෙකු විය හැකි‘ බවයි. නාහිමියන් විසින් ඊට හේතු කාරණා ලෙස ගෙන හැර පෑවේ ඒ දක්වා මහජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමැතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළ බිඳක් හෙළා නොතිබූ නිසාත් ජාතික දේශපාලන මතවාදී අරගලයේ කිසිදු තැනෙක ඔහු ‘හ්ම් මිටියක්‘ හෝ තබා නොතිබූ නිසාත්ය. සත්‍ය වශයෙන්ම නාහිමියන් කීවේ “මං ඔහු කවුද කියා හඳුනන්නේ නෑ“ කියා ය. එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇයගේ පපුවට අත තියා “හාමුදුරුවනේ මාව විශ්වාස කරන්න“ යැයි කීවාය. මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකයා වීමට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ එවක කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පළමුවර අනුමැතිය ලැබුනේ එලෙස ය. එම අනුමැතියෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයා ගේ නාමය ලෙස මෛත්‍රීපාල සිරිසේන නාමය ගෙන ආ විට එජාප නායකයන්ද කීවේ නාහිමියන්ගේ කතාවම ය. එනම් ‘සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් දැක තිබෙන නමුත් ඔහු කිසිදු ජාතික දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වූ බවට තම පක්ෂයට කිසිදු අත්දැකීමක් නැති බවයි.‘ එවක එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු විගස ලංකා ඊ නිව්ස් හි ලන්ඩන් කාර්යාලය අමතා විමසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රෙජීමයේ සාපරාධී සොරකම් සහ බිහිසුනු ඝාතන වලට සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබේද? යන්නයි. ඒ දක්වා නම් එවන්නක් අප අභ්‍යන්තර තොරතුරු සේවයට වෙත වාර්තා වී නැතැයි ලංකා ඊ නිව්ස් සහතිකයක් දුන්නේ ය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තීන්දු විය.

  2. S.Gonsal Says:

    Looks like “අප අභ්‍යන්තර තොරතුරු සේවය” bigger than CIA. Also, this govenrment, knowing this , want to get rid of ලංකා ඊ නිව්ස් by requesting issuing of Interpol warrent to arrest “bigger than CIA” chief via Wijedasa Avan Guarde & Co.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress