හම්බන්තොට වරාය ගැන තීරණාත්මක සාකච්ඡාවක් චීනය ඉල්ලයි.. අත්තිකාරම් ගෙවු කොන්දේසිවලින් කිසිවක් අඩු කිරීමට චීනය එකඟ නෑ..
Posted on December 21st, 2016

ලංකා සී නිවුස්

හම්බන්තොට වරාය සීයයට 80% චීනයය පැවරීම හා එහි කොටස් සීයයට 20% වරාය අධිකාරියටත් සතුවන සේ ඩොලර් බිලියන 1.2 කට මූලිකව වසර 99කට හා පසුව තවත් වසර 99කට චීන සමාගමට පැවරිමට ගිවිසගත් ගිවිසුමට අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම මේ වනවිට ඇ ඩොලර් මිලියන 5 ක අත්තිකාරම් මුදලක් ද ගිවිසුම අත්සන් කල දිනයේදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ගෙවන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමග පැවත්වීමට යෝජිත හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ගිවිසගත් ගිවිසුම සම්බන්ධයෙන් රජයේ නිතීපති තුමාගේ මතය වී ඇත්තේ අධිකාරිය සතු දේපල හෝ පරමාර්ථයන් මෙවෙනි විකිණීමකට හෝ හවුල් ව්‍යාපාරයකට පැවරීමකට ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත සංශෝධනය කිරීමකින් තොරව සිදු කිරීමට නොහැකි බවයි.

එහෙත් ඉහත ගිවිසුමට එම චීන සමාගම සමඟ ශ්‍රීලංකාව වෙනුවෙන් මේ වනවිටත් අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් ය.

2017 වසරේ ජනවාරි 8 වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදි ඉතිරි මුදල් ගෙවීමෙන් පසු සම්පූර්ණ හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුළු එහි මෙහෙයුම්, පරිපාලන,සහ මූල්‍ය කටයුතු ඒ අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් කොම්පෙනි වෙත පවරනු ලබයි. ඒ අනුව වරායේ සම්පූර්ණ අයිතිය 80% ක් චීන සමාගමට වසර 99 පසුව තවත් වසර 99කට හිමිවේ.

අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රීලංකාවට හිමිකම් ලැබෙන්නේ අධ්‍යක්ෂවරුන් සභාපති ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා උප සභාපති තනතුරු 7 න් එක සමාන්‍ය අධ්‍යක්ෂ ධූරයක් පමණක් වන අතර ඉතිරි ප්‍රධාන තනතුර 6 සඳහාම පත්වන්නේ චීන සමාගමේ නියෝජිතයන් ය.

එම එක තනතුර සඳහා ලංකා ආණ්ඩුවෙන් ලබාදීමට නියමිත සහන අතර වසර 15 ක් යනතුරු වරායේ සියලුම ආදායම චීන සමාගමට මෙන්ම එම සීයලු ආදායම ශ්‍රීලංකා ආණ්ඩුව විසින් පනවන ලබන සියලු බදු වලින් නිදහස් වේ. ඒ සමගම දැනට කොළඹ වරාය මගින් හම්බන්තොට වරාය වෙත පවරා ඇති සියලු වෙළෙඳ කටයුතු එනම් දිවයිනට ගෙන්වන මෝටර් රථ ඇතුළු සියලු ප්‍රති නැව් ගතකරන භාණ්ඩ ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යෑමට නිතීමය බලය ලබාදීම මෙන්ම දැනට වරාය අධිකාරියේ කිසිම සේවකයකු එම වරාය තුල සේවයේ නොයෙදවීම මෙන්ම වරායේ අභ්‍යන්තර ආරක්ෂාවත් ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු නව හවුල් සමාගමට පැවරිමට්යි.

එහෙත් රටේ උද්ගතව ඇති විරෝධය සම්බන්ධයෙන් ඉතා ඕනෑකමින් චීන තනාපති කාර්යාලය ඇතුළු නිලධාරින් නිරීක්ෂණය කරමින් සිටින අතර බොහෝ දුරට මුලින් එකඟ වූ කොන්දේසි සංශෝධනය කරන්නේ නම් එම හවුල් ව්‍යාපාරය ආරම්භ කිරිම පමා කිරිමටත් ඉතිරි මුදලවු ඇ. ඩොලර් මිලියන 1195 ලබාදිම පමාකිරිමට චීන සමාගම පියවර ගනු ඇතැයි පවසන අභ්‍යන්තර ආරංචි මාර්ග මේ සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු කමිටුව වෙත දැනුම් දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress