ඉසුරුමත් නිවහනක් වැඩසටහන යටතේ දුප්පත් ජනතාව වෙත නිවසක් සාදා ගැනීමට ලබා දුන් රු. 2,992,777,500.00 මුදල නැවත දිවිනැගුම බැංකු වෙත අය කර ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වහා අහෝසි කර යුතුයි.
Posted on December 22nd, 2016

චාමර මද්දුමකළුගේ, රධාන ලේකම්   Samurdhi Development Officers Union 

සමෘද්ධි සහනාධාරලාභීන්ගේ නිවාස අළුත්වැඩියා කර ගැනීම සදහා 2014 වසරේදී සහනාධාර පවුල් වෙත දිවයිනේ සෑම දිවිනැගුම ප‍්‍රජා මුල බැංකුවක් මගීන්ම ආධාර ලෙස ලබා දුන් රු.2500.00 මුදල නැවත බැංකු වෙත අයකර ගැනීමට ආණ්ඩුව පියවර ගැනීම වහා අවලංගු කල යුතු බව අප සංගමය මෙයින් අවධාරණය කර සිටින්නෙමු.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු 2014 ඔක්තෝම්බර් මස 30 දිනැති 2014/11 දරණ චක‍්‍ර ලේඛණය මගීන් දිවයිනේ සහනාධාර පවුල් 1,197,111 වෙත රු.2,992,777,500.00 මුදලක් ලබා දී ඇති අතර සහනාධාර ලබන පවුල් වෙත නොමිලේ ලබා දුන් මෙම මුදල් ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලින් නැවත අයකර ගැනීමට කටයුතු කරන මෙන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතු 2016 නොවැම්බර් මස 30 දිනැති DDD/HO/MF/05/ ඉසුරුමත් නිවහන යන ලිපිය මගීන් සෑම දිස්ත‍්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

2015 ජනාධිපතිවරණයට සමගාමීව නිකුත් කරන ලද 2014/11 දරණ මෙම චක‍්‍ර ලේඛණය මගීන් සෑම සහනාධාර ලබන පවුලක් වෙතම සිය නිවස සාදා ගැනීම වෙනුවෙන් රු.10,000.00(රු.දසදහසක්* ලබා දෙන බවට රාජපක්ෂ ආණ්ඩුව විසින් පොරොන්දු වුවත් එය ඡුන්ද පොරොන්දුවක් බවට පමණක් සීමා කරමින් රු.2500.00 මුදලක් පමණක් ලබා දෙන ලදී.

ඒ අනුව ජනතාව වෙත පොරොන්දු වු රු.10,000.00 මුදලින් හිග රු.7500.00ක මුදල ගෙවීම් කිරීමට කටයුතු කරනවා වෙනුවට ජනතාව වෙත ලබා දුන් මුදල නැවත වත්මන් යහපාලන ආණ්ඩුව විසින් අය කර ගැනීමට කටයුතු කිරීම ‘‘දුප්පතාගේ පාත්තරයට යහපාලන හෙනහුරා පාත්වුවා වැනි’’ යන නව ආත්තෝපදේශයක් අප වෙත මතක් කරමිනි.

ආණ්ඩුවේ මැති ඇමතිවරු සුඛෝපභෝගී පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් විවිධ අමාත්‍ය මණ්ඩල සංදේශ මගීන් අතිවිශාල මහජන මුදල් වෙන්කර ගැනීමට කටයුතු කරමින් දුප්පත් ජනතාව වෙත සිට නිවස සාදා ගැනීම වෙනුවෙන් ලබා දුන් මෙම සොච්ඡුම් මුදල අයකර ගැනීමට කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන කටයුත්තක් බැවින් ඊට අපගේ විරෝධය මෙයින් ප‍්‍රකාශ කර සිටින්නෙමු. එමනිසා අඩු ආදායම්ලාභී ජනතාව වෙත නොමිලේ ලබා දුන් මෙම මුදල අය කිරීමට ගත් තීරණය වහා අහෝසිකර චක්‍රෙල්ඛණයෙන් පොරොන්දු වු ඉතිරි හිග රු.7500.00 මුදල ලබා දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇත. එසේ නොවී දිවිනැගුම ප‍්‍රජා මුල බැංකු සතු දුප්පත් ජනතාවගේ පුද්ගලික ගිණුම් වල ඇති මෙම මුදල් අය කර ගැනීමට කටයුතු තරන්නේ නම් ඊට එරෙහිව සමෘද්ධිලාභීන් සමග උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආණ්ඩුව වෙත අප මෙයින් අවධාරණය කරන්නෙමු.

ස්තූතියි,
චාමර මද්දුමකළුගේ,

රධාන ලේකම්                 සම්බන්ධීකරණය – 071 4710060

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress