පර සුද්දා! පර සුද්දා! පර මන්ත්‍රී-පර කළු සුද්දා
Posted on December 30th, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

ධර්‍මපාලතුමාගේ සරල ඉල්ලීම

වර්‍ෂ 1815 තෙක්ම සිංහලේ නමින් හැඳින්වූ මේ කුඩා දූපත දැන් 2017 වනවිට  වැටෙමින් සිටිනා අගාධය ගැන සිතමින් ඇමෙරිකාවේ සිට දුක්වන මට, අනගාරික ධර්‍මපාලතුමා 1940ස් ගණන් වලදී සිංහල බෞද්ධයින්ගෙන් කරන ලද බැලූ බැල්මට නම් විහිළුවක් සේ පෙනුනු එක්තරා ඉල්ලීමක් මතකයට ආවේය: කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, පර සුද්දා! පර සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා යන්න එම හාස්‍යජනක සේ සිතෙන ඉල්ලීම විය. ඒ කාලයේ සිලෝන් නමැති සුද්දන්ගේ කොලනියේ සිටි මිනිසුන්ටවත්, දැන් මේ නොබෝදාම කොටස් නමයකට කැඩී විනාශවී යාමට යන අළුත් බහුජන එක්සත් ලංකා කොලනියේ මිනිසුන්ටවත් මෙම අවිහිංසාවාදී එහෙත් මිලිටන්ට් (යුද හමුදාවක වැනි විනයක් ඇති) ඉල්ලීමේ ඇති පුදුම ගාම්භීර, භෞතික, දාර්‍ශණික හා මනෝ විද්‍යාත්‌මක වටිනාකම තේරුණාද, තේරේවිද යන්න සැක සහිතය.

ආත්‌ම විශ්වාසය බිඳලීම (හියුමිලියේශන්)

ඉංග්‍රීසි භාෂාවෙන් හියුමිලියේශන් කියන්නේ යමෙක්ව හෝ යම් ජන කොටසක්ව ප්‍රසිද්ධියේ  අපහාසයට, අපකීර්තියට, අවමානයට ලැජ්ජාවට පත්කිරීමය. එය යමෙකුට වේවැල් පහරක් හෝ දඩයක් ගසා හෝ හිරේ දමා දෙන දඬුවම් දීමකට වඩා දුරට යන මානසික වශයෙන් පරිහානියක් ඇතිකරලන වෙනසකි. යම් ජාතියක නම්, ඔවුන්ගේ ආත්මාභිමාන පදනම සිඳලීමය. පුද්ගලිකව, කාමරයක කරන අපහාසයකින් වන මානසික අසහනය මීට වඩා අඩුය. ග්‍රාම සේවකයෙකුව ප්‍රසිද්ධියේ ගස් බැඳීම අවනම්බු කිරීමකට උදාහරණයකි. අරාබිකරයේ ඉස්ලාම් ත්‍රස්තවාදය උග්‍ර වීමට හේතුවක් ලෙස ඇතැමුන් දක්වන්නේ ඇමෙරිකාවේ හා යුරෝපයේ සුදු ජාතික රාජ්‍ය මෙසේ පොදුවේ අරාබි-ඉස්ලාම් රටවලට ගැරහීමය. රුසියාවේ පූටින්ගේ නැගaේමට හේතුවක් ලෙස සමහරු දක්වන්නේ ඇමෙරිකාව, බර්ලින් තාප්පයත් සමඟ කඩා වැටුන සෝවියට් රුසියාවට හියුමිලියේට් කිරීමය.  රුසියන් ජනතාව ඒ ගැන කුපිත වීමය.

ලැජ්ජා කිරීම හරහා දීනගතිය පැටවීම

මේ අන්දමට අන් අය ප්‍රසිද්ධියේ ලැජ්ජාවට ලක්කල අවස්ථාවන් කීපයක් මා අසා ඇත. 1960 ජූනි 30 දා කොන්ගෝවට නිදහසදීමේ උත්සවයට පැමිණ එරටට බෙල්ජියම විශාල සේවයක් කලා යයි පුරසාරම් දෙඩවූ බෙල්ජියන් රජුට, ඔවුන් කොන්ගෝවට කල මහා විනාශය මතක් කරදී හැකි ඉක්මණින් රටෙන් පිටව යන්නැයි 35 හැවිරිදි කුළුඳුල් අගමැති පැට්‍රිස් ලුමුම්බා කල කතාව කෙතරම් මානසික ආතතියක් (අගතියක්) බෙල්ජියම් රජුට ඇතිකලේද යත්, කුමන්ත්‍රණයක් මඟින් දින 76 ක් තුල ඔහුව අගමැති කමෙන් නෙරපා, මරාදැමීමට බෙල්ජියම ක්‍රියාකලේය. මෙවැනි තවත් අවස්ථාවක් ලෙස දැක්‌වෙන්නේ 1987 දී ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් එරට කළු ජාතික එඩ්වර්ඩ් පර්කින්ස්ව දකුණු අප්‍රිකාවේ තානාපතිකර යැවීමය. සුදු ජනාධිපති පී. ඩබ්ලිව්. බෝතාට මේ ඉතා උස කළු තානාපතිගේ මුහුණ බැලීමට සිදුවූයේ නිතරම උඩ බලමින් ය. මෙය ඒ රටේ පැවති ඇපාර්‌තයිඩ් වර්‍ණ භේදයට කල සරදමක් ලෙස බොහෝ අය සිතුවේය. 1905 දී ජපානය විසින් රුසියාව පරාජය කිරීමත්, 1975 දී වියට්නාම් යුද්ධයෙන් ඇමෙරිකාව පරාජයවීමත් මෙවැනි ඓතිහාසික හියුමිලියේශන් අවස්ථා ලෙස සැලකේ. බින් ලේඩන් විසින් 2001 සැප්තැම්බර් 11 දින නිව්‍යෝර්ක් නගරයේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට කල ජෙට් ප්‍රහාරද ඇමෙරිකාවට කල බලවත් ලැජ්ජාවක් විය.

කුඩා ලංකාව මුළු ලෝකයටම දුන් ආදර්‌ශය

2009 අප්‍රේල් අග-මැයි මුල මෙවැනි දෙයක් ලංකාවේද සිදුවිය. බොහෝදෙනාට නොවැටහුණත් එය මෑත ලෝකයේ පරණ යටත් විජිත හා බැඳුණු  ඉතිහාසයේ සිදුවු වැදගත්‌ම සිදුවීමකි. මිලිබෑන්ඩ් හා කුෂ්නර් යන බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතීන් දෙන්නා යුරෝපා සුදු රටවල ඒජන්තවරු වශයෙන් ප්‍රභාකරන් විනාශ මුඛයෙන් ගලවා ගැනීමට බලවත් උත්සාහයක් දැරුවේය. මේ සඳහා කුෂ්නර්ගේ  කූඨ උපාය වූයේ ප්‍රභාකරන් මුණගැසී මුලතිව් දෙමළ හිරකරුවන් (ප්‍රාණ ඇපකරුවන්) මුදා ගැනීමට සාකච්ඡා කිරීමට යාමට ලංකා රජයෙන් අවසර ඉල්ලීමය. එවිට ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කියා සිටියේ එසේ ගියොත් නිසැකවම කුෂ්නර්‍ව ප්‍රභාකරන් විසින් හිරකාරයෙක් කරගන්නා නිසා ඊට ඉඩදිය නොහැකි බවය. එසේ හිරකාරයෙක් වීම තමාට ප්‍රශ්නයක් නොවන බවත්, තමා ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බවත් කුෂ්නර් කී විට ගෝඨාභය කියා සිටියේ එය කුෂ්නර් ට ප්‍රශ්නයක් නොවුනත් ලංකාවේ යුද්ධ හමුදාවට එය ප්‍රශ්නයක් වන බවය.

ඇඹිලිපිටියේ රූස්ස සියඹලා ගහක් යට මේ දෙන්නාට මහින්ද රාජපක්‍ෂ මහතා ලුනු මිරිස් හා කිරිබත් කැව්වා යනාදී කිසි වැදගැම්මකට නැති සුරංගනා කතා මෙන් නොව, ගෝඨාභය කොළඹදී දුන් මෙම එඩිතර, වෙඩිල්ලක් වැනි පිළිතුරෙන් මිලිබෑන්ඩ් හා කුෂ්නර් කෙතරම් ලැජ්ජාවට පත්‌වුනාද යත් දෙන්නාම කෙළින්ම ගියේ නිව්‍යෝර්ක් නගරයේ යූ එන් ඕ බිල්ඩිම ඉදිරියේ ඇති පදික වේදිකාවටය. ඔවුන් එහි පාර අයිනේ රැස්වී සිටි දෙමළ ඩයස්පෝරාව අමතා ගියේ ඊට පසු ගියේ ඇමෙරිකන් විදේශ ලේකම් හිලරි ක්ලින්ටන් හමුවීමටය.  ගෝඨාභය දුන් මේ නිර්භීත පිළිතුරේ අගය ඉතාමත් පැහැදිලි වන්නේ ඉදිරියේදී යුද්ධය නැවතත් ගෙනයාමට හැකිවන අයුරින් ප්‍රභාකරන් බේරාගෙන යාම සඳහා ඇමෙරිකන් යුද නැවක් මුලතිව් අසල  මුහුදේ රැඳී සිට ඇති බව දැන් අප දන්නා නිසාය. හිරේට ගත් කුෂ්නර් ගලවා ගැනීමටය කියා එන ඇමෙරිකන් භටයින් ඒ සමඟ ප්‍රභාකරන්වද ගලවා ගෙනයාම කූට සැලැස්ම විය. කුෂ්නර් පමණක් යන්නේ මිලිබෑන්ඩ් කොල්ලාට කොළඹ සිට එය බලා සිටීම සඳහාය.

හිරි-ඔ‌තප් (ලැජ්ජා භය)

ක්‍රිස්තියානි හා අ‌ර්‌ධ ක්‍රිස්තියානි (මව/පියා/බිරිඳ ක්‍රිස්තියානීවූ අය) පාලකයින් යටතේ අන්ත අසරණවී, තමන් මුදාගැනීමට දියසේන කුමාරයෙක් එතැයි සිතමින් හූල්ලමින් සිටි ගැමි ජනතාවට පමණක් නොව පියදාස සිරිසේන මහතාගේ ජයතිස්ස හා රොසලින් පොතේ පෙන්වන වැනි නාගරික ජන කොටස් වලටද ධර්‍මපාලතුමා 1940ස් ගණන් වල කල ඉල්ලීම අදාළ විය. සුද්දන් විසින් ඉතා සරු පරුෂ ලෙස සළකමින්  සිංහල වැසියාට අතින් පයින් පවා පහර දෙන කාලයක, පසු කලෙක ලංකාවේ අගමැතිවූ සර් ජෝන්ගේ පියාවු ජෝන් කොතලාවල සිංහල වීරයෙක් ලෙස ධර්‍මපාලතුමා සැළකුවේය. තමන්ට අපහාසාත්‌මක ලෙස කතාකල සුද්දෙකුට මහපාරේදී හතරගාතෙන් වැටෙන්නට පහරදුන් ජෝන් කොතලාවලව, එතුමා ඇමතුවේ අපේ ජෝන් යන ආදර නාමයෙනි. 1956 දී පැරදුන අගමැති සර් ජෝන්, ඔහුට හලෝ ජෝන් කියා ඇමතූ තැපැල් පියුන් කෙනෙක්ව සිට කෙළින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වුන ඇම් ඇස් තේමිස්ට පාර්ලිමේන්තු පඩිපෙල උඩ බිම ඇද වැටෙන්නට පයින් ගැසීම පියාගෙන් පුතාට ගිය පුරුද්දක් වූවා විය හැකිද කියා මට සිතේ.

කොසොල් රජතුමා දුටු සීන දාසැය

ලංකාව ලැජ්ජා භය නැති සමාජයක් බවට ශීඝ්‍රයෙන් පෙරලෙමින්
තිබෙන අවධියක, කොසොල් රජතුමා දුටු සීන දාසැය අපේ ඇස්පනා පිටම එළිවන කලෙක, ධර්‍මපාලතුමාගේ ඉල්ලීමේ තිබූ උපායමාර්ගික, අධ්‍යාත්මික හා විද්‍යාත්මක වටිනාකම අප විසින් වටහා ගතයුතුව ඇත. එම ඉල්ලීම ගාන්‌ධි විසින් හා පසු කලෙක 1960 ගණන් වල ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං විසින්ද  ක්‍රියාවට නැඟූ මිලිටන්ට් අවිහිංසාවාදයක් (අයුතු නීති ප්‍රසිද්ධියේම කඩා දමා ඊට දෙන දඬුවම් භාර ගැනීම මඟින් විරෝධය පෑම) මිස, නිකම්ම නවගුණවැල් ගණින, මෙත්තා අහිංසාවාදයක් නොවන බව සනාථ කරගත යුතුය. ලැජ්ජාව හා භය යන මිනිස් ගුණාංග දෙක, මිනිසා විසින් මිනිස් සංහතිය පාලනය සඳහා ආයුධ කරගෙන ඇති ආකාරය අධ්‍යයනය කල යුතුය. මෙත්‌තා-මුදිතා-කරුණා-උපේක්ඛා හා වෛරය-ක්‍රොධය-ද්වේෂය-මානය යනාදිය පටලවා නොගෙන නිරවුල් ලෙස මැනවින් විග්‍රහ කල හැකි විය යුතුය. මෙම වටහා ගැනීම ආරම්භ කලයුතු වන්නේ රෝමයේ පෝප් ඇලෙක්සැන්ඩර් විසින් 1494 දී දුන් නියෝගයක් හරහාය.

ටෝරදසිලාස් ආඥාව-ඉන්ටර් සැටෙරා

පෘතුගාලය හා ස්පාඤ්ඤය යන කතෝලික රටවල් දෙක සෙසු ලෝකය අත්පත් කරගැනීමට එකිනෙකා හා තරඟ කර මිනීමරා ගැනීම වැළැක්‌වීම සඳහා මැදිහත්‌වූ පෝප් 1494 දී දුන් අණ මඟින් ඒ රටවල දෙකට ඇසෝරස් දූපත් මායිම ලෙස ගෙන ලෝකය බෙදා දුන්නේය. බ්‍රසීලය අද පෘතුගීසි භාෂාව කතා කරන්නේ මෙම ඉර දකුණු ඇමෙරිකාවේ නැඟෙනහිර වෙරළෙන් වැටුණු නිසාය. වස්කෝද ගාමා හා කළම්බස් ගෙන් ඇරඹුණ මෙම යටත් විජිත ව්‍යාපාරය 1505 දී සිංහලේට සේන්‌දු විය. අසමඟිකම් හා ද්‍රොහී රජපවුල් නිසා1551 වන විට පෘතුගීසින්ට කෝට්ටේ සිංහල ක්‍රිස්තියානි රූකඩ රජෙක්වද පත්කර ගතහැකි විය. ඔවුන් ආවේ කඩුව හා බයිබලය අත් දෙකට අරගෙන යයි කියැවේ. මේ රටවලින් එකතු කරගත හැකි නිෂ්පාදන වෙළදාමට යුරෝපයට ගෙනයාමට වඩා, මේ රටවල සිටින නොදියුණු, ම්ලේච්ච, වනචාරී මිනිසුන් දෙවියන් වහන්සේ හරහා ශීලාචාර කර සතුට හා ප්‍රීතිය ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව ඔවුන් යුරෝපයේ ජනයාට කියා සිටියේය.

සම්ප්‍රදායානුකූල යුරෝපා ඉතිහාස පොත්‌වල මෑතක් වනතුරුම උවමනාවෙන්ම සඟවා තිබූ කාරණා නම් රටවල් අල්ලා ගැනීමේදී සුද්දන් බොරු කීම, රැවටීම හා වංචාව යොදාගත් අන්‌දමය. යුරෝපයෙන් පෝප්ගේ නියෝජිතයා ලෙස ගිය ස්පාඤ්ඤ සොල්දාදු නායක ෆ්‌රැන්සිස්කෝ පිසාරෝ 1532 නොවැම්බර් 16 දා  දකුණු ඇමෙරිකාවේ ඉන්කා අධිරාජයාවූ අටහුල්පා අල්ලා ගත්තේ එසේය. මාතර ගජමන් නෝනා ගෙන් සිංහල ඉගෙන ගත් ජෝන් ඩොයිලි 1815 වන විට උඩරට රදල නායකයින් රැවටුවේය. සැඟවී සිට අල්ලාගත් රජුට හා බිසවලාට අවනම්බු නොකර නිසි ගෞරව සත්කාර කරණවා යයි ස්වයං පොරොන්‌දු දුන්නත්, මාස කීපයක් යන්නටත් පෙර රාජ භාන්ඩ හා රජ බිසවලාගේ විසිතුරු ඇඳුම් කට්ටල ආදිය වෙන්දේසියේ විකුණන දැන්වීම් ලන්ඩන් පත්‌තරවල පළවිය.

යුරෝපීය මිනිසුන්ට තිබූ ලෙඩරෝග විෂ බීජ වලට ඔරොත්තුදීමේ ජානන ශක්තියක් දකුණු ඇමෙරිකාවේ ඉන්කා-මායා ශිෂ්ටාචාරවල ජනයාට නොතිබුණ නිසා ඔවුන් ශීඝ්‍රයෙන් වඳවී ගියේය. පෘතුගීසීන්ට පරංගින් කියා කියන්නේ ඔවුන් ලංකාවට වසූරිය, ලාදුරු විෂබීජ ගෙනා නිසාය.  මිනිසුන්, සතුන් හා ගස් වැල්ද මෙසේ යුරෝපීය ලෙඩරෝග හා වයිරස් වලට ගොදුරුවීම යටත් විජිත වාදයේ නොවැලක්‌විය හැකි ප්‍රතිඵලයක් විය. එසේ නමුත්, උතුරු ඇමෙරිකාවේ නේටිව් රතු ඉන්දියානු ජනතාව විනාශ කිරීම සඳහා යුද්ධොපායක් වශයෙන් වසූරිය විෂබීජ දැමූ බ්ලැන්කට් හීතල කාලයේදී උණුසුම ලබාගන්නා පිණිස ඔවුන්ට බෙදාදීම බයිබලයේ දෙවියන් වහන්සේගේ සතුටට හේතුවක් වූවා විය නොහැකිය.  මෙය ලෝකයේ ප්‍රථම ජෙනෝසයිඩ් කේස් එකය.

1815 දී උඩරට රදල නායකයින් රවටා සිංහලේ මුළු රටම අල්ලාගත් පසු ඉංග්‍රීසි ජාතිකයින්, කඩුව හා බයිබලයට අමතරව, බෝතලය (අරක්කු), ජාති, වර්‌ග හා කුල කෙටවීම හා මිනිසුන්ට හීනමානය කැවීම යනාදී ක්‍රියාකාරකම් සියල්ලක්ම රාජ්‍ය පාලනයේදී යොදාගන්නාලදී. ඔවුන් මෙය හැඳින්වූයේ -සාමය හා මනා පාලනය- යනුවෙනි (පීස් ඇන්ඩ් ගුඩ් ගවර්‌නන්ස්). අද යහපාලනය කියා කියන්නේ මේ අදහසටම වියයුතුය. අරක්කු නිසා බේබද්දන් බෝවී උඩරට රදල පවුල් විනාශවී ගියේය.  මේ හැම දෙයකම යටින් දිවූ පොදු ලක්‍ෂණය වූයේ යටත් විජිත වැසියා තුල තමන්ගැන, තමන්ගේ රට ජාතිය ආගම හා භාෂාව ගැන හීනමානයක් ඇති කිරීමය යන්න අද ලෝකයේ ප්‍රචලිත කරුණක් වුවත්, 1848 කැරැල්ලට පසුව ඇරඹී, 1873 පානදුරා මහාවාදය වනවිට කරලියට පත් සිංහල බෞද්ධ පුනරුද සමයේදී එය එසේ ඉදිරිපත්‌වූයේ නැත. සිංහලයින්, සිංහල ලිපිකරුවන් හා සිංහල මුළාදෑණීන් වතු සුද්දන් හා රාජ්‍ය නිලධාරී සුද්දන් ඉදිරියේ දෙකට තුනට නැමී බැගෑපත්‌වීම මෙම හීනමානය සංකේතවත් කලේය.

එය සුදු හම ඉහල යයි සිතීමකි. රොබට් නොක්ස්ගේ පොතේ කියා ඇති අන්දමට දෙවන රාජසිංහ රජු සුදු හමට ඉතාමත් කෑදරයෙක් වී ඇත. උඩරට සිංහල ස්ත්‍රීන් සුද්දන් හා කලවම් කිරීමට ඔහු අනුබල දුන්නා යයි කියැවේ. එහෙත් අද යුරෝපයේ හා ඇමෙරිකාවේ ගෑණු චර්‍ම පිළිකා සැදීමේ අවදානමට මුහුණ  දෙමින් පවා හම තලaෙළෙළු කර ගැනීම සඳහා ගිනි අව්වේ අව් තැපීම සුලභ දර්‍ශනයකි.  1880 දී ලෝකයේ ප්‍රථම සුදු බෞද්ධයා වශයෙන් ඇමෙරිකානු ජාතික කර්‌නල් ඕල්කොට් සිංහල බෞද්ධයින්ගේ ගෞරවාදරයට ලක්‌වීමේදී බලපෑ එක් හේතුවක් නම් සුදු පාලකයින් හා ගැටීමට දැන් සුදු හම ඇති මිනිසෙක් ඉන්නවා යන යටි සිතෙන් ආ හැඟීම බව නිසැකය. 1956 දී බණ්ඩාරණායක මහතා තෝරා ගැනීමත් පාටින් නොවුනත් අනිත් හැම අතින්ම ඔහු සුද්දන්ට නොදෙවෙනි සිංහලයෙක්‌වූ නිසාය කියා මට සිතේ.                                 

මැකෝලි සාමිගේ කළු සුද්දන් පැලැන්තිය

සුද්දන් යුරෝපයෙන් ආවේ අප්‍රිකාවේ, ආසියාවේ හා සෙසු ලෝකයේ ජනයා මිථ්‍යා ඇදහිලි වලින් හා වනචාරී හැසිරීම් වලින් මුදවාගෙන, බටහිර යුරෝපා ශිෂ්ටාචාරය නමැති දියුණුවේ (ප්‍රොග්‍රෙස්) මාවතට ඇදගෙන යාම සඳහා වෙනම මිනිස් බලකායක් ගොඩනැගිය යුතුය යන මතයක් ඉදිරිපත් කර ක්‍රියාවට නැඟුවේ තෝමස් මැකෝලි නම් ඉංග්‍රීසි ජාතිකයාය.  නෙල්සන්, සෙසිල් රෝඩ්ස් වැනි නාවික හෝ යුද වීරයින්ට වඩා බටහිර අධිරාජ්‍යවාදය අදටත් ලෝකය පුරා නොමැරී පවත්‌වා ගෙනයාමට උල්පතක් පාදා දුන්නේ මැකෝලි විසින් ය. දැන් කාලයේ ව්‍යවහාරයෙන් ගත්තොත් හාඩ් පවර් වෙනුවට සොෆ්ට් පවර් ලබාදුන්නේ ඔහුය. මෙය සුමන්තිරන්ලා වැනි ටී එන් ඒ කාරයින් යුද්ධයෙන් ලබාගත නොහැකිවූ ඊලම පෑනෙන් ලබා ගන්නවා වගේය.

ඉන්දියන් ජනයාට අරාබි හා සංස්කෘත භාෂාවෙන් ලබන අධ්‍යාපනයක් වෙනුවට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදිය යුතුයැයි 1835 දී ඔහු යෝජනා කලේය. මෙසේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගත් පිරිස, සුදු පාලකයින් හා ඔවුන් විසින් පාලනය කරන ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානු ජනතාව යන කොටස් දෙක  සම්බන්‌ධ ‌කරන, ලේ වලින් හා හමේ පාටින් ඉන්දියන් වන, එහෙත් අදහස්, සිතුම් පැතුම්, හැසිරීම්, බුද්ධිය හා ආචාර ධ‌ර්‌ම වලින් ඉංග්‍රීසීන් වන (කළු සුද්දන්) පන්තියක් වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. පසු කලෙක නේරු කියා සිටියේ මෙම ඉංග්‍රිසි අධ්‍යාපනයෙන් කන්තෝරු ලිපිකරුවන් පිරිසක් බිහිවූ බවය. මෙම මැකෝලි කෙතරම් ආත්මාභිමානයකින් සිටියාද කිවහොත්, හොඳ ඉංග්‍රීසි පොත් රාක්කයක්, සමස්ත අරාබි හා සංස්කෘත සාහිත්‍යයටම වඩා ඉහළ වන්නේයයි උදම් ඇනුවේය. ඔහු ඉතා දක්‍ෂ මොළයක් තිබූ පුද්ගලයෙකු බව නිසැකය. අද දක්වාත් තිබෙන ඉන්දියාවේ (හා පසුව ලංකාවට කොපිකල) දණ්ඬ නීති සංග්‍රහය ඔහු ඉතා කෙටි කාලයකින් පිළියෙල කලේය.

වලානේ සිද්‌ධාර්‌ථ මහනාහිමි (1811-68)

මැකෝලි මෙසේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක් අරඹා ඉංග්‍රීසීන් මෙන් සිතන පතන පන්තියක් ඉන්දියාවේ හා අනිත් ඉංග්‍රීසි කොළනි වල සදන්නට ක්‍රියා කරමින් සිටින කාලයේ ඊට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ලංකා කොළනියේ සිදුවිය.  එය නම් 1841 දී වලානේ සිරි සිද්‌ධාර්‌ථ නාහිමියන් පානදුරේ වලානේ පන්සලේ සිට රත්‌මලාණට වැඩමකර එහි පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භ කිරීමය. ජාතික සටන සඳහා පර්‍යන්ත ග්‍රාමීය ප්‍රදේශයේ (පානදුර) සිට නගරයට (කොළඹ දෙසට) යායුතුව ඇතැයි උන්වහන්සේ විසින් පවසා ඇත. පසු කලෙක විද්‍යොදය (1873) හා විද්‍යාලංකාර (1875) මහ පිරිවෙන් දෙක බිහි කළේ මෙම පරම ධම්මචේතිය පිරිවෙනේ ගෝලයින් දෙදෙනෙක් විසින් ය. 1848 කැරැල්ල සිදුවූයේ ඒ අතරතුරය. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමේලා මෙම පිරිවෙන් දෙකෙන් සිදුවූයේ උදාර සේවයකි. මැකෝලිගේ පැලෑනට අනුව ලංකාවේ බෝවූ කළු සුද්දන් විසින් රටට කල හානිය අවම කිරීමටත්, 1956 දී තාවකාලිකව හෝ සිංහල බෞද්ධ පංච මහා බලවේගය ලබාගත් ජයග්‍රහණයටත් විශේෂයෙන්ම විද්‍යාලංකාර භික්‍ෂූන් වන යක්කඩුවේ ප්‍රඥාරාම හා වල්පොල රාහුල යන යතිවරු දෙදෙනා ඉමහත් භූමිකාවක් විය.

කළු සුද්ද්න්ගේ සම්ප්‍රාප්තිය

භාවනා කරනවා හා බණ කියනවා මිස හාමුදුරුවරුන් දේශපාලනයට නොගෑවිය යුතුය යන මතය කළු සුද්දන් විසින් ඉදිරිපත්කල න්‍යායයක් විය. ලෝකයේ ප්‍රථම වරට මැකෝලි විසින් බිහිකල පන්තිය කළු සුද්දන් ලෙස නම් කර හඳුනා ගත්තේ ධර්‍මපාලතුමා විසින් 1930 ස් 1940 ස් ගණන් වලදීය. කවදාහෝ සුද්දන් විසින් මේ කළු සුද්දන්ට රට භාරදී යන බවත්, ඔවුන් එවිට රට විනාශකර දමනු ඇති බවත් එතුමා අනාවැකියක් සේ සඳහන් කළේය. මෙම කළු සුද්දන් අධ්‍යාපනය මඟින්ම යුරෝපයට ආවඩන, සිංහල ඉතිහාසය හා ශිෂ්ටාචාරයට ගරහන දීන මනසක් සහිත පුද්ගලයින් ලෙස පුහුණුකරවන ලද්දන් විය. ධර්‍මපාලතුමා පර සුද්දා කියා පඹයාට ගහන්න යයි ඉල්ලා සිටියේ මේ අයගෙන් නොවේ. එය අහිංසක සිංහල බෞද්ධ ජනතාවගෙන් කල ඉල්ලීමකි. තමන්වත් නොදැනම, සුද්දන්ව වැඳ පුදා අනුකරණය කරන කළු සුද්දන් විසින්, සුද්දන් හා යුරෝපය අති ශ්‍රේෂ්ඨය යන අදහසක් තමන්ගේ සිත් සතන් තුලට ක්‍රමයෙන් කිඳාබැස්සවීම නිසා, තමන්ගේ අත්මාභිමානය හා ජාතික අභිමානය යන දෙකම ගිලිහෙමින් යන අවධියක, එය නැවත නඟාලීමේ මනෝවිද්‍යාත්මක උපායක් ලෙස සුදු පඹයාට ගැසීම එතුමා විසින් හඳුන්වා දෙන ලදී. මෙවැන්නක් මුස්ලිම් ආගමිකයින්ට අවශ්‍ය නොවන්නේ ඔවුන් දිනපතා පස් වරක්ම අනිවාර්‍යයෙන්ම මක්කම දෙසට හිසලා වඳින නිසා ආගම හා අල්ලාගේ ආරක්‍ෂාව ලැබෙනවාය යන්න පැය කීපයකට වරක් බැඟින් ඔවුන්ගේ සිතට බැඳී ඇති නිසාය.  මෙවැනි අනිවාර්‌ය වන්දනා නීතියක් බෞද්ධයින්ට නැත.

මෙම උපක්‍රමය කළු සුද්දන්ට බලවත් පහරක් විය. ධර්‍මපාලතුමා රටින් එලවා ගැනීමේ ශූක්‍ෂ්ම ව්‍යාපාරයක් ඔවුන් ගෙනගියේ ඒ නිසාය. සුද්දන්ටද නිල වශයෙන්ම එය වැදුන බව පෙනී යන්නේ, උසාවියේදී එක් නඩුකාරයෙක්, පර සුද්දා කියා සුද්දන්ට අපහාස කරන්නේ ඇයිද කියා එතුමාගෙන් ප්‍රශ්න කල නිසාය. පර කියන්නේ විදේශික හා උතුම් යන අර්‍ථවලින් මිස, පර බල්ලා යන අර්‍ථයෙන් නොවේයයි එතුමා පැහැදිලි කර දුන්නේය. ආගම් හා ජාති භේදය අවුස්සනවා කියා නීති ගෙන ඒමට ඕනෑ කියා මේ වනවිට තතනන අයටද මින් හොඳ අවවාදයක් ලැබේ. කෝරානයේ ඇති වගන්ති, ශාරියා නීති හා යහපාලන මූලධර්‍ම අතර ඇති ගැටුම පැස්බරා වැල්ලේ හිස සඟවා ගන්නවා මෙන් නීති පනවා යටපත් කල නොහැකිය.  මිසදිටුවාදීන්ගේ අදහස් භාරගන්නා ලෙස ඒහි පස්සිකෝ මනසක් ඇති බෞද්ධයින්ට බලකිරීමට පුළුවන් මානව අයිතිවාසිකම් අයිතිකාරයා කවුරුන්ද?

හීනමාන උපායේ අළුත් මුහුණ

සිංහල බෞද්ධයින් වනචාරීන් නොවන බව යම් අවංක සුදු නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් විසින් පෙන්වා දුන් පසුව හා 1873 පානදුරා මහා වාදයට පසුව ජනයාගේ හිත් වලට හීනමානය කැවීම මහජනයා හා රජය එකට හමුවන අවස්ථා වලට පමණක් සීමාවිය. උදාහරණයක් වශයෙන් තෝල්ක මුදලිලා මොනවා කියනවාදැයි ගැමියන් නොදනී. ඉංග්‍රීසියෙන් අත්සන් කල නොහැකි නම් ශාක්‍ෂිකරුවෙක් සිටිය යුතුය. ආණ්ඩුවේ ලිපිකරුවෙක් වීමට ඉංග්‍රීසි අවශ්‍යය. ඉංග්‍රීසි වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව කල පසු, කළු සුද්දන්ම කල වැරදි නිසා ඉංග්‍රීසි නොදැනීම අළුත්  හීනමානයක් නිලධාරීන්ට ගෙන දුන්නේය. අද රටේ ඇත්තේ ඉංග්‍රීසි පිස්සුවකි, ටියුෂන් පිස්සුවකි.

යටත් විජිත අතහැර ගිය සුද්දන් ඒ යටත් විජිත තමන්ගේ වක්‍ර පාලනයෙන් මුදා හැරියේ නැත. එය කරගත්තේ දේශීය කළු සුද්දන් හරහාය. නොයෙක් සංවිධාන, යූ එන් ඕ, කොමන්වෙල්ත්, ලෝක බැංකුව
අයි එම් එෆ්, ලෝක වෙළඳ සංවිධානය යනාදිය බටහිර සිට මෙම සෙල්ලම කරමින් සිටියේය. මෙහිලා ඉදිරියට දැමූ අළුත්ම මෙවලම නම්
අර් 2 පී නම මගඩියය. සුද්දන් විසින් බෙදා පාලනය කිරීමේ න්‍යාය යටතේ ව්‍යාකූලකර ගිය පරණ යටත් විජිත දැන් මානව අයිතිවාසිකම් කඩ කරනවා යනුවෙන්, මේ රටවලට අළුත් හීනමාන උගුලක් අටවා ඇත. මේ යටතේ අවුරුදු 2500 කට පෙර සිට මානව අයිතිවාසිකම් පමණක් නොව, සතා සිව්පාවා, ගස් ගල් වලට පවා අයිතියක් ලබාදුන් බුද්ධාගමට පවා වටකරගෙන බැටදීමක් ඉතා ශූක්‍ෂම ලෙස දියත් කර ඇත. මේ හැම දෙයක්ම එන් ජී ඕ හරහා කෙරෙන කළු සුද්දන්ගේ ව්‍යාපාරය. බුදු දහමට අනුව මිනිසා ගස් වැල් සතුන් සිටින පරිසරයේ කොටසක් මිස පරිසරයේ අයිතිකරු නොවේ. එහෙත් බයිබලයට අනුව දෙවියන් වහන්සේ අනිත් සතුන්ව මවා දී ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය  සඳහාය.

කළු සුද්දන්ගේ පරාදීසය

අද ලංකාව කළු සුද්දන්ගේ පරාදීසයක් නොවේද? මුළු ලෝකයේම පරණ යටත් විජිත විනාශ මුඛයට වැටී ඇත්තේ ඒ හැම රටකම කළු සුද්දන් පන්තියක් විසින් බොරු නිදහස් උත්සවයක් පවත්‌වා සුද්දන් විසින් පවරාදුන් බොරු නිදහසක් යටතේ එක් එක් රට බැගින් වනසා දමා ඇති නිසා නොවේද? 1948 න් පෙර හා පසුව සිට මේ දක්වාම මේ කළු සුද්දන් ලංකාවට කල විනාශය අද උඩුදුවා ගිය මරණාසන්න තුවාලයක් බවට පෙරලී තිබේ. 1815 කෙසේ වෙතත්, 1848, 1915, 1959, 1962, 1987, 2002 (සටන් විරාම ගිවිසුම) යන වර්‍ෂ වලදී ලංකාවේ සිදුවූ දේශපාලනික සිදුවීම් වලදී ඒවා පිටුපස සිටි විනාශකාරී බලවේගය කළු සුද්දන්ගේ පන්තිය නොවේද කියා අප සිතා බැලිය යුතුය. මේ යුද්ධය නම් කවදාවත්‌ම දිනන්න බෑ කියා කිව්වේ කළු සුද්දන් නොවේද? 2000 ස් ගණන් වල පැකේජ් ඩීල් ගෙනා, අන්තර් පාලන හා ෂුනාමි පාලන ඩීල් ගෙනා මේ කළු සුද්දන්ම දැන් කඩි මුඩියේ රටටම මහා නැස්පත්තියක් ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟුලක් අටවා ගන්නට වලිකනවා නොවේද?

මෙම කළු සුද්දන් අද ක්‍රියා කරන්නේ සුද්දාගේ තුවක්කුවේ හෝ බයිබලයේ ආවරණය යටතේ නොව, කළු සුද්දන්ම හදාගත් නීති යටතේය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යයි කියා ගන්නා ක්‍රමය විකෘතිකර බලු පොර ක්‍රමයක් යටතේ චන්දයෙන් තෝරාගත් මන්ත්‍රීලා කියා පංචස්කන්‌ධ ‌ගොඩවල් උඩ සිට පහලටම ගොඩගසා ගෙන දැන් සිදුවන්නේ පුදුමම ගේම් එකකි. කඹ තරම් ගනකම පිටිත් නූල් අතේ ගැටගසා ගෙන සිංහල බෞධයින් රවටා චන්දය දිනා ගන්නා මුන් සිංහල බෞද්ධයා වෙනුවෙන් වචනයක් වත කතා නොකරන්නේ දෙමළ හා මුස්ලිම් චන්ද නැතිවේය යන භයටය. ඉංග්‍රීසි බැරි මේ දේශපාලක කළු සුද්දෝ තම දූ දරුවන් පිටරට යවා ඉංග්‍රීසි කට ගස්වා ගෙන  අළුත්‌ම කළු සුද්දන් කල්ලියක් ගොඩ නඟමින් සිටී. මේ නිසා අද සිදුවිය යුත්තේ ධර්‍මපාලතුමාගේ උපක්‍රමය අසරණවී මංමුලාවී සිටින මහජනයාට නැවත හඳුන්වා දී මේ අසාධාරණ, අයුක්ති සහගත, දේශපාලන පක්‍ෂ විසින් මහජනයා ගසාගෙනකන ක්‍රමයට විරුද්ධව මහජනයාගේ මනස වර්‍ධනය කිරීමය. එසේ නම් කල යුත්තේ, ලොකු කාඩ්බෝඩ් කෑල්ලක පඹයෙක් ඇඳ එහි කොල, නිල්, රතු පාට ගා එය ගේ අසල ලීයක හිටවා හෝ වැටේ අමුණා එයට පර මන්ත්‍රී! හොර මන්ත්‍රී! පර දේශපාලකයා! යනුවෙන් පරුෂ ලෙස බනිමින් දිනපතා උදේ හවස කෙළ ගැසීමය. මෙය කෝවිල් වලට ගොස් දෙස් දෙවුල් නඟා පොල් ගසනවාට වඩා කෙතරම් අගනේද?

9 Responses to “පර සුද්දා! පර සුද්දා! පර මන්ත්‍රී-පර කළු සුද්දා”

  1. S.Gonsal Says:

    ” කඹ තරම් ගනකම පිටිත් නූල් අතේ ගැටගසා ගෙන සිංහල බෞධයින් රවටා චන්දය දිනා ගන්නා මුන් සිංහල බෞද්ධයා වෙනුවෙන් වචනයක් වත කතා නොකරන්නේ දෙමළ හා මුස්ලිම් චන්ද නැතිවේය යන භයටය.”

    Let us wish just ONE substantial man ( not a man with Trump’s charater) will start talking TRUTH in the coming year, without FEAR, just like TRUMP.

  2. S.Gonsal Says:

    Actually, it is worse than Para Sudda’s time. පර සුද්දා did not do so much injustice as these පර කළු සුද්දාs doing. They did not break the country into 9 sections.

  3. Ananda-USA Says:

    Atthatama,

    “Mey yuddaya kisiseth dinnanata baha!”
    kiyala berihan dunney KALU SUDDO KALLIYA thamai!

    Than, eda esay kiyapu KALU SUDDO KALLIYA thamai ada apey rata paalanaya karanney!

    Mama Sinhala Bauddayek kiyana Ranil Wikunanasinghe hangila inna kristhiyani karaya thamai ada KALU SUDDO KALLIYA wenuwen apey maubima wanasanney!

    Munta hena gahanna oney!

  4. Christie Says:

    බටහිර ඉන්න ඉන්දියන් කාරයො තමයි ඔය කියන සුද්දන්ගෙ පස්සෙන් ඉන්නෙ. පොඩ්ඩක් ඉන්දියානු ගුබ්බෑයමික් පිටට ගිහිල්ල බලන්න සින්හල අපිට කෙලින්නෙ කවුද කියල. ක්ලින්ටන්ලට ඔබාමලට සල්ලි දෙන්නෙ කවුද?

    අමෙරිකාවේ හිටියට පේන්නෙ මෙහෙහිටපු සමාජවඩ ඉන්දියානු ගැතියෙක් වගෙයි. ඔව් අමෙරිකාවේ හිටියත් ඉතින් ඉන්දියන් කාරයොනෙ ඇසුරුකරන්නෙ.

  5. Christie Says:

    අපිට අද තිබෙන ගැටලුව පර සුද්දවත් කලුසුද්දවත් නොවේය.

    සුද්දාගේ පස්සලෙවකා පැමිනි ඉන්දියානු පරපෝසිතයන්ය.

    අද මෙහෙ ඇති සුද්දො මටනම් පේන්නෙ නැහැ.

    මට පේන්නෙ ඉන්දියානු පරපෝසිතයොයි උන්ට ගැතිකම්කරන සින්හලයොයි.

    ගාන්ඳි කියන්නේ කලුමිනිසුන්ව සූරා කෑ ලමා අපචාරකයෙකි.

    ඔහු කලු සූලු මිනිසුන් විනාස කිරීමට සුද්දන්ට උදව් කලේය.

    අද අපිට කෙලින්නේ සුද්ද හදපු ඉන්දියාවත් ඉuන් සමග ආ ඉන්දියානු පරපෝසිතයනුත්ය.

  6. Cerberus Says:

    මමත් ඔබ කියන සියලු දෙය ට එකග වනවා. මනුෂ්‍යන්ට කෑමට වඩා වුමමනා වන්නේ අභිමානයයි. මෛත්‍රී ඔහුගේ බලය තබා ගැනීමට රට විකුනන්න ලැහැස්ති වෙනවා. රනිල් ඉතාමත් නරක කෙනෙක්. ඔහු ඉවත් කරතොත් හුගක් ප්‍රශ්න විසදේ. ලංකාවට තෙරුවන් සරණ. මේ ප්‍රශ්න ගෙන ලියන සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.

    http://www.lankaweb.com/news/items/2015/12/24/it-is-the-sinhalese-who-need-protection-under-the-r2p-of-the-un-from-77-million-tamils-across-the-palk-straits/

  7. Cerberus Says:

    Hi Ananda-USA, I took what you had typed in English and input into Google tools. Here is what you typed in English alphabet translated into the Sinhala alphabet.

    ඇත්තටම,
    “මේ ය්ද්දය කිසිසේත් දින්නට බැහැ!” කියල බෙරියන් දුන්නෙය් කලු සුද්දෝ කල්ලිය තමය් !
    දැන් එදා එසේ කියපු කලු සුද්දෝ කල්ලිය තමය් අද අපේ රට පාලනය ක‍රන්නේ!
    මම සිංහල බෞද්දයෙක් කියන රනිල් විකුන්නාන්සේ හැංගිලා ඉන්න ක්‍රිස්තියානි කරය තමි අද කලු සුද්දෝ කල්ලිය වෙනුවෙන් අපේ මෞබිම වනසන්නේ!
    මුන්ට හෙන ගහන්න ඔනෙය්!

  8. Ananda-USA Says:

    Cerberus,

    Many thanks for converting my Singlish to Sinhala font!

    You made only one small mistake by translating Ranil Wikunanasinghe as Ranil Wikunansey!

    Wimal coined the name WIKUNANASINGHE for our diabolical PM because that is all he is doing: selling everything MR created at fire sale prices so he can pay for his boondoggles.

    Boondoggles like the GREAT CENTRAL BANK ROBBERY, doubling MP’s salaries and giving them Rs 100,000 per month, and giving them tax free import licenses for luxury SUVS that they turn around and sell to the highest bidder at exorbitant prices that include those unpaid taxes. Yamspalanaya increases taxes and gives their cronies a eay to PROFOT EVEN MORE from those increased taxes! This AMAZING list of ASTOUNDING CROOKERY is ENDLESS!

    THAT is why WIKUNANASINGHE is well suited to this used-car-dealer who literally selling everything valuable in the Sri Lanka that the people own to foreigners.

    1. Hambantota Port on 99++ year lease to China
    2. 15000 acres in Hambantota are to China
    2. Colombo Port Financial City to China
    3. Sri Lankan Airlines
    4. Trincomalee Oil Tank Farm to India
    5. Trincomalee port to the US/India?
    6. Ceylon Petroleum Corp to Indian OIC?
    7. Kankasanthurai Port to India?
    8. Mannar Island to Indian Hanuman Tunnel operators?
    9. Govt owned Tea Estates to unnamed foreign companies?
    10. Transport vehicle …cars, busses, trucks, and trains … industry try to India?
    11. New Residential and office building construction and ownership to Indian, Arab and Singaporean investors?

    Ad infinitum, Ad nauseam!

    What will we “sovereign” Sri Lankans have left? Nothing …. not even our beaches!

    When we don’t own our own motherland, sovereignty becomes MEANINGLESS! Our poor people who look to the leaders they educated with their taxes will be left defenceless, and they will curse of of us who failed to protect their ancestral legacy from carpet baggers like RANIL WIKUNSNASINGHE and his gang of Yamapalanaya CON-ARTISTES!

  9. S.Gonsal Says:

    SUcessive governements have neglected the fact that the land around coastline is 90% owned by foriegn nationals. These foreign nationals even stay there forever after registering land ownership under ” local” names. They can easily get teir VISA extended by bribing politicians/officials affiliciations running these rackets.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress