බොදු බල සේනා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් – විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?
Posted on December 30th, 2016

2016 දෙසැම්බර් 29

බොදු බල සේනා
44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ 1

ගරු ජනාධිපතිතුමනි,

මාතෘකාව: විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?

විලපත්තුව ඇතුළු අප රටේ සිදු වන පරිසර හා වන විනාශයන් පිළිබඳව බොදු බල සේනා මහින්ද රාජපක්ෂ යුගයේදීත්, ඔබගේ යුගයේදීත් ඉතාම ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් මැදිහත් වීම් කල බව ඔබට පැහැදිලි බව අපි දනිමු. රාජපක්ෂ යුගයේ දී වැඩි වශයෙන් ආරම්භ වූ විලපත්තු වන විනාශය පිලිබඳ අප කල සටන බොහෝ දෙනා දන්නා වුවද ඉන් කරුණු 10 ක් මේ සමග සැකෙවින් ඉදිරිපත් කරමු.

(1)  2014 ජනවාරි  මස – විනාශය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව හා වීඩියෝ කිරීම

විල්පත්තු වන විනාශය පිලිබඳ තොරතුරු සෙවීම හා පෞද්ගලිකවම එම ප්‍රදේශ වලට ගොස්  එම දර්ශන වීඩියෝ  කිරීම

(2)  2014 මාර්තු 20  -මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

විෂය :   විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ  ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණ   පිලිබඳ  මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

(3) 2014 අප්‍රියෙල්  1 – මාධ්‍ය සාකච්ජාව හා මාධ්‍ය නිවේදනය

විෂය :   විල්පත්තු විනාශකාරී අපරාධය,රජයේ අවසර, නිහැඩියාව හා අපේ ගමන් මග

(4)  2014 මාර්තු සිට 2014 අවසානය දක්වා විවිධ අවස්ථාවල දී  ජනාධිපතිවරයා දැනුවත් කිරීම

විල්පත්තු වන විනාශය පිලිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුවත් කිරීම

6) 2014 අප්‍රියෙල්  8  – නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරය

විල්පත්තු ආරක්ෂිත වනාන්තර විනාශය පිලිබඳ නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරයක්

(7)  2015 මාර්තු  31  – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” – සොබාදහම රැකගැනීම , විල්පත්තු විනාශකාරී අපරාධය, පසුගිය රජයේ  නිහැඩියාව හා යහපාලන

රජයේ රැකවරණ

(8) 2015 ජුනි 29 –  ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : විලපත්තු ආශ්රිමත වන විනාශයට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගැනීම හා විල්පත්තුවේ ආරක්ෂාවට ත්‍රිවිධ  හමුදාව යෙදවීම.

(9)  2015 දෙසැම්බර් 23 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : පරිසර හානිය වැලක්වීමට ත්රි විධ හමුදාව යෙදවීම – බොදු බල සේනා යෝජනාව ක්රිnයාත්මක කිරීම ගැන ස්තුතිය

10) 2016 ජුනි 29 – ජනාධිපතිවරයා දැනුවත් කිරීම

මාතෘකාව : පරිසරය හා ස්වභාවික සම්පත් විනාශ කිරීම මහා පරිමාණ මුල්යට වංචා වලට වඩා දහස්         ගුණයකින් වන භයානක අපරාධ නිසා පරිසරය හා

ස්වභාවික සම්පත් සුරැකීම විමර්ශනයට කොමිසමක් පත් කිරීම

(වැඩි විස්තර ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර ඇත.)

අදටත් මෙම විනාශය සිදුවන බව මාධ්‍ය ප්‍රකාශ කර සිටී. මෙය ඉතා භයානක තත්වයකි. රටේ නීතිය අවභාවිතයකි

මෙවන් පසුබිමක , පරිසරවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශව රාශියක් සටන් කරද්දී අගමැති තුමා, විපක්ෂ නායක තුමා , ඇමතිවරු, මන්ත්‍රීවරු, හා විශේෂයෙන් හිටපු ජනාධිපතිතුමා ඇතුළු පාර්ශව ගොළුවන් හා බිහිරන් සේ බලා සිටින්නේ යම් දිනක ඉන්දියාව හෝ චීනය හෝ ඇමරිකාව මෙම ගැටලුව විසදීමට කඳවුරු බඳින අවස්ථාව වන තෙක් ද යන්න අපට සැක සහිතය. තමන්ගේ බලය උදෙසා මෙම වන පාලුවන් පාර්ලිමේන්තු බලය උදෙසා තරාදියේ සිය පැත්තට දමා ගැනීමට බලා සිටින නරි රැලක් ලෙස අපට මෙම නායකයින් දිස් වීම ජාතියේම අවාසනාවකි.

අද අපට ඉතිරිව ඇති විකල්ප දෙකකි. එකක් නම් ඔබගෙන් මෙලෙස විමසීමය….

        විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?

මේ මාතෘකාව පිලිබඳ සාකච්චා කිරීමට වහාම අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

නැතහොත් දෙවන විකල්පය ක්‍රියාත්මක කිරීමට අපට බලකරනු ඇත,

ස්තුතියි

තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන  විධායක නිලධාරී- බොදු බල සේනා
සභාපති- බොදු ජන පෙරමුණ
0773218677
dilanthew@gmail.com

…………………………………………………………………………………………………………………………..

ඇමුණුම

විල්පත්තු වන විනාශයට එරෙහිව  2014 සිට මේ  දක්වා බොදු බල සේනා ගනු ලබූ යම් උත්සාහ පිලිබඳ මෙහි සැකෙවින් දක්වා ඇත.

………………………………………………………………………………………………………………………….

1)  2014 ජනවාරි

විල්පත්තු වන විනාශය පිලිබඳ තොරතුරු සෙවීම හා පෞද්ගලිකවම ගොස්  එම දර්ශන වීඩියෝ  කිරීම

………………………………………………………………………………………………………………………………………..

2)  2014 මාර්තු 20  බ්‍රහස්පතින්දා

විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණ  පිලිබඳ මාධ්‍ය සාකච්ජාව –

මාධ්‍ය සාකච්ජාව –

රිෂාර්ඩ් බදුර්දීන් විසින් සිදු කරන   විල්පත්තු අභය භුමිය වැනසීම හා ඉඩම් මංකොල්ලය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණ  පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය  හමුවක් පැවැත්වෙන අතර ඒ සඳහා   ඔබ ආයතනයේ මාධ්‍යවේදියකු සහභාගී කරවන ලෙස කාරුණිකව දැනුම් දෙමු.

දිනය                 :           2014 මාර්තු 20  බ්‍රහස්පතින්දා

වෙලාව             :           දවල් 1  ට

ස්ථානය            :           කිරුලපන බොදු බල සේනා මෙහෙයුම් කාර්යාලය

A Special  Media Briefing will be held to expose the destruction of Wilpaththu Sanctuary , Land Robbery by Rishard Badurdeen  and   conspiracy to capture Coastal Belt of Sri Lanka by Muslim Extremists.

Date           :               Thursday 20 March 2014

Time           :               1 pm

Venue         :               Bodu Bala Sena _ Center for National  Operations- Kirulapana.

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 මාර්තු 20

විෂය : ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීම හරහා විල්පත්තු වනයට සිදු විය හැකි හානි කර තත්වය හා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කලයුතු සමාජයක වෙනම  මුස්ලිම් කලාප ඇති කරමින් මුස්ලිම් ගම්මාන ඇති කිරීම

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල නිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස  සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා  මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

රටේ බොහෝ අංශ වලට මෙන්ම අවතැන් වුවන් පදිංචි කිරීම සඳහා නිසි  ක්‍රමවේදයක් තිබිය යුතුයි. උපායමාර්ගික සැලැස්මක් රටට තිබිය යුතුයි. එසේ නොමැති වීම තුල එක එක පුද්ගලයින් තමන්ට ඕනෑ දේවල කිරීමට යාම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් යනු මේ රටේ කර්මාන්ත ඇමැතිවරයාය. ඔහු මැදපෙරදිග රටවලට ගොස් මුස්ලිම් වරුන් සඳහා පමණක් නිවාස සැදීමට එම රටවල රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම් ඇති කරගැනීම පොදුවේ රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවක් ලෙස අපි දකිමු.

අවතැන්වූවන්ට නිවාස ලබා දිය යුතුය. ඔවුන්ගේ ජනවාර්ගික හා ආගමික පදනම් ගැන නොසලකා  ඔවුන්ට වහාම පහසුකම් සැලසිය යුතුය. නිදහසින් පසු හැම පාලනයක්ම කලේ විදේශ රටවල ඩොලර් වලට අනුව ඕනෑම කෙනෙකුට නිසි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසමින් දියාරුව කටයුතු කිරීමයි. සුනාමියෙන් පසුවද  එය අපි පැහැදිලිව දුටුවෙමු. අදද එය සිදු වීම කණගාටුවට කරුණකි.

යුද්ධයෙන් පසුව කලයුතු වන්නේ සියලු පාර්ශව සමග කතා බස් කොට විශ්වාශය ඇති වන ලෙස හා සහයෝගිතාවය ඇතිවන ලෙස සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරනු ලබන යලි පදිංචි කිරීමක් සිදු කිරීමය.

එහෙත්

මෙලෙස නව මුස්ලිම් ගම්මාන ඉදි කිරීම අනාගත අර්බුධයක මූලාරම්භයක්ද ,

එය සමාජ ඒකාබද්ධතාව පිලිබඳ ප්‍රතිපත්තියට එකඟ ද?,

ඔවුන් අනාථ වී ඇත්නම් ඔවුන්ගේ මුල් ගම්බිම් මොනවද?

ඔවුන්ට දීම සඳහා විලපත්තු අභය භුමිය විනාශ කිරීම කල හැකිද?.

ඒ සඳහා අවසර ලබා දීම කල හැකිද

අවසර දුන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පරිසර ඇමති මේ සම්බන්දයෙන් නිහඩ ද ?

ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම් ඇමතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද?

පරිසර රාජ්‍ය නොවන සංවිධාන නිහඩ ඇයි?

මේ සඳහා රජයට මුදල් ලැබුනේද?

රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කල පසු එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයකට ලැබුනේද?

එසේ නම් එය රාජ්‍ය මුල්‍ය විනයට පටහැනි නොවේද?

ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය  ඇල්ලීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව හා ඒ පිලිබඳ සාකච්චා කිහිපයක් රටතුලත් , ජාත්‍යන්තරවත් තිබු බවට අපට ලැබුණු වාර්තා අනුව පුත්තලම්- මන්නාරම් මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය මෙහිදී මෙම සැලැස්ම අනුව සිදු වන්නේද හා එය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය ආරක්ෂාවට භයානක තර්ජනයක් තිබෙන බවද ?

යන කරුණු ගැන අප සොයා බැලිය යුතුය.

මෙම ගිවිසුම් පිලිබඳ තොරතුරු ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල  දැකිය නොහැකි වුවද පහත මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි වල දැකිය හැක.

http://www.jassimcharity.net/?ref=24&news=5

http://www.jassimcharity.net/?ref=24&news=12

(මෙම වෙබ් අඩවිය අපගේ හෙලිදරුව් කිරීම් වලින් පසුව ඉවත් කර ගෙන ඇත)

මෙම නිවේදනය මුස්ලිම් වරුන් හෝ අප රටට උපකාර කරන පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහි වීමක් නොවන අතර අපගේ රටේ අන්තවාදීන්ගේ හා රජයේ වැරදි ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධීකරනය පිලිබඳ අර්බුධයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරමු.

http://www.jassimcharity.net/?ref=24&news=5

The Foundation signed by Sheikh Jassim bin Jabor Charitable Foundation Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” and Sheikh Eid bin Mohammed Charity Memorandum of Understanding to support the Muslims of Sri Lanka, during the press conference which was held at the Sheikh Eid Charity Foundation last Thursday. Where the agreement was signed by the Sheikh Jassim bin Jabr Mr. Saeed Al Hajri, Chief Executive and the Sheikh Thani bin Abdullah for Humanitarian Services “Ruff” Mr. Ayed Al-Qahtani Chairman of the Board of Trustees Director General and Sheikh Eid bin Mohammed Charity Mr. Ali Al-Hajri member of the Board of Trustees Chairman of project management.

Following the signing, Mr. Saeed Al Hajri said that this project comes within the framework of close cooperation between charities in Qatar, where the features of this fruitful cooperation, especially in the Comoros, which is currently undertaken by national charities.

He pointed out that the story of this initiative comes after the end of the civil war in Sri Lanka, causing the displacement of many Muslims who are suffering; where do not find houses to protect them the free and protected from the cold, as well as suffering health and lack of medical clinics, schools and other necessities of infrastructure .

He pointed out that His Excellency Sheikh Nawaf bin Jassim bin Jabor Al Thani, Deputy Chairman of the Sheikh Jassim bin Jabor Charitableface to save the Muslims of Sri Lanka in collaboration with other charities country, responded by both the festival and Ruff and began an exploratory trip to the need of the Muslims there, the study of reality, and today This response Ntoj signed a memorandum of understanding for cooperation between us.

He noted that the projects set up there a few from the Gulf states, where the village of Al Qasimi, the thousand homes and 42 homes have constructed a Kuwaiti charity. He said through this agreement we intend to build more than two thousand houses of the Muslims, come the first phase of the Sheikh Jassim construction of 200 houses with an area fifty meters square, where the housing consists of single rooms and a kitchen and bathroom will accommodate from five to seven members.

He noted in this aspect that the government Sri Lankan signed with the Sheikh Jassim bin Jabr agreement for the provision of infrastructure such as roads, transport, water, electricity, and have the land to its inhabitants, where he was given the individual four thousand square meters, up-growing and living, was further agreed to issue title deeds to users. And the cost of building housing Al-Hajri said: housing costs the equivalent of twenty-one thousand riyals, and the mosque, the cost starts from fifty thousand riyals. He thanked Sheikh Eid Al-Hajri and the Foundation shall, and wished to increase coordination to maximize the benefit, God willing.

For his part, eighth, Mr. Ayed Al-Qahtani initiative, thanking the Sheikh Jassim and Sheikh Eid Charity and noting that this project is waiting for nearly 50 thousand Muslims displaced people in Sri Lanka, and not have the most basic necessities of life, and called upon Muslims and good people to pay attention to these Muslims displaced, Muslim to Muslim Kalpnian pull each other. The Al-Qahtani to the charities of country are now working with joint efforts, preceded by studies of deep, underlying the specialists in all areas, not only its best only on relief, but also to development projects and construction and renaissance of Muslims all over the world, and this comes under the keen leadership Qatar to promote good human beings and encourage them to provide a helping hand to the needy, and this is the one who enhanced the role of Qatar regionally and internationally, where it is giving people appreciate this and explained that the Rav would start building 100 houses as a first stage.

Mr Ali Al-Hajri member of the Board of Trustees Foundation Sheikh Eid Charity, welcomed the guests during the press conference, praising the initiative of the Sheikh Jassim charitable, pointing out that the Sheikh Eid will build 100 houses also in the first phase, and that this cooperation will continue, especially after the experience has shown that the joint coordination in charitable work gives a great benefit.

http://www.jassimcharity.net/?ref=24&news=12

Based on the directives of HE Sheikh Hamad bin Jassim Chairman Sheikh Jassim Charitable Foundation

HE Sheikh / Nawaf bin Jassim bin Jabr Al-Thani signed a memorandum of understanding to develop a residential villages in Sri Lanka, including the construction of homes, facilities and services at a cost of an initial $ 7 million Qatari riyals.

Signed the Sheikh Jassim bin Jabor Al Thani Charity evening on Wednesday, March 21, 2012 Memorandum of Understanding for the development of village housing typical of several other projects will be assessed by the institution for the development of four other villages estimated at a cost of 7 million Qatari riyals in addition to the infrastructure in the area Marashkada – County Manar 220 km almost north-west of the capital Colombo, Sri Lanka.

The MoU was signed by HE Sheikh / Nawaf bin Jassim bin Jabr Al-Thani – Vice Chairman of the Board representing the charity and HE Minister / Rashad Bdodin Minister of Trade and Industry representatives from the Sri Lankan government, attended the signing ceremony of the memorandum by HE / s. Khan, Secretary and Deputy Head of Mission, Embassy of the Republic of Sri Lanka in Doha and Mr. / Mohamed Ahmed Al Hail – Member of the Board of Directors and Chairman of the Executive Committee, and Mr. / happy reminder Hajri, Chief Executive of the Foundation, also attended by the Chancellor / Fri Kaabi, Counselor / Anas Almirstana from the Office of Gulf Consulting legal, who conducted the preparation and review memorandum of understanding of legal terms.

Following the signing of the memorandum, said His Excellency Sheikh / Nawaf that this project comes under the direction of His Excellency Sheikh Hamad bin Jassem bin Jabor Al Thani – Chairman of the Board of Directors and a confirmation of His Excellency to activate the role of the charitable and humanitarian relief to the rescue of distress and the distress and the development of societies in all countries of the world without distinction of race or sex, through its bid acclaimed both internal and external.

The Chairman stated that the construction of residential villages in Sri Lanka aims to pave the way for the provision of adequate shelter for more than 20,000 people who have been affected by civil war.

He also added that Sheikh Jassim Charity Foundation will finance the entire project and through joint cooperation with the Sri Lankan government, represented in more than one ministry on this matter, also stressed his delight that under this agreement will work immediately to begin the implementation of the project.

In turn, Mr. / Rashad Bdodin Minister of Trade and Industry of Sri Lanka expressed his sincere thanks and the thanks of his country to His Highness the Emir Sheikh Hamad bin Khalifa Al-Thani and HE Sheikh Hamad bin Jassem bin Jabor Al Thani Prime Minister and Foreign Minister and Chairman of the Sheikh Jassim charity and his deputy Sheikh Nawaf bin Jassim bin Jabr Al-Thani for the continued support and to implement the project village housing and in collaboration with the Sri Lankan government, and expressed pride and appreciation for the constructive role played by the institution in the service and community development through its bid acclaimed in all fields, hoping to God Almighty for the institution time to help and guide.

HE the Minister of Sri Lanka that there are more than 40,000 people were forced to flee from their villages during the civil warthat raged between the Sri Lankan government and the LTTE, which lasted for more than 25 years, and that these displaced people in need of sincere efforts from home and abroad to contribute to changing their current situation, and what The State of Qatar took it upon themselves to help people and countries that suffer misery and poverty, we have requested that to charities Qatar a leading role in the provision of such charity projects for those affected, thank God, the response of the Sheikh Jassim Charity quick and practical at the same time.

On the other hand, Mr. / Saeed Al Hajri, Chief Executive that the management of the institution has sent a delegation of the Sheikh Jassim charity to do the work of a field study and the technical area Marashkada Province Mannar north west of the capital Colombo, the delegation presented a comprehensive report and detailed on the situation of displaced people in this region and neighboring areas and the extent feasibility of the project residential villages for them, where it became clear the extent of damage suffered by those affected as caused wars in the demolition of about two thousand homes and displaced more than 20 thousand families suffer from the difficulty of living and housing in tents, shelters that do not protect them harsh winter and the summer heat, and it was necessary for us to move to their rescue and said Guterres and bring them back to their normal lives safe.

The Chief Executive explained that the draft residential villages will be implemented on an area of over 100,000 square meters with approximately 150 residential units are sufficient to provide adequate housing for families displaced to the other side of the land area of not less than 500 square meters will be customized for each family …

Hajri stressed that it was agreed with the Sri Lankan government on several things, including:

– Implementation of infrastructure projects for the village such as electricity, water and paving roads, building schools and health centers and the role of worship and provide all other services in parallel with the time to start implementing the project.

– Distribution of housing units to the affected population in all transparency and without any suspicion or personal interests.

– The distribution of plots of land suitable for agriculture within the unit allocated to the affected population to take advantage of the physical return after planting. – Form a joint committee from both sides to oversee and monitor the implementation of the project.

– Provide all the facilities and procedures which may require the project.

He Hajri that will send a delegation from the Foundation during the coming period to Sri Lanka to start taking special procedures for the work of tender, including the first category of contractors working in the building and construction industry in Sri Lanka and in accordance with the policies and procedures in the management of the enterprise, concluded Mr. Al-Hajri speech that executive management will to be completed by the village residential project within a year and a half at the latest

………………………………………………………………………………………………………………………

3) 2014 අප්‍රියෙල් 1

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා – 2014 අප්‍රියෙල් 1

විෂය : විල්පත්තු විනාශකාරී අපරාධය,රජයේ අවසරනිහැඩියාව හා අපේ ගමන් මග

ශ්‍රී ලංකාවට පාරිසරික වශයෙනුත්, පුරාවිද්‍යාත්මක වශයෙනුත්, ආරක්ෂක කටයුතු පිලිබඳ උපායමාර්ගික වශයෙනුත් අතිශය වැදගත් විල්පත්තු වනය හා ඒ අවට ආරක්‍ෂිත වන ප්‍රදේශය විනාශ කරමින් සිටියදී , එය මාස ගණනක් සිදු වෙමින් තිබියදී රජය හා වගකිවයුතු අංශ නිහඩව කටයුතු කිරීම අතිශය භයානක තත්වයකි.

තත්වය එසේ තිබියදී 2014 මාර්තු මස 20 දින අප මේ පිලිබඳ ව හෙළි කලේ තවදුරටත් මේ ගැන නිහඩව සිටිය නොහැකි නිසාය.

අප මේ ගැන උනන්දු වන්නේ ඉහත කරුණු වලට අමතරව විල්පත්තු වනය යනු ශ්‍රී ලංකාවේ ආදී ජනාවාස තිබු බවට හා විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන පවා තිබු බවට ජීවමාන සාක්ෂි අප සතුව තිබෙන බැවිනි.  එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම ප්‍රසිද්ධියේ පුපුරුවා හරින ලද අන්තවාදීන්ට මෙම මුලාශ්‍රයන් විනාශ කිරීම පහසුවෙන් කල හැකි බැවිනි.

මාස ගණනක් යන තුරු මෙම අපරාධය සිදු කිරීම මාධ්‍ය වලට අසු නොවින. පරිසර සංවිධාන වලට අසු නොවින. රජයේ නිලධාරීන්ට අසු නොවින. දේශපාලකයින්ට අසු නොවින. ආරක්ෂක අංශ වලට අසු නොවින. මෙය මහත් අරුමයකි. පුදුමයකි.

එකක් පැහැදිලිය. එනම් විල්පත්තුව විනාශ කරන බවය. අපගේ හෙලිදරුවව නිසා දැන් බොහෝ දෙනාගේ  දෙනෙත් විවර වෙමින් පවතී. තව බොහෝ දෙනා තවම නිදා ගෙන සිටී.

අපට දැන් ජනතාවගේ බදු මුදල් වලින් කටයුතු කරන ජනතාවට වගකිවන පාර්ශව කිහිපයකින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

විල්පත්තු වල සිදුවන විනාශකාරී අපරාධ ගැන

1)      ජනාධිපති කාර්යාලය නිහඩ ඇයි?

2)      බෞද්ධ පුරාවස්තු විනාශයට මග පාදමින් සිටියදී බුද්ධ ශාසනය බාර අගමැති වරයා නිහඩ ඇයි?

3)      සංචාරක කර්මාන්තයට බලපාන මේ සිද්ධියට ආර්ථික සංවර්ධන ඇමතිවරයා නිහඩ ඇයි?

4)      මෙම අපරාධය සිදු වෙනකම් මාස ගනනක්  වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා නිහඩව කටයුතු කලේ ඇයි?. වන විනාශයට අවසර දුන්නේ ඇයි?

5)      පරිසරය විනාශ වෙද්දී පරිසර ඇමති වරයා නිහඩ ඇයි? මෙම වන විනාශයට පාරිසරික බලපෑම් ඇගයීම් අවසර (EIA) ලබා දුන්නේ ඇයි?

6)      පුරා විද්‍යාවට  බලපාන කරුණු මෙසේ වෙද්දී ජාතික උරුමයන් භාර ඇමති වරයා නිහඩ ඇයි?. පුරාවිද්‍යා අවසරය ලබා දුන්නේ ඇයි?

7)      පොලිස්පති වරයා, හමුදාපති වරයා, ගුවන් හමුදාපතිවරයා, හා විශේෂයෙන් නාවික හමුදාපතිවරයා යටතේ වූ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වුනේ නැත්තේ ඇයි?

8)      නිවාස ඉදී වෙද්දී නිවාස ඇමති වරයා නිහඩ ඇයි? . විවෘත කරන්න යන්නේ නැද්ද?

9)      පල්ලි ඉදි කිරීමට බුද්ධ ශාසන ලේකම් වරයා අවසර දුන්නේ ඇයි.?

10)  සමාජ ඒකාබද්ධතාවට හානි වෙමින් නැවත පදිංචි කරවීම සඳහා එක් ආගමික කණ්ඩායමක් පමණක් ඉලක්ක කොට කටයුතු කිරීමේදී භාෂා නීති උල්ලංඝනය කරද්දී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමති වරයා නිහඩ ඇයි?

11)  මෙම ප්‍රදේශ භාර දිසාපතිවරයා හා අදාල ප්‍රාදේශීය ලේකම් වරු වන විනාශයට අවසර දුන්නේ ඇයි? නිවාස හා මාර්ග ඉදි කිරීමට අවසර දුන්නේ ඇයි?

12)   උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා මේ ප්‍රදේශ තමන් යටතේ තිබෙන බව දන්නවද?

13)  උතුරු පළාතේ මහා ඇමති වරයා මේ ප්‍රදේශ තම බල ප්‍රදේශ යටතේ තිබෙන බව දන්නවද?

14)  කටාර් රටේ රාජ්‍ය  නොවන සංවිධානයක් සමග රජයේ ඇමතිවරයකුට ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අවසර ලබා දුන්නේ ඇයි?

15)  කටාර් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට මෙම කටයුතු වලට සහභාගී වීමට විදේශ ඇමතිවරයා අවසර දුන්නේ ඇයි?

16)  කටාර් රටේ සිට මෙම මුදල් රජයේ ඇමතිවරයකු හා තානාපති කාර්යාලයක් විසින් ගිවිසුම් අත්සන් කල පසු එම මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

17)  මෙම ඉදිකිරීම් සිදු කිරීම් සඳහා ලැබුණු මුදල් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දෙමින් රාජ්‍ය මුලය රෙගුලාසි කැඩීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

18)  මෙම කටයුතු සිදු වෙද්දී රජයේ විගණකාධිපති වරයා නිහඩ ඇයි?

19)  ජාසිම් සිටි නමින් අරාබි නායකයින්ගේ නමින් පැරණි බෞද්ධ පුරාවිද්‍යාත්මක භුමි වල නගර ඉදිවෙද්දී නාගරික සංවර්ධන අධිකාරිය හෝ  ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා ඒ සඳහා අවසර දුන්නේ ඇයි?

20)  මෙම කටයුතු අනාගතයෙදී  ජාත්‍යන්තර ආරක්ෂාවට පවා ගැටළුවක් වෙමින් පවතින් විටක රජයේ බුද්ධි අංශ මේ ගැන නොදන්නවාද?

21)  මෙම විනාශයන් සිදු වෙද්දී පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභා, හා විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කාර්යභාරය කුමක් ද? විපක්ෂ නායක වරයා මේ ගැන ප්‍රකාශයක් නොකරන්නේ මන්ද?

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමල සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ  වල ස්ථාවරය කුමක්ද?

චන්ද්‍රීකා කුමාරණතුංග මහත්මියගේ දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන වල ස්ථාවරය කුමක්දැ? යන්න ගැනත් ජනතාව උනන්දුවෙන් සිටින බව තවදුරටත් ප්‍රකාශ කරමු .

මෙයට අමතර මේ ගැන තව වගකිව යුතු අය බොහෝය. මේ ගැන අදාල සියලු පාර්ශව සතියක් ඇතුලත  නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප අපගේ ප්‍රතිචාරය හා ගමන්මග ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. එවිට අපරාධකරුවන්ට හා නිහඩව සිට අපරාධ කරන්නන්ට ජනතාව මෙන්ම ස්වභාව ධර්මය හා යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා අප පෙරමුණ ගන්නෙමු.

http://yourlisten.com/bbspuwath/idam-mankollaya

http://yourlisten.com/bbspuwath/idam-mankollaya-dilanthe

…………………………………………………………………………………………………………………………………………

4) විල්පත්තු වන විනාශය පිලිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් දැනුවත් කිරීම

………………………………………………………………………………………………………………………………………

5) 2014 අප්‍රියෙල් 1

මාධ්‍ය සාකච්ජාව

http://yourlisten.com/bbspuwath/dilanthe-withanage-20140401

http://yourlisten.com/bbspuwath/drchamila-liyanage-20140401

http://yourlisten.com/bbspuwath/wilpaththu-201404011

මාධ්‍ය නිවේදනය- බොදු බල සේනා –

විෂය : විල්පත්තු විනාශකාරී අපරාධය,රජයේ අවසර, නිහැඩියාව හා අපේ ගමන් මග

ශ්‍රී ලංකාවට පාරිසරික වශයෙනුත්, පුරාවිද්‍යාත්මක වශයෙනුත්, ආරක්ෂක කටයුතු පිලිබඳ උපායමාර්ගික වශයෙනුත් අතිශය වැදගත්විල්පත්තු වනය හා ඒ අවට ආරක්‍ෂිත වන ප්‍රදේශය විනාශ කරමින් සිටියදී , එය මාස ගණනක් සිදු වෙමින් තිබියදී රජය හා වගකිවයුතු අංශ නිහඩව කටයුතු කිරීම අතිශය භයානක තත්වයකි.

තත්වය එසේ තිබියදී 2014 මාර්තු මස 20 දින අප මේ පිලිබඳ ව හෙළි කලේ තවදුරටත් මේ ගැන නිහඩව සිටිය නොහැකි නිසාය.

අප මේ ගැන උනන්දු වන්නේ ඉහත කරුණු වලට අමතරව විල්පත්තු වනය යනු ශ්‍රී ලංකාවේ ආදී ජනාවාස තිබු බවට හා විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන පවා තිබු බවට ජීවමාන සාක්ෂි අප සතුව තිබෙන බැවිනි.  එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම ප්‍රසිද්ධියේ පුපුරුවා හරින ලද අන්තවාදීන්ට මෙම මුලාශ්‍රයන් විනාශ කිරීම පහසුවෙන් කල හැකි බැවිනි.

මාස ගණනක් යන තුරු මෙම අපරාධය සිදු කිරීම මාධ්‍ය වලට අසු නොවින. පරිසර සංවිධාන වලට අසු නොවින. රජයේ නිලධාරීන්ට අසු නොවින. දේශපාලකයින්ට අසු නොවින. ආරක්ෂක අංශ වලට අසු නොවින. මෙය මහත් අරුමයකි. පුදුමයකි.

එකක් පැහැදිලිය. එනම් විල්පත්තුව විනාශ කරන බවය. අපගේ හෙලිදරුවව නිසා දැන් බොහෝ දෙනාගේ  දෙනෙත් විවර වෙමින් පවතී. තව බොහෝ දෙනා තවම නිදා ගෙන සිටී.

අපට දැන් ජනතාවගේ බදු මුදල් වලින් කටයුතු කරන ජනතාවට වගකිවන පාර්ශව කිහිපයකින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

විල්පත්තු වල සිදුවන විනාශකාරී අපරාධ ගැන

1)      ජනාධිපති කාර්යාලය නිහඩ ඇයි?

2)      බෞද්ධ පුරාවස්තු විනාශයට මග පාදමින් සිටියදී බුද්ධ ශාසනය බාර අගමැති වරයා නිහඩ ඇයි?

3)      සංචාරක කර්මාන්තයට බලපාන මේ සිද්ධියට ආර්ථික සංවර්ධන ඇමතිවරයා නිහඩ ඇයි?

4)      මෙම අපරාධය සිදු වෙනකම් මාස ගනනක්  වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා නිහඩව කටයුතු කලේ ඇයි?. වන විනාශයට අවසර දුන්නේ ඇයි?

5)      පරිසරය විනාශ වෙද්දී පරිසර ඇමති වරයා නිහඩ ඇයි? මෙම වන විනාශයට පාරිසරික බලපෑම් ඇගයීම් අවසර (EIA) ලබා දුන්නේ ඇයි?

6)      පුරා විද්‍යාවට  බලපාන කරුණු මෙසේ වෙද්දී ජාතික උරුමයන් භාර ඇමති වරයා නිහඩ ඇයි?. පුරාවිද්‍යා අවසරය ලබා දුන්නේ ඇයි?

7)      පොලිස්පති වරයා, හමුදාපති වරයා, ගුවන් හමුදාපතිවරයා, හා විශේෂයෙන් නාවික හමුදාපතිවරයා යටතේ වූ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වුනේ නැත්තේ ඇයි?

8)      නිවාස ඉදී වෙද්දී නිවාස ඇමති වරයා නිහඩ ඇයි? . විවෘත කරන්න යන්නේ නැද්ද?

9)      පල්ලි ඉදි කිරීමට බුද්ධ ශාසන ලේකම් වරයා අවසර දුන්නේ ඇයි.?

10)  සමාජ ඒකාබද්ධතාවට හානි වෙමින් නැවත පදිංචි කරවීම සඳහා එක් ආගමික කණ්ඩායමක් පමණක් ඉලක්ක කොට කටයුතු කිරීමේදී භාෂා නීති උල්ලංඝනය කරද්දී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමති වරයා නිහඩ ඇයි?

11)  මෙම ප්‍රදේශ භාර දිසාපතිවරයා හා අදාල ප්‍රාදේශීය ලේකම් වරු වන විනාශයට අවසර දුන්නේ ඇයි? නිවාස හා මාර්ග ඉදි කිරීමට අවසර දුන්නේ ඇයි?

12)   උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා මේ ප්‍රදේශ තමන් යටතේ තිබෙන බව දන්නවද?

13)  උතුරු පළාතේ මහා ඇමති වරයා මේ ප්‍රදේශ තම බල ප්‍රදේශ යටතේ තිබෙන බව දන්නවද?

14)  කටාර් රටේ රාජ්‍ය  නොවන සංවිධානයක් සමග රජයේ ඇමතිවරයකුට ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අවසර ලබා දුන්නේ ඇයි?

15)  කටාර් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට මෙම කටයුතු වලට සහභාගී වීමට විදේශ ඇමතිවරයා අවසර දුන්නේ ඇයි?

16)  කටාර් රටේ සිට මෙම මුදල් රජයේ ඇමතිවරයකු හා තානාපති කාර්යාලයක් විසින් ගිවිසුම් අත්සන් කල පසු එම මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

17)  මෙම ඉදිකිරීම් සිදු කිරීම් සඳහා ලැබුණු මුදල් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දෙමින් රාජ්‍ය මුලය රෙගුලාසි කැඩීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා අවසර දුන්නේ ඇයි?

18)  මෙම කටයුතු සිදු වෙද්දී රජයේ විගණකාධිපති වරයා නිහඩ ඇයි?

19)  ජාසිම් සිටි නමින් අරාබි නායකයින්ගේ නමින් පැරණි බෞද්ධ පුරාවිද්‍යාත්මක භුමි වල නගර ඉදිවෙද්දී නාගරික සංවර්ධන අධිකාරිය හෝ  ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා ඒ සඳහා අවසර දුන්නේ ඇයි?

20)  මෙම කටයුතු අනාගතයෙදී  ජාත්‍යන්තර ආරක්ෂාවට පවා ගැටළුවක් වෙමින් පවතින් විටක රජයේ බුද්ධි අංශ මේ ගැන නොදන්නවාද?

21)  මෙම විනාශයන් සිදු වෙද්දී පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභා, හා විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කාර්යභාරය කුමක් ද? විපක්ෂ නායක වරයා මේ ගැන ප්‍රකාශයක් නොකරන්නේ මන්ද?

 

මෙයට අමතර මේ ගැන තව වගකිව යුතු අය බොහෝය. මේ ගැන අදාල සියලු පාර්ශව සතියක් ඇතුලත  නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප අපගේ ප්‍රතිචාරය හා ගමන්මග ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. එවිට අපරාධකරුවන්ට හා නිහඩව සිට අපරාධ කරන්නන්ට ජනතාව මෙන්ම ස්වභාව ධර්මය හා යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා අප පෙරමුණ ගන්නෙමු.

………………………………………………………………………………………………………………………………………..

6) 2014 අප්‍රියෙල් 8

විල්පත්තු ආරක්‍ෂිත වනාන්තර විනාශය පිලිබඳ නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරයක්

මෑතකදී මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු ආරක්‍ෂිත වනාන්තර විනාශය පිලිබඳ නිරීක්ෂණ හා අධ්‍යයන සංචාරයක් සිදු කිරීමට බොදු බල සේනා සංවිධානය කටයුතු යොදා ඇත. ඒ අනුව මධ්‍යවේදීන් , පරිසරවේදීන් හා විද්වතුන් පිරිසක් බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග 2014 අප්‍රියෙල් 8 අඟහරුවාදා උදේ 7 ට කිරුලපන බොදු බල සේනා කාරයාලයෙන් පිටත් වේ.

…………………………………………………………………………………………………………………………..

(7) 31 මාර්තු 2015

31 මාර්තු 2015

මෛත්‍රීපාල සිරිසේන මහතා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ .

ගරු ජනාධිපතිතුමනි,

මාතෘකාව : “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” – සොබාදහම රැකගැනීම විල්පත්තු විනාශකාරී අපරාධයපසුගිය රජයේ  නිහැඩියාව හා යහපාලන රජයේ රැකවරණ 

පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් “සොබාදහම රැකගැනීම” පිලිබඳ ව වූ ජනතා පොරොන්දු පිලිබඳ මුලින්ම අවධානය යොමු කරමු.

ඒ යටතේ පහත සඳහන් කරුණු සදහන් විය.

“සොබාදහම රැකගැනීම”

  •     වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැලැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැකගැනීම සඳහා තරාතිරම නොබලා සියලූ පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙමි. එහිදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සම්ප‍්‍රදායික ජීවනෝපායට අගතියක් නොවන පරිදි වන සංරක්ෂණය පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරනු ලැබේ.
  •         අප රටේ සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්‍ෂා කර ගැනීම හා ඒවායේ මායිම්වල සුරක්‍ෂිතබව පිළිබඳව වගබලා ගැනීම සඳහා කටයුතු කරන්නෙමි.
  •         පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.
  •         දැනට හානි සිදු වී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගෙන නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගන්නෙමි.
  •         සත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත නොබියව හා පක්‍ෂග‍්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමි.
  •         සංවර්ධන වැඩ සටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම.
  •         පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.
  •         වන ජීවීන්ගෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට එල්ලවන තර්ජන වැලැක්විම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරන්නෙමි. මෙහිදි දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලි තර්ජන කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැකසේ.
  •         නූතන පරිසර ගැටළුවලට මුහුණ දීමට හැකිවන ජාතික පරිසර ප‍්‍රතිපත්තියක් සම්පාදනය කරන්නෙමි. දේශගුණික විපර්යාසය නිසා සිදුවන නියඟය ලැව්ගිනි ගංවතුර නාය යෑම් සුළි සුළං කුණාටු සහ සමුද්‍ර ඛාදනය ආදී විවිධ වූ ආපදා සහ අනතුරු අවම කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ.
  •         අනතුරු අවමකර ගැනිමේ ක‍්‍රමෝපායන් නිර්මාණය කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ නියෝජිත ආයතන සමඟ ඵලදායි සබඳතාවයක් පවත්වාගෙන යෑමට හැකිවන පරිදි සෑම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විධිමත් ලෙස ස්ථාපිත කරන්නෙමි

මෙම කරුණු රටේ ජනතාවට අතිශය වැදගත් වූ පරිසරය සුරැකීම පිණිස ඉතා වැදගත් බව අප පිළිගනිමු. එලෙසම රටේ පරිසරය විනාශ කිරීම පිණිස කටයුතු කරන අපරාධකරුවන් සිටී නම් ඒ පිලිබඳ ව ඉතා ඉක්මනින් කටයුතු කිරීමේ, ඔවුන්ව හෙලිදරුව කිරීමේ , ඔවුන්ට නිසි දඬුවම් කිරීමේ හා මෙවැනි ජාතික අපරාධයන් නැවත සිදු වීමට ඇති ඉඩකඩ වලක්වාලීමේ  වැදගත්කමත් අපි අවධාරණය කරමු.

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම පාරිසරික මෙන්ම ආරක්ෂක අතින්ද වැදගත්වන සිංහල ජාතියට හා බෞද්ධයින්ට අතිශය වැදගත් වන “විල්පත්තු වන විනාශය” පිලිබඳ පසුගිය කාලය තුල බොදු බල සේනා විසින් කරනු ලැබූ අදහස් දැක්වීම් හා පැහැදිලි කිරීම් ඔබගේ අවධානයට යොමු කරමු. මේ හා සම්බන්ද මුලික පුද්ගලයා ඔබගේ රජයේ ඇමතිවරයෙක් හා ජාතික විධායක සභාවේ  සාමාජිකයකු බවත් ඔහුට එරෙහි පැමිණිලි කර ඇති බවත්, “සිරස” රුපවාහිනී නාලිකාවට අනුව මෙම පැමිණිලි ගැන කිසිදු පියවරක් නොගෙන ඇති බව දිනපතාම වගේ ප්‍රවෘත්ති මගින් දැනුම් දෙන නිසාත්,  මෛත්‍රී පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන “යහපාලනය” යටතේ මේ තත්වය නොගැලපෙන නිසාත් , විශේෂයෙන් පසුගිය මැතිවරණයේදී ඔබ විසින් ජනතාව ට ඉදිරිපත් කල “මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් ” නමින් වූ මැතිවරණ ප්‍රකාශනය හා විශේෂයෙන් “සොබාදහම රැකගැනීම” පිලිබඳ ව වූ ජනතා පොරොන්දු  වලට මෙම තත්වය නොගැලපෙන හා එම පොරොන්දු වලට  එරෙහිව සිදුවන අපරාධයක් නිසාත් , මේ පිලිබඳ ව බොදු බල සේනාවේ අවධානය යොමු වූ අතර ඒ අනුව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නායක හිමිවරින්ගේ උපදෙස් පරිදි මෙම ලිපිය මගින් ඒ සම්බන්ධව අපගේ අසතුට හා විරෝධය පල කිරීමට තීරණය කල අතර ඒ අනුව උක්ත තත්වය  ඔබගේ අවධානයට යොමු කරනු ලබන අතර මේ පිලිබඳ ඉක්මන් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරමු.

උක්ත කරුණ පිලිබඳ බොදු බල සේනා මාධ්‍ය ප්‍රකාශ ඇතුළු වැදගත් විය හැකි තොරතුරු මේ සමග ඉදිරිපත් කර ඇත.

ස්තුතියි,

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා

 

දුරකථන ,Viber :          0773218677

skype :                         dilanthe.withanage

email:                           dilanthe.withanage@gmail.com

………………………………………………………………………………………………………………………….

(8) 2015 ජුනි 29

———- Forwarded message ———-
From: Dilanthe Withanage <dilanthe.withanage@gmail.com>
Date: 2015-06-29 20:13 GMT+05:30
Subject: විලපත්තු ආශ්‍රිත වන විනාශයට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගැනීම හා විල්පත්තුවේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යෙදවීම.
To: “ps@presidentsoffice.lk” <ps@presidentsoffice.lk>, “Hon. Ranil Wickremasinghe Prime Minister of Sri Lanka” <wickremasinghe_r@parliament.lk>, info@police.lkinfo@army.lkinfo@navy.lkinfo@airforce.lk, “Mr. N. Rupasinghe, Secretary Ministry of Environment” <secretary@environmentmin.gov.lk>

2015 ජුනි 29

බොදු බල සේනා

44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

ජනාධිපති කාර්යාලය

කොළඹ 1

ගරු ජනාධිපතිතුමනි,

විලපත්තු ආශ්‍රිත වන විනාශයට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගැනීම හා විල්පත්තුවේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යෙදවීම.

උක්ත කරුණ සම්බන්දව 31 මාර්තු 2015 දින අප විසින් ඔබ වෙත එවන ලද ලිපිය හා බැඳේ .

මේ සම්බන්දව ඔබ විසින් යම් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දීම ගැන අපි සතුටු වුනෙමු. එහෙත් පහත දක්වා ඇති “සිරස” ප්‍රවෘත්ති වැඩ සටහනට අනුව ඔබගේ නියෝගද නොතකා එම වන විනාශය තව දුරටත් සිදුවන බව පැහැදිලිය. මෙම ප්‍රදේශයේ ඔබගේ රජයේ නීතිය ක්‍රියාත්මක නොවන බවක් ඒ අනුව පැහැදිලි වේ. මේ තත්වය ඉතාමත් භයානක වූ ප්‍රචණ්ඩ පාලන තත්වයක් ක්‍රියාත්මක වන තත්වයක් ලෙස අපි දකිමු.

http://newsfirst.lk/sinhala/2015/06/%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/

ඒ අනුව මෙම නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් හා අනුබල දෙන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, මෙම ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාකාරකම් ( වන විනාශය, අංක නොමැති වාහන යොදා ගැනීම, මාධ්‍ය වේදීන්ට බලපෑම් කිරීම) බහුලව සිදු වීම පාලනය කිරීමට පොලිසිය අපොහොසත් වන බවක් පෙනෙන නිසා ආරක්ෂක ඇමතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගෙන මෙම ප්‍රදේශය මෙම පරිසර විනාශකරන දේශපාලන ත්‍රස්තයින්ගෙන් බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම මැතිවරණ කාලයේදී මෙම අපරාධ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.

මෙම වන විනාශයට හා අපරාධ වලට මෙලෙස නිදහසේ ඉඩ ලබා දුන් පසුගිය රජයේ ක්‍රියාදාමයන් එලෙසම ඔබගේ රජයෙන්ද සිදු වන බව පෙනෙන අතර අනාගතයේදී රටේ සාමයට ඉතාමත් අහිතකර බලපෑමක් මෙමගින් සිදු විය හැකි බවට අප අනතුරු හඟවන අතර එහි වරද රාජපක්ෂ රජයට මෙන්ම සිරිසේන රජයටද දැරීමට සිදු වනු ඇත.

මෙවැනි අපරාධ සිදුවීම් වලදී පසුගිය රජය සමයේ හඬ නැගු නිදහස් මාධ්‍ය ව්‍යාපාර හා නීතිඥ සංගමය වැනි ආයතන නිහඩ පිළිවෙතක් ගැනීමද අතිශය කණගාටුදායක බව ප්‍රකාශ කරමු.

ස්තුතියි,

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී

බොදු බල සේනා

පිටපත,

 

අග්‍රාමාත්‍ය තුමා

පොලිස්පති තුමා

ත්‍රිවිධ හමුදාපති වරු

ලේකම්, පරිසර අමාත්‍යංශය

මාධ්‍ය ආයතන

………………………………………………………………………………………………………………………….

(9) 23 දෙසැම්බර් 2015

———- Forwarded message ———-

From: Dilanthe Withanage <dilanthe.withanage@gmail.com>
Date: 2015-12-23 7:54 GMT+05:30
Subject: පරිසර හානිය වැලක්වීමට ත්‍රිවිධ හමුදාව යෙදවීම – බොදු බල සේනා යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ස්තුතිය
To: “ps@presidentsoffice.lk” <ps@presidentsoffice.lk>, “Hon. Ranil Wickremasinghe Prime Minister of Sri Lanka” <wickremasinghe_r@parliament.lk>, info@police.lkinfo@army.lkinfo@navy.lkinfo@airforce.lk, “Mr. N. Rupasinghe, Secretary Ministry of Environment” <secretary@environmentmin.gov.lk>

23 දෙසැම්බර් 2015

මෛත්‍රීපාල සිරිසේන මහතා

ජනාධිපති,

ජනාධිපති කාර්යාලය,

කොළඹ

ජනාධිපතිතුමනි,

 පරිසර හානිය වැලක්වීමට ත්‍රිවිධ හමුදාව යෙදවීම – බොදු බල සේනා යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ස්තුතිය 

විල්පත්තු ඇතුළු පරිසර  හානිය වැලක්වීමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට ඔබ විසින් උපදෙස්  බව මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුණි . බොදු බල සේනා විසින් මෙම යෝජනාව 2015 ජුනි 29 දින ලිඛිතව ඔබට විසින් යෝජනා කරනු ලැබිණ ( එම email පිටපත මේ සමග අමුණා ඇත).  ඒ පිලිබඳ ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වීම ගැන ස්තුති වන්ත වෙමි. මෙම යෝජනාව ක්‍රියාත්මක වීම පිලිබඳ ඇත්තේ සතුටක් සමග දුකකි.

මේ මගින් මිලියනයකට අධික සිවිල් රාජ්‍ය සේවකයන්ට රටේ පරිසරය ආරක්ෂා කිරීමට නොහැකි රාජ්‍ය සේවය හා පරිසර අමාත්‍යංශය ගැන ඇත්තේ දුකකි.

මේ පරිසර හානිය පිලිබඳ මේ දක්වා සිදු කර ඇති විනාශයන් පිලිබඳ ඔබ පත්කල කමිටුවේ නිර්දේශ මොනවාද ගැන නොදැනීම දුකකි.

වසරක් තුල මේ පරිසර විනාශ කරන්නට දඬුවම් නොදීම දුකකි.

මෙම පරිසර විනාශය  නැවත්වීම තුල එය නැවත තිබු තත්වයට ගෙන ඒමට  පියවර නොගැනීම දුකකි.

ඔබතුමා හැමවිටම දකුණේ ජාතිවාදීන්ට දොස් පැවරීම දුකක් වුවද “අපරාධය” වන්නේ රටට ආදරය කරන,එහෙත්  ඔබ ඇතුළු රජය විසින් පදනම් විරහිතව ජාතීවාදීන් ලෙස නම් කර ඇති මෙම දකුණේ ජාතිවාදීන් සමග  ඔබ ඇතුළු රජය සංවාදයකට නොයෑමේ විසංවාදයයි. එය ඔබ රජයේ දුර්වලතාවයකි. ඔබ ඇතුළු රජය විසින් පදනම් විරහිතව ජාතීවාදීන් ලෙස නම් කර මර්ධනය කිරීමට උත්සහා කරන අප විසින් කරන යෝජනා  ඔබෙත්,රජයේත් පමනක් නොව රටෙත් පැවැත්ම උදෙසා අතිශය වැදගත් බව ඔබ ඇතුළු රජයට අවවාදාත්මකව දැනුම් දීමට කැමැත්තෙමු. හොඳම උදාහරණය, මෙම පරිසර හානිය වැලැක්වීමට 2015 ජුනි මස බොදු බල සේනා දුන් උපදෙස තේරුම් ගැනීමට ඔබගේ රාජ්‍ය යාන්ත්‍රණයට 6 මාස කට අධික කාලයක් ගත වීමය. එය පැහැදිලිව අපරාධයකි. ආපදාවකි.

මෙම පරිසර විනාශය තුල ජාතික හා කලාපීය ආරක්ෂාව අනිවාර්යයෙන්ම තර්ජනයට ලක් කෙරෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සෙවනැලි ඇති බව අප මතු කලේ රාජපක්ෂ යුගයේදීය. මේ පිලිබඳ ඔහු කිසිදු උනන්දුවක් නොගැනීම මෙන්ම  මේ පරිසර විනාශයන් නීතිගත කිරීමට රාජපක්ෂ රජය කටයුතු කලේ ඔබත් කැබිනට් ඇමතිවරයෙක් වීම තුලය. එකල ඔබට කල හැකි බලපෑමක් නොමැති වුවද අද ඒ වගකීම ඔබ සතුය.

අපට අතිශය දුකක් තුල යම් සතුටක්ද ඇත. ඒ මේ පරිසර විනාශ කරන ගස් වැද්දන් ඔවුන් විසින්ම පොලිසියට පැමිණිලි කර ඇති නිසා හෝ උසාවි වල සිය අපරාධ වලින් ශුද්ධ වීමට නඩු පවරා ඇති නිසාම නොවේ. මේ පරිසර විනාශ කරන්නන්ගේ තෝරුන්  හා මෝරුන් සොයා ගැනීම ඔබට ඉතා පහසු නිසාය. ඒ  ඔබගේ ඇමති  මණ්ඩල රැස්වීමකට ගිය විට හා පාර්ලිමේන්තුවට ගිය විට ඉතා පහසුවෙන් මෙම ගස් වැද්දන් ඔබට දැකිය හැක.

ඔබට වැදගත් “ඔබ හා ඔබේ තනතුර හා ඔබේ රජය ආරක්ෂා කිරීම” හෝ “රට ආරක්ෂා කිරීමද” යන්න ඔබ ඉදිරියේ ඇති අභියෝගයයි. එම ලිට්මස් පරීක්ෂාවට අපි සුදානමින් සිටින්නෙමු.

ජනාධිපතිතුමනි,  අප සැමට ජීවත්වීමට ඇත්තේ තව ටික කාලයකි. අපේ ආයුෂද වසර 70-80 කෙටි කාලයකි. එහෙත් විල්පත්තුව, සිංහරාජය ඇතුළු මේ පරිසරයේ ආයුෂ දිගු කාලයකි . එහෙත් අවුරුදු මිලියන ගණනක් පරිසරය විසින් ආරක්ෂා කොට  කෙටි කලකට අපට තාවකාලිකව බදු දී ඇති මේ පරිසරය අනාගත පරපුරු වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂා කිරීමට ඔබට කෙටි කාලීන වගකීමක් ඇත. අපට  පරිසරයේ ආයුෂ කෙටි කිරීමට අවසරයක් නොමැත. එසේ කිරීමට ඔබ ඉඩ හැරියොත්  ඔබගේ රජයේ මෙන්ම අපගේ ආයුෂද තවදුරටත් කෙටි වනු ඇත.

මීට කලින් කල ඉල්ලීමකට අනුව බොදු බල සේනා නියෝජිත පිරිසක් හමු වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත සිහිපත් කරමු.

ස්තුතියි,

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී, බොදු බල සේනා

………………………………………………………………………………………………………………………….

(10) 2016 ජුනි 29

———- Forwarded message ———-
From: Dilanthe Withanage <dilanthew@gmail.com>
Date: 2016-06-29 21:33 GMT+05:30
Subject: පරිසරය හා ස්වභාවික සම්පත් විනාශ කිරීම මහා පරිමාණ මුල්‍ය වංචා වලට වඩා දහස් ගුණයකින් වන භයානක අපරාධ නිසා පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම විමර්ශනයට කොමිසමක් පත් කිරීම

To: ps@presidentsoffice.lk, “Hon. Ranil Wickremasinghe Prime Minister of Sri Lanka” <wickremasinghe_r@parliament.lk>, info@police.lk, info@army.lk, info@navy.lk, info@airforce.lk, secretary@environmentmin.gov.lk

2016 ජුනි 29

බොදු බල සේනා

44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා

ජනාධිපති කාර්යාලය

කොළඹ 1

ගරු ජනාධිපතිතුමනි,

පරිසරය හා ස්වභාවික සම්පත්  විනාශ කිරීම මහා පරිමාණ මුල්‍ය වංචා වලට වඩා දහස් ගුණයකින් වන භයානක අපරාධ නිසා  පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම විමර්ශනයට කොමිසමක් පත් කිරීම 

පරිසරය සුරැකීමට ත්‍රිවිධ හමුදාව  යෙදවීමට ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් කටයුතු කරන ලෙස දෙන උපදෙස් පිලිබඳ මාධ්‍ය ඔස්සේ මේ කාලය තුල නිතර අසන්නට ලැබී ඇත.

හරියටම වසරකට පෙර  එනම් 2015 ජුනි 29 දින බොදු බල සේනා විසින් ඔබ වෙත යොමු කල ලිපියෙන් පරිසරය සුරැකීමට විශේෂයෙන් විලපත්තු ප්‍රමුඛ වන විනාශය වැලක්වීමට  ත්‍රිවිධ හමුදාව  යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි( එම email  ලිපිය මේ සමග අමුණා ඇත) අතර මේ කරුණ පිළිබඳව ඔබට නැවත වරක් ස්තුති කලද අප විසින් පුර්වයෙන් මතු කල බොහෝ කරුණු ගැන මේ මගින් පිළිතුරු නොලැබෙන බව කණගාටුවෙන් මුත් ප්‍රකාශ කල යුතුය.

මේ පිලිබඳ බොදු බල සේනා විසින් ඔබ සමග හා හිටපු ජනාධිපති සමග කරන ලද ලිපි මේ සමග නැවත ඉදිරිපත් කරන අතර  මෙහිදී ඔබගේ හා රජයේ අවධානය පිණිස පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරමු.

1) වන සම්පත් ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම ව්‍යවස්ථානුකුලව රජයේ වගකීමක් වන බව.

2) එම වගකීම ඉටුකිරීමට රාජ්‍ය අපොහොසත් වී ඇති බව

3) මෙම විනාශකාරී කටයුතු කරන බොහොමයක් දෙනා ඔබගේ හා පසුගිය රජයේ වගකිවයුතු තනතුරු දරන පුද්ගලයන් බව

4) පරිසරය සුරැකීමට අමාත්‍යංශයක් ඇති අතර එය සිවිල් පරිපාලන කටයුත්තක් වන අතර  හමුදා යෙදවීමෙන් අදහස් වනුයේ එකම කාර්යය සඳහා ජනතා මුදල් දෙවරක් භාවිත වීම හෝ අමාත්‍යංශයේ සේවකයින් හා යාන්ත්‍රණයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවය.

6) පරිසරය සුරැකුමට  හමුදාව යෙදවීමෙන් අදහස් වනුයේ හිටපු රජය යටතේ නාගරික සංවර්ධනයට හමුදාව යෙදවීම හා සමාන ලෙස සිවිල් කටයුතු වලට ඔබේ රජයටද හමුදා සහය අවශ්‍ය බවය. ( රට රැකුමට, ගොඩ නැගුමට අප එය එදත් අදත් අගය කරමු)

කෙසේ වුවද මාධ්‍ය හා පරිසර සංවිධාන  මේ පිලිබඳ දක්වන දායකත්වය හැමවිට අගය කල යුතුය.

මේ පිලිබඳ අපගේ යෝජනා  කලින් යොමු කරන ලද ලිපි වල සඳහන් අතර මේ පිලිබඳ පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කරමු

  1. පරිසරය හා ස්වභාවික සම්පත්  විනාශ කිරීම මහා පරිමාණ මුල්‍ය වංචා වලට වඩා දහස් ගුණයකින් වන භයානක අපරාධ නිසා පසුගිය ශතක කිහිපයක අපේ රටේ පරිසරයට සිදු වූ හානිය, විශේෂයෙන් 1948න්  පසු සිදු වූ විනාශය පිලිබඳ අධ්‍යයනය කොට එම තොරතුරු පදනම් කර ජගත් සම්මුතීන්ට අනුව පරිසරයට කරන ලද  හැකිතරම් වැරදි නිවැරදි කිරීමට හා ඉදිරියේදී ආරක්ෂා කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම පිණිස ජාතික කතිකාවතක් නිර්මාණය කිරීමටත්, මේ සම්බන්දව විමර්ශනය කිරීමට බලය සහිත කොමිසමක් පත් කරන ලෙසත්, වැරදි කරුවන්ට දඬුවම් කිරීමට හා වන්දි අයකරගැනීමට ක්‍රියා කිරීම
  1. මේ පිළිබඳව සාකච්ජා කිරීමට බහුපාර්ශවීය සමුළුවක් කැඳවීම
  1. පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම පිලිබඳව සිවිල් සමාජය ශක්තිමත් කිරීමට යාන්ත්‍රණ සැකසීම.
  1. පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම පිලිබඳ සියලු මට්ටම් වල අධ්‍යාපනයේ කොටසක් බවට පත් කිරීම

මෙම කරුණු ඇතුළු පරිසරය හා ස්වභාවික සම්පත් සුරැකීම පිලිබඳ අපගේ යෝජනා පිලිබඳ ඔබගේ ඉක්මන් අවධානය යොමු කරනු ඇති බවට පැහැදිලිව බලාපොරොත්තු වෙමු.

ස්තුතියි

තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා

සභාපති- බොදු ජන පෙරමුණ

0773218677

dilanthew@gmail.com

One Response to “බොදු බල සේනා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් – විලපත්තුව පවතින්නේ ඔබ ජනාධිපති වශයෙන් සිටින රටක ද? ක්‍රියාත්මක වන්නේ ඔබේ රටේ නීතිය නොවේ ද?”

  1. S.Gonsal Says:

    This President values Muslim votes (exactly the same style as the previous one) and NOTHING WILL HAPPEN even though he has annonced action on Wilpattu yesterday. He will eat Aappa today from BBS and join Rishard Bathudeen to continue raping of prime forrest, following his predessor. His brothers, meanwhile drink the blood and sweat of Govias and poor people. He has been trained well.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress