සීමා නිර්ණය කමිටු වාර්තාව හැකි ඉක්මනින් ගැසට් කරන්න -කැෆේ සංවිධානය පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් ඉල්ලයි.
Posted on January 2nd, 2017

පුවත්පත් නිවේදනය -කැෆේ සංවිධානය

සීමා නිර්ණය කමිටු වාර්තාව 2017 ජනවාරි මස 02 වැනිදා සඳුදා සවස ගරු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.  අමත්‍යවරයා වෙත බාර දෙනු ලබන කමිටු වාර්තාව හැකි ඉක්මනින්  ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය අදාළ අමාත්‍යාංශය වෙතින් විවෘත ඉල්ලීමක් කරයි.

පසුගිය අගෝස්තු මස සිට මේ දක්වා සීමා නිර්ණය කමිටු වාර්තාව විවිධ හේතු මත ප්‍රමාද විය.  සීමා නිර්ණය කමිටුව විසින් ප්‍රශස්ත වූ කාර්ය භාරයක් ඉටු කරනු ලැබූ ලැබූ නමුත් ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසීම ඉහළ මට්ටමක නොපැවතුණි. ඒ අනුව අවස්ථා ගණනාවක දී කමිටු වාර්තාව ගැසට් කිරීම ප්‍රමාද විය.

අද සවස සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් අමාත්‍යාංශය වෙත බාර දෙනු ලබන වාර්තාව ඉදිරි දින දෙක – තුන තුල ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

 

2017 ජනවාරි මස 02 වැනිදා සඳුදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress