මිලියන 300ක් වැයකර කෞතුකාගාරයක් හැදීම නතර කර මැදිරි සෑදීම සඳහා කර්මාන්ත ශාලාවක් රත්මලානට ලබාදෙන්න.
Posted on January 3rd, 2017

Unions Lanka – යූනියන්ස් ලංකා / දුක 

ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

මිලියන 300ක් වැයකර කෞතුකාගාරයක් හැදීම නතර කර මැදිරි සෑදීම සඳහා කර්මාන්ත ශාලාවක් රත්මලානට ලබාදෙන්න.

දුම්රිය මැදිරි සෑදීමට අවශ්‍ය පහසුකම් හා තාක්‍ෂණය දුම්රිය දෙපාර්තමේන්තුුව සතුව නොමැති බව කියමින් දුම්රිය මැදිරි සෑදීම, පෞද්ගලික සමාගමකට ලබාදෙන ආණඩුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලික අවශ්‍යතාව වන මැදිරි සෑදීමට අවශ්‍ය කර්මාන්ත ශාලාවක් හැදීම පසෙක දමා රුපියල් මිලියන 300ක් වැයකර කෞතුකාගාරයක් සෑදීම දුම්රිය සංවරධනයට ඉවහල් පියවරක් නොව හුදෙක්ම ජාවාරම් කාරයින්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීම පමණක් බව අවධාරණයෙන් පෙන්වා දෙමු.

දුම්රිය දෙපාර්තමේන්තු අවුරුදු 152ක ඉතිහාසය විදහා දක්වන කෞතුකාගාරයක් අවශ්‍යතාවය බැහැර නොකරන අතර, එවැනි කෞතුකාගාරයක් කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේ, ඉතා විශාල මුදලක් වැය කොට මෑතකදී එය ආර්ම්භ කල බවත්, කොළඹ කෞතුකාගාරයේ හා තවත් ස්ථාන කිහිපයකම තිබු කෞතුක වස්තූන් සියල්ල එක්රැස් කර මෙම කෞතුකාගාරය ආරම්භ කල බවත්, එහි අඩුපාඩු ඇත්නම් ඒවා සපුරාලිය යුතු බවත්, පෙන්වා දෙන අතර, පුහුණු තාක්‍ෂන ශිල්පීන්ගේ පුරප්පාඩු සහ තවත් විවිධ අඩුපාඩුකම් හා දුෂ්කරතාවයන් මැද පවත්වාගෙන යන දුම්රිය සේවය විධිමත් කර ජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබා දීමට හෝ දුම්රිය සේවය සංවර්ධනයක කිරීමට අවශ්‍ය කටයුත්තක්, නොව මේ සිදු කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවම කෞතුකාගාරයක් කිරීම පමණක් බවත්, ඒ සඳහා රුපියල් මිලියන 300ක් මහජන බැංකුව, මර්චන්ට් බැංකුව සහ පීපල්ස් ලීසිං සමාගම වැය කරන බවත් කිවද, කවුරුන් විසින් හෝ එසේ වැය කරන්නේ ජනතාවගේ මුදල් වන නිසා ජනතාවගේ ප‍්‍රයෝජනය සහ රටේ අවශ්‍යතාව මූලික කොට ගෙන වඩා විධිමත් ලෙස එම මුදල් වැය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවද පෙන්වා දෙමු.

කඩුගන්නාව හැර තවත් ස්ථාන කිහිපයක කෞතුකාගාර ඇත. මේවා එක්තැන් කර කඩුගන්නාව කෞතුකාගාරය පුළුල් කිරීමට හා විධිමත් කිරීමට හැකියාව ඇත. එහෙත් ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා කාගේ හෝ වුවමනාවට නව කෞතුකාගාරයක් සෑදීම ජාවාරම්කාරයින්ගේ මනදොල සැපිරීමක් මිස දුම්රිය සේවය ඉදිරියට ගැනීමට සිදුකරන වෑයමක් නොවන බව ඉතා පැහැදිලිය. කොළඹ මරදානා දුම්රිය ගබඩා උපදෙපාර්මේන්තුවට අයත් කාර්යාල ඉවත් කරමින් සිදුකරන කෞතුකාගාරය ඉදිකිරීමේ ක‍්‍රියාව දේශපාලන මැදිහත් වීමක් සහිතව කරන ජාවාරමක් බැවින්, මෙය වහාම නතර කරන ලෙසත්, මෙම අතිවිශාල මුදල වැය කර රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලා භූමියේ දුම්රිය මැදිරි සෑදීම සඳහා කර්මාන්ත ශාලාවක් ගොඩනගන ලෙසත්, ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙම ලිපිය තවත් ලිපියක් සේ සලකා ප‍්‍රවාහන අමාත්‍යවරයාට යැවීම වෙනුවට, ඔබතුමාගේ නියොගයක් සහිතව අවශ්‍ය පියවර ගතයුතු බවත්, වැඩිදුරටත් අවධාරනය කරමු.

ස්තූතියි,
මෙයට, සේවක අයිතීන් වෙනුවෙන්,
එස්.පි. විතානගේ                                
සමකැදවුම්කරු,

පිටපත –     ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,                                               
               සුනිල් හදුන්නෙත්ති මැතිතුමා.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress