ජනවාර්ගික ගැටුම හා සාමූහික අවිඥානයේ බලපෑම
Posted on January 4th, 2017

වෛද් රුවන් එම් ජයතුංග

වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් නොවූ නිසාද?

ජනවාර්ගික ගැටුම තුළ සිංහල හා ද්‍රවිඩ ජාතීන් තුල පවත්නා සාමූහික අවිඥානයේ බලපෑම අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙම ජාතීන් දෙක අතර අවිඥානිකව පවත්නා සතුරු බව හා ගුටුම්කාරී බව ඇතැම් විට වර්තෙමාන ජනවාර්ගික අර්බුධයට තලුලුවක් වන්නට ඇත. එම නිසා ගැටුම් නිරාකරණයේදී සහ ජාතීන් දෙක අතර සාමය හා සහජිවනය ගොඩනැගීමේදී මෙවැනි අවිඥානික සාධක කෙරෙහි සැලකිලිමත් වීමද එවැනි සාධකයන් නිශේධනය කිරීමට ඉවහල් වෙයි.

මේ ශත වර්ෂයේ මුල් භාගයේ හෝ ඊට පෙර සිට සිංහල අවිඥානය තුළ දුවිඩයන් කෙරෙහි තිබුණේ සතුරු බවක් මෙන්ම පිළිකුලකි. එය දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව සියවස් ගණනාවක් පුරා ඇසූ සොලීන් පිළිබඳ විරෝධය අපගේ සාමූහික අවිඥානය තුළ තැන්පත් වී තිබේ. ඔවුන් තුලද සිංහලයන් පිළිබඳ ඇත්තේ එවැනිම චිත්‍රයකි. ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ. මහජාතිය වන සිංහලයන් සුළුතරය වූ තමන් ගිලගනු ඇතැයි ඔවුන් තුළද එවැනි අහේතුක බියක් තිබේ.

නිදහසින් පසු මෙම ජාතීන් දෙක අතර ජාතිවාදී කෝලාහල ඇති විය. ජාතීන් දෙකටම අයත් පුද්ගලයන් කුරිරුකම්වල යෙදුනහ. එම නිසා වඩාත් කුරිරු වූයේ කුමන ජාතියද යන්න එතරම් වැගත් නොවේ.

මෙම හැසිරීම හැඳින්විය යුත්තේ සාමූහික අවිඥානයෙන් මෙහෙයවන්නක් හැටියටය. මේ සාමූහික අවිඥානය collective unconscious පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය. මේ පිළිබඳ ලෝකයා මුලින්ම දැනුවත් කළේ කාල් ගුස්ටාව් යුංය. හේ පුද්ගල අවිඥානය හා සාමූහික අවිඥානය වශයෙන් ස්ථර දෙකකට අවිඥානය බෙදුවේය. සාමූහික අවිඥානයේ අනාදිමත් කාලයක් පුරා ජනවාර්ගික වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් මෙන්ම පොදුවේ මානව වර්ගයා ලුළ පැවැති ස්මරණයන්ද එක් රැස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. අපි දැන් ඩබ්ලියු. ඒ සිල්වාගේ කැලෑහඳ” නවකතාවේ මුල්පිටු කිපය පෙරළා මේ ගැන හොයමු.

මාලිනී ද සීයාගේ නියමයට අනුව නිතරම තම කනකර ගැන සෝදිසියෙන් සිටියාය. ඇ‍යට තම ගමේ උත්සවයන් හා රුස්වීම්වලදී මහ සෙනග අතර හැසිරුණු පළපුරුදුකම් ඇතිවත්, ඒ පළපුරුදුකමක වග මෙහිදී නොදැ‍නේ. මේ දකුණු කොළඹ මෙන්ම හින්දු දේවස්ථානයද වෙයි. බොහෝ සේ හැසිරෙන දෙමළ ජනයාද ඇයට අපූර්ව දර්ශෙනයකි. ඈ සිංහල පිරිසකට නම් කැමතිය. සිංහල පිරිසක් අතර තෙරපෙන්නෙකුට ලැබෙන්නේ තෙරපීමේ පීඩාව පමණකි. දෙමළ සෙනඟක් අතර තෙරපෙන්නෙකුට තෙරපීමේ පීඩාව සමඟ වැස්මක් නැති ඇඟෙන් නික්මෙන දෙමළ දහදිය ගඳද ඉවසන්නට සිදුවේ.”

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ විස්තර වර්ණනාව අනුව දෙමළ ගඳ පතුරුවන මිනිසුන් එක්තරා ආකාරයක මනුෂ්‍ය කොටසකි. ඔවුන් අප මෙන් පිරිසිඳු නැත. අපිරිසිදු ජන කොටසකි. ඩබ්ලියු. ඒ. සිල්වා මහතා පිළිබඳව නොදත් පුද්ගලයෙකු ඔහු ඉතා වර්ගවාදියකු ලෙස හෙළාදකිනු නිසැකය. එහෙත් ඔහු කුරිරු ගතිවලින් තොර යහපත් මිනිසෙක් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවෙන්නේ සිංහල මධ්‍යම පන්තියක ආකල්ප විය හැක. ඔවුන් දමිළයන් කෙරෙහි වෛරයක් නැති වුවද යම් ආකාරයෙක පිළිකුලක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පෙන්වූහ. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. එම නවකතාවේ තවත් තැනෙක දැක්වෙන විස්තරයක් මෙසේය.

ඔන්න….. ඔන්න….. වේල් එනෝ….. වේල් එනෝ….. සිංහලෙන් මාලිනියට ශ්‍රවණය වූ එකම ජනරාවය මෙපමණයි. එයින් මේ වේල් පෙරහැර එන කලබලය බව ඈ තේරුම් ගත්තාය. ඇය කෙරේ ද වේ ල් පෙරහැර දකින ආශාව බලවත් විය. එහෙත් ඇයට එය තවමත් නොපෙනේ. ඇයට වරින්වර පෙනෙන්නේ සෙනඟ සැඩපහර මැදින් පෙම් කෙළින මත්ස්‍යයන් මෙන් උඩ නැගෙන වේවැල් පහරවල් හා බැටන් පොලු පමණකි. කෙළිලොලින් මත්ව විගඩ වෙසින් නටන දෙමළ ජනයා සංසිඳුවන ‍පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය අන් කාහට කෙසේ වුවත් මාලනියට නම් සිත් පිනවන දර්ශනයක් නොවීය.”

මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ වේල් පෙරහර නිාස කලබලයට පත් වූ ද්‍රවිඩ සෙනගට පොලිස් භටයන් විසින් පහරදීමය. එකල එවැනි පහරදීම් නිබඳවම සිදු වූ බව පැරණි පොලිස් නිලධාරීන් අවංකවම පිළිගනියි. එය ඩබ්ලියු. ඒ. සිල්වා මහතගේ විස්තර වර්ණනාවටද එක්විය. මෙම විසත්රය බෙහෙවින්ම කිට්ටුවන්නේ බර්මිංහැම් හි 60 දශකයේ මාටිං ලුතර් කිංගේ සාමකාමී පෙළපාළියට පොලිස් භටයින් විසින් පහරදීමය.

දශක ගණනාවක් පුරා කැලෑ හඳ කියවන පාඨකයන් මේ වන තෙක් එවැනි පහරදීමක් හෙළාදැක නැත. කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව අපි දශක ගණනාවක් කියවූයෙමු. එසේම චිත්‍රපටයට ද නැගුණි. කිසිවකු මෙම ඡේදය පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළහ. එ මන්දයත් අපගේ ලෝකයේ මෙය සුළු සිද්ධියකි. කිසිසේත්ම ගණන් ගත යුතු නොවන්නකි.

අපගේ සංස්කෘතිය කේන්ද්‍ර කොට සිතීමේදී අප එය පිටස්තර අහඹු සිද්ධියක් ලෙස සලකමු. එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙ‍ළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි.

එවැනි පහර දීමක් ඔවුන්ගේ කෝණයෙන් බලමු. ‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන් පිරිසක් වන අප වේල් පෙරහැර නැරඹීම සඳහා පැමිණියෙමු. අපගේ උනන්දුව තීව්‍රර වීමෙන් පාර මදක් අවහිර විය. එහි රාජකාරියේ නිරතව සිටින සිංහල පොලිස් භටයන් අපට නිර්දෙය ලෙස පහර දුන්හ. අප දුප්පත් නිසාත්, අසරණ නිසාත්, කළ හැක්කක් නොවීය. බැටන් පොලු පහර වැදීම නිසා තඩිස්සි වී ගිය අත් පාවල අපි තෙල් ආලේප කළෙමු.’

මෙවැනි සිද්ධියක් දැන් දුටු පුද්ගලයෙකුට ඇතිවන හැඟීම කුමක්ද? එසේම තමාගේ පියා එලෙස නිර්දය ප්‍රහාරයකට ලක්වනු දැකීම තුළින් දෙමළ ළමයා තුළ ඇතිවන හැඟීම කෙබඳු වේද? අපි අපගේ සදාචාරයෙන් ප්‍රශ්න කිරීමේ කාලයට එළැඹී සිටිමු. මෙයට ප්‍රතිඋත්තර ලෙස දෙමළුන් ගෝමරන්කඩවලදී හෝ ගෝනාගලදී සිංහල දරුවන් පෙති ගැසූ බව කිවහැක. එක වරදක් තවත් වරදක් මකා නොදමයි. කුඩා වතුර බින්දු බිඳු එක්වීමෙන් මහා ජලාශයක් සෑදෙන අයුරු අපි පාසලේදී උගත්තෙමු. සිංහල, දෙමළ, වාර්ගික අර්බුධය එලෙස කුඩා ජලබිඳු එක්වීමෙන් සැදුනු මහා ජලාශයකි. අපි යලිත් කැලහඳ කෘතියට පිවිසෙමු.

මාලිනියට කැලෑ හඳේ දෙමළ ගඳ ඉවසිය නොහැකි විට හටගන්නා තත්වයයි මේ ‘සෙනඟ මැදද නොයෙක් ගැටුම් ගැටෙන බව ඇයට දැනේ. එහෙත් ඒ කිසිවක් ඇයට නොපෙනේ. ඇය ඉදිරියේ තාර ගා කළු කළ තාප්පයක් වැනි උරයෙන් උර පැහැර සිට එකම දෙමළ සරණියක් හැකිතාක් උස් වෙමින් ඒ දෙමළ පෙළට ‍උඩින් කරනගා ඈ මේ නැටුම් බලන්නට වෑයම් නළාය. ඇයගේ වෑයම සඵල නොවීය. ඇය වැනි බොළඳ වියේ සිටි මිටි තරුණියකට තබා උස පිරිමියකුටවත් මේ සෙනග සරණිය ඉක්මවා කිසිවක් දෙස බැලිය නොහැකියි. ඈ සුසුම් හෙලුවාය. සුසුම් හෙලීමට විනා ගැනීමටවත් ඇයට අවකාශයක් නැති දෙමළ ඇඟවලින් නික්මෙන දුගඳ එතරම්ම පිළිකුල් විය.’

ඩබ්ලියු. ඒ. සිල්වා මහතා දමිළයන් ගැන වර්ගවාදී පිළිකුල් කෝපයකින් බැලූ පුද්ගලයකු නොවීය. ඔහු සඳහන් කරන්නේ එකල සිංහලයකු දෙමළ ජනකායක් ග්‍රහණය කරගන්නා ආකාරයයි. හැබැවින්ම ජාතීන් දෙක අතර තදබල හිඩැස් තිබූ බව මේ අනුව පෙනීයයි. කැලෑ හඳ නවකාතාවේ සිංහල සාධූ නාදය සහ හින්දු හරෝ හරා නාදය සන්සන්දනය කරයි.

අපි ආගම්වලිනුත් දුරස්ව සිටියෙමු. අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය.

රත්තරන් සොයා දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ ජාතික පිසාරෝ ස්වදේශික ජනයා මරා දැමුවේ ඉතා කෲරත්වයක් පෙන්වමිනි. එහෙත් එම ඝාතන පිළිබඳව ඔහුට කිසිඳු වරදකාරී බවක් නොවීය. ඒ මන්දයත් ස්වදේශිකයන් ක්‍රිස්තු භක්තික නොවූ මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය.

දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. ඔවුන්ගේ කෝණයෙන් බලනවිට ඔවුන් ඝාතකයන් නොවේය යන නිගමනයට පහසුවෙන් එළැඹිය හැකිව තිබුණි.

කැළෑ හඳ කෘතියට බොහෝ කලකට පසුව 1971 වසරේ පළකරන ලද ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී නවකතාවේ දෙමළ වතු කම්කරුවන් ගැන මෙසේ කියයි.

කඩයට ආගිය අයගෙන් මා වඩාත් පිළිකුල් කළේ හල්වතුර වත්තේ දෙමළ මිනිසුන් සහ ගැහැනුන්ය. දෙමළ මිනිසකු හෝ ගැහැනියක කඩයට එන විට මා ඇස් පියාගෙන සිටියත් ඔවුන් ගඳින් ඇඳින ගැනීමට මට ශක්තියක් තිබුණි. ඔවුන් ළඟ තිබුණේ පුදුම හඬු ගඳක්, හඬු ගඳගසන වේට්ටිවල, සාරිවල ගැටගසා ඇති සල්ලි දිග හැර මා අතට දුන් විට මා ඒවා ගත්තේ අදං ආතාගේ සල්ලි ගන්නවාටත් වඩා පිළිකුලෙනි.”

ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය. මෙම නවකතාවෙන් ප්‍රකාශ වන්නේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්‍රයයි. ඔවුන් අසරණ නමුත් පිළිකුල් සහගත කොටසක් බව ගැමියෝ විශ්වාස කළහ.

ඩබ්ලියු. ඒ. සිල්වා මහතාත්, ගුණදාස ලියනගේ මහතාත් පෙන්වාදෙනුයේ දමිළයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබූ හැඟීම්ය. ඔවුන් පිටස්තරයන් බව සිංහල අවිඥානයේ තිබුණි. එම නිසා ජනවාර්ගික ගැටුම්වලදී සහකම්පණීය අවබෝධකයින් තොරව ඔවුනට පහරදීමට ගැමියන්ට හැකි වූහ.

වාර්ගික වශයෙන් එකිනෙකා ප්‍රතික්ෂේල කරන හෝ සතුරු බව පෙන්වන අවිඥානික ශේෂයන් සිංහල හා ද්‍රවිඩ මනැස්වල රැඳී පවතියි. එම නිසා එවැනි අවිඥානික ශේෂයන් පිළිබඳ දැනුවත් විම හා විශ්ලේශනය මඟින් මෙම ජාතීන් දෙක අතර පවත්නා දුරස්ථ බව අවම කළ හැක. එබැවින් ගැටුම් නිරාකෙරණයේදී මෙකී අවිඥානික ස්කීමාවන් (Schema) කෙරෙහි අවධානය යොමු විය යුතුය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

3 Responses to “ජනවාර්ගික ගැටුම හා සාමූහික අවිඥානයේ බලපෑම”

  1. S.Gonsal Says:

    I am typing this as I go down reading, not after reading the whole thing.

    1.”ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ.” This is WRONG. The fear is not අහේතුක but very සහේතුක, even before the start of LTTE. The writer was a kid those days.
    For example, just check out the name lists of E’fact selections before 1973 intake. 60-80% Tamil. We see a lot of evidence that those who come with very high marks are actually cheats. I was after 1973 but even in my batch one Tamil with all A’s failed the 1st year exams.
    Organised cheating is a FACT, not a FEAR.

    2. දුටුගැමුණු එළාර යුද්ධය is also REAL. Time to time invasions have been proven as FACTS , in my view.

    3. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. This is TRUE ( wrt what you have written abouve)

    4. The writer has been dishonest trying to push his message in ” …..සංසිඳුවන ‍පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය……”. Here , he is blaming only the police. Firstly he should not froget that those policemen have not been Sinhala majority but mainly Tamil and possibly others (such as English, Burgher) and secondly “පෙරහර නායකයන්” are surly Tamil. This proves this is a usual incident and Ruwan’s own constructed sentense ‘‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන්…’ is his reflection based on a false thinking. I my self has gone to see වේල් පෙරහැර as a litttle kid few times and I have never seen violence as pictured by Ruwan. may be someone older could enlighten us.
    I must mention here that there is a certain “smell” due to use of certain Indian oils by Tamils. Even today, in Australia, whites and Sri lankans secretly agree that there is a strange ‘smell’ coming from most Indians. For whites, there may be ‘curry smell’ coming from us. All these are TRUE and it doesn’t mean Sinhalas are cleaner.

    5. “අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය.” This may be true mostly but Buddhism is not just “අපගේ ආගම” , as one is allowed to investigate and it is one’s right to select which one is better. Only a few foolish Sinhala people see Buddhsim as ‘අපගේ ආගම’.

    6. I agree’ගුණදාස ලියන්ගේ’s that statement , even in the case of half true, is RACIST statement and I condemn it.

    7. Finally, on the conclusion, writer is completely wrong, reason is it has been derived based on wrong assumptions. Only way to get rid of this දුරස්ථ බව is by getting rid of ‘injustice to Sinhalese’ as the FIRST STEP. VERY first step of defeating LTTE was achieved sacrficing thousands of lives from both sides in 2009. It all stopped and went in a different direction after that. we are still going in the worng direction ( a little faster).

  2. Christie Says:

    රුවන්:
    මේක අපිට සීමාඋන සෙල්ලමක් නෙමෙයි. ඉඩි අමින් වීරයා උගන්ඩාවේ ඉන්දියන් පරපෝසිතයන් පලවා හැරියේ ඇයි?
    බිරිතානියාත් ඉන්දියානු පරපෝසිතයාත් 1792-1948 දක්වා අපව පාලනය කලේය.
    1948 සිට ඉන්දියානු අදිරදයත් පරපෝසිතයෝත් අපිට කෙලිති.

    Ruwan
    We are not the only ones suffering. Idi Amin great African expelled Indian colonial parasites from his Indian colony. Why did he do that? We have been under British-Indian imperialism from 1792 to 1948. From 1948 we are under the Indian Empire like all other former tropical British-Indian dominions now colonies of the Indian Empire.

  3. Naram Says:

    Perhaps, the reasons for a degree of abhorrence due to body smells etc were based on actual fats of life. The estate workers though possessing more wealth in the form of a regular monthly income, as the Sinhala village folks of the periphery of the estates had only casual work in times of peak labour demand, had to live in estate slums ‘lines’ that had access to a well but a fair distance away, and toilets that were oversubscribed. Moreover working everyday left little time for bathing and scrubbing which the other community make a daily ritual. Even folks in the Jaffna peninsula had to manage with a limited water supply from wells which the higher caste monopolised. Even at the university in the 60s I recall Jaffna folks were thought of as messy eaters licking their fingers and pouring water to the mouth from glasses in contrast to equally poor folks from the majority community.

    At the same time there were a good number who were extremely well mannered and quick witted in English. I have heard a rumour that in the recent investment boom Jaffna folks opposed the construction of piped water supplies as that threatened the social status of the local land owner with the prized well. Of course time is the healer of the situation like caste prejudices in all communities.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress