‘ඒකිය’ වචනය දමා ෆෙඩරල් දීමට කටයුතු කරන ලෝකයේ පලමු රට ශ්‍රී ලංකාවයි.. – ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන
Posted on January 9th, 2017

ලංකා සී නිවුස්

අපේ රටේ සිංහල බෞද්ධයන් අද නිහඬයි. ඔහුන් දන් නැහ මේ ආණ්ඩුව කරන දෙය, අනිවාර්යෙන්ම ආණ්ඩුව මේ දෙන්න යන්නේ ෆෙඩරල් විසදුමක්, එකම වෙනස ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන්න හදන්නේ ඒකිය රටක් තුල බලය බෙදාහැරීම යයි කියමින් උතුරු නැගෙනහිරට අවශ්‍ය ෆෙඩරල් පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පිබුරු පත් සකස් කිරීම බව ජනාධිපති නීතිඥ මනෝහර් ද සිල්වාගේ බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යයවස්ථා සංශෝධන” යන පොත එලි දැක්වීමේ සම්මන්ත්‍රණයකදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පැවසීය.

අද මේ බලය බෙදාහැරීම සම්පූර්ණයෙන්ම සිංහල ජාතිය මෙන්ම බෞද්ධයන් රවටා ඔහුන් නිහඬ කොට ෆෙඩරල් විසඳුමක් ලබාදීමට කටයුතු කිරීම තුලින් මේ ආණ්ඩුව ලෝක ඉතිහාසයට නව පිටුවක් එක් කරන අතර ඒ අනුව ඒකීය යන නම භාවිතා කරමින් ෆෙඩරල් පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන ලෝකයේ පලමු සහ එකම රට බවට ශ්‍රීලංකාව පත් කිරීම පාලකයන්ගේ අරමුණ බවත් මේ සම්බන්ධයෙන් සියලුමපාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරයන් අහිමි වුනත් මෙම ව්‍යයවස්ථා සංශෝධනයට විරුද්ධව ශක්තිමත්ව ඡන්දය දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම සම්මන්ත්‍රණය අමතමින් ත්‍රිකුණාමලයේ ආනන්ද මානාහිමි ප්‍රකාශ කලේ උන්වහන්සේගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන මඩිහේ නා හිමි පැවසු පරිදි උතුරේ දේශපාලන ඇත්තන්ගේ අරමුණ ෆෙඩරල් පාලන ක්‍රමය හරහා මුලු රටේම බලය ඇල්ලිම බවයි එබැවින් ඔහුන් ඒකීය රාජ්‍යයක් කියනවට එදා ඉදන් විරුද්ධ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress