යහපාලන ආණ්‌ඩුව කෙසේ ද?
Posted on January 9th, 2017

 තිලංග ගුණවර්ධන උපුටා ගැන්ම දිවයින

විශිෂ්ට ජයග්‍රහණයකට පසුව තමන් විසින්ම දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ගොඩනඟාගත් අවස්‌ථා ලෝක ඉතිහාසයේ පවා විරල කරුණක්‌ වේ. එහෙත් එයට පූQර්වාදර්ශයක්‌ සපයමින්, ලද ජනාධිපතිවරණ ජයග්‍රහණයට පසුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ වෙත ගොස්‌ බහුතර බලයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා වෙනුවට මාස 8 ක සුළුතර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම තුළ සිදුවුන අස්‌ථාවරත්වය හි බලපෑම මත කිසිදු පක්‌ෂයකට බහුතර බලය සහිතව ආණ්‌ඩු බලයක්‌ ලබාගැනීමට අවසන් මහ මැතිවරණයේ දී නොහැකි විය.

2015 වසරේ ජනවාරි මස 08 වැනි දින 62 ලක්‌ෂයක්‌ පමණ වූ ඡන්ද දායකයන්ගේ ප්‍රසාදය මත, මෛත්‍රිපාල සිරිසේන මහතා අප රටේ 6 වැනි විධායක ජනාධිපති බවට පත්වූයේ රාජ්‍ය යහපාලනය හා නීතියේ අධිපත්‍ය ඇතුළු සමස්‌ථ පද්ධතියේ වෙනසක්‌ පිළිබඳ නැවුම් බලාපොරොත්තු ජනතාව වෙත ඇති කරමිනි. ඒ අනුව, ගෙවීගිය වසර දෙකක යහපාලන ආණ්‌ඩුවේ පාලන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්‌ම පිළිබඳ යහපත් හා ධනාත්මක තීරණ බොහෝමයක්‌ ගනු ලැබුව ද එයට විරුද්ධ අපගේ අපේක්‌ෂාවන් අධෛර්යමත් කරන අවස්‌ථාවන් ද නිර්මාණය වීම නිරීක්‌ෂණය විය. ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක්‌ මේ ලිපිය තුළින් ඉදිරිපත් කරන්නෙමු.
ධනාත්මක වෙනසක්‌ ඇති කිරීම

මේ පිළිබඳව සකච්ඡා කිරීමේ දී ජාතික සමඟිය හා සහජීවනය ඇති කිරීම සඳහා රාජ්‍ය දායකත්ව නිසි පරිදි ලබාදුන් කාලයක්‌ ලෙස පසුගිය දෙවසරක කාලය දැක්‌විය හැකිය. ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාව වෙත එල්ල වෙමින් පැවති චෝදනා සම්බන්ධව ආවේගශීලීව හා ජනප්‍රිය තීරණ ගන්නවා වෙනුවට දූරදර්ශීව ප්‍රශ්නය වෙත පිවිසීම සිදුකරන ලදී. එතුළ පැනනැඟුණු ප්‍රශ්තුතයන් වෙත ශ්‍රී ලාංකීය පිවිසුමක්‌ ලබාගැනීමට ඉඩ ප්‍රස්‌ථා විවර කරගන්නා ලදී. එසේම පෙරදී අප කෙරෙහි ආර්ථික හෝ වෙනයම් සම්බාධක පැනවීම සඳහා සූදානමක්‌ එම කොමිසම තුළ පැවැති නමුත් එය වළක්‌වා ගැනීමට වර්තාමන රජයට හැකිවීම ජයග්‍රහණයක්‌ වේ. එසේම ජාතික සමඟිය සඳහා ජනාධිපතිතුමා හා අගමැතිතුමා විශේෂ වෙහෙසක්‌ යොදමින් රට තුළ ධනාත්මක සංවාදයක්‌ ඇති කරලීම සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකරන ලදී. මෙහිදී, උතුරු හා නැඟෙනහිර පළාත්වල ආරක්‌ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම්, ආරක්‌ෂක හේතූන් මත සීමාකිරීම් සහිතව එම ජනතාව වෙත නිදහස්‌ කිරීම ඉතාම සාධනීය කටයුත්තක්‌ වේ. එම ප්‍රදේශවල පරාම්පරිකව ජීවත්වූ ජනතාව වෙත එතුළින් ලැබෙන්නා වූ ගරුත්වය හා සහජීවනය පිළිබඳ අභිප්‍රේරණය අනාගත ශ්‍රී ලාංකික ජාතිකත්වයක්‌ ගොඩනැඟීම සඳහා පෙරනිමිත්තක්‌ වන බව නොඅනුමාන වේ. එසේම ජාතික නිදහස්‌ දින උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා නාමමාත්‍රිකව වුවද වැදගත් තීරණයක්‌ ලෙස දැක්‌විය හැක. එසේ වුවත්, වසර තිහක අමිහිරි මතකයන්ගෙන් පෑරුණු හදවත් සුවපත් කිරීම සඳහා සිදුකර ඇත්තේ ඉතාම අල්පමාත්ත්‍රයක්‌ බවත් ඉදිරියේදී කළයුතු කැපකිරීමවල ආරම්භයක්‌ බවත් අප සියලු දෙනා සිහිපත් කරගත යුතුය. ජාතික ප්‍රශ්නය පිළිබඳ රජය විසන් ගනුලැබූ අව්‍යාජ තීරණ හේතු කොටගෙන ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි වූ ආකල්පයන් හි ධනාත්මක වෙනසක්‌ ඇති කිරීමට හැකිවිය.

විදේශ ප්‍රතිපත්තීන් හා සබඳතාවන් හි ඇති වූ ධනාත්මක වෙනස්‌කම අප රට කෙරෙහි විදේශයන් තුළ යහපත් ආකල්පයක්‌ ගොඩනැඟීමට හේතුවිය. මෑතකාලීන විදේශ සංචාරයන් හිදී අප රාජ්‍ය නායකයන්හට ලැබූ විශේෂ පිළිගැනීම තුළ මේ බව වඩාත් පැහැදිළි විය. පසුගිය ආණ්‌ඩු සමයේදී පැවැති චීනය හා රුසියාව හිතවාදී විදේශ ප්‍රතිපත්තියක්‌ වේ. ඔවුන් සමඟ අපගේ සහායට ජිනීවා මානව හිමිකම් කමිටුවේ කටයුතු කළ උගන්ඩාව වැනි තුන් වැනි ලෝකයේ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කරගන්නා ලදී. එහෙත් එම ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා ඵලදායී නොවන බවට වර්තමාන රජය අවබෝධ කරගන්නා ලදී. විශේෂයෙන්ම, යුරෝපා සංගමය අප රට සමඟ පවත්නා වෙළෙඳ ගණුදෙනු, දේශීය ආර්ථිකය වෙත වූ අතිශය වැදගත්කම අවතක්‌සේරු නොකරන ලදී. ඒ අනුව, විදේශ සබඳතාවන් නව මගකට යොමුකරමින් ඉන්දියාව, ඇමරිකානු එක්‌සත් ජනපදය හා බටහිර යුරෝපීය රටවල් සමඟ සමීප සබඳතා ගොඩනැඟුවේ, පෙර දැක්‌වූ රටවල් සමඟ පවත්නා සම්බන්ධතාවනට හානි නොකරමිනි. මෙම සාධනීය තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ආර්ථික වර්ධනයක්‌ ඇති කිරීම සඳහා ඉඩ ප්‍රශ්ථා විවර වෙමින් පවතී. නමුත්, එම අවස්‌ථාවන් ග්‍රහණය කරගැනීම සඳහා අවශ්‍ය හිතකර ප්‍රතිපත්තීන් සකස්‌ කිරීම ව්‍යවස්‌ථාදායකය හා අදාළ රාජ්‍ය ආයතන සතුව තිබෙන්නා වූ ප්‍රමුඛ වගකීමක්‌ වේ.

යහපාලන ආණ්‌ඩුව විසින් සිදුකරන ලද දේශපාලන ප්‍රතිසංස්‌කරණ විශේෂ වැදගත්කමක්‌ ගනු ලැබුණි. 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අවලංගු කරමින් ගෙන එනු ලැබූ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළ ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපනය කරනු ලැබුණි. මේ තුළ රටේ පාලනතන්ත්‍රය වෙත මානුෂික මුහුණුවරක්‌ හඳුන්වාදීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වූ යාන්ත්‍රණයක්‌ සකස්‌ කරදීම සිදුවිය. බලය ඒකරාශී වන්නේ යම් තැනකට ද එම පුද්ගලයා හෝ තනතුර අන්ත දූෂිතවීම බොහෝ විට සිදුවන බවට ඉතිහාසය සාක්‌ෂි සපයයි. ඒ අනුව, විධායක ජනාධිපති ධුරයෙහි පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන අංගයන් ඉවත් කිරීම සඳහා අවංක උත්සහයක්‌ ගෙන තිබීම, බලය කෙරෙහි වූ නිර්ලෝභීතාවය පිළිබිඹුq කරන්නක්‌ වේ. තවද, සමස්‌ථයක්‌ ලෙස ගත්කල අධිකරණ ක්‍රියාවලින් හා කටයුතු සම්බන්ධව විධායකයේ අතපෙවීම් හෝ බාධා කිරීම් සිදුනොකිරීමට යහපාලන ආණ්‌ඩුවේ නායකයන් දෙපළ දෙනුලබන ආදර්ශය ප්‍රශංසනීය වේ.

යහපාලනයේ දුර්වලතා

ඉහත දැක්‌වූ පරිදි යහපාලනය ශක්‌තිමත් කරන්නා වූ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කළ ද පියවරක්‌ ඉදිරියට ගන්නා විට නැවත පියවර දෙකක්‌ පසුපසට ගන්නා අවස්‌ථා ද බොහෝමක්‌ විය. ඒ තුළ සමාජය හමුවේ විහිළුකරුවන් වන දේශපාලකයන් නිර්මාණය වීම තවදුරටත් කනගාටුවෙන් වුවත් සිදුවිය.

නිර්පාක්‍ෂික අපේක්‌ෂකයකු ලෙස බලයට පැමිණි ජනාධිපතිතුමා කුමණ කාරුණක්‌ මත හෝ එක්‌ පක්‌ෂයක සභාපති ධුරය භාර ගැනීම සධාරණ නොවන්නේ එතුළ තම පක්‌ෂය තුළ බලය රැකගැනීම යන කරුණ වෙත යොමුවීම ස්‌වාභාවිකවම සිදුවන බැවිණි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිත අපේක්‌ෂකයන් වෙත පර්ලිමේන්තු අසුන් පිරිනැමීම ඒ සඳහා හොඳම උදාහරණය වේ. එසේම සමහර ඇමැතිවරුන් තම පාක්‌ෂිකයනට විය හැකි අනර්ථයන් මගහැරීම සඳහා රජය සමඟ එක්‌ වූ බව පැවසීම ද සාධාරණ නොවනුයේ පාක්‌ෂිකයා රටවත් රට යනු පාක්‌ෂිකයත් නොවන බැවිනි. රටට අහිතක්‌ වී පාක්‌ෂිකයාට හොඳක්‌ වීම දක්‌වා වර්තමාන දේශපාලකය මතවාදීව පසුබැසීම කනගාටුවට කරුණකි. මෑත කාලීන රාජ්‍ය නායකයන් තම දේශපාලන පක්‌ෂයෙන් ඔබ්බට වූ දැක්‌මක්‌ ඇති නොකර, යම් ප්‍රතිපත්ති රාමුවකට කොටුව සිටීම පොදුවේ නිරීක්‍ෂණය කළහැකි කරුණකි. එහිදී තම පක්‌ෂයේ බලය රැකගැනීමේ ව්‍යාපෘති තුළින්, සමස්‌ථ රටවැසියා කෙරෙහි ඇති කරනු ලැබුවේ ඉතා අහිතකර ප්‍රතිඵලයන් වේ.

“ඔබ බලයක්‌ යෙදිය නොහැකිව හෝ යෙදීමට අකමැතිව නැතහොත් ඔවුන්හට තර්ජනය කර හෝa නොකර හෝ ඔබ පසුපස ඔබගේ මහජනතාව පෙළගැස්‌විය නොහැකි නම් ඔබ නායකයකු නොවේ.” යන කියමන, සිංගප්පූරුව නිර්මාතෘ හා එහි ප්‍රථම ජනාධිපති වන ලී කුවන් යූ මහතා ප්‍රකාශ කළේ දියුණු වෙමින් පවත්නා රටවල්වල නායකයන් ගතයුතු දැඩි තීරණයන් හී අවශ්‍යතාව ඉස්‌මතු කිරීමට වේ. එම ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් නොසැලකුවත්, එතුළින් ඔහු පෙන්වා දුන්නේ පසුගාමී සමාජයක්‌ ඉදිරියට ගෙන යැමට සිදුකළ යුතු කැප කිරීම නොවේ ද? විශේෂයෙන්ම, පසුගිය කාලසීමාව පුරා පැවති උද්ඝෝෂණ හා වැඩවර්ජන හමුවේ රජය විසින් අපේක්‌ෂිත වැඩසටහන් පසුපසට ගැනීම නිරන්තරව සිදුවිය. ඒ තුළ ඔවුන් සකස්‌ කරනු ලබන ඉදිරි වැඩපිළිවල් ක්‍රියාත්මක වීම පිළිබඳ කෙසේ නම් විශ්වාසය තැබිය හැකි ද යන්න රජය විසින් ස්‌වයං විවේචනයක්‌ සිදුකළ යුතුව තිබේ. 2017 අයවැය යෝජනා මඟින් ගෙන එනු ලැබූ මාර්ග නීති කඩකිරීම් සම්බන්ධව දඩ පමුණුවීම් පිළිබඳව බස්‌ හා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වැඩවර්ජනය තුළ රජය තම යෝජනා පසුපසට ගනු ලැබිණ. පවත්නා මාර්ග අනතුරු හා රියදුරන්ගේ විනය සම්බන්ධව දැඩි අප්‍රසාදයකින් බහුතර මහජනතාව සිටින විට, රජය තම සෘජු මතය තුළ සිටීම අවස්‌ථානෝචිත කටයුත්තක්‌ව තිබුණි. එවැනි අතපසු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීමට සිදුකරන ලද ඒවා යෑයි කිSsම මුලාවකි. මක්‌නිසාද යත් විරෝධතා හමුවේ බහුතර ජනතාවට සිදුවන යහපත වෙත පිටුපෑම ප්‍රජාතන්ත්‍රවාදය නොවන නිසාය. වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක බොහෝ දේශපාලන පක්‌ෂයන් තුළ ප්‍රජාතන්ත්‍රික ව්‍යqහයක සේයාවක්‌ වත් ප්‍රදර්ශනය නොවේ. එසේ නම් එම පක්‌ෂ තුළින් බිහිවූ දේශපාලකයන්ගෙන් කෙසේ නම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ මහජනයා වෙත හිමි වේද? එවැනි අංගවිකල ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තුළ ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමාන නායකත්වය, ලී කුවන් යූ මහතා ගේ ආදර්ශය අනුගමනය කළයුතු නොවේ ද?

සොරකම් හා සොරුන් ඇල්ලීම ඡන්ද වේදිකාවේ ජපකරමින් සිට, ඉන්පසු Fක්‍ෂD හා අනෙකුත් විමර්ශන කොමිස්‌ම සභා පිහිටුවමින් මහා පරිමාණ වැරදිකරුවන් අල්ලා ගැනීමට දරණ ලද වෙහෙස මේවන තෙක්‌ ඵලදරා නොමැත. මෙම පමාව ආණ්‌ඩුවට හා මහජනතාවට පමණක්‌ නොව විපක්‍ෂයට පවා ප්‍රශ්නයකි. සෑම දිනකම පාහේ Fක්‍ෂD වෙත සාක්‌ෂි ලබාදීමට පැමිණෙන පුද්ගලයන් මෙය මාධ්‍ය සංදර්ශනයක්‌ බවට පත්කර ගෙන ඇත. මේ තුළින් පෙන්වා දෙන්නේ ආණ්‌ඩුවේ නොහැකියාව ද ? එසේ නැතහොත් වංචාවක්‌ සිදුවී නොමැති බව ද ? නොදන්නේමු.

විශිෂ්ට ජයග්‍රහණයකට පසුව තමන් විසින්ම දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ගොඩනඟාගත් අවස්‌ථා ලෝක ඉතිහාසයේ පවා විරල කරුණක්‌ වේ. එහෙත් එයට පූQර්වාදර්ශයක්‌ සපයමින්, ලද ජනාධිපතිවරණ ජයග්‍රහණයට පසුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ වෙත ගොස්‌ බහුතර බලයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා වෙනුවට මාස 8 ක සුළුතර ආණ්‌ඩුවක්‌ පිහිටුවීම තුළ සිදුවුන අස්‌ථාවරත්වය හි බලපෑම මත කිසිදු පක්‌ෂයකට බහුතර බලය සහිතව ආණ්‌ඩු බලයක්‌ ලබාගැනීමට අවසන් මහ මැතිවරණයේ දී නොහැකි විය. නමුත් පර්ලිමේන්තු මැතිවරණය තුළින් 2/3 ක බලයක්‌ පාර්ලිමේන්තුව තුළ ගොඩනැඟුව ද පොදු දැක්‌මක්‌ නොමැතිව ගමන්කරනු ලබන කණ්‌ඩායම් දෙකක විවාහය දික්‌කසාදයකින් කෙළවර වීමට වැඩි කල් නොයන අයුරක්‌ පෙනෙන්ට ඇත.

රාජ්‍ය අංශය වෙත රු. 10,000/- ක වැටුප් වැඩිවීමක්‌ සිදුකරන ලද්දේ රාජ්‍ය සේවකයාගේ කාර්යක්‌ෂමතාව හෝ ඵලදායිතාව වර්ධනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක්‌ නොමැති වීම රටවැසියගේ අභාග්‍යකි. එයින් සිදුවූයේ රාජ්‍ය පුනරාවර්ථන වියදම් ඉහළ දමාගෙන රජය අයවැය වෙත අනවශ්‍ය පීඩනයක්‌ ඇති කරගැනීම පමණි. නිසි අධ්‍යයනයක්‌ හෝ අවබෝධයක්‌ රහිතව කොළඔ පෝට්‌සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීම තුළ සිදුවූ පාඩුව එම ව්‍යාපෘතියට පමණක්‌ සීමා නොවීය. වෙනත් විදේශ ආයෝජකයන් හට ලංකාවේ අනාගත ආණ්‌ඩු මාරු තුළ තම ආයෝජනයන් හී සුරක්‌ෂිතභාවය පිළිබඳ සැකසංකා මතු කරන්නක්‌ බවට එය පත්විය.

අනාගතය කෙසේ වේ ද?

ඉහත සඳහන් කරන ලද දුර්වලතාවයන් මගහැර රට සංවර්ධනයේ මාවත වෙත යොමුකරමින් යහපාලන ආණ්‌ඩුව හට ශ්‍රී ලංකා භූමිය තුළ දීර්ඝ කාලීන වෙනසක්‌ සිදු කිරීමට සඳහා වූ අවස්‌ථාව තවමත් මගහැරී නොමැත.

ආර්ථික විශ්ලේෂකයන්, 2017 – 2018 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාකාරීත්වය නුදුරේදීම පුපුරා යා හැකි ගිනි කන්දකට සමාන කොට අර්ථ දක්‌වා තිබේ. විශේෂයෙන්ම, ඉදිරි වසර දෙකක කාලය තුළ රාජ්‍ය ණය බැඳුම්කර විශාල ප්‍රමාණයක්‌ කල්පිරීමට නියමිත අතර ඒවායේ තැන්පත්ව තිබූ විදේශ මුදල් අදාළ රටවල් වෙත ගලායැම නොවැළැක්‌විය හැකි කරුණක්‌ වනු ඇත. එසේම ඇමරිකානු ෙµඩරල් රිසව්ස්‌ බැංකුව විසින් සිදුකරන ලද 0.25% පොලී අනුපාත ඉහළ දැමීම හමුවේ, විදේශ ආයෝජන අප වෙත යොමුවීම වෙනුවට එම රට වෙත ඇදී යැම සිදුවනු ඇත. තවද අපගේ ආර්ථික ප්‍රතිපත්ති තුළ පවත්නා දුර්වලතා හමුවේ, සෘජු විදේශ ආයෝජන නැමැති බටයේ ප්‍රමාණය ලොකු කර ගැනීම ඉතා අපහසුව ඇත. මෙම ප්‍රධාන කරුණු විසින් විදේශ සංවිත හා ගෙවුම් ශේෂය වෙත කරන්නා වූ අහිතකර බලපෑම් තුළ රුපියලේ අගය තවදුරටත් පහළ දමනුයේ, රට තුළ උද්දමනයක්‌ ඇති කිරීමට අවශ්‍ය සාධක ගොඩනඟමිණි.

මෙම තත්ත්වය, ශ්‍රී ලංකාව වෙත අභියෝගයක්‌ නොව අවස්‌ථාවක්‌ බවට පත්කර ගැනීමට රජය අවශ්‍ය පියවර ගතයුතුව ඇත. විශේෂයෙන්ම, රුපියලේ අගය පහළ යන විට අපගේ අපනයනයන්ගේ මිල ගණන් විදේශයන් වෙත ලාභදායී වනු ඇත. ඒ තුළ ඉහළ මිලක්‌ ලබාගැනීම සඳහා අපනයනකරුවන් වෙත අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත. එසේ නම් විදේශ වෙළදපොළවල් මූලික කරගන්නා වූ නිෂ්පාදනයන් වෙත ඉහළ ප්‍රමුඛත්වයක්‌ ලබාදීම අත්‍යාවශ්‍ය වනු ඇත. එබැවින්, දේශීය ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තීන් හා තීරණ ගතයුතු කාලයක්‌ බවට ඉදිරි වසර කිහිපය දැක්‌විය හැක. ශ්‍රී ලංකාව වෙත වැඩි වාසි ගෙන දෙන්නා වූ ආයෝජන අවස්‌ථා වෙත හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ යොමු කළයුතු වේ. එහිදී, ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් රාජ්‍ය ස්‌වෛරීත්වයට හානි පමුණුවා නොගැනීම අතිශය වැදගත් හා අනිවාර්ය කටයුත්තක්‌ වේ. එහිදී නිවැරදි ලෙස අභ්‍යන්තර සාධක හා බලපෑම් කණ්‌ඩායම් හඳුනාගෙන ඒවා කළමනාකරණය අත්‍යාවශ්‍ය අංගයක්‌ වේ. එම කණ්‌ඩායම් වෙත පැහැදිළි අවස්‌ථා හා විසඳුම් ලබාදී මෙන්ම ගැටලු විසඳන ක්‍රියාමර්ග වෙත සෘජුව එළඹි රජය විසින් සිදුකළ යුතු වේ. එසේ නොවුණහොත් ඒ මඟින් ලබාගැනීමට අපේක්‌ෂිත ප්‍රතිලාභ වෙනුවට එය රජය වෙත පාරාවළල්ලක්‌ වනු ඇත. විශේෂයෙන්ම හම්බන්තොට කලාපයේ ජනතාව යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් ඈත් කරවීමට විවිධ පාර්ශව කටයුතු කරමින් පවතී. එහිදී විරෝධතාකරුවන් චීන ආයෝජන පිළිබඳ විරෝධය ගොඩනැඟුවත්, මෑත කාලයේ දී සිදුකරන ලද බොහෝ මහා පරිමාණ ආයෝජන සිදුකරන ලද්දේ ඔවුන් බව අප හොඳින් දන්නා කරුණකි. තවද ඔවුන් අප මානව හිමිකම් කවුන්සිලය තුළ අසරණව සිටින විට අපගේ උපකාරයට පැමිණි මිතුරකු ද වේ. තවද, පසුගිය රජය ගමන්ගත් ආර්ථික මොඩලය කෙටිකාලීන ලාභදායීත්වයක්‌ නොමැති, එහෙත් දිගුකාලීන මූලෝපායික ආයෝජනයන් තුළ චීනය ඉදිරියෙන්ම සිටියේය. එම ව්‍යාපෘති අද වන විට සැලකිය යුතු ආදායම් ඉපයීමක්‌ සිදුනොවන නිසා ඒවා විදෙස්‌ ආයෝජන සඳහා විවර කිරීම අනිවාර්ය හා වෙනත් විකල්පයක්‌ නොමැති කටයුත්තක්‌ වේ.

අනෙක්‌ අතට විදේශ ආයෝජකයන් වෙත දේශපාලන හා රාජ්‍ය ප්‍රතිපත්ති ස්‌ථාවරත්වයක්‌ සළසා දීම ගුණාත්මක හා ඵලාදයි ආයෝජන ලංකාව වෙත අද්දවා ගැනීම සඳහා අවශ්‍ය කරුණක්‌ වේ. වර්තමානයේ වියට්‌නාමය හා මියන්මාරය වැනි රටවල් තමන් වෙත ලබාගනිමින් පවත්නා සෘජු විදේශ ආයෝජනය, අප හට කදිම පූර්වාදර්ශයක්‌ ලබා දෙයි. එම රටවල් හඳුන්වා දුන් පස්‌ අවුරුදු සංවර්ධන සැලසුම් ආදිය තුළින් තම රටේ අනාගත දැක්‌ම ආයෝජකයන් වෙත හඬනඟා පැහැදිලිව සන්නිවේදනය කොට ඇත.
නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම යහපාලන ආණ්‌ඩුව වෙත පැවරී ඇති තවත් අභියෝගයකි. අපේක්‍ෂිත නව ව්‍යවස්‌ථාව තුළ බලය බෙදීමේ සංකල්පය කොතරම් දුරකට භාවිතා කෙරේ ද යන්න අප හමුවේ පවත්නා ප්‍රශ්නගතයකි. පරිපූර්ණ සංහිඳියාවක්‌ පවත්නා අවස්‌ථාවේදී එම සංකල්පය ක්‍රියාත්මක වීම පුරවැසියා සවිබල ගන්වන්නක්‌ වන බව විෂයානුකූලව දැක්‌විය හැක. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව වැඩි දියුණු කිරීමට හා දේශපාලන සහජීවනයක්‌ ඇති කිරීමට බලය බෙදීමේ සංකල්පයේ ඉහළ භාවිතයක්‌ යොදා ගැනීම හානිදායක වේ. එයට ප්‍රධාන හේතුව වී පවතින්නේ ජාතීන් අතර පවත්නා වූ දුර්වල අවබෝධය හා ඔවුගේ මතයන් හා අවශ්‍යතාවන් පිළිබඳව පවත්නා සමානතාවන් නොදැකීම වැනි කරුණු වේ. අද වන විට ලංකාව තුළ ජාතිවාදී හා ආගම්වාදී මතවාදයන් විවිධ කණ්‌ඩායම් විසින් පටු ඉලක්‌ක මත පිහිටා ක්‍රමිකව ගොඩනඟන බව දක්‌නට ලැබේ. එම කණ්‌ඩායම් මතවාදීව පරාජය කිරීම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළදී සිදුකළ යුතුව ඇත. එසේම, නව ව්‍යවස්‌ථාව සියලු දෙන ඒකරාශී කරන්නක්‌ මිස වෙන් කරන්නක්‌ නොවන බවට වගබලාගත යුතුවේ.

ඉදිරි වසර සඳහා කාලගුණ පුරෝකථනයන් එතරම් සුභදායී නොවේ. අපගේ ග්‍රාමීය ආර්ථිකයේ මූලිකම අංගය වන කෘෂිකර්මාන්තය වෙත එල්ලවන බලපෑමෙන් ගොවීන් රැකගැනීමට අවශ්‍ය වැඩසටහන් සටහන් සම්පාදනය දැඩි අවශ්‍යතාවකි. නිවැරදි ජල කළමනාකරණය හා අවම ජල භාවිතයක්‌ සහිත විකල්ප බෝග හඳුන්වා දීම වැනි දෑ එයට උදාහරණයකි. එසේම වසවිසෙන් තොර ගොවිතැනක්‌ යන සංකල්පය තුළ දේශීය කෘෂි ඵලදාව සමාලෝචනය කළයුතු වේ. විශේෂයෙන්ම එම සංකල්පය ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයක්‌ සහිත කෘෂි නිෂ්පාදන ලබාදුන්න ද වර්තමාන කෘෂි ඵලදාව පෙර අවුරුදුවලට වඩා විශාල ලෙස පහළ ගොස්‌ ඇත්නම්, ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගතයුත්තේ ඉදිරි කාලගුණයට බියව පමණක්‌ නොවේ. අනාගත ජනගහණ වර්ධනය තුළ, පවත්නා ආහාර නිෂ්පාදන ධාරිතාවද ප්‍රමාණවත් නොවන තත්ත්වයක්‌ තුළ අප රට වෙත ආහාර සුරක්‌ෂිතාවය තහවුරු කොට පවත්වාගෙන යැමට වේ. කාලගුණය පිළිබඳ කරුණ තුළ මතුවන තවත් අර්බුදයක්‌ වන්නේ බලශක්‌ති අර්බුදයයි. ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයේ දී ඉතා වැදගත් කොටසක්‌ වන ජල විදුලිය උත්පාදනය හි ඇතිවන හිඟය මත සමස්‌ථ බලශක්‌ති ඉල්ලුම සැපයීමට නොහැකිවනු ඇත. ඒ සඳහා මධ්‍යකාලීන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවකි.
අධ්‍යාපනය, සෞඛ්‍ය, අධිකරණය ඇතුළු අංශ ගණනාවක කඩිනම් ප්‍රතිසංස්‌කරණ ඇරඹිය යුතුව පවතී. ටැබ් පරිගණක ලබාදීම, බෙහෙත් මිල අඩුකිරීම හා අධිකරණ කොමිසම ක්‍රියාත්මක කිරීම, තෘණ මට්‌ටමේ පවත්නා ගැටලු නිරාකරණය කිරීමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පුළුල් ප්‍රතිසංස්‌කරණ සිදුකළ යුතුව පවතී. එම අංශ නිසිලෙස ක්‍රියාකාරීත්වය පැමිණියහොත් රටේ සමස්‌ථ සංවර්ධන යාන්ත්‍රණයම හොඳින් ක්‍රියාත්මක වනු ඇත.
අවාසන වශයෙන් 2009 වසරේ රුදුරු කොටි ත්‍රස්‌තවාදය පරාජය කරමින් ලබාගත හැකිව තිබූ අමරණීය හා පුළුල් ජයග්‍රහණය වෙනුවට කල්ලිවාදය හා ගෝත්‍රවාදය තෝරාගැනීම තුළ එම පාලකයන් ලබාදුන් නායකත්වය හා වීරත්වය කෙරෙහි විශාල කැළලක්‌ සිදුකරගන්නා ලදී. එවැනිම තීරණාත්මක කඩඉමක්‌ පසුකරමින් පවතින යහපාලන ආණ්‌ඩුවට, තම වැරදි අඩුපාඩු නිවැරදි කිරීමට ලැබෙන්නා වූQ අවසාන අවස්‌ථාව 2017 වසරේදී උදාවන අතර එසේ නොවුණහොත් අප සියලු දෙනා එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වීම සිදුවනු ඇත. එයින් ගැලවීමට 2/3 ක පාර්ලිමේන්තු බලය ප්‍රමාණවත් නොවන බව ආණ්‌ඩු පක්‌ෂය හොඳින් සිහියේ තබාගත් කරුණක්‌ වේ.

2 Responses to “යහපාලන ආණ්‌ඩුව කෙසේ ද?”

  1. Ancient Sinhalaya Says:

    This is impotent puppet maru (hora) sira’s YAMA PAALANAYA!
    Puppet has no saying in any of the matters. All done by the traitor chief die hard catholic token Buddhist Batalande
    Wadakaya pol pot r@nil wickramaSinhalakiller. Puppet maru sira used to call Batalande Wadakaya sir before the
    elections. What chance there is then to have any authority over the monster Pathala Man Batalande Wadakaya?
    There is talk Batalande Wadakaya is ill and going away for treatment quietly to switzerland. All patriotic Sri Lankans
    should pray, it is a very very serious condition and make him suffer immensely in this life for the crimes he done to
    destroy Buddhism, the Sinhalese race and Sri Lanka.

    If the short-memoried Sinhala modayas can’t understand/remember some of his ‘trivial in Sinhala modayas’ eyes’ crimes!
    * Batalande toruture camps where he tortured and killed Buddhists with his catholic buddy police top brass
    giving half the country to his catholic buddy hitler mala paharan on a plate in 2005
    * sending millennium city intelligent officers to the catholic tigers of tamil drealam to expedite creation of drealam
    *dragging the war for 30+ years and destroy Buddhism and Buddhist temples from the north and the east
    * 5585 billion day light robbery with his catholic buddy maha horandran
    * abolishing state pension for new recruits (beg on street after retirement; what an achievement by the pathala
    man PM?
    * proposed new constitution to break up Sri Lanka to please his ardent supporters tamils and mussies and the
    catholic west
    * stopping teaching history in schools to please the traitor tamils and mussies
    There isn’t a single deed he has done for the betterment of the Sinhalese race, Sri Lanka or Buddhism. Still
    Batalande Wadakaya isn’t short of Sinhalese donkeys who revere him. Look at tibbotte bathgotte devidaththara
    who sitting comfortably and aiding the destruction of Buddhism by the UNPatriotics for example. Unbelieable! Just
    unbelievable!

    List goes on! Unfortunately for Mother Lanka Batalande Wadakaya is not done yet. Fortunately for the Batalande
    Wadakaya and the catholic-run UNPatriotic party Sinhala donkeys don’t understand any of these treacheries.

  2. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    Catholic-run UNPatriotic party burnt Buddhist jvp in tyres (read Batalande report online, it won’t be published in so called Buddhist
    Sri Lanka’s press), eyes gorged out while alive. Catholic tigers of tamil drealam were given half the country by
    traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. Still a lot of
    Sinhala modayas revere the mass murderer (Sinhalese only please). Staunchly catholic countries us, uk, canada,
    italy, france, argentina, brasil, germany etc. etc all supported catholic tigers of tamil drealam. Wonder why? Even
    archibishop two three of south africa, convent educated jayalalitha sister were die hard supporters.

    Sri Dalada maligawa attack, Sri Maha Bodhi attack, Aranthalawa Bikku massacre, still the catholic run UNPatriotic party
    couldn’t find the gun to stop catholic tigers of tamil drealam. Hold on! You don’t have to do anything! Catholic
    tigers of tamil drealam were destroying Buddhist temples and Buddhism in the north and east. Why then stop? It is
    a bonus! Even catholic defence sec asstin fdo went to see his catholic buddy tamil sellan with apples and grapes.
    With all these supports, they still couldn’t do it. Then Batalande Wadakaya grassed the millennium city intelligent officers to
    the catholic tigers of tamil drealam bullet to expedite the cause. Still Sinhala modayas couldn’t put two and two
    together and make the connection. Biggest fools on the planet? Who would dispute? Only a Sinhalese will.

    Unfortunately for them MR came. So called invincible tigers were running for their lives. Grand plan scuppered. No
    catholic country in Sri Lanka. Then comes the catholic west controlled monki boon’s UNHCR to punish MR for stopping the master plan. Who was pushing for MR’s blood? All those countries mentioned earlier. Wonder why?
    Don’t worry Sinhala modayas won’t make a connection!

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress