මන්දබුද්ධික පෞද්ගලික බස්රථ සංගම් මාෆියාව ශ‍්‍රී ලංගමය අහෝසි කරන ලෙස විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලා සිටීම දැඩි පිළිකුළින් යුතුව හෙලා දකින්නෙමු
Posted on January 10th, 2017

ජනමාධ් නිවේදනයයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

මගී ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවයක් සපයන ශ‍්‍රී ලංගමය පාසල්  ළමුන් සඳහා 90% ක මාසික ප‍්‍රවේශපත‍්‍ර සඳහා සහනයක් ලබාදී අගනා සේවයක් ඉටුකරන  වැඩකරන ජනතාවට 35% ක සහනසේවාවක් ලබාදෙන අභිමානවත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අහෝසිකරන ලෙස මන්දබුද්ධික පෞද්ගලික බස් සංගම් මාපියාව විද්‍යුත් මාධ්‍ය මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම අප සංගමය දැඩි පිළිකුළින් යුතුව හෙලා දකින්නෙමු.  මන්දබුද්ධික පෞද්ගලික බස්රථ සංගම් මාෆියාවට එවැනි ඉල්ලීමක් කිරීමට කිසිදු නීතිමය හා සදාචාරාත්මක අයිතියක් නැත.

මගී ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවාවක් සැපයීමට නොහැකිවූ නිසාත්, ජනතාවට දැඩි පීඩනයක් ලබාදුන් නිසාත් පෞද්ගලික බස්රථ මාෆියාව හරහා ජනතාවට සිදුකරන ලද බලවත් අසාධාරණ ක‍්‍රියාවන් හා මානසික වේදනාවන් නිසාත් මුදල් උපයාගැනීමේ එකම අරමුණ ඇතිව බස්රථ ධාවනය කළ නිසාත්, සමස්ත ජනතාවගේ බලවත් ඉල්ලීමට අවනත වූ 1956 ස්ථාපිත කරන ලද ආණ්ඩුව 1958 ජනවාරි 01 වන දින පෞද්ගලික  බස්රථ ව්‍යාපාරය අහෝසිකර අභිමානවත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ස්ථාපිත කරන ලද බව මෙවැනි කුහක ඉල්ලීම් අධම ලෙස ඉල්ලන පෞද්ගලික බස්රථ සංගම් මාෆියාව තේරුම් ගෙන නැත. වටහාගෙන නැත. අවබෝධකරගෙන නැත.

මුදල් උපයාගැනීමේ ලාභය ලබාගැනිමේ ක‍්‍රියාවලිය එකම අරමුණ කරගෙන අප රට තුළ ක‍්‍රියාත්මක කරන පෞද්ගලික බස්රථ සංගම් මාෆියාව අගනා සේවාවක් වශයෙන් පවත්වාගෙන යන අභිමානවත් ශ‍්‍රී ලංගමය අහෝසි කරන ලෙස ශ‍්‍රී ලංගමයට අළුතින්  බස්රථ ආනයනය නොකරන ලෙස ඉල්ලා සිටීම පිළිබඳ ශ‍්‍රී ලංගම අපි ඔවුනට අනුකම්පා කරන්නෙමු. 

ශ‍්‍රී ලංගමයට කළ හැකි උපරිම අපහාස, අවමාන, නින්දා, අවලාද  සිදුකරමින් ශ‍්‍රී ලංගමය විනාශ කරන එ්කාබද්ධ කාලසටහන් ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීම ප‍්‍රතික්ෂේප කළහොත් ශ‍්‍රී ලංගමයට නඩු පවරන බවටත්, ශ‍්‍රී ලංගමය වටලන බවටත් තර්ජනය කරන ලද මෙම මන්දබුද්ධික පෞද්ගලික බස්රථ මාෆියාව ශ‍්‍රී ලංගමය අහෝසි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින යෝජනාව අප සංගමය දැඩි පිළිකුළින් යුතුව නැවත වතාවක් හෙළා දකින අතර මුදල් උපයාගැනීමේ එකම අරමුණ බවට පත්කරගෙන පවත්වාගෙන යන සමස්ත පෞද්ගලික බස්රථ ව්‍යාපාරයම කිසිදු වන්දිමුදලක් ලබානොදී රජයට පවරාගෙන විධිමත් ප‍්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ජනධිපතිතුමා ඇතුළු මෙම ආණ්ඩුවෙන් අප සංගමය දැඩි වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.
 
ස්තූතියි.
මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්                    
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress