හම්බන්තොට වරාය වටින තැනක්.. ගිවිසුම ගහන්න චීනාට පුදුම හදිසියක් තිබෙන්නේ.. වේලාසන මුදල් දෙන්නත් ලැස්තියි.-අර්ජුන රණතුංග
Posted on January 10th, 2017

තමීර මංජු ලංකා සී නිවුස්

කවුරු කලබල වුවත් හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම කල් ගෙන රටට වාසිදායක ලෙස සිදු කරන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

හම්බන්තොට වරායට ආයෝජකයින් කැඳවීමේදී රටට ආවාසිදායක නොවන ලෙස සිදු කරන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තමන්ට උපෙදස් දී ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලැබූ වරාය සේවකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.

මහපොළ අභ්‍යාස ආයතනයේ පැවැති මෙම උත්සවයට ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න ඇතුළු අමුත්තන් රැසක් එක් වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණතුංග වැඩිදුරටත් අවධාරණය කළේ වරාය පමණක් නොව මෙරට කිසිඳු සම්පතක් විකිණීම හෝ වෙනත් රටකට පවරාදීම රජයේ අරමුණ නොවන බවයි.

මමත්, මගේ නියොජ්‍ය ඇමතිතුමත් මේ කිසිම දෙයක් විකුණනවට කැමති නැහැ. ජනාධිපතිතුමත් එහෙමයි. අගමැතිතුමත් මේ දේවල් විකිණීමට විරුද්ධයි. අපි හම්බන්තොට වරායට අයෝජකයෙක් සොයන්න විශාල වෙහෙසක් දැරුවා. අද වනවිට අයෝජකයින් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. ලේකම්වරුන්ගේ කමිටුව එයින් එක් කෙනෙක් තෝරා ගෙන අද වනවිට එම සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ හැරෙන්න කිසිම ගිවිසුමකට අද වනවිට අත්සන් කරලා නැහැ. මේ සාකච්ඡාවලදී චීන සමාගම හම්බන්තොට වරාය ලේකම් කමිටුවෙන් මුලින්ම ඉල්ලා තිබුණේ අවරුදු 198 කට. නමුත් අපිට පුළුවන් වුණා එය 99 අවුරුදු බද්ද දක්වා අඩු කිරීමේ සාකච්ඡාවලට අවතීර්ණය වෙන්න. නමුත් තවමත් එය අවසන් වී නැහැ. මගේ යෝජනාව නම් එය අවරුදු 50ක් විය යුතුයි කියන එක. එපමණක් නෙවෙයි අපිට අයිතිවාසිකම් තියෙන, කිසිම දෙයක් දෙන්න අපි සූදානම් වෙලා නැහැ. අපිටත් පුළුවන් හම්බන්තොට වරායට නැව් එනතුරු, ආයෝජකයින් එනතුරු අවුරුදු ගාණක් බලාගෙන ඉන්න. එහෙම කළොත් හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය සහ එහි පොළිය ගෙවන්න සිදු වෙන්නේ අපිට. දැනටමත් කොළඹ වරායෙන් ලැබෙන ලාභයෙන් විශාල ප්‍ර‍මාණයක් හම්බන්තොටට යනවා. දවසක ණය ගෙවන්න කොළඹ වරායේ මුදල ප්‍ර‍මාණවත් වුණේ නැති වුණොත් අපිට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලන්න සිදුවෙනවා. එතකොට තමුන්නාන්සේලාට බදු පටවන්න සිදුවෙනවා. මොකද ඒ මුදල් කොතනින් හෝ ලබාගන්න ඕන. ඒ නිසා තමයි අපි ආයෝජකයෙක් සමඟ සාකච්ඡා කරන්නේ. නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ අද ආයෝජකයා හරිම කලබලයි අත්සන් කරන්න‍. අපි කලබල නැහැ. අපට අවශ්‍ය හරි ක්‍ර‍මයට මෙය අත්සන් කරන්න. මොන ආයෝජකයාද ගිවිසුමකට අත්සන් කිරීමට පෙර මුදල් දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි මොනවා කිව්වත් හම්බන්තොට වරාය වටිනාකමකින් යුක්ත තැනක්…”

ශිෂ්‍යත්ව ප්‍ර‍දානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසූයේ විවිධ අර්බුද හුවා දක්වමින් ආණ්ඩුව පෙරළීමට ඇතැම් පිරිස් උත්සාහ දැරවත් මේ රජය වෙනස් කිරීමට කිසිඳු ඉඩක් නොමැති බවයි.

ඊයේ වනවිට මේ ආණ්ඩුව අවසන් වගේ පෙණුනේ. මාධ්‍යයෙන් තමයි පෙන්නුවේ. මාධ්‍යයට දාගන්න ඉඩ නැහැ. වරාය අධිකාරිය පට්ට ගහලා ඉවරයි. වරාය අධිකාරිය සම්පූර්ණයෙන් චීනෙට දීලා වගේ පෙන්නුවේ. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඒකට විරුද්ධයි. අපිට වරාය අධිකාරිය රැකගන්න අවශ්‍යයි. අපේ අර්ජුන රණතුංග ඇමතිතුමාට අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වගකීමක් පවරලා තියෙනවා මේ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගන්න. එතුමා ඒ උත්සාහයේ ඉන්නවා. එය අත් හරින්නේ නැහැ. මාගම්පුර වරාය ආයෝජකයින්ට පෙන්නලා, අයෝජකයෝ පිස්සු වැටිලා ඉන්නේ. මේ වනවිට ආයෝජකයෝ පස්සෙන් එනවා ගිවිසුමටත් කලින් මුල්ගල් තියන්න. නමුත් තවම ගිවිසුම අත්සන් කරලා නැහැ. ගිවිසුම පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වුණාට පස්සෙයි ආයෝජකයෝ එන්න ඕන. නමුත් දැන් ඔවුන් කලබල වෙලා. ඔවුන් කලබලේ ඇවිල්ලා ඉන්නවා. මේක සුන්දර රටක්. මෙය රැකගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැපවීමෙන් කටයුතු කරනවා කියන එක මම විශ්වාසයෙන් කියනවා. එතුමා ඒ පොරොන්දුව දීලා තියෙනවා. එතුමා කිසි කෙනෙකුට ආවට ගියාට මේ සම්බන්ධයෙන් සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නැහැ. රජයට අභියෝග එනවිට පිරිසක් බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව පෙරළන්න. මේක පෙරළන්න අවශ්‍යයි. ඒ තව අවුරුදු හතරකින් විතර. දැන්ම ඒක කරන්න බැහැ. ඒකට ඉඩ කඩක් කොහෙත්ම නැහැ. ව්‍යවස්ථාවේ ඒකට ඉඩ නැහැ. විශ්වාසයෙන් කියනවා මේ ගමන අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. ඉදිරි වසර හතරහමාර තුළ මේ අමාත්‍යාංශයේ ඇමතිධූරයේ කටයුතු කරන්නේ අර්ජුන රණතුංග ඇමතිතුමා කියන එකත් මම විශ්වාසයෙන් කියනවා….” යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුභසාධක සහ කාර්මික සම්බන්ධතා කොට්ඨාසය විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍ර‍දානෝත්සවය සංවිධානය කෙරිණ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 84 දෙනෙක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටියහ. ශිෂ්‍යත්ව ප්‍ර‍දානයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වසරකට වැය කරන මුදල රුපියල් ලක්ෂ 80 ක් වේ.

– තමීර මංජු

2 Responses to “හම්බන්තොට වරාය වටින තැනක්.. ගිවිසුම ගහන්න චීනාට පුදුම හදිසියක් තිබෙන්නේ.. වේලාසන මුදල් දෙන්නත් ලැස්තියි.-අර්ජුන රණතුංග”

  1. Ananda-USA Says:

    Arjuna Ratnatunga’s is a Booru DeshaDrohiya who cares only about money!

    This is the same guy who wasted Rs 12 million on a Christmas Tree at Galle Face! How much more will he spend to remove the tree, repair and restore the site!

  2. Christie Says:

    ඉන්දියන් කාරයො එනකන් ඉන්නව වගේ. අඩානිල අම්බානිල ටටාල්ල උන්ගෙ මෙහෙ ඉන්න ඒජන්ට්ල පගාව ගන්න උන් පහුගිය කාලෙ ගත්ත ඒවට උදව්, කවුද දන්නෙ තොවිලෙ ඉවර වෙනකන්.

    Who knows until the fat lady dance. May be waiting for Adanis, Ambanis, Tatas their agents here and those after bribes, favors for prior payments. Who knows except they themselves.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress