සෝවියට් දේශයේ සංස්කෘතික
Posted on January 13th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

දේශය සංස්කෘතික වශයෙන් ඉතා ඉහල දර්ශකයක් අත් පත් කරගෙන තිබූ දේශයක්විය. සෝවියට් දේශයේ සාහිත් , නාට් , ගීත , ඔපෙරා , සෝවියට් චිත්රපට අන්තර් ජාතික කීර්තියඅත්පත් කරගෙන තිබුණි. ලෝකයේ කුඩා දිවයිනක කුඩා ජන  සමාජයක් නියෝජනය කල අපදමෙම සෝවියට් සංස්කෘතියෙන් පෝෂණය වූයෙමු.

ලෝ ප්රකට බල්ශෝයි තියාතරය අසලින් මම කිහිප විටක් මේ අත ගොස් තිබුනද බල්ශෝයිරඟහලට ගොඩවී නාට්යක් ඔපෙරාවක් නැරඹීමේ වාසනාව නොලද්දෙමි. එහෙත් බල්ශෝයිතියාතරයේ රඟ දක්වන ලද ස්වෝන් ලේක් සහ නට්ක්රැකර් යන බැලේ නාට් කියෙව් නගරයේදීමම නැරඹුවෙමි.

ඔපෙරා වලට ආලය කළ සෝවියට් ජනතාව ඇමොඩේයස් මෝසාට් ගේ ජීවිත කතාව අඩංගු වූඇමොඩේයස් නම් ඇමරිකානු චිත්රපටය බැලීමට පොදි ගැසුනහ. ඇමොඩේයස් චිත්රපටය මමනැරඹුවේ සෝවියට් දේශයේදීය. මේ හැර ඉතලියානු සහ ජර්මානු ඔපෙරා එකල සෝවියට්දේශයේ පෙන්වන ලදි. සෝවියට් සහ නැගෙනහිර යුරෝපීය ඔපෙරා රූබල් තුනක් වැනි සුළුමුදලක් ගෙවා මම නැරඹුවෙමි. මෙවැනි උත්කෘෂ්ට ඔපෙරාවක් බැලීමට ප්රවේශ පත්රයක්බටහිර ලෝකයේ අවම වශයෙන් ඩොලර් සියයක්වත් වේ.

සෝවියට්වරු සතුව උසස් සිනමාවක් තිබුනේය. ඔවුන් ගේ බැට්ල්ශිප් පතොම්කින් නම්අන්තර්ජාතික කීර්තියට ලක් වූ චිත්රපටය සෝවියට් රූපාවාහිනියෙන් මම කිහිප වතාවක්මනරඹා තිබේ. එසේම මෑන් විත් මූවි කැමරා, සර්ජි බන්ඩර්චුක් රඟපෑ ; වෝ ඇන්ඩ් පීස්,මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් , ඩයමන්ඩ් ආර්ම්තිහි දොන් ( දොන් නදිය ගලා බසී ) යන  ලෝක  පූජිත  චිත්රපට  නැරඹුවෙමි.

 සිනමාව අධ්යනය කරන ඕනෑම ආධුනිකයෙකු  මේචිත්රපට නැරඹීම අනිවාර් බව මම කියමි. මේ හැර හැට , හැත්තෑව සහ අසූව දශකයේසෝවියට් චිත්රපටද මම ආශාවෙන් නැරඹුවෙමි. අද වූවද ඉඳ හිට යූ ටියුබ් ගොස් සෝවියට්චිත්රපට නැරඹීම මම කරමි.

මේ චිත්රපට අතර පිදිසත් ත්රීතය හොලද ලීතිය, අෆෝන්යා, මාලිංකය වේරා යන චිත්රපටතිබේ. මේ චිත්රපට සිනමාව වින්දනය කරන රසිකයන් නැරඹිය යුතුය. එසේම ලෝකයේහොඳම යුද චිත්රපට සෝවියට් යුද චිත්රපට බව මම කියමි. මෙසේ කියන්නේ ලෝංගස්ට් ඩේ ,ගන්ස් ඔෆ් නැවරොන් , ඇපකොලිප්ස් නව් , ප්ලැටූන්, බ්රිජ් ටූ ෆාර් , තින් රෙඩ් ලයින් ,සේවිංප්රයිවෙට් රයන් යන බටහිර චිත්රපටද නරඹා තිබෙන රසිකයෙකු වශයෙනි. එසේම ලිබරේශන්නම් සෝවියට් යුද චිත්රපටය නොබැලුව දෑස් මක්කටද ? කියා මම අසමි.

සෝවියට් නාට් පිළිබඳවද කතා කල යුතුය. සෝවියට් නාට් ගැන ඉගෙන ගැනීමට බටහිරනාට්යකරුවන් බොහෝ දෙනකු සෝවියට් දේශයට ආහ. එසේම සොලමන් ෆොන්සේකා,හෙන්රි  ජයසේන සෝවියට් නාට් අධ්යනය කළහ. නාට් අධ්යනයට බ්රෝඩ්වේ යාමටහැකියාව තිබුනද හෙන්රි ජයසේන සෝවියට් දේශයට බව ඔහුගේ මිනිසුන් වූ දරුවන් ස්වයංචරිතාපදානයේ සඳහන් වේ.

ruwan13011701

සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේ මම ඉරාන , චෙකස්ලෝවේකියානු , රුමේනියානු,හංගේරියානු, පෝලන්ත, නැගෙනහිර ජර්මානු, බල්ගේරියානු චිත්රපට නැරඹුවෙමි. ලංකාවේදීහෝ බටහිරදී මෙම චිත්රපට නැරඹීම දැන් සිහිනයක් පමණි. මේ හැර පාස්පෝර්ට් නම්ගුරුසියානු කවට චිත්රපටයද මගේ සිත් ගත්තේය. ගුරුසියානු  චිත්රපටයක් ලෙස්ටර් ජේම්ස්පීරිස් මහතා නරඹා තිබේද කියා සැකය.

සුප්රකට වොල්ගා වොල්ගා චිත්රපටය වරක් මම කැනඩාවේ රුසියන් ප්රජාව සිටි ප්රදේශයකදීනැරඹුවෙමිවොල්ගා වොල්ගා චිත්රපටය ස්ටාලින් ගේ ප්රියතම චිත්රපටය විය.

සෝවියට් ගීත වලට අප ප්රිය කලෙමු. ආලා පුගචෝවා, ව්ලැදිමීර් විසෝස්කි, වික්තර් සෝයිවැලේරි ලියොන්තීයෙව් , ලයිමා වයිකූලෙ ( ලයිමා ලැත්වියානු ජාතික කාන්තාවකි ) මෝල්දෝවාජාතිකාවක වූ සොෆියා රතාරෝ යනාදීන් ගේ ගීත මෙන්ම මෂ්ශිනා ව්රේම්නි , කිනෝයනසංගීත කණ්ඩායම්ද , අරියා වැනි රොක් මෙට්ල් සංගීත කණ්ඩායම්ද ගීත වලටද අපි සවන්දුන්නෙමු

වරක් මම  ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත ප්රිය කරන බව ඇසූ ක්රොඒශියානු කැනේඩියානුවෛද්යවරයෙකු වූ වෛද් අයිවන් පෙරුස්කෝ විමතියට පත්වී  ” ඔබ ජාත්යන්තර සංස්කෘතිකලෝකයකට නිරාවරණය වී තිබෙන බව කීවේය.   ඊට පිළිතුරු ලෙස මා කීවේ මේ සඳහා මමසෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතයට නය ගැති බවයි.

ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත බටහිර ලෝකයටද ලඟා වී තිබූ අතර බටහිර චිත්රපටයක් වූ වයිට්නයිට්ස් චිත්රපටයේ තේමා ගීත සඳහා ලයනල් රිචී සහ ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත තෝරාගන්නා ලදි. තවද මම  ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් සිංහලටද පරිවර්තනයකලෙමි. මර්ලේනා සීම්නා විසින් විසෝස්කිගේ ගීත භාෂා 59 පරිවර්තනය කොට පොතක් ලෙස පළ කොට තිබේ. මේ පොතේ මා විසින් පරිවර්තනය කල Koni Priveredlivye”  ගීතයේ සිංහල අනුවාදය අන්තර්ගතය.

සෝවියට් දේශයේ රූපාවාහිනී සේවයද විශිෂ්ඨ සේවාවක් විය. පහත් රුචිකත්වයෙන් යුත් අවරගනයේ වැඩසටහන් වෙනුවට ඔවුන් නිතරම සම්භාව් චිත්රපට පෙන්වූ අතර උසස් ගනයේබටහිර චිත්රපට ටෙලි නාට් හඞ කවා විකාශනය කරන ලදි. මේ සම්භාව් ටෙලි නාට් අතරප්රන්ස , ආර්ජෙන්ටීන, බ්රසීල සහ ඇමරිකානු , බ්රිතාන් නිර්මාණ වූහ

සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය. එහෙත් සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා ඔවුන් බටහිර රටවල් වලට ඉදිරියෙන් සිටිබව මට සිතේ. ඔබට සෝවියට් මිනිසෙකු සමග රුඩොල්ෆ් වැලැන්ටීනෝ , ඕසෝන් වේල්ස්, අතර්මිලර් , වෝල්ටර් ස්කොට්, අගතා ක්රිස්ටි, ඉයන් ගිලන් , ඩේවිඩ් බෝවි , ඩාර්ලි , හෙමිං වේබොරිස්  කාලෝෆ්වැග්නර්  යනාදීන්  ගැන කතා කල හැකිය.

 සෝවියට්  මිනිසා ඔබව තේරුම්ගනු ඇත. එසේම ඔහු ඩොස්ටයෙව්ස්කිගේ, පුෂ්කින්ගේ , ශේක්ස්පියර්ගේ,   රොමේන්  රොලාන්ඩ්ගේහර්මන් මෙල්විල් ගේ  , ජෙෆ්රි චෝසර්  ගේ පොත් කියවා ඇති මිනිසෙකි

සෝවියට් විශ්ව විද්යාල වලද මේ  සංස්කෘතික දියුණුව තිබුනේය. බොහෝ යුරෝපීය විශ්වවිද්යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්යා, අන්යන්කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත.මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහසකියන අර්ථයෙන් නොවේකාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක්ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහසකියායඑවැනි සමාජයක්  ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේමතරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනටඅවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය.  

මෙවැනි ලිංගික පීඩන තත්වයක් සෝවියට් සමාජය තුල තිබ්බේ නැත. සෝවියට් විශ්ව විද්යාලසිසුන් බැලේ වැනි නර්තනයන් හැදෑරූහ. බෝල් රූම් ඩාන්සිං පන්ති ගියහ. එසේම පරිසරආශ්රිත වැඩසටහන් බොහෝ තිබුණි. සති අන්තයේ ඔවුන්  ඩිස්කොතේක්  ගියහ.

සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා සෝවියට් පද්ධතිය භාවිතා කළ ක්රියා මාර්ගයන්අධ්යනයට ලක් කිරීම සුදුසුය. සෝවියට් දේශයේ සිට උතුරු ඇමරිකා විශ්ව විද්යාල වලට පැමිණිසිසු සිසුවියන් මගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. ඔවුන් උතුරු ඇමරිකානු සිසු සිසුවියන්ට වඩාලෝකය පිලිබඳ ප්රතිවේධයකින් යුක්තය.

මෙලෙස පැරණි සෝවියට් දේශයේ සිට පැමිණි මරීනා යෝක් විශ්ව විද්යාලයේ උපාධිධාරිනියකි.මරීනා සමග දේශපාලනය , කලාව , සාහිත් ගැන කතා කිරීමට මම ප්රිය කරමි. ඇය ඩන්ටේඅලගියෙරි, වුල්ෆ්ගැං වොන් ගර්ටර් (ගතේ)  ,  ඔස්කා වයිල්ඩ්එමලි බ්රොන්ටේජෙෆ්රරි ආචර්මෙන්ම  අයිසෙක් ඇසිමෝව්   කියවා තිබේ.

 එහෙත් ඛේදජනක ලෙස වර්තමාන රුසියානු නවපරම්පරාව කියවීමෙන් ඈත් වෙමින් සිටිති. ඔවුන් බොහෝ සෙයින් නරඹන්නේ Vin Diesel රඟනඇක්ශන් වර්ගයේ චිත්රපටය. ඔවුන් ගේ රසාඥතාව බොහෝ සෙයින් පිරිහී තිබේ. පැරණිසෝවියට් සංස්කෘතික මිනිසා මරාගෙන නව මිනිසෙකු පැමිණ තිබේ. එහෙත් ඔහු සංස්කෘතිකවශයෙන් හිස් මිනිසෙකි. සංස්කෘතික වශයෙන් දුගී  මිනිසෙකි.

 වෛද් රුවන් එම් ජයතුංග

 

 

One Response to “සෝවියට් දේශයේ සංස්කෘතික”

  1. S.Gonsal Says:

    I remember seeing a film in London about ten years ago. It tried to portray Russian people as human beings by showing Russian women with babies and Russian men taking their children out for picnics. At the time, this presentation of the Russian people was unusual because most of the propaganda of the

    West made them out to be titanic monsters or cold-hearted,reptilian people — and so you never thought of them as human beings. If you want to kill people, you have to make them out to be that way; you cannot very well kill somebody if you realise they suffer the way you do. You have to think that they are cold-hearted, immoral, worthless and bad, and that it is better to get rid of them. You have to think that they
    are evil and that it is good to get rid of them. You have to think that they are evil and that it is good to get rid of evil.
    With this attitude, you might feel justified in bombing and machine-gunning them. If you keep in mind our common bond of suffering, that makes you quite incapable of doing those things.

    _Achan Sumedho

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress