එකෙකුටවත් නොරැවටී 13සංශෝධන  සුදුඅලියා කැලෑ වද්දමු
Posted on January 14th, 2017

සෝමපාල සෙනරත්

පිටරටවල ඉන්නා අයට පෙනෙන්නේ ලංකවේ මහා කලබලයක් පවතින බවය. ඒත් ඕනෑම විසිටර් කෙනෙකුට පෙනෙන්නේ “බිස්නස් ඈස් යූශුවල්” ලෙසයි. කෙසේ වෙතත් වෙබ් අඩවිවල කියන කතන්දර  අනුවත්,  වික්‍රමසිංහගේ ඉතිහාසය අනුවත් ඊලාම් දීමට සූදානමක් ඇතිබව පෙනේ. එසේනම් එය නවැත්විය යුතුය. මෙය කරන්නේ කෙසේද ?

අලුතෙන් දෙන්න දෙයක් නැති තරමට ෆෙඩරල් දැනටමත් දී හමාර බව පැහැදිලිය. හොඳම උදාහරණ දෙක නම්, මහින්ද අගවිනිසුරිය ගෙදර යැවීමට තුඩුදුන් නඩු තීන්දුවත් , ඊයේ පෙරේදා රනිල් ගේ සුපර් ඇමති පණත පළාත් සභාවලින් පරාජය කිරීමත් ය. පාර්ලිමේන්තුවත ඉහලින් සිටින 13වැනි සංශෝධනය නමැති ඉන්දියන් දඩෝරියා  අපේ අත පය නහර ගලවද්දී දේසපාලක සුනඛයෝ ඌව හුරතල් කරමින් කටු ලෙවකති. එදා ජේ ආර් මුදියන්සේ   රජීව් ගේ  තර්ජන නිසා බලෙන් ව්‍යවස්තාවට දැමූ මේ පළාත් සභා අසික්කිත සංසෝධනය ඉවත් කිරීමට තරම් වීරයෙක් අපේ පාර්ලිමේතුවේ පහල වී නැත. අලුත් පාර්ලිමේන්තුවක පහල වන්නේත් නැත.

මේ ගැන “ව්‍යවස්ථා එක්ස්පර්ට්” කියන ජයම්පති නමැති මන්තිරියාගේ (මොහු විශේසඥ නීතිඥයෙකි)  කියමන බලමු.

දහතුන්වැනි සංශෝධනය ගැන අවුරුදු විසිඅටක අත්දැකීම් අපට තියෙනවා. ඒක රටට ගැළපෙන්නේ නැති බව හැමෝම දන්නවා. මේක සුදු අලියෙක් කියලා හැමෝම කියනවා. මේ ගැන වාර්තා ඇතිවෙන්න තියෙනවා. මේවා අපි අඳුනාගෙන තියෙන්නේ. ඒවා ආමන්ත්‍රණය කළ යුතුයි. පළාත් සභා අහෝසි කරන්න හෝ ඒවාගේ බලතල අඩුකරන්න කොහොමත් බැහැ. සංවර්ධන පනත සම්බන්ධ කාරණයේදී පෙනුණු යථාර්ථය ඒක. එහෙම පළාත් සභා තියෙනවා නම් නිකන්ම තියලා වැඩක් නැහැනේ. ඒකට ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනෑ.

සුදු අලියෙක් බව හඳුනාගෙන, අලියා වල් උනාට කමක් නෑ කලු කරන්නයි මොහු කියන්නේ. මොහු විශේසඥයකු නොව  විශේෂ ආඥානයෙක් බව මෙයින් පැහැදිලි නැද්ද ? මෙවැනි මන්තිරියන් හදන ව්‍යවස්තා වලින් මුන්ගේ වස්ත්‍ර ගැලවී යනු මිස ඊට වැඩි දෙයක් වන්නේ නැත. මේ පලාත් සභා රටේ දියුනුවට අත දුන්නා ද ? රටේ ආර්ථිකය වැඩිපුර කාර්‍යක්‍ෂම කලා ද ? මේ අවුරුදු 30 ක් තුල අලියා මොන මගුලක් කරාද කියාවත් හොයන්නේ නැද්ද?

මෙතනදී වැදගත් වන කරුණ නම් ආණ්ඩු පෙරලීම නොව පලාත් සභා 13සං  සුදුඅලියා විනාශ කිරීමට පමණක්ම සටන් වැදීමයි. එක අරමුණකින් සටන් වැදුනොත් මොන ආණ් ඩුවක් තිබුණත් කල හැකිය. එහම නැතුව වෙන වෙන අජෙන්ඩා ඇති එවුන් ගේ නැට්ටේ එල්ලී ගිහින් කම් නැත්තේ මීට කලින් ආණ් ඩුවත් 2/3 බලය තිබිය දී එය නොකළ බැවිනි.

එසේ හෙයින් උඹලාට අපේ චන් දය ඕනෑනම් සුදු අලියා කැලෑ වැද්දවිය යුතු බවම අවධාරණය කළ යුතුමය. මුන්ව හුරතල් කර , රජ කර, බොරු “ක්ලීන් මෑන්” නම් දී මෙය කල නොහැක්කේ මුන් කිසිකෙනෙක් රටට ජනතාවට ආදරයක් ඇති අය නොවන නිසයි. මුන් බලා සිටින්නේ ගසා කා පිටරට සවාරි ගසා රටේ කෑලි කෑලි විකුණා බැංකු ගිනුම් තරකර පිට රට ගොස් පදිංචි වීමටයි. මුන් දන්නා හොඳම දේ නම් පිටරටවල ජීවත් වීමට ලොකු ලොකු මුදල් ඕන බවයි.

5 Responses to “එකෙකුටවත් නොරැවටී 13සංශෝධන  සුදුඅලියා කැලෑ වද්දමු”

  1. Christie Says:

    පලාත් සබා කියන්නේ ඉන්දියානු අදිරදය විසින් සින්හලයන් නැතිකිරීමට පටවපු දෙයක්.

    අද සින්හල දේසපාලන බලය සමහර මට්ටටමකින් සින්හලයන්ට තියෙන්නෙ පලාත් සබා වලින්. ඉන්දියන් අදිරද උප්පරවැට්ටිය හර්යටම හරි.

    අපි ඉන්දියානු අදිරදයේ කට්ටකම් වටහා ගන්න ඕනි. එකතු වන්න ඕනි, ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගී සිටින්න ඕනි.

  2. S.Gonsal Says:

    Finally I see someone attacked this to the point.

    “REMOVE 13A OR WE VOTE UNP” shall be our threat to ALL. Actulally that is going to happen if a new party recognises this MOTHER OF ALL PROBLEMS.

    Christies is right. INDIA is the mother of all problems. Sell the country to China is also acceptable that letting INDIA gradually destroy us.

    “DO NOT VOTE WHO SAYS INIDA IS OUR FRIEND” shall be another slogan.

  3. S.Gonsal Says:

    “එහෙම පළාත් සභා තියෙනවා නම් නිකන්ම තියලා වැඩක් නැහැනේ. “

    – ඒක තමයි යකෝ ඒක නැති කරන්න ඕනෙ.

  4. Dilrook Says:

    I agree word to word. This is one of the best and concise write-ups on 13A and connected challenges facing the nation.

    Quoted from the article with some change.

    එසේ හෙයින් උඹලාට අපේ චන්දය ඕනෑනම් 13A සුදු අලියා කැලෑ වැද්දවිය යුතුම බව අවධාරණය කළ යුතුමය. 13A සුදු අලියා කැලෑ වැද්දවීමට පොරොන්දු නොදෙන ඕනෑම තරාතිරමක දේශපාලනඥයෙකුට (මහා දේශප්‍රේමීන්ට පවා) සිංහලයන් ඡන්දය නොදිය යුතුය.

  5. aloy Says:

    This is one of the best article written and is to the point. But who is there to do it?. Sinhalese has to agree on someone to do it. Both this government and previous one had the 2/3 necessary to do it. None did it. They will promise sun and the moon and after coming to power will forget in no time. This government going to give Eelam as well.

    Best hope is to rally round someone like Ven. Elle Gunawansa and get him to agree on a time table and a basic framework to change the constitution that suits us; something on which all ethnic groups can live harmoniously with equal rights, but one which does not disregards the rights of majority and the place for Buddhism. A mechanism should be put in place to prevent the local thugs entering politics and squandering national wealth. A person with vision and knowledge about the international politics should take over the country.

    Can all civil society big wigs and academics who helped to put the current GOSL in place, but are disillusioned now meet and agree on this as a start?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress