පළාත් සභා ද ?  මැකි  මදුරු සභා ද?
Posted on January 16th, 2017

සෝමපාල සෙනරත්

ඉන්දියාවට උවමනාවට ජේ ආර් 13සංශෝධනය ගෙනාවේ කැමැත්තෙන් නොවේ. ඉන්දියාවට ඕනෑකර තිබුනේ ඊලම සහ නොඊලම ලෙස රජයන් 2ක් හැදීමයි. එහෙත් ජේ ආර් කීවේ එහෙම උතුරු නැගෙනහිර පමණක් කළ නොහැකි බවත් බල විමධ්‍යගත කිරීමක මුවාවෙන් පලාත් නවයටම ආණ් ඩු දිය යුතු බවය. ඔහු වික්‍රමසිංහ තරම්ම  අලජ්ජියෙකු නොවින. බැරි වෙන කොට ගෙදර ගියේ ය. පසු කලෙක මේ අලියා කැලෑවටම යැවීමට බලාපොරොත්තුවක් තිබුනාත් විය හැක.

සුදු අලියා සහ මදුරුවෝ  වෙන්කර හඳුනා ගැනීම

සුදු අලියා කැලැවේ සිටියානම් අනුන්ට කරදරයක් නැත. සුද්දෝ යුරෝපයේ සිටියානම් ද එසේමය. එහෙත් අල්ලාගෙන ඇවිත් බැඳගත් දින සිට අපි ඌට කන්න බොන්න දිය යුතුය. අවුවේ යන්න බැරි නිසාත් ලස්සන නිසාත් වැඩක් ගන්න බැරිය. ඕනෑ නම් පෙරහැර කට ගෙන යා හැක. පලාත් සභාත් මේ වගේ නම් නරකම නැත. අපේ ආර්ථිකය 1987 සිට කොස්ගස් කපමින් , ලොරිවල ගෙනයමින් මූට කොස් කොළ අතුපිටින් කැවීය. සමහර වෙලාවට මුගෙන් කරදර උනත් මූ යෝධ මදුරුවෙක් වී අපේ ලේ නොබීවේය. එහෙත් ,වැඩිපුරම , යුද්දේ අවසානයත් සමගම සුදු අලියා අධි බලැති මැක්කෙක් බවට පත්විය. මෙය පටන් ගත්තේ උතුරු පළාත් සභාව පත්වීමත් සමගය. ඊට හේතුව මූ අපේ ලේ උරාබීමට දැන් සැරසෙන බැවිනි.

13වැනි සංශෝධනය මගින් අපිට පරපෝසිතයන් බිහි කලෑයි කියන්නේ ඇයි ?

ඕනෑම සමාගමක්, සංස්ථාවක් හෝ රජයක් ආදායම් ලබන ආයතන වෙති. මේවා හුදෙක් වියදම් කරන්නෝ නොවෙති. ආයතනයේ පඩිනඩි ගෙවීමට , ගොඩනැගිලි පවත්වා ගැනුමට ආදායම් අවශ්‍ය වෙයි. පරිත්‍යාග වලින්ම ගෙනයන ආයතන වලට කියන්නේ “ලාභ නොලබන” ආයතන කියාය. පලාත් සභා ‘ලාබ නොලබන’ ආයතන නොවන්නේ එවැනි ආයතන පවත්වාගෙන යන්නේ මිනිස්සු අනුකම්පාවෙන් දානය කල මුදල් වලින් බැවිනි. එහෙත් මේවා ගෙනයන්නේ මහජනයාගෙන් ටැක්ස් කොට ගත් මුදලිනි. එබැවින් මේවා ‘පරපෝශිත සභාය’.

එහෙත් ලාභ නොලබන ආයතන,  රට පාලනය කිරීමට ඉල්ලීම හරිද?

පළාත් සභා වල එකම ආදායම ආණ්ඩුවෙන් වෙන් කරන මුදල්‍ ය. මුන් සම් බන් ධ වන්නේ  අමාත්‍යාංශ ලෙවෙල් එකේය. මේ මුදල්වලින් අඹුදරු රකිමින් මුන් සියලුම ව්‍යාකෘති වලින් පගා ගසති. හැම එකටම ඇඟිලි ගසති. වැඩක් කිරීමට ඉඩ නොදෙති. සියලු දෙපාර්තමේන්තු නිල ධාරීන් මුන් ගේ අනුමතිය නැතිව වැඩක් කිරීමට නොහැකි තත්වයකින් හිරවී ඇත. යම් අවංක නිලධාරියෙක් පලාතේ වැඩක් කිරීමට පෙර මුන් ගේ අංකුට්ටන්ට රස්සා දිය යුතුය. මීට අමතරව මන්තිරියාගේත් , අංශ බාර  ඇමතියාගේත්  නොයෙක් ඕනෑ එපාකම් පිලිපැදිය යුතුය. අවංක නිලධාරියා රටම එපාවී පිටරට යති. හොරු සහ මදුරුවෝ  ඉතුරුවෙති. අවංක ආයෝජකයාටත් එකම සෙල්ලමය. එක එකාට පගාව දී ණය ගෙවා ගන්න බැරිවී සමහරවිට මරණ බය මැද ආයෝජනය කරන්නේ මොකා ද?

මීට අමතරව මුන් දැන් ‘බලය බෙදා හැරීමක් ‘ ඉල්ලති (ඇත්තටම මේ ලෙඩ බෝකර ඇත්තේ අපේම එවුන්‍ ය). එසේනම් පරපෝසිතයන් නොවී උන් ගේ පලාතේම ආදායමින් මුන් පාරවල් නඩත්තු කල යුතුය. රෝහල්, පාසැල් , විශ්වවිද්‍යාල , පොලීසි , උසාවි මේ අදී සියලු සේවාවන් ගෙන යායුතුය. උදාහරණයක් ලෙස උතුරු පලාතේ ආදායම හදා ගැනීමට දකුණු පලාතේ සාරය උරා බීම හරිද ? අවුරුදු ගණනක් දකුනේ මිනිස්සු මැරීම මුන් ගේ එකම කර්මාන්තය වූවා පමණක් නොව ඒ සඳහා යොදා ගත්තේ දකුනේ මිනිසුන්ගේ දහඩිය මාන්සියෙන් උපයන සල්ලිය. කිසිම මුදලක් නොඋපයන, රටේ ආර්ථිකයට සොච්චමක් පමණක් එකතුකරන උතුරු පලාත් සභාව මේ මදිවාට පොලිස් බල, ඉඩම් බල ඉල්ලමින් කලබල කරති. මුන් කන වටේ රුං රුං ගානවා පමණක් නොව බෙදුම් වාදය, ජාතිවාදය වැනි මිනීමරු රෝග බෝකරන මදුරු රැලක් බවට පත්වී ඇත.

මේ ප්‍රශ්නය අනික් පලාත් වලටත් බලපායි. කොටින්ම කිවහොත්,   රටේ ජාතික ආදායම පළාතේ ජනගහනයට සම අනුපාතිකව බෙදූ ගනණනින් 1/2 ක් වත් නැත්නම් ඒ පලාතට සම බලය දීම මහා අසාධාරණයකි. එබැවින් මෙවැනි ක්‍රමයක් ඇතිකර ගැනීමට නම් පලාත්වල නිපැයීම මෙන්ම මුලු රටේ ආදායමත් විශාල වශයෙන් වැඩි කල යුතුය. එසේ වැඩි කරන තුරු ‘බලය බෙදීම’ විහිලුවක් වන්නේ ‘බලය’ ලබා ගැනීමට බුදියගෙන් ඉඳීමෙන් කල නොහැකි බැවිනි. අපේ රට මුන්ට යන්න පාරවල් හදා කෝච්චි පාරවල් හදා පාලම් හදා මුන්ම ඇටවූ බිම් බෝම්බ ඉවත් කිරීමට ගත් ණය ගෙවීමටවත් මුදල් මදි කල අපිට කිසිම බලයක් නැත. බිංදුව බෙදීම නමය ඊක්වල්ස් බිංදුව වෙන්නා සේ බෙදාගන්නා බලය බිංදුවම වේ. හදවත් නැති කොන්දක් නැති නූගත් දේසපාලුවන් බත්තරමුල්ල ගවගාලේ ලගිනතුරු අපි බිංදුව ඉල්ලා සටන් වදිමු ද ?

විමධ්‍යගත කිරීම ගැන කතා කලොත් කියන්න ඇත්තේ මේ පුංචි රටේ කිලෝමීටර් 300 ක දුර ගොස් කිරීමට තරම් වැදගත් දෙයක් මැකි  මදුරු සභා වලින් කෙරෙන්නේ ද යන්නයි. ඊමේල් , ෆැක්ස් , ටැලිෆෝන්, ටැලිකොන්ෆරන්ස් දමා කොහේ සිටියත් ඕනෑම වැඩක් කල හැක. බිලියන් ගනන් බලුමැක්කන් ට ගෙවා ලෙඩ දා ගන්නවාට වඩා අපිට බැරි නම් සුද්දෝ 9 ක් හෝ ගෙන්වා මේ කියන සම්බන්ධීකරණය පහසුවෙන්ම කළ හැක. 

මේ තර්කය මා ඉදිරිපත් කලේ කිසිම ජාතිවාදයකින් තොරවයි. ජාතීන් ගැන කතා කරතොත්  උතුරේ රට විනාශ කරමින් , දුම් රිය බස් රථ පුපුරවමින් , පාලම් විනාශ කරමින් , දරුවන් යුද භටයන් කරමින්, උන් දූෂණය කරමින් රට විනාශ වෙන සටන් ව්‍යාපාරය කලේ සිංහලයින් නොවේ. එසේනම් ඒ කරපු විනාශයට හරියන්න රටට ආදායමක් ගෙනදෙන වැඩ කරපියව්! ණය ගෙවපියව් ! ඊට පස්සේ ඉල්ලීම් ඉල්ලපියව් ! මේ සත්‍යය කීමට අපිට සිංහලයෙක් ඉපදී නැද්ද?

ඇත්තටම අපි කලයුත්තේ උතුරු පලාත චීනාට භාර දී ඕනෑම පඩියක් ගෙවා මුන් ගෙන් වහල් වැඩ ගන්නට අක්කර 22250,000ක් අවුරුදු 40 ලීස් එකට දීමයි.   ප්‍රභාකරන්ට දුන්නා නම් මුන්ගේ පසුපස තුවක්කුව අල්ලා මෙයම කරවන බැවිනි.

එසේ ලබා ගන්නා මුදලින් මුන් ගේ පාරවල් , ඉස්කෝල , පාලම්, රෝහල් හදන්න තිබුනි.  උන් සියලුදෙනාම එක්වී අර කී  ව්‍යාපාරය ගෙන ගිය බැවිනි.

පළාත් සභා පරපෝශිතයා විනාශ කරමු. මේ ඉල්ලීම පමණක්ම ඇති.

2 Responses to “පළාත් සභා ද ?  මැකි  මදුරු සභා ද?”

  1. Wetta Says:

    …”ඇත්තටම අපි කලයුත්තේ උතුරු පලාත චීනාට භාර දී ඕනෑම පඩියක් ගෙවා මුන් ගෙන් වහල් වැඩ ගන්නට අක්කර 22250,000ක් අවුරුදු 40 ලීස් එකට දීමයි. ප්‍රභාකරන්ට දුන්නා නම් මුන්ගේ පසුපස තුවක්කුව අල්ලා මෙයම කරවන බැවිනි.”

    Excellent ! I love that idea. Way to go. The only change I like is to extend the lease to 99 years.

  2. S.Gonsal Says:

    As someone said who is going to remove Palaath Sabha. No one is interested, even the people here. They just want MR back , together with his pet North Maduru Sabaha and good friend Wiggie the non-racist.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress