ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා  යටත් විජිත වාදය –10 (මගේ ”විමුත්ති මග්ග ….පොත අනුසාරයෙනි )
Posted on January 18th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

සොල්දාදුවෙකුවූ මහමත් තුමා  ආගමකද  නායකයෙකි සමරුන්ට අනුව ”’මහා පුරුෂයෙකි ”. කෙසේ හෝ වේවා මොහු නොසිටින්නට මනුෂ්‍ය  වර්ගයාගේ ඉතිහාසය  බොහෝසෙයින් වෙනස් වන්නට තිබිණි .සාමකාමී හා ශීලාචාර සම්පන්න වීමට ඉඩ තිබිණි .

                                                                                                 ”අපේ ශිෂ්ටාචාරයේ  අඛණ්ඩ පැවැත්ම  තහවුරු වීමට නම් ”මහා පුරුෂයන්ට ” අවනත වීමේ විලාසය  වෙනස් කල යුතුය ..මහා පුරුෂයෝද  මහා වැරදි කරති ”’–”පොපර් — 

                                                                     සමාවදීමේ අගය දේශනා කල මහමත් ගෙන් සතුරන්ට සමාවක් නොවීය .මක්කම වැසියන් හා යෙදෙව්වෝ ඔහුගේ නිරන්තර ප්‍රහාරයට ලක්වුහ ”””ඉස්ලාමය වැළඳ ගැනීමෙන් පසුව  මදිනාවේ සිටීමට අකමැතිවූ ”උක්ල් ‘ වාර්ගිකයෝ මහමත් ගේ අනුමතියද ඇතිව ආපසු ගියහ . පසුව ඉස්ලාමය ඇත හළහ .  මහමත් ඔවුහු කුදලාගෙන විත්  අත්පා කපා  ඇස්  උගුල්ලා  මරා දැමුවේය ”’—බුහාරි නම් ලේඛකයා —

                         ”’තමන්ට අවනත නොවන  කිසිම කෙනෙකු විෂයෙහි මොහමඩ්   , මහත්මා ගතියෙන් හා  මද්යස්ත  බැවින් කටයුතු කරනැත .දේශපාලන හෝ ආගමික වශයෙන් ප්‍රශ්න කරන්නෙකු ලෙස  සැකයක් ඇතිවුවහොත්  ඔප්පු කළහැකි වරදක් නැතත්  ඝාතනය කරනලදී..තම ගෝත්‍රිකයන්ගේ වස්තුව සොයා තබා ගැනීමේ වරදට  කය්බර් පාලකයා  මරා දමා ඔහුගේ බිරිය  තම කුඩා  ගෙන් වා ගත්තේය .අල්මාදිනාවේ යුදෙව් ගෝත්‍රික කණ්ඩායම් දෙකක් පිටුවහල් කර  එක කණ්ඩායමක්  අමු අමුවේ මරා දමන ලදී .මහමත් තෙමේම මේ ඝාතන නරඹා ප්රීතිවිය ””’—-”ඉබ්න් ඉෂාක් සහ  අල තබාරිගේ  සටහන් ඇසුරින් ”’මුයිර් තැබූ සටහනක් —–

                                    මක්කම වැසියන් තමා යටතේ එක්සත් කර තබා ගැනීම සඳහා ”’සමාවදීමේ අගය ”’දේශනා කල මහමත් ඔහුගේ කාර්යය ඉටුවූ පසු  සුපුරුදු ආක්‍රමණික  යුද භටයාගේ චරිතයටම  යලි ආරුඪ විය .. මෙහිදී අපට මතක් වන්නේ  ලංකාද්වීපයේ ජේ ආර්  ජයවර්ධන නම් පාලකයාය .ඔහුද ”ධර්මිෂ්ට සංකල්පය ”’ ඉදිරියට දමා බලය ගෙන  අධර්මිස්ටකම් කළ හැටි ඉතිහාසගතවී ඇත .

                             මහමත් තුමා මිය යන විට  ඇත්ත වශයෙන්ම එක්සත් ජාතියක් තිබුනේ නැත .. කොතරම් බලය යෙදුවද  හැම ගෝත්‍රිකයෙක් ම ඉස්ලාම් කරවීමට නොහැකි විය . ඔහු මිය යාමෙන් පසු බල අරගල නිමක් නොවීය .2 ,3 හා 4 වන  කාලිෆ් වරු ඝාතනයට ලක්විය… උත්මාන් ඝාතනය සිවිල් යුද්ධයට  දොර හරීමක්විය .සුල්තාන් වරුන් ගෙන් ඝාතනය වුයේ බොහෝවිටම මුස්ලිම් වරුය  මහමත් තුමාගේ පරපුරේ යද ඒ අත ර වුහ .මුස්ලිම් ලෝකය තුල මුස්ලිම් වරුන්ගේ ජීවිත් ඇති පුජනීය තත්වයෙන් හා අනභි භාවනීය  තත්වයෙන් තබාගැනීමට  මහමත් අපේක්ෂා කලද  ඔහුගේ මුල්ම සගයෝම එකිනෙකා ඇනකොටා ගත්හ .

                                  මොහුගේ       ‘යුදකාමී ශක්තිවේගය ”’ තැනගේ යම විනාශකළේය .ජිහාඩ් සංකල්පය විසින් කලේ ඒ ශක්ති වේගය මුස්ලිම් නොවන්නන් කෙරෙහි යොමු කරවීමය .මහමත්  නම් පාලකයා  තම රටේ අභ්‍යන්තර ප්‍රශ්න  විසඳා ලීම සඳහා  ඊට ගලපෙන්සේ  ”’හෙළිදරව් ”නිර්මාණය කර ඇත ”””””ඔහු තම  දේශපාලන චර්යාවන් සාධාරනී කරණය කිරීම සඳහා  මෙන්ම  ආගමික මුලධර්ම කාවද්දීමේ  අරමුණින්  දෙව්ලොව පණිවිඩ  නිදහසේ ගෙන එන ලදී  දේව ආවරණය යටතේ  යුද්ධ කළේය ..ඝාතන ආඥා පැනවිය .රටරටවල් යාකර ගත්තේය ..පෞද්ගලික ආශා  සන්තර්පණය කිරීම සංදහාද ”දිව්‍ය ආඥා යොදාගත්තේය.මේරි නම් වූ දාසිය සමග  ලිංගික සබඳකම් පැවැත්වීම සඳහා මහම ත් තුමාට  විශේෂ දේව  වර පත්‍ර ලැබීම කොරානයේ වෙනම පරිච්චේධයක සඳහන් වෙ . හදාගත් පුතාගේ බිරියට ආශා කල ඔහුට ඒ සඳහාද  ”දේව අනු මතිය ” ලැබී ඇත .

                                                    මේ ”හෙළිදරව් ”’ දේව වාක්‍යයන් නම්  ඒවා   අසාමාන්‍ය   අරුමයන්ය 

11 කොටස පසුව   

One Response to “ඉස්ලාම් අධිරාජ්‍ය වාදය හා  යටත් විජිත වාදය –10 (මගේ ”විමුත්ති මග්ග ….පොත අනුසාරයෙනි )”

  1. S.Gonsal Says:

    “”අපේ ශිෂ්ටාචාරයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වීමට නම් ”මහා පුරුෂයන්ට ” අවනත වීමේ විලාසය වෙනස් කල යුතුය ..මහා පුරුෂයෝද මහා වැරදි කරති ”’–”පොපර් —

    A golden statement we should recite daily. Those who cannot think properly, those who are Bayagullo and those who are not able to stand on their feet will follow මහා පුරුෂ concept.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress