රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ සහ කෘෂිවිද්‍යාපීඨවල ඉඩ පහසුකම් වලට සරිලන ලෙස නවක සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන ක‍්‍රමවේදයක් වහාම ඇති කරනු
Posted on January 22nd, 2017

ප්‍රවෘත්ති නිවේදනයයි -සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු

 පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිතව තිබූ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව සැබැවින්ම බඳවා ගන්නා ලද සංඛ්‍යාවේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු : අවධාරණය කර සිටී. විශේෂයෙන් විද්‍යාපීඨ සහ කෘෂිවිද්‍යාපීඨවල පසුගිය වසර කිහිපයක් තිස්සේ පුරප්පාඩු අති විශාල ප‍්‍රමාණයක් පවතින බවත් මෙම ගැටලූව විසඳීම සඳහා අදාල බලධාරින් මෙතෙක් ඵලදායි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අසමත්ව ඇති බවත් පෙන්වා දීමට කැමැත්තෙමු. උදාහරණයක් ලෙස 2015 අ පො. ස (උ.පෙ* විභාගය සමත් වූ ශිෂ්‍ය කණ්ඩායම් මේ වන විට බඳවා ගත යුතු උවද බොහෝ විශ්වවිද්‍යාල භෞතීය විද්‍යා ජීව විද්‍යා පරිගණක විද්‍යා කෘෂි විද්‍යා හා ධීවර විද්‍යා උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යයන්ගේ අවසන් නාම ලේඛණ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් තවමත් ලබා දී නොමැත.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින්ම නිකුත්කොට ඇති සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කිරිමේදී ( වගුව බලන්න* මෙම ගැටලූවේ ඇති බරපතල කම මැනවින් වටහා ගත හැකි අතර මෙම තත්වය ක‍්‍රමයෙන් උග‍්‍ර අතට හැරෙමින් බවතින බවද නිරික්ෂණය කල හැක. පසුගිය උසස් අධ්‍යාපන ඇමැතිවරයා මෙන්ම වත්මන් උසස් අධ්‍යාපන ඇමති වරයා ද විවිධ අවස්ථාවන්වල සංක්‍යාලේඛණ උපුටා දක්වමින් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නංවන බව ප‍්‍රකාශ කොට ඇත. එහෙත් එම ප‍්‍රකාශ සාවද්‍ය බවත් එම සංඛ්‍යා ලේඛණ වලට අනුකූලව සැබැවින්ම බඳවා ගැනීම් සිදු නොවන බවත් ඇතැම් පාඨමාලා සඳහා කෙරෙන බඳවා ගැනීම් ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් මින් පැහැදිලිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ඇතැම් පාර්ශයව ගොඩ නගන තර්කය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පුලූල් කිරීමට අවශ්‍ය පහසුකම් සහ ඉඩ ප‍්‍රස්ථා නොමැති බවයි. නමුත ඉහත සංඛ්‍යාලේඛණ අපට පෙන්වා දෙන්නේ රාජ්‍ය  විශ්වවිද්‍යාලවල පවතින ඉඩ පහසුකම් වලට අනුකූලව බඳවා ගැනීම් නොකෙරෙන බවයි.

මෙම තත්වය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යාමට මුදල් නොමැති එහෙත් උසස්  අධ්‍යාපනය සඳහා කැමැත්තෙන් සිටිින විශාල පිරිසකට අවස්ථාව අහිමි කොට ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා යොදවන සීමිත ජනතා බදු මුදල් වලින් උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව ද අහිමි කොට ඇත. එහි බරපතල කම වඩාත් වැඩිවන්නේ සිය අනාගතය සාක්ෂාත් කර ගැනීමට උසස් අධ්‍යාපනය හැර අන්යමක් නොමැති අහිංසක ¥ දරුවන් රැුසකටු සිය අවස්ථාවන් අහිමි වීමයි.

 

Academic Year University of Colombo University of Peradeniya University of Sri J’apura
Intake Admission Vacancies Intake Admission Vacancies Intake Admission Vacancies
2008/2009 365 348 17 400 364 36 490 444 36
2009/2010 365 357 8 400 393 07 490 361 129
2010/2011 365 358 7 400 389 11 490 362 128
2011/2012 365 357 8 400 338 62 580 578 2
2012/2013 365 356 9 400 354 46 580 562 18
2013/2014 365 338 27 400 361 39 580 547 33
Academic Year University of Jaffna University of Ruhuna Eastern University
Intake Admission Vacancies Intake Admission Vacancies Intake Admission Vacancies
2008/2009 340 125 215 340 261 79 250 87 163
2009/2010 340 295 45 250 223 27 300 162 138
2010/2011 340 292 48 250 224 26 300 152 148
2011/2012 350 206 144 340 243 97 250 208 42
2012/2013 425 313 112 340 255 85 250 212 38
2013/2014 425 278 147 340 221 119 250 171 79
Academic Year Rajarata Sabaragamuwa Wayamba
Intake Admission Vacancies Intake Admission Vacancies Intake Admission Vacancies
2008/2009 100 64 36 200 118 82
2009/2010 100 53 47 200 137 63
2010/2011 100 54 46 200 141 59
2011/2012 195 118 77 100 69 31 200 140 60
2012/2013 195 88 107 100 74 26 200 163 37
2013/2014 195 118 77 200 162 38
Academic Year University of Kelaniya South Eastern University
Intake Admission Vacancies Intake Admission Vacancies
2009/2010 195 116 79
2010/2011 195 113 82
2011/2012 510 330 80 300 102 198
2012/2013 510 414 96 300 117 183
2013/2014 510 429 81 300 237 63

මෙම ගැටලූව පැන නැගී ඇත්තේ අදාල බලධාරීන් ගේ අකාර්යක්ෂමතාව නිසාම පමණක් නොවේ. අ පො. ස (උ.පෙ* විභාග පැවත්වීමේ හා ඇගැයීම් ක‍්‍රියාවලිය, බඳවා ගැනීම් සිදු කරන ක‍්‍රමය කාලය එහි අඩුපාඩු ආදී විවිධ හේතූන් මෙම තත්වය ත‍්‍රිව‍්‍ර කිරීමට හේතු වී ඇත.

සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස අප ඉල්ලා සිටින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ සහ කෘෂිවිද්‍යාපීඨවල ඉඩ පහසුකම් වලට සරිලන ලෙස නවක සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන ක‍්‍රමවේදයක් වහාම ඇති කරන ලෙසය. එමෙන්ම උසස් අධයාපනයෙන් සිසුන් ඈත් කර තැබීමට මුල් පාදන අපගේ විභාග හා බඳවා ගැනීම් ක‍්‍රියාවලිය වෙනස් කිරීමට ඵලදායී ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. මෙම තත්වය ඇති කර ගැනීම සඳහා වහාම මැදිහත්වන ලෙස නිදහස් අධ්‍යාපනය සහ එහි සුරක්ෂිතතාව අගයන සියලූ පාර්ශව වලින් ද ඉල්ලා සීටීමට කැමැත්තෙමු.

 

මෙයට

සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු

2017 ජනවාරි 20

සම්බන්ධීකරණය 0714458399  0712279246  0716966611

University Teachers for Social Equality (UTSE)

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress