බැදුම්කර මගඩිය මහා හොරකමක් බව පොඩි එවුනුත් දන්නවා.. කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ උත්සවයකදී ජනපතිගේ මූණටම අහයි..
Posted on January 25th, 2017

ලංකා සී නිවුස්

බැදුම්කර මගඩිය යනු මහා හොරකමක් බවත් විවිද කොමිෂන් පත් කර එය යට ගහන්න හදන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිවරයාද සහභාගී වූ උත්සවයකදී බෙල්ලන්විල විමලරතන හිමියෝ ප‍්‍රශ්න කලහ.

උන් වහන්සේ මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ විමසූහ.

 

6 Responses to “බැදුම්කර මගඩිය මහා හොරකමක් බව පොඩි එවුනුත් දන්නවා.. කොමිසන් පත්කර යටගහන්නේ කලිසම් ඇදගෙනද.. බෙල්ලන්විල විමලරතන හිමියෝ උත්සවයකදී ජනපතිගේ මූණටම අහයි..”

  1. S.Gonsal Says:

    The best action I have seen by a monk for a long time.
    Thank you vernerable Sir.

  2. Lorenzo Says:

    GOOD!

    Now that he knows Sira should take some action AGAINST all governors in the past 10 years.

    Thank you venerable monk. This is way better that ROWDY protests and nonsense. He is bold enough to tell it openly to the president.

  3. Ananda-USA Says:

    Two YEARS after the ommission of the BOND SCAM GREAT CENTRAL BANK ROBBERY, our PANA-NATHI JANA-PATHI comes mewing and puking like a lazy schoolboy being dragged to school to FINALLY ACT against the ROBBERS he himself APPOINTED to Office!

    There is NO CREDIT DUE to this RELUCTANT SHERIFF for being FORCED by the PUBLIC includinh tje Ven. Bellanwila Head Priest, to DO HIS DUTY!

    Appointing YET ANOTHER COMMISSION to investigate the OBVIOUS simply DELAY JUSTICE and allows the ROBBERS, and the PARA-GATHI AGA-MATHI striving to protect the LLOTERS, to escape justice until the 2020 General elections!

    Threatening the leaders of the previous government to blackmail them into reducing the PRESSURE to prosecute the GREAT CENTRAL BANK ROBBERY is such a TRANSPARENT PLOY that is UNWORTHY of even this PANA-NATHI JANA-PATHI!

    Just DO YOUR DUTY NOW to protect the Wealth of Sri zlanka citizens instead of playing party politics Aiyooooo Sirisena!

    MAKE NO MISTAKE!

    Those who allow the CENTRAL BANK ROBBERS And those who AIDED & ABETTED them to ESCAPE UNPUNISHED and PROFIT from the LOOT will be PURSUED to the ENDS of the EARTH!

    Those who hoped to stack their PERSONAL bank accounts and thrir POLITICAL PARTY TREASURIES with the stolen LOOT to win future elections MUST NEVER BE ALLOWED to achieve their GOALS!

  4. S.Gonsal Says:

    I beleive it is fair to to publish the President’s reply as well.

    https://www.youtube.com/watch?v=85sTElKJkWk

  5. S.Gonsal Says:

    වැරදිකරුවන්ට උපරිම දඬුවම් බැඳුම්කරය යටගහන්නේ නෑ
    බෙල්ලන්විල නාහිමිට ජනපති පිළිතුරු දෙයි

    කුෂාන් සුබසිංහ

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්‌ පත් කරනු ලැබුවේ වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට බවත් එම සිද්ධිය යට ගැසීමට තමන්ට කිසිම අවශ්‍යතාවයක්‌ නැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25 වැනිදා) පැවැසීය.

    ඉහළම නීති විශාරදයන්ගෙන් උපදෙස්‌ ලබාගෙන එම ජනාධිපති කොමිසම තමන් පත් කරනු ලැබූ බවත් මාස තුනකින් පමණ එහි වාර්තාව ලැබෙනු ඇති බවත් ජනාධිපතිවරයා කීය.

    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පෙරදී පත් කළ පරීක්‌ෂණ කමිටු වාර්තා වල ප්‍රතිඵල ලැබීමට වසර දෙක තුනක්‌ ගත වන නිසා තමා මෙම ක්‍රියාමාර්ගයට පැමිණි බවත් තමන් කිසි ලෙසකින් වත් හොරුන් ආරක්‌ෂා කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

    මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබුණු වහාම මීට පෙර වසර හත අට තුළද මෙම ක්‍රීඩාව සිදු කළ අයට එරෙහිව ජනාධිපති කොමිසමක්‌ පත් කර ඔවුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    සමලිංගික විවාහ මෙන්ම ගණිකා වෘත්තියද නීතිගත කිරීමට වරින්වර යෝජනා ඉදිරිපත් වූ බව මෙහිදී ජනාධිපතිවරයා හෙළි කළහ.

    සමලිංගික කතාව කැබිනට්‌ එකට ගෙනාවා. මම තමයි විසි කළේ. ඒ එක්‌කම ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලත් ආවා. මම තමයි ඒකත් විසි කළේ. මම මගේ වැඩේ හරියට කරගෙන යනවා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    නාරාහේන්පිට අභයාරාම විහාරයේ ඉදි කළ අවුකන බුදුපිළිමයේ අනුරුව නිරාවරණය, කිරීමේ උළෙලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස්‌ දැක්‌වීය.

    මෙම උත්සවයේදී අනුශාසනාවක්‌ සිදුකළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රකාශ කළේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‌ෂණ පිළිබඳව ප්‍රශ්න කරමින් කොමිෂන් පැවැත්වීමෙන් ඵලක්‌ නොවන බවයි.

  6. Kumari Says:

    You must never allow the Kalu Suddas’ grab the power ever. Ranil and his clan are all Kalu Suddas, they have never worked for their living. Never helped another in need. They are living out of the loot made by their parents out of poor Sri Lankan peasants and then handed down the generations. They think it is their right to rob the country, divide it every which way they like.

    This type of Dhanapathiyan, Bhangawewa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress