ත්‍රස්ත  පරීක්ෂණය
Posted on January 26th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

මැ ද පෙරදිග රටවල් 6 ක සංක්‍රමණිකයන්ට ඇමරිකාව ට පැමිණීමට වීසා නොදීමට ට්‍රම්ප් තීරණය කර ඇතිබව  වාර්තාවෙය් .

එය රටේ ආරක්ෂාව සඳහා ගන්නා තීරණයක් හෙයින් ඒ තීරණය ගැන ප්‍රශ්නකිරීමට උසාවියටත් නොහැකිළු,ත්‍රස්තවාදියා තමන් ත්‍රස්ත වාදියෙකය්  කියමින් රටට එන්නේ නැත .එනකොට එන්නේ හිනාවෙවී ඇවිත් දෙනකොට දෙන්නේ අමරිකානුන්ට  ඇ ඬේ න්න ය් .

එනිසා  එන එකා ත්‍රස්තවාදියෙක් දැය් සොයා බලන්නට ගන්නා  උත්සාහය පල රහිතය .උන් ආවත් නොආවත් ඇමරිකාවට ඇති වැඩක් නැත  .මේ අනුව රටේ ආරක්ෂාව වෙනුවෙන් තරම් කර ඇත්තේ උන් වැඩියෙන් ඉන්නා රටවලින්කාටවත්  ඇමරිකාවට එන්නට නොදීමය .

තමන්ගේ රට ආරක්ෂා කර ගැනීමට මෙසේ දැඩි තීරණ ගැනීමට  මෙන්ම අනුන්ගේ රටවල් වල ආභ්‍යන්තරික ප්‍රශ්න වලට ඇ න්ගිලිගසීමෙන් වැළකීමටද  ට්‍රම්ප් .  ගෙන ඇති තීරණ අනුව බලන විට ට්‍රම්ප්  යනු  මෙතෙක් ඇමරිකාවේ පහලවූ නව ජාතික වාදී දේශපාලකයෙකි .බොරු ජාත්‍යන්තර වාදය ප්‍රතික්ෂේපකල චින්තකයෙකි

                                                         මේ ගැන හිතනකොට ලංකාව ගැන ලජ්ජා හිතෙනවා නේද .

වසර තිස් ගණනක් දුර්දාන්ත  ත්‍රස්ත වාදයෙන්  බැ ට කමින්  අනෙක දුක් වින්ද ජනතාව ඉන් ගලවා ගැනීමට 2009 දී  දියත් කල  මානුෂික මෙහෙයුමෙන් ත්‍රස්තයන්  පරදා නායකයා මරා දමන  අතර තුර  යටත්වීමට සුදු කොඩි උස්සාගෙන ආ  සතුරන්ටත් වෙඩි තබා ඝාතනය කලේ යය්  බොරු  චෝදනා කරමින් ජීවිත පරිත්‍යාගයෙන්  සටන් කල  රණ විරුවන්  දන්ගෙඩියට ගෙනයාමට  වත්මන් යහපාලන  යමයෝ උත්සාහ කරති .

ප්‍රේමදාස  ඇතුලත් මුදලි ගාමිණි දිසානායක  මැරුවේ ,චන්ද්‍රිකාට බෝම්බ ගැහුවේ ත්‍රස්තයන් ය අවිශ්වාස කිරීමට බැරි ලෙස පැමිණි ශාන්තදාන්තයන් විසිනි .

ප්‍රභා මැරෙන කොටම  සුදු කොඩි උස්සාගෙනම රජයේ හමුදා ඉදිරියට මරාගෙන මැරෙන ත්‍රස්තයන්  එන්නට හොඳටම ඉඩ කඩ තිබුනේය .

උන් හදලම තිබුනේ එහෙම කරන්නටය . ඉතින් එහෙව් අවස්තාවක  එන උන් මොනුන් දය හිත හිතා ඉන්නට වෙලාවකුත් නැත  අවශ්‍ය තාවකුත් නැත .

උන්ගෙන් පහරකා උන්ට රැවටුන  අවස්ථා ගැන හිතනකොට මේ වෙලාවේ තමන් ලත් ජයග්‍රහණය නැවත ආපස්සට හරවන්නට කිසිදු රණවිරුවෙක්  අදහස් නොකරනු ඇත .

රෑ  වැටුන වලේ දවල් වැටෙන්නට නොසිතා එදා රණ විරුවෝ  එවැන්නන්ට වෙඩි තිබ්බා නම් එහෙම කලේ රට රක ගන්නටය . ඒ වෙෆි තැබීම සිදු  වුනත් අප කලයුත්තේ එවැන්නක් නොවූ අයුරින් සිටීමය ඇමරිකාවේ සොල්දාදුවෝ වෙන රටවලදී මොන තරම් අපරාධ කර ඇද්ද  .

අපේ අ ය කල හැම සටනක්ම කලේ අපේරට බෙදුම්වාදී සතුරන්ගෙන් රැකගන්නටය .එහෙව් එකේ රණවිරුවන් පාවාදෙන්නට හිටපු හමුදා පතියෙක්ම  ඉදිරි පත් වීම නින්දා සහගතය රටේ ආරක්ෂාවට ට්‍රම්ප් ගත තීරණය ප්‍රශ් න කිරීමට  එරට අධිකරණයටත්  අයිතියක් නැතත්   අපේ රණවිරුවන්  රටේ ආරක්ෂාවට  ගත්  තීරණ හා කලදෙවල්  අපේරටේ උසාවි වලටත් නොදා එතෙර උසාවි වලට  විනි ශ්චය සඳහා බාරදීමට   තරම් වසලයින් සිංහල දේශපාලකයින් අතරම සිටීම  ඛෙද ජනකය .

ඉතින් දෙමලුත් මුස්ලිම් කාරයෝත් සිංහල රට කාබාසිනියා නොකර ඉන්දිය් ද  

 

2 Responses to “ත්‍රස්ත  පරීක්ෂණය”

  1. sarathk Says:

    කැ රට්ටුව ගැන හොඳටම දන්නා ත්‍රස්තවාදියෙක් සුදු කොඩි එසේව් පලියට විශ්වාස කරන්නට කැමති මෝඩයා කවුද? සුදු කොඩි එස වුවද කම් නැත ඝාතක ත්‍රස්තයා නොපමාව අවසන් කල යුතුය. අවුරුදු 30ක් වින්දා ඇති.

  2. Christie Says:

    සින්හලයෝ බොදු ,මුස්ලිම් හා කිතුනුවන් සටන්කලේ ඉන්දියානු අදිරද ත්‍රස්තයන්ට එරෙහිවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress