සෝවියට් දේශයේ සාමූහික ව්‍යසනයන් පිලිබඳ ග්‍රන්ථයක්
Posted on January 26th, 2017

වෛද් ගෝඩ්න් අතර්ලි
සයිමන් ෆ්රේසර් විශ්ව විද්යාලය
කැනඩාව

බොල්‍ෂවික් විප්ලවය ජයගත් ලෙනින් ෆීලික්ස් දෙර්ශීන්ස්කිට චෙකා සංවිධානය භාර දුන්නේය. චෙකා සංවිධානය විසින් ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කොට මිනිසුන් දස දහස් ගනනක් මරා දමන ලදි .

ලෙනින් ගෙන් පසු බලයට ආ ස්ටාලින් කල්හෝස් ක්‍රමය ආරම්භ කරමින් යූක්‍රයිනයේ කෘත්‍රිම සාගතයක් ඇති කොට ජන ඝාතන කලේය. එසේම ඔහු ගුලාර්ග් දේශපාලන සිර කඳවුරු වල ආරම්භකයාය. 1941 දී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කලේය.

මෙම යුද්ධය නිසා හට ගත්තේ සාමූහික ව්‍යසනයකි. පසුකාලීනව ඇෆ්ගන් සෝවියට් යුද්ධය නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුනු සොල්දාදුවන් පරම්පරවක් බිහි වූහ.

චෙර්නෝබල් ව්‍යසනය නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ පෙන්වන ලදි. සෝවියට්දේශය තුල මතුවූ සාමූහික ව්‍යසනයන් සහ පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙනි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද PTSD in the Soviet Union ග්‍රන්ථය සෝවියට් දේශය තුල මතුවූ සාමූහික ව්‍යසනයන් පිලිබඳව සමාජ මනෝ විද්‍යාත්මක ඇසකින් බලන්නකි.

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress