බෙදුම්වාදය පිනවන ඉඩම් බලතල පළාත් සභාවෙන් ගලවන්න මහින්ද එවකට ගහපු ගැටය
Posted on January 28th, 2017

 සටහන :යටියන ප්‍රදීප් කුමාර -යුතුකම  

ඩම් බලතල පළාත් සභාවලින් ගලවා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තුළ ජනාධිපතිවරයාව සිටි අවධියේදී පැවති අභිප්‍රාය පිළිබඳ බොහෝ දෙනා අසා නොතිබුණු කතාවක් පසුගියදා අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා විසින් හෙළි කෙරිණ.

මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ‘ බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යාවස්ථා සංශෝධන’ ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලේදී ඔහු මේ අදහස් පළ කළේය.

ගෝමින් දයාසිරි මහතා :
“අධිනීතීඥ එච් එල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් අපි එදා උතුර හා නැගෙනහිර බෙදුම්වාදයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සුන් කළා. ඒ උතුර හා නැගෙනහිර වෙන් කිරීම.
නමුත් අද මේ ව්‍යවස්ථා යෝජනා හරහා යෝජනා කරනවා උතුර හා නැගෙනහිර එක් කර වෙනම කලාපයක් ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන.

ඉඩම් බලතල ගැන කතා කරද්දි එක්තරා සිදුවීමක් මතක් කරන්නම වෙනවා.
මම මේ කතාව මීට පෙර කාටවත් කියලා නෑ. නමුත් අද කිවයුතුයි.

මම පවා එදා ඉඩම් බලතල පළාත් සභා සතු යැයි සිතා ඒ වෙනුවෙන් අදහස් දක්වමින් සිටි වකවානුවක ඉඩම් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමට උත්සාහ කළ ප්‍රසංශනීය චරිතයක් මට සිහි වෙනවා.
ඒ මහින්ද රාජපක්ෂ.
එදා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාව ඇමතුවා. ඔහු එහිදී අපූරු ඉල්ලීමක් කළා.

එතුමා කිව්වා ‘ඔබතුමා කෙසේ හෝ අධිකරණය හමුවේ මේ ඉඩම් බලතල කඩන්න ඕන’ කියලා.
මා තරමක් පසු බැස්සා ඒ ඉල්ලීම ඇහුවම.මම අදි මදි කරද්දි මහින්ද රාජපක්ෂ මහතා මාව දිරිමත් කළා ‘ඔයා කොහොම හරි ගෙදර ගිහින් ස්ටඩි කරලා මේක වෙන් කරන්න විදියක් සොයල කියන්න’ කියලා මගෙන් ඉල්ලුවා. මම ගෙදර ඇවිත් කල්පනා කරල බැලුවා.
එහිදී මට පෙනීගිය කාරණයක් තමයි අවසාන වශයෙන් රටේ සියළුම ඉඩම් වල හිමිකාරිත්වය පැවරිලා තිබෙන්නේ ජනාධිපතිවරයාට බව. ඒ ඉඩම් බලය වෙන් කළ හැක්කේ ඔහු කැමැත්තෙන්ම එය අනුමත කරන්නේ නම් පමණයි කියලා.
ඉනපසු අධිකරණයට ගියාම විනිශ්චකාරවරු තිදෙනෙක් තීරණය කළා මේ සියලුම ඉඩම් අයිති ජනාධිපතිවරයාට බව.
මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වුනේ උතුරේ මැතිවරණය පවත්වන්න කලින් අනතුරුදායක වගන්ති ඉවත් කරගන්නයි.
එසේ නොවුයේනම් විග්නේෂ්වරන් වගේ ඇමතිවරුන් යටතේ අපගේ හමුදා කඳවුරක්වත් පවත්වාගෙන යාමට නොහැකි වන බව ඔහු තේරුම් ගෙන සිටියා.”

මීට පෙර හෙළි වූ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කරන්නට යෝජනා කරන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට  ඉදිරිපත් කළ අතර ඩිව් ගුණසේකර , රාජිත සේනාරත්න  ආදීන් එයට එකහෙළාම විරුද්ධව කැබිනට් මණ්ඩලය තුළ එය පරාජය කර තිබිණ.ඒ ගැන හෙළිකරමින් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ පනතට කැබිනට් මණ්ඩලය තුල දැඩි සහයක් පළ කළ විමල් වීරවංශ මහතා  ඇතුළු පිරිසක් බවත් තමන්ට ඒ හඬ යටපත් කරන්නට බාහු බලයද යොදන්නට සිදුවූ බවත්ය.

ගෝමින් දයාසිරි මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්…

සටහන :යටියන ප්‍රදීප් කුමාරයුතුකම සංවාද කවය

One Response to “බෙදුම්වාදය පිනවන ඉඩම් බලතල පළාත් සභාවෙන් ගලවන්න මහින්ද එවකට ගහපු ගැටය”

  1. Dilrook Says:

    However, it is of very limited application and a plaster solution. 13A clearly grants land power to the province and also police powers.

    If anyone brings a Writ of Mandamum to the supreme court demanding land and police powers must be given (as per the constitution) to the provinces, the supreme court will do it, unless it is headed by a very sharp legal mind and patriot. Unfortunately, that is not the case.

    This is a huge danger of keeping 13A.

    As Gomin clearly states, we should have abrogated 13A immediately after winning the war in 2009 or in 2010 the latest. Tamil Eelamists were one step ahead of us. They got through the UN and UNHRC commitments from Sri Lanka to retain 13A and even fully implement it.

    War ended on May 19, 2009.
    On May 23, 2009, Ban Ki Moon and President Rajapaksa made a joint statement to implement 13A.
    Only May 27, 2009 Dayan Jayatilake submitted a counter UNHRC resolution promising to fully implement 13A and resettle displaced Tamils (no mentioning of others).

    It is correct to say that the political aspect of the war victory was reversed within 8 days. Had we listened to Gomin (who was responsible for de-merging east from the north and to successfully argue that state land doesn’t rest with the PC) on two key issues immediately after the war, we would be in a far better situation today. These are, abrogating 13A and initiating our own domestic war crimes investigation. We failed on both.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress