රාජ්‍ය පරිපාලනය හා රන්ජන්ගේ සුදු අලි මෙහෙයුම
Posted on January 28th, 2017

ආචාර්ය චන්දන ජයලත්

රාජ්‍ය පරිපාලනය වනාහි රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීමේ යාන්ත‍්‍රණය ලෙස අර්ථ දැක්වුවද දැන් ඇත්තේ ප‍්‍රතිපත්ති නොව විටින් විට එන මැති ඇමතිවරු දෙන උපදෙස්, ලණු හා මගඩි ක‍්‍රියාත්මක කිරීමක් යැයි කිවහොත් එය කිසිවකුගේ ගෝරණාඩුවකට ලක් නොවෙනු ඇතැයි මම සිතමි.

මෙම පරම්පරාව පවත්වා ගෙන යාම සඳහා වාර්ෂිකව වැය කෙරෙන ධනස්කන්දය ගැන කවෙරෙකු නම් සිතුවාද? නිල වාහන, විදේශ ගමන්, සම්මන්ත‍්‍රණ, වැඩමුඵ ඔස්සේ සාප‍්‍රාලේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා වූ මේ ගමනෙහි නම ගම පමණක් මේ වනවිට වෙනස් වී ඇත.

මෙම වෙස්ට්මිනිස්්ටර් ආකෘතිය මෙරට දළ දේශීය නිෂ්පාදනයට කළ දායකත්වය කුමක්දැයි යමෙකු සිතුවාද? එහි හැඩ ගැස්ම ගතානුගතික නොවේද? එහි ප‍්‍රවේශයන් සම්ප‍්‍රදායි නොවේද? චක‍්‍රලේඛ මත දිවෙන සමස්ථ පරිපාලන පන්ජරියම තැපැල් මහත්තයෙක් බඳු නොවේද? නිකුත් කරන බලපත් හා නිර්දේශ අධීක්‍ෂණයට ලක්කළ යුත්තේ කවුරුන්ද?

අද වන විට රටේ අස්සක් මුල්ලක් නෑර සිදුවන මහා දැවැන්ත වන විනාශය, පස් කැපීම්, වැලි ගොඩ දැමීම් සම්බන්ධයෙන් හාන්කවිසියක හෝ හැඟීමක්, දැනීමක්, තැකීමක් නැති රාජ්‍ය පරිපාලනයට යම් ප‍්‍රශ්ණයක් නැගූ කල දෙන්නට සූදානම් කරගත් රෙඩිමේඞ් උත්තර කිහිපයක් අපි දනිමු.

ඉන් අංක එකට භූ ගර්භ හෝ පරිසර අධිකාරියේ බලපත‍්‍රය ඇති බව කියපායි.

දෙවනුව එය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරී වපසරියට අයත් නොවන වග කියා පායි.

මා වෙත තවමත් කිසිවෙකු එවන් චෝදනාවක් ලිඛිතව කර නොමැති බව තුන්වෙනුව කියපායි.

හතරවෙනුව රටේ යම් අසාධාරණයකට ලක්වූ ඕනෑම පුරවැසියෙකුට උසාවියට යා හැකි බව කියපායි.

පරිපාලන නිලධාරීන්ගේ මෙම ලිස්සා යාමේ භූමිකාව තුල අතලොස්සක් වූ සද්භාවයෙන් ක‍්‍රියා කරන දේශපාලනඥයින්ටත් සිදුව ඇත්තේ එක්කෝ කෙවිටක් අතට ගැනීමටය. නැතිනම් එකිනෙකාට පිට කසා ගැනීමටය.

පරිපාලනය රොකට් විද්‍යාවක් නොවේ. ඕනෑම විෂය ෙක්‍ෂ්ත‍්‍රයක වෘත්තීයවේදියෙකුට මූලික පරිපාලන පාඨමාලාවකින් අනතුුරුව එම ෙක්‍ෂ්ත‍්‍රයේ පරිපාලනයට හවුල් විය හැකි විය යුතුය. එය ඕනෑම අයෙකුට ප‍්‍රගුණ කළ හැකි පොදු විෂයයකි. පද්ධතීන් හා එහි අන්තර් ක‍්‍රියාකාරීත්වය, රෙගුලාසි හා ක‍්‍රමෝපායන් එහි පදනමයි. රට පාලනයට මෙන්ම රාජ්‍ය පරිපාලනයට ද අමුතු කුලකයක් අවශ්‍ය නැත. කාටවත්ම නැති කාගේවත් ඇස නොගැටුන තට්ට තනියම පුටු රත් කරන කොල කෑලිවලින් ජීවිකාව ගෙවන මේ සැගවුණ අමුත්තන්ගේ සීතල මාෆියාව කුඩු පට්ටම් කළ යුතු වන්නේ එය ජාතියේ කුම්මැහිකම තුරන් කරන වැඩ පිළිවෙලේ කොටසක් හැටියටය.

රන්ජන් රාමනායකගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මට ඇත්තේ විවේචනයකි. උඩු දුවා ඇති ප‍්‍රශ්ණ විසඳීමට ඔහු ගන්නා ප‍්‍රවේශය ප‍්‍රාථමික මට්ටමක පවතී. වැඩ සංස්කෘතියක් වෙනස් කළ හැක්කේ ආකල්පමය සංග‍්‍රාමයකින් ම පමණි. එය සැබවින්ම අභියෝගාත්මකය.

One Response to “රාජ්‍ය පරිපාලනය හා රන්ජන්ගේ සුදු අලි මෙහෙයුම”

  1. Christie Says:

    සින්හලයාට ඉතුරුව ඇත්තේ දේසපාලනය හෝ රජයේ රැකියාවක් පමනි.

    ඔවුන්ට ඇති එකම බලය එපමනි.

    ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් රටේ ආර්තිකයත් වියාපාරත් පාලනයත් ගෙනයති.

    සින්හල උගතුන්ගේ මොලයද ඉන්දියානු පරපෝසිතයන් විසින් කා ඇත.

    The only way a Sinhalese can earn something and show their control are politics or a government job.

    Indian imperialists and colonial parasites run the economy, business and control the Sinhalese and the country

    Even the Sinhala Academics brains have been eaten by Indian colonial parasites..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress