මුදල් ගැන පමණක් හිතන  පාලකයන් නිසා සේවක ජීවිත අනතුරේ
Posted on January 31st, 2017

 

වසන්ත සමරසිංහ අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,

පසුගිය ජනවාරි 28 වන දින බෝගල මිනිරන් පතල තුළදී සිදු වූ ජීවිත හානිය පිළිබඳව දැඩි කණගාටුව පලකරන අන්තර් සමාගම් සේවක සංගමය, පාලනාධිකාරිය විසින් සේවකයන් බිල්ලට දී තම ලාභය පමණක් අරමුනු කොට ගෙන සකස් කරන ලද වැඩ පිළිවෙලවල් තුලින් මෙම අවාසනාවන්ත මරණය සිදුවූ බවට ද ප‍්‍රකාශ කර සිටිමු. මියගිය ප‍්‍රදීප් මහතා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයෙකුව සිටි සහෝදර සේවකයෙකි. 

ඔහු ඇතුලූ පිරිස පතල තුළ මිනිරන් කැණීමේදී ආයතනය විසින් දැඩිව බලපෑම් එල්ල කරනුයේ ගොඩට ගෙන එන මිනිරන් ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිණිස මිස සේවක ආරක්‍ෂාව පිළිබඳව නොවන බව මෙම අවාසනාවන්ත මරණයෙන් ඔප්පු වේ.

සේවකයන්ට මුදල් පෙන්වා තරඟකාරී මානසිකත්වයකට ඇදදමා කරගෙන යන නිෂ්පාදන උපක‍්‍රම පිළිබඳව අප සංගමය මීට ඉහත ද දැඩි විරෝධය පලකර සිටි අතර එකී ක‍්‍රමවේද අනුගමනය කිරීමට අකැමැති වූ සේවකයන් සේවයෙන් නෙරපීමට පවා පාලනාධිකාරිය කටයුතු කළ අවස්ථා තිබුණි.

මෙම සියලූ තත්වයන් තුල මානසික බලපෑමට හසුවන සේවකයන්ට අවසන් වශයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇති අතර රුපියල් ශතවලින් එකී ජීවිත වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කළ නොහැකි බව ද අවධාරණය කර සිටිමු.

කෙසේ වෙතත් රටේ පවතින නීතිය තුල ප‍්‍රදීප් මහතාට සාධාරණය ඉටු කිරීමට පාලනාධිකාරිය කටයුතු කළ යුතු බවට අප සංගමය ප‍්‍රකාශ කොට සිටී.

එමෙන්ම සෙසු සේවකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගතයුතු පියවර වහාම ගන්නා ලෙස හා සේවක අයිතීන් ආරක්‍ෂා කරන ලෙසත් අන්තර් සමාගම් සේවක සංගමය අදාල බලධාරින් වෙත දන්වා තිබේ.

ස්තුතියි.

මෙයට, අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,

වසන්ත සමරසිංහ

සභාපති         

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress