දිවුලපිටිය පස් කතාවේ අනික් පැත්ත -ප්‍රා.ලේ. සිය වගකීම ඉටුකරලා – ක්‍රියාත්මක නොවු ඉංජිනේරුට ස්ථාන මාරුවක්
Posted on February 1st, 2017

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

මීනී මරමින්, පගාව දෙමින්, මැරකම් පාමින්, ජල උල්පත් සිදිමින් සිදු කරන දිවුලපිටියේ පස් කැපිල්ලේ අලුත්ම කථාව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය – ග්‍රීන් හාර්ට්ස් ව්‍යාපෘතිය මෙසේ හෙළි කරයි.

රංජන් රාමනායක ඇමතිවරයාගේ පරුෂ වචනයට ලක් වූ දිවුලපිටිය ලේකම්වරිය සැබෑ ලෙසම ඇයට ලැබුණු පැමිණිල්ල පිළිබද ඉදිරි කටයුතු සදහා 2016 දෙසැම්බර් 07 දින යක්කල, වැරැල්ලවත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ වෙත දැනුම්දිමක් සිදු කොට ඇත. 

මේ අධ්‍යක්ෂවරයා මේ කරුණත් තවත් පැමිණිලි දුසිම් ගණනක් වෙනුවෙන්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. අවම වශයෙන් මේ පිළිබදව කොළඹ කාර්යාලයට දැනුම්දීමක් හෝ සිදු කොට නොමැත.

රංජන්-ප්‍රාදේශීය ලේකම් දුරකතන සංවාදය මහා පරිමාන ජාවාරකම ක්ෂුද්‍ර සිදුවීමක් පමණී.  දැන් ඒ ක්ෂුදු සිදුවීම ගැන රටක් කථා කරන අතර සැබෑ ප්‍රශ්නය -ජනතාවගේ ප්‍රශ්නය – පරිසර ප්‍රශ්නය යට ගොසිනි. 

ඊයේ දිනයේ අප ප්‍රසිද්ධ කල ලිපි වලට වඩා වෙනස් කථා පුවතක් මේ ලිපිය මගින් හෙළි වේ. චෝදනා එල්ල වුව ද, ජනතාවගේ කෝපයට ලක් වූ නමුත්, ප්‍රාදේශීය ලේකම්වරිය ද සිය වගකීම ඉටු කොට ඇත.

ගම්පහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවරයා වූ  එන්.ඩබ්ලිව්.සී.පී.ලංකාගේ ඊයේ සිට ස්ථාන මාරුකොට ඇත. 

කෙසේ නමුත්, සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම නොතකා අද දිනයේ ත් දිවුලපිටිය, කටාන හා මිනුවන්ගොඩ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් කැපීම සිදුව ඇත.

(මේ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සහ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් යොමුකළ ලිපි මේ සමග අමුණා ඇත)

 

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ග්‍රීන් හාර්ට්ස් ව්‍යාපෘතිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress