පුද්ගලීකරණය හා විජාතිකකරණය නවතා දේශීය සුදු අලි හඹා යව්!
Posted on February 4th, 2017

ආචාර්ය චන්දන ජයලත්

රාජ්‍ය දේපල විකුණන් කෑම හා ඇල් මැරුණු රාජ්‍ය නියාමන ක‍්‍රියාවලියේ එක් වැදගත් පැතිකඩක් හකුඵවා ලිවීමට අදහස් කළේ මේ වනවිට ආයාත නිර්යාත වෙළඳපලක මොඩලයක් හුවා දක්වමින් වරාය ඇතුඵ ආර්ථික මරමස්ථාන හා බොහොමයක් වටිනා දේශීය සම්පත් විජාතිකයින්ට විකිණෙන අනුකම්පා විරහිත රාජ්‍ය ත‍්‍රස්තවාදයක් ඉතා දරුණු ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතින නිසාය.

අකාර්යක්ෂමතාවයෙන් ඔද්දල් වුණ වැඩ සංස්කෘතියකට නෑකම් කියන අප රාජ්‍ය අංශය තවදුරටත් පවත්වා ගෙන යාම නිස්සාර බව පැහැදිලිය. ජනපති තනතුරේ සිට ග‍්‍රාම සේවා තනතුර දක්වා වූ සියල්ලම පුද්ගලීකරණය කළ යුතුව ඇතැයි සිතෙන තරමටම මෙම ව්‍යවසනය උඩු දුවා හමාරය. භාණ්ඩාගාරයේ පිහිටෙන් හුස්ම ගන්නා මේ සුදු අලින්ව පවත්වා ගෙන යාම නොපෙනෙන වලකට කොන්ක‍්‍රීට් දමනවාක් වැන්න. අකාර්යක්ෂමතාවය, නාස්තිය, පාඩුව සොයා ඊට පිලියම් යොදනවා වෙනුවට බලයට ආ සියඵම රජයන් කළේ ද රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට බදු දීම හෝ විකිණීම පමණි. තමන්ගේ නොහැකියාවට පිිළියම පුළුවන් එකෙකුට කර ගෙන යන්නට ඉඩදීම නම් හමුදාව පොලිසිය හැරෙන්නට අධිකරණය ද ඇතුළුව අන් සියළුම ආයතන බදු දෙන්නටත් පිලිවන් යැයි සිතන්නට වුවද පුඵවන. බයින් ඇන්ඞ් සෙලින්වලට අවශ්‍ය වන්නේ ගිවිසුමක් පමණි. එය පහසු ෂෝට් කට් එකක් විනා ආණ්ඩුවකට වටින හපන්කමක් නම් නොවන වග අපි දනිමු.

නවසිය හැත්තෑ හතේ සිට රීතියක් බවට පත්වුණ පුද්ගලීකරණය සඳහා ආයතන තෝරා ගැනීමේදී කිසිඳු විද්‍යාත්මක පදනමක් මූලිකවම නොතිබුණේය. විෂයමාලා සංවර්ධන  දෙපාර්තමේන්තුවත් වසා දමන්නට විටෙක උත්සාහ කළේ එ් නිසා විය යුතුය. තවත් විටෙක එය දෝර ගලා යන ඇනිකට් ගේට්ටුවක් බඳු විය. ඊට හොදම උදාහරණය පෞද්ගලික බස් ධාවන ක්‍ෂේත‍්‍රයයි. අදටත් ඊට සක‍්‍රීය මැදිහත්වීමක් හෝ ඇඟට දැනෙන ඇහැට පෙනෙන නියාමනයක් නැත. පෞද්ගලික බස් රථ රියදුරන් පොලිසියට සත්තම දාද්දී බස් හිමියන් ආණ්ඩුවට සත්තම දමති. සහන මිලට නීති කඩන්නට ඉල්ලමින් වර්ජන කරති. බස් ඩිපෝවල පැත්තකට කර මලකඩ කන්නට ඉඩ හැර අනතුරුව වෙන්දේසියේදී තුට්ටු දෙකට විකිණෙන බස් රථ ඉවතට රැුගෙන යාමට අවශ්‍ය වන්නේ අලූත් බැටරියක් පමණි. දේශපාලන හෙන්චයියන්ට අක්කරය රුපියල් දෙකට දුන්නේද වේටෙක්ස්, ගල්ලෑල්ල කිරි කම්හල යනාදී කර්මාන්ත ශාලා සිය ගණනක් පුද්ගලික අංශයට පැවරුවේ ද ඒ ආකාරයටමය. පුද්ගලික අංශය වනාහි ආර්ථිකයේ එන්ජිම යැයි හැඳින්වුවද ඊට අතපෙවීම ට තිබූ හැකියාව ද ක‍්‍රම ක‍්‍රමයෙන් හීන වී ගියේය. කොටින්ම ලාභාංශ මත පදනම්ව කෙරෙන ගණුදෙනුවලට පමණක්ම සීමාවුන පුද්ගලික අංශයට රාජ්‍ය නියාමනයක් නොතිබුනෙන් ජන අභිලාෂය හා  සාමාජීය වගකීම නමැති කාරණාවලට හිමිවූයේ අඩු කෝටාවකි.

පර්ක් කරලියට එන්නේ මේ අතර වාරයේ ය. සමාගම් පනතින් පුද්ගලීකරණයට නෛතික ආවරණය සපයා වසර 14 කට පසුව පර්ක් එන්නේ සුළි කුණාටුවක් මෙනි. ආර්ථික සංවර්ධනය වේගවත් කිරිම උදෙසා රාජ්‍ය ආයතනවලට අවැසි  ප‍්‍රතිසංස්කරණ උපදෙස් දීම, තරඟකාරීත්වය වැඩි දියුණු කිරිම, නව තාක්ෂණය හා විශේෂඥතාව හරහා දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළදපල විවෘතකර ගැනීම, ප‍්‍රාග්ධන වෙළඳපල පුළුල් කිරීම යනාදී අභියෝග රැුසක් පර්ක් කමිටුවට භාර වී තිබුණි. එහෙත් පර්ක් කමිටුව හරහා පුද්ගලීකරණ වපසරිය පුළුල් වූයේ එකී අරමුණු ඔස්සේ හඹා යාමටම මිස පුද්ගලීකරණ ක‍්‍රියාවලියේ පදනම හා පාරිදෘශ්‍යභාවය සම්බන්ධයෙන් තිබූ ගැටළු විසදාලීමට නොවන වග පැහැදිලි වූයේ ටික කලක් ගිය පසුවය. ප‍්‍රථිපලය වූයේ තවත් ආයතන සියයක් පමණ පුද්ගලීකරණයට නතුවීමයි. වාසනාවකට ජාතික ආරක්ෂාව පදනම් කොට ගෙන රජයේ ගුවන් විදුලි සංස්ථාවත්, ලේක්හවුසියත්, ඛනිජ තෙල් සංස්ථාවත් පුද්ගලීකරණයට තල්ලූ නොවීය. සමස්ථයක් හැටියට පාඩු ලැබූ රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට භාරදීමට පිඹුරුපත් සකස් වූයේ රීතියක් කොට ගෙන මිස විශේෂත්වයක් කොට ගෙන නොවීය. රජයට අයත්ව තිබු ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයටත් වුයේ එම ආනිසංසයමය. එයාර් ලංකා ආයතනයත්, සැබවින්ම නව තාක්ෂණය උකහා ගැනුමට අවශ්‍ය ප‍්‍රාග්ධන සම්පත්වල හිඟතාව මත විදුලි සංදේශ ක්‍ෂේත‍්‍රයත්, පුද්ගලික අංශයට ලබාදීම වඩාත් ප‍්‍රථිපල දායක වූවද ඊට ඒ තරම් දිගු කලක් නොගියේ ආණ්ඩු පෙරලියෙන් සිදුවූ මුල් පුටු හුවමාරුවත් සම`ගය. රජයට අයත් ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් අත තැබීමට නොහැකි වුයේ කම්කරු සංගම්වල දැඩි ක‍්‍රියාකාරිත්වය හමුවේය.

පුද්ගලීකරණයට සෘජුවම විරුද්ධවීම වැළැක්වීම් වස් විටෙන් විට ආ රජයන් මගින් උපායශීලි ක‍්‍රියාමාර්ග ගත් බව ද මතකය. ඉන් වඩාත් ආකර්ශණීයම උපාය මාර්ගය වූයේ සේවකයන්ව එහි අයිතියේ කොටස්කරුවන් බවට පත්කළ පුද්ගලීකරණය වෙනුවට ආ ‘ජනතාකරණයයි’. එහෙත් පර්ක් කියූ සේ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් රාජ්‍ය ආයතන විකුණා දැමීම නතර වූයේ නැත. තවද ගෑස් ඒකාධිකාරය හරහා ජනතාවට උසුලන්නට සිදුවු ජීවන බර එමටය. ගෑස් මිල පාලනයක් ගැන කතා කළද ඒ සදහා වූ නියාමනය ද අසාර්ථක විය. කුඩා ප‍්‍රාග්ධන වෙළදපල, අඩු ඉතිරි කිරීම් අනුපාතිකය වගේම දේශපාලන අස්ථාවරත්වය තුල විදේශ ආයෝජකයින් නැඹුරු නොවීම කරණ කොට ගෙන පුද්ගලීකරණ වැඩපිළිවෙල බලාපොරොත්තු වූ ප‍්‍රශස්ත මට්ටමක් කරා ලඟා කර ගත නොහැකි විය. සමස්ථයක් ලෙස අඩු වැඩි වශයෙන් බොහොමයක් කුඩා ආයතන සම්බන්ධයෙන් ද සුභවාදි අදහසක් දැරිය නොහැකි විය.

සාමාන්‍යයෙන් රජයේ ආයතන බොහොමයක සේවක අතිරික්තයක් පවතී. තම දේශපාලන සහකරුවන්ට රැුකියා ලබා දීමේ යාන්ත‍්‍රණය බවට රාජ්‍ය අංශය පත් වෙද්දී පත්වීම් දුන් දේශපාලඥයින්ගේ අතකොළු බවට එම ආයතන පත්වීම නොවැලැක්විය හැකිය. ඒ අනුව රාජ්‍ය සම්පත් අවභාවිතාවන් සිදුවන්නේ් මහා පරිමානයෙන්ය. ජායා පිටපතේ සිට වාහන පාවිච්චිය හරහා යන්ත‍්‍ර සූත‍්‍ර ගුවන් යානා දක්වා සිදුවන අපහරණය කෙළ කෝටි ගණනයක්ය. ඒ අනුව අතීතකාමයෙන් නොපෙළී අතීතය ගුරු කොට ගන්නේ නම් පුද්ගලීකරණයට වඩා කළ යුත්තේ දේශීය සුදු අලි හා කම්බ හොරු හඹා යාම නොවේ දැයිි මම අසමි. පගාව හා නාස්තිය වෙලා ගත් රජයේ කාර්යාල නිලධාරින් හා සේවකයින් පිළිබඳව දැඩි ක‍්‍රියාමාර්ග නොගන්නා තෙක් අපට ඉන් ගැලවීමක් කොයින්ද?

තමන් ගන්නා මාසික වැටුපට සාධාරණයක් ඉටුකරන්නේ ද යන වග තම හෘද සාක්‍ෂියට අනුව කිරා මැන බැලිය යුතුව ඇත්තේ වසරක් ගෙවී වසරක් ඇරඹි ජනවාරි පළමු දින උදැසනින්ම ජාතික ධජය අභිමුව දිවුරා පොරොන්දු වන සේවක ප‍්‍රතිඟාවට අමතරවය. උදාහරණයකට කොළඹ, විජයරාම මාවත, සව්සිරිපායේ පිහිටි ආයතනයට අනුබද්ධව සුනිල් මාවත, පැලවත්තේ පිහිටි ජනවාස නිවාස සැලසුම් මධ්‍යස්ථානය, අකුරේගොඩ පාර, පැලවත්තේ පිහිටි යන්ත්‍රෝපකරණ පුහුණු ආයතනය හා අනුරාධපුර ගල්කුලමේ පිහිටා ඇති යන්ත්‍රෝපකරණ පුහුණු ආයතනය ගනිමු. නවසිය අසූව මුල් භාගයේ ඇරඹි මේ සියලූ ආයතන පාඩු ලබන විගණන ප‍්‍රශ්ණ වලින් ගහන වැඩ පිළිවෙලක් නැති වසර තුන හතරකට සැරයක් දේශපාලනයෙන් පත්වන සභාපතිවරු හා ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂවරුන්ගේ කාබාසිනියාවට ලක්වූ ආයතන බවට පත්වී ඇත. ගල්කුලමේ අක්කර 65 ක භූමි ප‍්‍රදේශයක් වල් බිහිවී ඇත. මෙම ආයතනවලට එන සියලූ ව්‍යාපෘති හත් අට දෙනෙකුගේ පුද්ගලික ආදායම් මාර්ගයන් බවට පත්කර ගෙන ඇත. භාණ්ඩාගාරයෙන් දෙන මුදලින් හා කොන්ත‍්‍රාත්කරුවන් ලියාපදිංචියෙන් යැපෙන මුදලින් යාන්තම් මාසය සරිකර ගන්නා තත්වයකට ඇද වැටී ඇත. ගරු ඇමතිතුමා ඉදිරියේද බොරු කරමින් සිදුවන ප‍්‍රගති සමාලෝචන ගැන ඇත්තේ ද අතිශය ශෝචනීය තත්වයකි. ඇමතිවරුන්ටද ආණ්ඩු මට්ටු කළ නොහැකි නිලධාරි මාෆියාව තවත් පැත්තකින්ය. මෙහිදි මෙම ආයතන නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතට හෝ ඊට සමගාමී ආයතන වන වෘත්තීය පුහුණු ආයතනය හෝ ජාතික තරුණ සේවා සභාවට පවරා ගෙන නව වැඩ පිළිවෙලක් යටතේ වඩාත් ඵලදායි ලෙස නිසි බලධාරියෙකුගේ සෘජු අධීක්‍ෂණයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරිමත්, ඉදිකිරිම් ක්‍ෂේත‍්‍රයට අදාල සම්මත පිරිවිතර හා අනෙකුත් ප‍්‍රමිතිකරණයන් ශ‍්‍රි ලංකා ප‍්‍රමිති කාර්යාංශයට පැවරීමත්, ඉදිකිරිම් කොන්ත‍්‍රාත්කරුවන් ලියාපදිංචිය, උපදේශනය, ඉදිකිරිම් ආරක්ෂණ අරමුදල, ප‍්‍රසම්පාදන රෙගුලාසි සැකසීම හා පුණරීක්‍ෂණය, ආරවුල් විසදීම යනාදිය ඇතුළත්ව ඉදිකිරිම් ක්‍ෂේත‍්‍රයට අදාල ජාතික ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා රාජ්‍ය උපදේශනය ඉදිකිරිම් නියාමන කොමිසම් සභාවකට පැවරීමත්, සව්සිරිපාය ගොඩනැගිල්ල ටවර් හෝල් ර`ගහල පදනමට නැවත ලබාදීම හරහා එම පදනම මගින් කෙරෙන සේවාව පුඵල් කර ගැනීමට ඉවහල් වීමත් වඩාත් ඵලදායි වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙවන් ව්‍යුහමය වෙනසක් හරහා එක තැන පල්වුණ ආයතනවල වැඩ සංස්කෘතිය වෙනස් කළ හැකිවන අතර එහිලා වැදගත් වන්නේ දේශපාලන හූ මිටි නොතබන, දැක්මක් හා කසේරුකාවක් සහිත, ප‍්‍රායෝගිකව ක‍්‍රියා කළ හැකි පිරිසක් අතට පරිපාලනය භාර කිරීමයි.

මේ කුමන ආයතනය ගත්ත ද පොදු සාධක කිහිපයක් ජනතා අභිලාෂයන් බවට පත්වී ඇත. සාධාරණ මිල, ගුණාත්මක සේවාව හා වගවීම එම සාධක අතර ප‍්‍රමුඛතාවයෙහි ලා ගිනිය හැක. ඉල්ලූම සැපයුම මත තීරණය වන වෙළදපල මිල පදනම් කොට ගත් භාණ්ඩ හා සේවා දෙඅංශයටම එකසේ වැදගත් එම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නම් රාජ්‍ය නියාමනය වූ කලි නිෂ්පාදනය, බෙදාහැරීම, ප‍්‍රචාරණය, අලෙවිය හා අලෙවියෙන් පසු සේවා දක්වා ශක්තිමත් එකක් විය යුතුය. නියාමනයට වැඩ විනය, පසු විපරම්, සමාලෝචනය, ම`ග පෙන්වීම, මැදිහත්වීම, විගණනය ඇතුලත් වන අතර එය හුදෙක් බදු මුදල් එක් රැුස් කිරීමට එහා ගිය ජනතාවාදී ක‍්‍රියාදාමයකි. පුද්ගලීකරණය තුල අප රටේ නැත්තේ ද එයමය. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් එම තත්ත්වය ගාල කඩා ගත් එකකි. අස්සක් මුල්ලක් නෑර පටන් ගෙන තිබෙන ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් රාජ්‍ය නියාමනයක් ඇත්තටම නැත. මා හට වඩාත් සංවේදී ප‍්‍රමාණ සමීක්‍ෂණ විද්‍යාව උගැන්වෙන අධ්‍යාපන කඩ 10 ක් පමණ කොළඹ නගරයේ පමණක් දකින්නට ඇත. විදේශයන්හි විවිධ විශ්වවිද්‍යාලවලට අනුබද්ධ යැයි පවසමින් කෙරෙන මෙම වැඩපිළිවෙල සැබවින්ම ජාවාරමකි. කූට වෙළදාමකි. සිවිල් සමාජයක යහ පැවැත්මට සෘජුවම බලපාන්නා වූ සියලූ පුද්ගලික අංශ සම්බන්ධයෙන් වන රාජ්‍ය නියාමනය සක‍්‍රීය කළ යුතුව ඇත. එක අතකට රජයක් කළ යුතුව ඇත්තේ ද එපමණකි. නොකෙරෙන්නේ ද එයමය. වැඩ විනයෙන්, වගවීමෙන්, සහකම්පිතබවින් හා කාර්යක්‍ෂමතාවෙන් සුපෝෂිත රාජ්‍ය අංශයක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැක්කේ නායකත්වය පෙරම`ග ගත හොත් පමණි. පූර්වාදර්ශයක් දුනහොත් පමණි. තම සේවා ස්ථානය සුන්දර පරිසරයක් කර ගත් අතලොස්සක් රාජ්‍ය සේවකයින් අපි දැක ඇත්තෙමු. මීට වසර 10කට පෙර කීනවල දුම්රිය ස්ථානාධිපතිව සිටි නිලධාරියා එම දුම්රිය ස්ථානය පිරිසිදුව හා අලංකාරව පවත්වාගෙන යාම සියඵම දුම්රිය මගීන්ගේ ප‍්‍රශංසාවට පාත‍්‍රවිය.  නායකත්වය ගිලිහුණ තැන සියල්ල අඩපණය.

දිනපතා ලක්ෂ 3ක් පමණ රාජ්‍ය සේවක පිරිසක් දුර බැහැර සිට දුම්රියෙන් හා බස් රියෙන් ඇතැම්විට පැය 2-3ක් පමණ ගෙවා කොළඹට එති. තවමත් ආර්ථිකයේ මෙන්ම රාජ්‍ය අංශයේ සියලූ භාණ්ඩ හා සේවා සැපයීමේ මරමස්ථානය මෙන්ම ප‍්‍රධාන පරිපාලන ඒකක කොළඹ කේන්ද්‍රගතව ක‍්‍රියාත්මක වෙයි. වසරකට එවන් රාජ්‍ය සේවකයෙක් අඩුතරමින් පැය 1050 ක්වක් මහම`ග ගෙවා දමති. වසර 30ක රාජ්‍ය සේවා කාලය තුල අවුරුදු 4ක් පමණ කාලය ගෙවා ඇත්තේ බොහෝ විට බස්රථයක් තුල හෝ දුම්රිය මැදිරියක් තුලය. රාජ්‍ය අංශය විමධ්‍යගත නොකිරීමේ අනිටු ප‍්‍රථිපලයක් ලෙස නිකරුනේ මහම`ග වසරකට මිනිස් පැය මිලියන 300ක් පමණ නාස්ති වෙයි. වසරකට ඉන් හරි අඩක්ම නිවාඩු මත යැපෙන ජාතියක ඉදිරි ගමන ගැන මොන කතාද? කළ යුත්තේ මේ ශ‍්‍රම බලකාය රටේ උන්නතිය වෙනුවෙන් ගලපා ගැනීම පිළිබඳව පුඵල් ජාතික සංගායනාවක් හරහා සක‍්‍රීය යාන්ත‍්‍රණයක් ඇතිකරලීම මිස විකිණිම, බදු දීම හෝ කුලියට දීම නොවන බව රට කරවන ආර්ථික ඔස්තාර්වරුන්ට මතක් කර දෙමු.

මේ අතර හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපලත් අනාථ වන්නට ඉඩ හරිමින් ඊට වූ ණය මුදල් හා පොලිය ගෙවා ගන්නට බැරිය යයි කියමින් විජාතික සමාගම්වලට බදු දීමට රජය තීරණය කරන්නේ යහපාලන ලේබලය යටතේය. රජයක් කැපවිය යුත්තේ සමාජ සමානාත්මතාව උදෙසා මිස පුද්ගලික අංශයේ ලාභ උපරිමනය පිණිස නොවේ. එය ආයාත නිර්යාත වෙළඳපලක මොඩලයක් හුවා දැක්වුවද සැබවින්ම එය දේශීය සම්පත් විජාතිකයින්ට විකිණෙන අනුකම්පා විරහිත රාජ්‍ය ත‍්‍රස්තවාදයක අඵත්ම මුහුණුවරකි. බදු මුදල් හරහා සමාජ සුභසාධන ක‍්‍රියාවලිය වේගවත් කළ හැකි නමුදු පුද්ගලික අංශයට නියාමනයක් අවශ්‍ය වන්නේ ජනතාවගේ පැත්තෙන්ය. උදාහරණයකට ඉල්ලූම සැපයුම මත මිල තීරණය කිරිම ඛණිජ තෙල් සම්බන්ධයෙන් අදාල කර ගත නොයුත්තේ ඒ නිසාය.

අපි තවත් පැතිකඩක් විවර කරගමු. රාජ්‍ය පරිපාලනය වනාහි රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීමේ යාන්ත‍්‍රණය ලෙස අර්ථ දැක්වුවද දැන් ඇත්තේ ප‍්‍රතිපත්ති නොව විටින් විට එන මැති ඇමතිවරු දෙන උපදෙස්, ලණු හා මගඩි ක‍්‍රියාත්මක කිරීමක් යැයි කිවහොත් එය කිසිවකුගේ ගෝරණාඩුවකට ලක් නොවෙනු ඇතැයි මම සිතමි. මෙම පරම්පරාව පවත්වා ගෙන යාම සඳහා වාර්ෂිකව වැය කෙරෙන ධනස්කන්දය ගැන කවෙරෙකු නම් සිතුවාද? නිල වාහන, විදේශ ගමන්, සම්මන්ත‍්‍රණ, වැඩමුඵ ඔස්සේ සාප‍්‍රාලේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා වූ මෙම වෙස්ට්මිනිස්්ටර් ආකෘතිය මෙරට දළ දේශීය නිෂ්පාදනයට කළ දායකත්වය කුමක් දැයි යමෙකු සිතුවාද? එහි හැඩ ගැස්ම ගතානුගතික නොවේද? එහි ප‍්‍රවේශයන් සම්ප‍්‍රදායි නොවේද? චක‍්‍රලේඛ මත දිවෙන සමස්ථ පරිපාලන පන්ජරියම තැපැල් මහත්තයෙක් බඳු නොවේද? නිකුත් කරන බලපත් හා නිර්දේශ අධීක්‍ෂණයට ලක්කළ යුත්තේ කවුරුන්ද?

අද වන විට රටේ අස්සක් මුල්ලක් නෑර සිදුවන මහා දැවැන්ත වන විනාශය, පස් කැපීම්, වැලි ගොඩ දැමීම් සම්බන්ධයෙන් හාන්කවිසියක හෝ හැඟීමක්, දැනීමක්, තැකීමක් නැති රාජ්‍ය පරිපාලනයට යම් ප‍්‍රශ්ණයක් නැගූ කල දෙන්නට සූදානම් කරගත් රෙඩිමේඞ් උත්තර කිහිපයක් අපි දනිමු. ඉන් අංක එකට භූ ගර්භ හෝ පරිසර අධිකාරියේ බලපත‍්‍රය ඇති බව කියපායි. දෙවනුව එය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරී වපසරියට අයත් නොවන වග කියා පායි. මා වෙත තවමත් කිසිවෙකු එවන් චෝදනාවක් ලිඛිතව කර නොමැති බව තුන්වෙනුව කියපායි. හතරවෙනුව රටේ යම් අසාධාරණයකට ලක්වූ  ඕනෑම පුරවැසියෙකුට උසාවියට යා හැකි බව කියපායි. පරිපාලන නිලධාරීන්ගේ මෙම ලිස්සා යාමේ භූමිකාව තුල අතලොස්සක් වූ සද්භාවයෙන් ක‍්‍රියා කරන දේශපාලනඥයින්ටත් සිදුව ඇත්තේ එක්කෝ කෙවිටක් අතට ගැනීමටය. නැතිනම් එකිනෙකාට පිට කසා ගැනීමටය. බොහෝවිට සිදුවන්නේ  දෙවැන්නය. ඇතැම් ඇමතිවරු දේශපාලන අධිකාරියත් පරිපාලන අධිකාරියත් නම්‍යශීලී ගමනක් යනවා යැයි කියන්නේ ඊට විය යුතුය.

මුලින්ම කිවයුත්තේ පරිපාලනය වනාහි රොකට් විද්‍යාවක් නොවන වගයි.  ඕනෑම විෂය ෙක්‍ෂ්ත‍්‍රයක වෘත්තීයවේදියෙකුට මූලික පරිපාලන පාඨමාලාවකින් අනතුුරුව එම ෙක්‍ෂ්ත‍්‍රයේ පරිපාලනයට හවුල් විය හැකි විය යුතුය. එය  ඕනෑම අයෙකුට ප‍්‍රගුණ කළ හැකි පොදු විෂයයකි. පද්ධතීන් හා එහි අන්තර් ක‍්‍රියාකාරීත්වය, රෙගුලාසි හා ක‍්‍රමෝපායන් එහිදී ඉගැන්වේ. රට පාලනයට මෙන්ම රාජ්‍ය පරිපාලනයට ද අමුතු කුලකයක් අවශ්‍ය නැත. කාටවත්ම නැති කාගේවත් ඇස නොගැටුන තට්ට තනියම පුටු රත් කරන කොල කෑලිවලින් ජීවිකාව ගෙවන මේ සැගවුණ අමුත්තන්ගේ සීතල මාෆියාව කුඩු පට්ටම් කළ යුතු වන්නේ එය ජාතියේ කුම්මැහිකම තුරන් කරන වැඩ පිළිවෙලේ කොටසක් හැටියටය.

සමස්ථ රාජ්‍ය අංශයම පිරිපහදුවකට ලක්කිරීම සඳහා උත්පේ‍්‍රරණයක් සැපයීම සැබවින්ම අභියෝගාත්මකය. ඒ වෙනුවෙන් පෙරම`ග ගත යුත්තේ රන්ජන් රාමනායක, මර්වින් සිල්වා හෝ පාලිත තෙවරප්පෙරුම ක‍්‍රමයට නම් නොවේ. ඔවුන්ගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මට ඇත්තේ විවේචනයකි. උඩු දුවා ඇති ප‍්‍රශ්ණ විසඳීමට ඔවුන් ගන්නා ප‍්‍රවේශය ඉතා ප‍්‍රාථමික මට්ටමක පවතී. වැඩ සංස්කෘතියක් වෙනස් කළ හැක්කේ ව්‍යුහමය හා නෛතික ප‍්‍රතිසංස්කරණ වලට සමගාමීව කෙරෙන ආකල්පමය සංග‍්‍රාමයකින් පමණි.

One Response to “පුද්ගලීකරණය හා විජාතිකකරණය නවතා දේශීය සුදු අලි හඹා යව්!”

  1. Christie Says:

    සින්හලයෙකුට බඩවියත රැකගන්න තියෙන්නෙ ආන්ඩුවේ රස්සාවක් හරි දේසපාලනය හරි විතරයි. අනිත් හැමදේම කීයක් හරි හම්බුකරගන්න තියෙන රැකියා ඉන්දියානු පරපෝසිතයන්ටය. උන් ඔක්කොම ඉන්නෙ කොලොඹ.

    රටේ පාලනය1956 දී සින්හලයාගෙන් ගැලවී ගියේය.රටේ වියාපර ඉන්දියානු පරපෝසිතන් අතරය. වියාපාර බස දෙමලය

    බන්ඩාරනයක සින්හලයාට සින්හල කැව්වේය, ඉන්ගිරිසි උන්ට විතරය. සින්හල වියාපර ජනසතු කලේය. ඉන්දියානු පරපෝසිතයන්ගේ වියාපාරවලට සින්හලයන්ට ඇත්ලුවීමට ඉඩනොදුන්නේය.බෞද්දරක්කිතත් සෝමාරාමත් ඉන්දියානු ගැතියාට වැඩේදුන්නේය. අද දුවත් ඉන්දියාවෙන් කා සින්හලයාට කෙලින්නේය.සින්හලයාට .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress