මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන  සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි
Posted on February 7th, 2017

 හෑගොඩ විපස්‌සි හිමි උපුටා ගැන්ම දිවයින

”සමලිංගික කතාව මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌” යන ශීර්ෂ පාඨයෙන් ජනවාරි 31 දින “දිවයින” පත්තරේ පළ වූ ලිපියේ බුදුදහමට නිගා කරණ, පාඨකයා නොමඟ යවන සුළු සදොස්‌ ප්‍රකාශයන් තිබූ බැවින් ඒවා නිවැරදි කිරීම, මෙම ලිපියේ පරමාර්ථයයි. වෛද්‍ය රුවන් එච්. ජයතුංග නැමැති ලේඛකයා ස්‌වකීය ලිපිය සාවද්‍ය ලෙසම ආරම්භ කරමින් බුදුදහම විෂයෙහි දක්‌වා ඇති සාහසික ප්‍රකාශය මෙසේය.

”බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක්‌ ගැන සඳහන්ය. එසේම බුදුන්ගේ රූපයට ඇලුම් කළ වක්‌කලි තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකියි. කච්චාන තෙර කෙරෙහි ඇළුණු සොරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය. (දිවයින 2017.01.31)”

ත්‍රිපිටකයත් අටුවා ග්‍රන්ථත් ආදී ඉපැරණි මූලාශ්‍රයන් පරිශීලනය කරමින් අතිශය පරිණත දැනුමකින් ඉදිරිපත් කළ යුතු අදහස්‌, එවැනි පරීක්‍ෂණයක්‌ නොමැතිව කොහෙන්දෝ අහුලා ගත් කරුණු කීපයක්‌ අවිචාරවත් ලෙස ඉදිරිපත් කිරීමට යැමෙන් මෙම සාහසික ක්‍රියාව මොහු සිදු කොට ඇත.

තමා අනුව බුදුරජාණන් වහන්සේ මැනීමට යැම නිසා ”බුදුරජාණන් වහන්සේ මානුෂික ඇසකින්” බැලීම යනුවෙන් බුදුගුණ ලඝූකොට දක්‌වා ඇත. කොසොල් රජුගේ ඇමැතියන් ලඟ තිබුණේ යෑයි කියන සමලිංගික සබඳතාවක්‌ පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැත. එසේම වයසට ගොස්‌ පැවිදි බිමට පත් බමුණෙක්‌ වූ වක්‌කලී තෙරුන් බුදුරජාණන් වහන්සේගේ රූපය බැලීමේ ආශාව ඔබ කියන එම පහත් හැඟීම් නොවේ. ඔබට මෙවැනි උපකල්පනයන් උපදවා ගන්නේ පාපී සිතිවිලිය. 

යම් පුද්ගලයෙක්‌ මිහිරි ලෙස ගායනා කරද්දී ඔහු කෙරෙහි කෙනෙක්‌ ඇලෙන්නේ ඔහුගේ හ`ඩට මිස ලිංගික තෘප්තිය ලබා ගැනීම පිණිස නොවෙයි. 

මහා කච්චාන තෙරුන් වහන්සේ විෂයෙහි වරදවා සිතුවේ සොරෙය සිටුවරයා නොව ඔහුගේ පුතා බව මේ ලේඛකයා නොදන්නේ මූලාශ්‍රයන් පිළිබඳ අනවබෝධයෙනි. තවද රන්වන් සිරුරකින් සෝභමාන මහාකච්චාන තෙරුන් වහන්සේ දුටු සොරෙය සිටු පුත්‍රයා ”මේ තෙරුන් වහන්සේ මාගේ භාර්යාව හෝ නැතහොත් මාගේ භාර්යාවගේ ශරීරය, මේ තෙරුන්ගේ ශරීරවර්ණය වන්නේ නම්” සිතුවා මිස මේ ලේඛකයා කියන හැඟීමෙන් නොවේ.

කෙසේ වුවත් මේ ලේඛකයා ස්‌වකීය බහුශ්‍රැතභාවය සාමාන්‍ය පාඨකයා හමුවේ තබමින් සමලිංගික විවාහය සදාචාරව පවත්තේ යෑයි කුළුගැන්වීමට ගන්නා තවත් බොල් උත්සහයකට නිදසුනක්‌ වශයෙන්, 

”ඇතැමෙක්‌ විශ්වාස කරන පරිදි මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක්‌ තිබී ඇත.” යන්න පෙන්වා දිය හැකිය. ඉන්දියාවේ විසූ සංස්‌කෘත සාහිත්‍යයේ දක්‌නට ලැබෙන විශිෂ්ට කවියෙකු වූ මහාකවි කාලිදාසයන්ටත්, ලංකා රාජ්‍ය පාලනය කළ අති විශිෂ්ට කවියෙකු වූ කුමාරදාස රජුටත් මෙලෙස නිග්‍රහ කරන්නේ කාගේ උවමනාවක්‌ සපල කරන්නට දැයි ප්‍රශ්න කළ යුතුයි. තව ද රජෙක්‌ අන්තපුර ස්‌ත්‍රී පිරිවරා සිටින බව මේ මහා ලේඛකයා නොදන්නේ ද? 

විරුද්ධ ලිංගික ආකර්ශණීයභාවය සත්ව සංහතියේ පැවැත්ම උදෙසා පවතියි. ස්‌ත්‍රී රූපය, ස්‌ත්‍රී හඬ, ස්‌ත්‍රී ගන්ධය, ස්‌ත්‍රී රස, ස්‌ත්‍රී ස්‌පර්ශය, පුරුෂයා සිත හාත්පසින්ම මැඩගෙන (අල්ලා ගෙන) සිටින බවත්, ස්‌ත්‍රී රූප, ස්‌ත්‍රී ශබ්ද, ස්‌ත්‍රී ගන්ධ, ස්‌ත්‍රී රස, ස්‌ත්‍රී ස්‌පර්ශ පුරුෂයාගේ සිත බැඳ තබන එබඳු අන්කිසිවක්‌ නැති බව බුදුන් වහන්සේ වදාළ සේක. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තවදුරටත් සඳහන් වන්නේ පුරුෂ රූපය, පුරුෂ හඬ, පුරුෂ ගන්ධය, පුරුෂ රස, පුරුෂ ස්‌පර්ශය, ස්‌ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන අල්ලාගෙන සිටින බවත්, පුරුෂ රූප, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රස, ස්‌ත්‍රියගේ සිත ඇඳ ගන්නා බැවින් අන් කිසිවක්‌ නැත. නූතන වෛද්‍යවරුන් DNA වශයෙන් හඳුන්වන්නේ එදා බුදුන් වහන්සේ වදාළ මෙම ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණ භාවයෙන් දෝ හෝයි අපගේ හැ`ගීමය. පාරාජිකා පාලිය අනුව ස්‌ත්‍රී පුරුෂ උභතොබ්‍යඤ්ජක යන්ව මෙන්ම පණ්‌ඩක හෙවත් නපුංසක සFව උත්පත්තිය ලොව පවතින බව ප්‍රකට වේ. පණ්‌ඩක සත්ත්වයාගේ ආකර්ශණීය බව විරුද්ධ ලිංගිකත්වය ඉක්‌මවා යයි. මේ පිළිබඳ නූතන වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වීම් විමසා බැලීම වැදගත් වේ. එනම්, 

”කෙසේ වුවත් නූතන වෛද්‍ය විද්‍යාව ලිංගිකත්වය තීරණය කිරීමේ දී ප්‍රධාන සාධකය වනුයේ සිරුරේ සෛල තුළ පවතින වර්ණදේහ DNA ආකෘතියයි. ජීවී සෛලයක අලිංගික වර්ණදේහ යුගල 22 ක්‌ හා ලිංගික වර්ණ දේහ යුගලයක්‌ පවතියි. ලිංගික වර්ණ දේහ යුගල අයත් වන කාණ්‌ඩ, අනුව පිරිමි හෝ ගැහැණු ලිංගිකත්වය නිර්මාණය වනු ඇත. ලිංගික වර්ණ දේහ යුගල X සහ X ලෙස පිහිටි විට ගැහැණු වශයෙන් ද Y සහ Y ලෙස පිහිටි විට පිරිමි වශයෙන් ද පිළිගැනේ. ලිංගික වර්ණ දේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද, බාහිර ලිංගික ලක්‍ෂණ ද ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස්‌ ආකාරයට පිහිටීමේ ඉඩක්‌ නැත්තේ ද නොවේ.” (උපුටා ගැනීම වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චිගේ සෞඛ්‍ය දැකීම සහ විඳීම) 

බුදු දහමෙහි සමලිංගිකත්වය හඳුන්වන්නේ ”මිච්ඡා ධම්ම” යනුවෙනි. මිච්ඡා ධම්ම (මිත්‍යා ධර්ම) යනු පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්‌ත්‍රීන් ස්‌ත්‍රීන් කෙරෙහිත් ඇතිවන බලවත් කැමැත්තයි. යම් සමාජයක දිළිඳුකම, සොරකම, මිත්‍යා දෘෂ්ටිය ආදිය වර්ධනය වේ නම්, එම සමාජයේ අධර්ම රාගය – විෂම ලෝභය, මිත්‍යා ධර්ම වර්ධනය වෙමින් සමාජය පිරිහෙන බවත් දීඝ නිකායේ සඳහන් චක්‌කවත්තිසීහනාද සූත්‍රයෙන් පසක්‌ වේ. 

වෛද්‍ය එම්. ජයතුංග නැමැති ලේඛකයාගේ ලිපියේ බුදුදහම සම්බන්ධ කරුණු කිරීමේදී වැරදියට තර්ක කොට වැරදි නිගමනවලට එළඹෙමින් සාමාන්‍ය පාඨකයා මුලා කිරීම බලවත් වරදකි. බුදුදහමට අනුව යම් සමාජයක මිත්‍යා දෘෂ්ටිය බහුලව පැතිරෙමින් එම සමාජය පිරිහෙමින් පවත්නේ නම්, ධර්මානුකූල නොවන අපායගාමි චර්යාවක්‌ වන මිත්‍යාධර්මය හෙවත් සමලිංගිකචර්යාව නීතිගත වේ. අප සමාජය තවමත් එම තත්ත්වයට පත් නොවූ හෙයින් සමලිංගික විවාහය නීතිගත කිරීමේ කැබිනට්‌ පත්‍රිකා යෝජනාව අලුයම ලු කෙළ පිඬක්‌ සේ ඉවත් කිරීම සත්පුරුෂ පුරවැසියන්ගේ ගෞරවයට හේතු විය.

One Response to “මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන  සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි”

  1. Christie Says:

    හාමුදුරුවනේ පන්සලේ සෙල්ලම ගිහියන්ටත් ඉඳල හිටල කෙරුවට ඇති වැරැද්ද මොකක්ද? .

    ඇපේ සින්හල රටේ විවාහය කියන එක සුද්දත් ඉන්දියන් කාරයත් ගෙනාපු දෙයක්.

    බුදුදහමේ මූලික දෙයක් තමයි මැද මග.

    ඉතින් තුන්වන සිල්පදයෙන් පන්සලේ සෙල්ලම ගිහියො කරන්නෙ නැහ කියල කිව්වට මැද මග යන ගිහියො පොඩ්ඩක් එහාට මෙහාට ගියාට කමක් නැහැනේ.

    ඔය ඉන්දියානු පරන කතන්දර කිව්වට කමක් නැහැ මොකද කාටත් බඩ වියත රැකගන්න එපෑයැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress