සංවර්ධනය ත‍්‍රස්තවාදයක් වූූ කල!
Posted on February 11th, 2017

ආචාර්ය චන්දන ජයලත්

සමාජ විද්‍යාත්මකව බලය යනු මිනිසුන්ගේ හැසිරිම් රටාවන් යම් පාලනයකට නතුකර ගැනීමට ඇති හැකියාවයි. ජෝන් ලොකීගේ දේශපාලන බලය නම්වූ කෘතියෙහි නීතිමය බලය හඳුන්වා දී ඇත්තේ ජන ජීවිතය, නිදහස හා දේපල ආරක්ෂා කර ගැනීම් වස් මරණය ද ඇතුලූව දඩුවම් සහිත නීති මාලාවක් හරහා බලපෑම් කිරිමට ඇති අයිතියක් හැටියට ය. බලය වනාහි සිමාවන් හා උත්පේ‍්‍රරණවලින් සමන්විත ඉතාමත්ම සංකීර්ණ උපාය මාර්ගවලින් හෙබි ව්‍යුුහාත්මක පද්ධතියක් ලෙස මයිකල් පෝසට් නම් දාර්ශණිකයා පවසයි. ජෝන් ආර්. පී. ප්‍රෙන්ඞ් සහ බර්ට‍්‍රම් රාවන් නම් දාර්ශණිකයන්ට අනුව බලය යනු දෙපාර්ශවයක සහසම්බන්ධතාව නිරුපණය කරන ප‍්‍රබලම සාධකයයි. ඒ හා බී අතර පවතින සුවිශේෂි සම්බන්ධතාවයට අනුව ඒ ට බී ගේ ආසක්තතාව ලබා ගත හැක්කේ නම් එය ඒ ගේ බලයේ ප‍්‍රමාණයත් සමග අනුලෝමව සමානුපාතික වන බව පැහැදිලි කරයි. ඒ ට අනුව බී ගේ හැසිරීම් රටාව වෙනස් කර ගැනිමට ඒ සමත් වන්නේ නම් ඒ බලය පාවිච්චි කළා යැයි විශ්වාස කෙරේ. ඒ සදහා අනුගමනය කරන ක‍්‍රමවේද ගණනාවකි.

රජයේ නිලධාරින් තම තනතුරේ නිල බලය පාවිච්චි කරන්නේ සහජාතක නීති රාමුවක් තුල බැව් උපකල්පනය කෙරේ. එසේ නොවන විට අපි එය නිතිය අභිබවා ගියා යැයි කියමු. වැරදි නීතියක් වැරදි තැනකදී පාවිච්චි කළ විට අපි එය නීතිය අවභාවිතාවට ලක් කළා යැයි කියමු. නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව තිබියදි එසේ නොකිරිමද සමාජයක යහපැවැත්මට තර්ජනයක් බැව් අපි දනිමු. මේ හැම ආකාරයකම නිලධාරින් අපට හමු වි ඇත. නිතැතින්ම බලයට බලය ලැබෙන තවත් කාරණයක් වන්නේ කෙනෙකුගේ පුද්ගලික පෞර්ෂයයි. සමාජයේ යම් රික්තයක් පිරවීමට ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වන්නා වටා හඬක් නැගිය නොහැකි ජනතාවෝ එක් රැුස්වීම ස්වභාවිකය. දේශපාලන නායකත්වය මුලූ ගැන්වුණ මෙහොතක යම් පොදු කාරණාවක් වෙනුවෙන් ඉදිරිපත් වන්නා සමාජයේ දුක්ගන්නාරාල බවට පත්වෙයි. එවිට ඔහු යම් සම්භාවනාවට පාත‍්‍ර වන අතර එකී පිලිගැනීම හරහා යම් සමාජ බලපෑමක් කිරිමට ඔහුට හැකිවනු ඇත.

තවද, යම් පුද්ගලයෙකු යම් විෂයයක ප‍්‍රගුණතාව හරහා ලබන විශේෂඥතාවයද බලය සඳහා බලයක් වෙයි. එ් තම අභිමතය විහිදුවාලීම හරහාය. ජන සමාජයක වෘත්තීයවේදින්ගේ පැවැත්ම රදා පවතින්නේ ද ඔවුන් කෙරෙහි ජනතාව විශ්වසනීයත්වයක් පවතිනා තුරු පමණි. නීතියේ ස්වාධිපත්‍යය ඒ ආකාරයෙන්ම රදා පවතින්නේ මහජනතාව නීතියට ගරු කරන තාක් කල් පමණි. බලයෙහි ඉතාමත්ම උච්චතම හා සිහැසිතම අවස්ථාවක් වන්නේ බලය විසින් ජන සමාජය තුල සෘණාත්මක බලපෑමක් සිදුවන අවස්ථාවකය. එවිට එය බලහත්කාරකමකි. තර්ජනයකි. රජය සම්බන්ධ නම් එය රාජ්‍ය ත‍්‍රස්තවාදයකි. මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය වන්නේ එවිටය. අඩු වැඩි වශයෙන් රාජ්‍ය යාන්ත‍්‍රණය තුල මේ සියලූ ලක්ෂණ පවතියි. ඒ සදහා වූ උදාහරණ එමටය.

දුප්පත්කම, බයාදුකම හා නූගත්කම බලයට බලයක් ගෙන දෙයි. තම අයිතිවාසිකම් පිළිබඳව නිසි අවබෝධයක් නැති ගැමි ජනතාවෝ තම තමන් තෙරපී සිටින්නේ ඒ හේතුවෙන්ම වග වත් නොදනිති. නුගත්කම යනුවෙන් හඳුන්වන්නේ එසේ නොදන්නා බව නොදන්නාකමයි. තමාට බිම හිඳ ගන්නට අයිතියක් ඇතැයි ඔවුහු නොදනියි. හූ කියන්නට අයිතියක් ඇතැයි නොදනියි. ගුටි නොකා සිටිමට අයිතියක් ඇතැයි නොදනියි. හුස්ම ගැනීමට අයිතියක් ඇතැයි නොදනියි. තම හෘද සාක්ෂියට එකඟ නොවන දේට විරුද්ධ විමට අයිතියක් ඇතැයි නොදනියි. දෙවන කාරණය නම් හීනමානය හා පරගැති බව හරහා එන බයාදුකමයි. සමාජ අකටයුත්තකදි ඊට එරෙහිව ඉදිරිපත් නොවිම, උදාසීන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරිම, කිසිවක් ලඟාකර ගත නොහැකි යැයි කල් තබාම උපකල්පනය කිරිම මෙන්ම එම අදහස් අන් අයටද පතුරුවා සාමුහික වගකීමෙන් මිදීමට උත්සාහ දැරීම යනාදී ලක්ෂණ ඉස්මතු වන්නේ මේ නිසාය. තුන්වෙනුව දුප්පත්කම හරහා ණය ගැති බවත් ණය ගැති බව හරහා දුප්පත්කමත් නිසා ඉන් කෙසේ හෝ ගොඩ ඒමට ඕනෑම ආත්ම වංචනයක යෙදීමට ඇතමෙක් උත්සාහ ගනියි. නොදන්නාකම, බයාදුකම හා දුප්පත්කම යන මේ තුනෙන්ම ගැලී වෙලී මිරිකී ඉන්නා ජන සමාජයක ඉදිරි ගමනට පහන් සිළුවක් වන්නට ඇත්නම් එය මොන තරම් වාසනාවක්ද දැයි මට සිතුන අවස්ථාද බොහෝය. දැනුවත් සමාජයක් උදෙසා අප සතු කාර්යභාරය පැහැදිලි කරගත යුත්තේ මේ ඔස්සේය.

නීතියේ අවභාවිතාවය නීතියේ ආධිපත්‍යයට කරන තවත් විදිහේ කම්මුල් පහරකි. මධ්‍යම අධිවේගය සම්බන්ධයෙන් මේ දක්වා අනුගමනය කළ පිලිවෙත තුලම ඒ බැව් පෙනෙන්නට ඇත. මධ්‍යම අධිවේගය විශේෂ ව්‍යාපෘතියක් ලෙස ගැසට් කර විතැන්වීමට නියමිත අයවලූන්ට හිමි වන්දි මුදල් ගෙවීමේ ක‍්‍රමෝපාය කණ පිට පෙරලා ඇත. ස්වභාවික ව්‍යවසනයකදී ඉඩම් අත්පත් කර ගැනීමට ඇති හදිසි අවශ්‍යතාව කරණ කොටගෙන වන්දි ගෙවීමට පෙර එසේ ඉඩම් අත්පත් කර ගැනීමට විෂය භාර ඇමතිවරයාට නීතිමය වශයෙන් ලැබී ඇති බලතල වලට මුවා වී මෙම මංකොල්ලකෑම ක‍්‍රියාත්මක කර තිබේ. මධ්‍යම අධිවේගය වනාහි සැලසුම් කරන ලද ව්‍යාපෘතියකි. කිහිප වතාවක් සැලසුම ද සංශෝධිත ව්‍යාපෘතියකි. වන්දි ගෙවීමට අදාල සියලූ වගන්ති පරයමින් සෘජුවම ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීමේ ක‍්‍රමවේදයේ පවතින අඩුලූහුඩුකම් ගැන කථා කිරිමට ජනතාවට ඇති අවකාශය සීමාවනු නොඅනුමානය. නීතියේ අවභාවිතාවක සමාජ බලපෑම මින් පැහැදිලිය.

මධ්‍යම අධිවේගය වනාහි මා ඉහතින් සදහන් කළ නූගක්කම හා බයාදුකම හමුවේ නිලධාරින් තම නිල බලය අනුකම්පා විරහිත අයුරින් පතුරවන කදිම උදාහරණයක් මැය. දුම, ¥විලි, දුමාරය හා මඩ තවරා ගෙන ගස් කොළන් නැති වියලි වැඩ බිමක දිවා ? සිදුවන යන්ත‍්‍ර සුත‍්‍ර ඝෝසාව සමග තමන්ට තනිවම විසුමට සිදුවන බවත්, ඒ වන විටත් තම ඇසුරු කළ අවට සිටි බොහොමයක් දෙනා තමාව අතහැර දමා ගොස් ඇති බවත් ඒ අනුව තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමට ඉතිරි වන්නේ තමා පමණක්ම බවත් ඉතිරි වන අය සම්බන්ධයෙන් අපගේ කිසිදු අනුකම්පාවක් හිමි නොවන බවත් ඒ අයට විරුද්ධව දැඩි ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත්, නිලධාරින්ගේ අණට අකීකරු වන්නන්ට විරුද්ධව නීතිය හමුවට යන බවත් ඒ සඳහා කොළඹට ඒමටත්, උසාවි ලඟ රස්තියාදු විමටත්, මුදල් වියදම් කිරිමටත්, තමාගේ වරදින් ලැබෙන්නට නියමිත මුදල ලැබීමට ප‍්‍රමාද වීමත්, එම මුදල් උසාවියේ තැන්පත් කර පිස්කල් ලවා ගෙයින් පන්නා දමන බවටත් කියාපාමින් මහා පරිමාන බියගැන්වීමකට ජනතාව ලක් කර ඇත. මේ අනුව යම් පිරිසක් රජයේ තක්සේරුවට නම්මවා ගත හැකි බවට විශ්වාසයක් පවතියි.

නිලධාරින් අධිවේගය නිසාවෙන් විතැන්වීමට නියමිත අයවලූන් සමග මේ දක්වා කෙරුණ ගණුදෙණුව මටසිලිටු එකක් නොවීමම බලය පිළිබඳව පවත්නා මුග්ධ බවේ අදෝනාවකි. ශෝකාලාපයකි. ඉන් පළමු පියවර හැටියට වන්දි සම්බන්ධයෙන් පමණට වඩා අතිශෝක්තියෙන් කතා කිරිමත්, දෙවනුව බොරු කීමත් තෙවනුව බිය ගැන්වීමත් හරහා ඉඩම් අත්පත් කර ගැනීමට යක්න දරයිි. විරුද්ධ වන්නන්ට මුහුණ දීමට සිදුවිය හැකි නෛතික හා ප‍්‍රායෝගික අවාසි හා බලපෑම් ගැනත් ප‍්‍රචාරණය යවයි. විවිධ ලියකියවිලි වලට ඒවායේ සදහන් කිසිදු කරුණක් කියවා තේරුම් ගැනීමට අවස්ථාව නොදී අත්සන ලබා ගන්නා ජනතාව ඉදිරියේ මොවුහු සිහින මාලිගා මවති. නිවාස වල දිග පලල හා වර්ග ප‍්‍රමාණයන් ඒ අයහ විසින්ම ලබා ගෙන අවසානයේ මුලූ ප‍්‍රමාණය ගණනය කිරිමකින් තොරව එක රේඛා සටහනකට අත්සනක් ලබාගෙන පිටව යන නිලධාරින් හුවා දක්වන්නේ අඩංගු ගණන් හිලව් ඒකාබද්ධව ලබාගත් බවත් ඒවා නිවැරදි බවට ගෙහිමියා විසින් අත්සන් තබා ඇති බවයි. උසාවියකදි පවා පසුකාලිනව අභියෝග කළ නොහැකි අයුරින් ඉතා සූක්‍ෂම ලෙස ඒකපාර්ශවික වශයෙන් ලබාගත් තොරතුරු වලට හසරක් නොදැන ඉබාගාතේ නිලධාරින්ගේ කීමට කණ අත්සන යොදන අහිංසක ගැමියන්ගෙන් උදුරා ගන්නා වතුපිටි ඉඩකඩම් යනාදි සබ්බ සකල මනාවම බව මේ ගැමියන් නොදන්නවා විය හැක. මෙසේ ඇස්තමේන්තුවක් නොදැක තම උරුමය භාර දෙන ගැමියන් දැන් බලාගෙන ඉන්නේ තමන්ට සාධාරණයක් ඉටුවේය යන අපේක්ෂාවෙන්ය.

මධ්‍යම අධිවේගී මාර්ගය නිසාවෙන් විතැන්වීමට නියමිත අයවලූන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව කරනු ලබන අභියාචනවලට ඇහුම්කන් දෙන නම්‍යශීලී දේශපාලකයින් හා නිිලධාරීන් නැත. මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම කවුරුත් පිළිගනිති. එහෙත් මේ වන විට ලාක් කමිටුව හමුවට ගිය වන්දිලාභීන්ට ඔවුන්ගේ දේපල සඳහා ලැබෙන වන්දිය කිසිසේත්ම පිලිගත නොහැකි අසාධාරණ වන්දියක් බවට පත්වී ඇත. ඒ අනුව සාධාරණ වන්දියක් ඉල්ලා සිටින අභියාචනා රජයට ඉදිරිපත් වෙමින් පවතී. ඉඩම් සඳහා වෙළඳපොළ වටිනාකම මත තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ව්‍යවස්ථාපිත වන්දි මුදල ගෙවීම නිර්දේශකර තිබූවද ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට වාර්තාවි ඇති ඔප්පුවල සදහන් මුදල පමණක් දැනට අනුමත කර ඇත. එය සැබෑ වෙළද අගය නොවේ. ඉඩම් වෙන්දේසිකරුවන් විසින් වියලි ඉඩම් සදහා ප‍්‍රකාශිත මිල ගණන් අදාල කර ගන්නා මෙන් ඉල්ලන්නේ එබැවිනි. කෘතිමව අධිවේගය නිසාවෙන්ම අවට පරිසරයේ සිදුවන මිල ගණන් වැඩිවීම හා ඇතිවන මානසික ආතතිය හා අනාරක්ෂිතබව වෙනුවෙන් සාධාරණ වන්දියක් ගෙවිය යුතුව තිබියදී එසේ ඔප්පුවල සදහන් මුදල පමණක් අනුමත කරන්නේ නම් ඒ සදහා නිලධාරීන් අවශ්‍ය නොවන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන මැදිහත්වීම ලබාදීමට දේශපාලනඥයෙක් ලෙස තමා බැඳී සිටින වග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මැතිතුමා මා සමග පැවසූ බවත් සදහන් කරමි.

තවද නව ඉඩමක් මිලදී ගැනීමේදි ගෙවිමට සිදුවන 4% ක ඔප්පු ගාස්තුව, 1% ක නොතාරිස් ගාස්තුව, මිනින්දොරු සේවා ගාස්තුව හා ඉඩම ලියාපදිංවිය සදහා වන නගර සභා ගාස්තුව වන්දි මුදලට එකතු කරන ගෙවන මෙන් ඉල්ලා සිටින මොවුහු ගහ කොල බවබෝග සදහා අහිමිවන අස්වැන්න වෙනුවෙන් පාරිතෝෂිිතයක්ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිති. ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලය මගින් දැනට පොල් ගසේ වයස සහ අස්වැන්න පදනම් කොට ගෙන ප‍්‍රකාශ කර ඇති වන්දිය අදාල කර ගන්නා ලෙස ඉල්ලා සිටිති. අහිමිවන ඉඩමක පර්චස් එකක හා ගොඩනැගිල්ලක වර්ග අඩි එකක දළ තක්සේරු වටිනාකම වන්දිලාභීයාට ඉදිරිපත් කිරීමෙන් පසුව භුක්තිය පවරා ගැනීමේ කටයුතු සැලසීම අපේක්‍ෂා කළද මේ වනවිට තක්සේරු වටිනාකම වන්දිලාභීයාට ඉදිරිපත් කිරීමට පෙර භුක්තිය පවරා ගැනීමේ කටයුතු සිදුකරමින්් පවතී. ඉහතින් සදහන් කළ වන්දි මුදල කිසිදු බදු හෝ වෙනත් අධි භාරයකට යටත් නොකර ප‍්‍රමාදයකින් තොරව එකවිට ලබා දීම අපේක්‍ෂා කරන මොවුන් විතැන්විම සදහා එසේ මුදල් ලැබු දින සිට අඩුම තරමින් මාස 12 කාලයක් අවශ්‍ය බව අවධාරණය කරති. විශාල පිරිසක් එකවර විතැන්වීමට යාමේදි සිදුවන ශ‍්‍රමය හා අමුද්‍රව්‍යවල හිගතාවයට මුහුණ දීමට එම කාලය අත්‍යවශ්‍ය වේ. එහෙත් යම් පාර්ශවයක් මාස 12 කට වඩා අඩු කාල සීමාවකදි විතැන්වන්නේ නම් එම පාර්ශවයන්ට කී මනි ලෙස රු.150000 ක මුදලක් හා ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයක නම් රු 25000 මාසික කුලියක්ද විතැන්වීමේදි චංචල දේපල රැුගෙන යාමට ප‍්‍රවාහන ගාස්තුවක්ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිති. මේ සියඵ ඉල්ලීම් සාධාරණ ලෙස හැඟී ගිය ද ඒවා එසැනින්ම ප‍්‍රසිද්ධියේ පිලිනොගන්නේ මා ඉහතින් සඳහන් කළ නූගත්කම, බයාදුකම හා දුප්පත්කම දඩමීමා කොට ගෙන ගෙවීමට සිදුවන වන්දි මුදල අඩුකර ගත හැකිය යන පරම සත්‍යය නිසාය.

අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා සුපුරුදු ගම් ප‍්‍රදේශයෙන් බැහැරවීමට සිදුවීම නිසා නෑදෑ හිත මිතුරන්ගෙන් ඈත් වීමට සිදුවීම, ජීවන රටාව වෙනස්වීම හා ඉන් ඇතිවන ආතතිය, අනාරක්‍ෂිත බව, දරුවන් පාසල් යැවීමට ඇතිවන අපහසුතා, රැුකියාවට යාමට ඇතිවන අපහසුතා, ව්‍යාපාර හා ස්වයං රැුකියා අහිමිවීම හා පවත්වාගෙන යාමේ අපහසුතා වන්දිලාභීන්ට අත්විදීමට සිදු වේ. ප‍්‍රදේශයේ ඇති සීමිත ඉඩම් ප‍්‍රමාණයට වැඩි දෙනෙකු ඉල්ලූම් කිරීම හේතු කොට ගෙන ඉඩම් පර්චසයක් සඳහා ඉහල මිලක් ගෙවීමට සිදුවීම නිසා සුදුසු ඉඩමක් මිලදී ගෙන නිවසක් ගොඩ නගා ගැනීමට හැකිවන පරිදි හා වර්තමානයේ මොවුන්ට හිමිව තිබෙන ආර්ථික තත්වය, සමාජ තත්වය, හා ජීවන තත්වය තවදුරටත් පවත්වා ගෙන යාමට අපහසු නොවන අයුරින් වන්දි ලබා දීමට කටයුතු කිරීම රජයේ මූලික වගකීමක් නොවේද? එය ඉෂ්ඨ සිද්ධ කර ගැනුමට දැන් පෙළපාලි යාමට සිදුවිම කම්පාසහගතය.

ප‍්‍රාදේශීය දේශපාලනය මුලූ ගැන්වූ කළ ඊලග ආදේශකය සොයා හඹා යාම නොවැලැක්විය හැකිය. ජනතාව නීතිය අතට ගන්නේ පවතින සම්මුතීන් කෙරෙහි පවතින විශ්වාසනීයත්වය බිඳ වැටුන විටය. එවිට ආයතනික සාධකය යටපත් වන අතර පුද්ගල සාධකය ඉස්මතු වෙයි. එසේ ඉස්මතු වන්නා පිරිසකට අස්වැසිල්ලක් වෙද්දි තවත් පිරිසකගේ සතුරෙක් බවට පත් වෙයි. එක්තරා රැුයක නොහඳුනන මලසිරුරක් අලූතින් ගොඩනැගෙමින් යන දෙමහල් නිවසක උඩුමහලේ ආදාහනය වන්නේ එහි අතුරු ප‍්‍රථිපලයක් හැටියටය. මුළු ගමක් බියවද්දවමින් කළ අකටයුත්ත සම්බන්ධයෙන් පොලිසියට කට උත්තරයක් දෙන අතරතුර රහසේම නිලධාරින් පිරිසක් එම ඉඩමේ මිනුම් කටයුතු කරයි. ඉඩමේ අයිතිකරුගේ අනුදැනුම හෝ අවසරය නොමැතිව ඉඩමට ඇතුල් වෙයි. මෙය සංවර්ධන ත‍්‍රස්තවාදයක් නොවන්නේද?

පාරක් බලහත්කාරයෙන් හමුදාව ලවා බැකෝ යන්ත‍්‍ර යොදා පළල් කරන්නේද ඒ ආකාරයටම කාගේවත් අනුදැනුම නොමැතිවය. ප‍්‍රධාන බස් මාර්ගයේ දෙපස පිහිටා ඇති තාප්ප, ගේට්ටු, කොන්ක‍්‍රිට් ආධාරක, වැටවල් හා පිවිසුම් මාර්ග කඩා බිඳ දමා පාර පළල් වුයේද ම`ග දෙපස පදිංචිකරුවන් ගේ විරෝධතාවය මධ්‍යයේ මහ දවල් දෙනෝ දාහක් බලාගෙන සිටියදීය. කිසිදු වන්දියක් නිර්දේශ කර නොතිබුණු අතර කිසිදු නිලධාරියෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත් නොවුයේ රට කරවු ජනපති සොහොයුරන් දෙදෙනෙකුගේ බලපරාක‍්‍රමය රටේ නීතියට හා සාදාචාරයට ඉහලින් විරාජමානව තිබූ වකවානුවකය. නිලධාරින්ද ප‍්‍රකට චරිත දෙක තුනක නම් සදහන් කරමින් ඔවුන් විසින් දෙන ලද නියෝගයක් යැයි සදහන් කරමින් ඇඟ බේරා ගැනීමක නිරතව සිටි බව නොරහසකි. සියලූ කුණු කුණු මුල්ලට මෙන් දැන හා නොදැන කළ සියලූ වැරදි ප‍්‍රකට චරිත කිහිපයක ගිණුම් වලට බැරකිරීමේ කලාවක් අපි දනිමු. එම චරිත හරහා අයුතු බලපෑම් එල්ල කළ රජයේ නිලධාරින් රොත්තක් දැනුදු අප අතර සිටිති.

පසුගිය දා හම්බන්තොටදී ක‍්‍රියාත්මක වූයේ ඉතිහාසයේ දුර්ජනම සංවර්ධන ත‍්‍රස්තවාදය යැයි කිවහොත් මා සම`ග උරණවන්නේ යූඑන්පියට කඬේ යන කිහිප දෙනෙකූ මිසක් යූඑන්පී ජන්දදායකයින් නම් නොවේ. ජනතා සුභසිද්ධිය යැයි කියමින් හා ශ‍්‍රි ලංකාව ලෝකයේ බලගතු රටක් බවට පත් කරන්නේ යැයි කියමින් පොලිස් හා චන්ඩි මර්දන ඒකකවල ගල් මුල් ප‍්‍රහාර මැද්දේ දායාද කරන්නට යන සුභසාධනය නම් කිමෟ නවසිය අනුව මුල භාගයේදී කණ්ඩලම හෝටල සංකීර්ණය තැනුවේ පොලිස් ඒකකයක් එම වැඩ බිම තුල පිහිටුවීමෙන්ය. වැව් තාවුල්ලේ බහු ජාතික හෝටලයක් තනා ඒ පලාතකටවත් රට වැසියෙකුට අවසරයකින් තොරව අඩියක් ගසන්නට බැරිවුණ එම ව්‍යාපෘතියෙන් ගමට සිදුවුණ සෙතක් නැත. ගමේ මිනිස්සු හෝටලයට යන මග තැන තැන බෙලි, දිවුල් මලූ රැුගෙන මහ දවල් මග දෙපස උඩ බලා ගෙන සිටිති. ලංකාවේ මෑත කාලයේ අතගහපු සියඵ ව්‍යාපෘති අසාර්ථකය. සමනල වැව, නොරොච්චෝලේ, උමා ඔය කදිම නිදසුනකි. හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල හිතාමතාම අනාථ කලෙත් ආණ්ඩුවමය. එය අනාථවන්නට ඉඩ හැරියේය. එය ගොඩ ගන්නට යැයි කියමින් ජනතා විරෝධ යටපත් කරගෙන චීනය සමග යන්නට යන ගමන කුමක්දැයි ඇසීමට රටවැසියන්ට අයිතියක් තිබිය යුතුය. ඒ සදහා උත්තර බැදීමට ආණ්ඩුවක් හැටියට බැදී සිටියි.

මධ්‍යම අධිවේගය සම්බන්ධයෙන්ද කථාව වැඩි වෙනසක් නොවේ. අවස්ථා කිහිපයකදී එහි ගමන් මග වෙනස් වූයේ තාක්ෂණික කරුණු මත නොව දේශපාලන කරුණු මතය. රදලයින්ගේ ඉඩම් බේරා ගැනීමට යාමෙන්ය. ගම්මුන්ට නොකියා හිටි අඩියේ ඉඩම්වලට විත් කූඤ්ඤ ගැසූ ආණ්ඩුව එම දේපල පවරා ගන්නේද පැහැදිලි නිරවුල් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව නොවේ. එය දැන් බයින්් ඇන්්ඞ් සෙලින් ගානට ලඝුවී හමාරය. පසුගිය රජයේද මෙම රජයේද මහ ලොකු වෙනසක් නැත්තේ එබැවිනි. මේ කිසිදු රජයක් ජනතාව හමුවට ආවේ නැත. හිතුුුමනාපෙට දෙතුන් දෙනෙකුගේ උවමනාවට සියලූ සංවර්ධන තීරණ ගනු ලැබීය. මේ රටේ පාරවල් පලල් වූයේද එලෙසටය. පසුගිය රජය ඊට හමුදාවේද සහාය ලබා ගත්තේය. තුවක්කු බටෙන් රට හැදුවේ එලෙසිනි. වන්දි වශයෙන් ශත පහක් නොලැබුණ අය බොහොමයකි. දක්ෂිණ අධිවේගයේ තවමත් එසේ මුදල් නොලබා උසාවියේ රස්තියාදුවන කිහිප දෙනෙකු සිටිති. මේ සියලූ කාරණාවලට මූලිකම හේතුව සොයා බැලීමේදී දක්නට ඇත්තේ එකම එක දෙයකි. ජනතාව ආණ්ඩුවලට ඕනෑ විදිහට ජීවත් විය යුතු බවයි. 

එදා මෙදා තුර මිනිසුන් ත‍්‍රාසයට භීතියට පත්කරමින් තම පදිංචියට එහා ගිය උරුමය කොල්ලකන නීත්‍යානුකුල ක‍්‍රමවේදයට ප‍්‍රධාන හේතු දෙකක්් මම නැවතත් සිහිපත් කරමි. එනම් තම අයිතිවාසිකම් පිලිබදව සාමාන්‍ය ජනතාවට ඇති නොදැනුවත්කම, බයාදුකම හා ණයගැතිකමයි. ඉන් මිරිකුණු ජනතාවක් දේශපාලන උත්තේජනයක් ලැබූ නිලධාරින් රොත්තක් හමුවේ අන්ත අසරණ වී සිටිති. බොහෝ වේලාවකදී නිහඩව විඳ දරා ගෙන සිටින මොවුන් නැගිටින වෙලාව හොයා ගන්නට බැරිවෙනු ඇත. මීරිගම ගණේගොඩ දුම්රිය ස්ථානය අසලදි මධ්‍යම අධිවේගයේ ප‍්‍රථම යටිපස් කුට්ටිය හෑරීම සඳහා බහිරව පූජාවකින් අනතුරුව දොඹකරය ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කිරීමේදීී ඉඩම් අයිතිකරුවන් එම දොඹකරයේ එල්ලූනේ තමන්ට සතයක්වත් ගෙවා නැතිය යන ඉතාමත් අහිංසක ඉල්ලීම විරෝධයක් ලෙස පුපුරා ගිය අවස්ථාවකය. එහෙත් උසාවි නියෝග මගින් පිස්කල් ලවා පන්නා දමා වැඩ ආරම්භ කරන බවට කළ තර්ජනවලින්ද කියාපාන්නේ ද මිනිසුන්ගේ හැසිරිම් රටාවන් පාලනයකට නතුකර ගැනීමට නිල බලය තක්කඩි ලෙස වුවද පාවිච්චි කිරීමට පසුබට නොවන වගයිි.
ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ යම් යම් වගන්ති උපුටා දක්වමින් මේ වනවිට විතැන්වීමට නියමිත අයවලූන්ට ලිඛිතව නියෝග නිකුත් කරමින් සිටියි. එම ලිපිවල දැක්වෙන්නේ ඉඩම්වලට පැමිණෙන නිළධාරින්ට යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන ඒමටත් ගස් කපා ඉවත් කිරිමටත් පස් හෑරීමටත්, මායිම් ගල් වෙනස් කිරීමටත් බලය පවරා ඇති බවයි. මෙය පවතින නීතිය ප‍්‍රබල ලෙස අවභාවිතයට ලක්වන කදිම අවස්ථාවක් බව කිවමනාය. මධ්‍යම අධිවේගය විශේෂ ව්‍යාපෘතියක් ලෙස ගැසට් මගින් නම් කිරිම තුලම විෂය භාර ඇමතිවරයාට ලැබෙන සුවිශේෂි බලතල ප‍්‍රකාර වන්දි ගෙවිම පසෙක ලා ඉඩම් පවරා ගැනීමට ඉඩකඩ නෛතික වශයෙන් ලබා ගෙන ඇති අතර ඕනෑම අවස්ථාවක උසාවි නියෝග මගින් එල්ල විය හැකි ජන අරගල යටපත් කරලීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. හම්බන්තොටින් ඊට යම් උත්තේජනයක් ලබා ගෙන ඇතැයි අපි සිතමු. මධ්‍යම අධිවේගය නිසාවෙන් විතැන්විමට නියමිත අයවලූන්ගේ ගණන පළමු අධියර පමණක් පවුල් දෙදහස ඉක්මවයි. වන්දි ගෙවිමේ ක‍්‍රමයෙහි අඩු ලූහුඩුකම් බොහෝ ඇතත් ඒවාට ඇහුන්කන් දෙන වටපිටාවක් පෙනෙන්නට නැත.

රටක ජනතාවක් රටකින් බලාපොරොත්තු වන මූලික කරුණු තුනකි. සාමය, සංවර්ධනය හා අභිමානය. ඒ සදහා යන ගමන ජනතාවගෙන් වෙන්ව යන ගමනක් නම් එය හිතුවක්කාරකමකි. ඒ වගේම අනුවණකමකි. සාකච්ඡුා මට්ටමින් බොහෝ ප‍්‍රශ්ණ විසදා ගත හැකිව තිබියදී බැටන් පොලූ වලින් විසදපු සියලූ ආණ්ඩු ජනතාව ඉදිරියේ දනින් නැමුණ හැටි ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. මේ වන විට යූඑන්පී ශ‍්‍රි ලංකා දෙකේම ප‍්‍රාදේශිය දේශපාලන අධිකාරිය මුලූ ගැන්වී ඇත. නිළධාරීන්ගේ රොබෝමය ප‍්‍රවේශයත් පොතේ ගුරු රාජ්‍ය පරිපාලනයේ අකර්මණ්‍යබව හා ඇ`ග බේරා ගැනීමේ වැඩ සංස්කෘතිය තුල ජනතාවට බලාපොරොත්තු විය හැකි උත්තරයක් නැත. සංවර්ධනය ජනතාව වෙනුවෙන් නම් ඊට ජනතාව හවුල් කර නොගන්නේ මන්ද? සියලූ ජනතා විරෝධී රැුලි හමුවේ පවතින පාලකයින් කීවේ එහි පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවයි. බොරු බිල්ලෙකු මවා ගෙන ඊට ගල් ගැසීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress