රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..
Posted on February 11th, 2017

ලංකා සී නිවුස්

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කමිටුවේ රැස්වීමේදි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත කරුණු දක්වමින් පෙන්වාදී ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි වසර 3 තුල එම තත්ත්වය තවත් දරුණු වන බවයි.

මෙම ආර්ථික කමිටුවේ සාකච්ඡාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සරත් අමුණුගම, රවි කරුණානයක, කබීර් හෂිම්,චම්පික රණවක, සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහභාගි වී ඇත.

රජයේ වැඩපිළිවෙළ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය පරිදි සැලසුම් නොකොලොත් රට බංකොලොත් වීම වැලක්විය නොහැකි බවට රටේ මූල්‍ය පාලනය කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ප්‍රකාශ කිරීම මුදල් අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පිලිගන්නා බවක් එහිදි පෙන්නුම් නොකළ අතර හැකිතරම් දුරට රාජ්‍ය ව්‍යවසායින් පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර Public Private Partnership බවට පත් කල යුතු බවට ප්‍රකාශ කරන ලදි.

මෙහිදී මහා බැංකුවේ අධිපතිවරයා පෙන්වා දි ඇත්තේ පසුගිය රජය විසින් භාර දුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ ඩොලරයේ අගය වැඩි නොවි පවත්වාගෙන යෑමට රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා බවයි. ඒ නිසාම මේ වනවිට සංචිත මෙසේ පහළ වැටිම හරහා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙමින් ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි. එමෙන්ම දිනපතා ඉහළ යන ලෝක තෙල් මිලට සාපේක්ෂව පෙට්‍රල් ඩීසල් මිල ඉහළ නොදෙම්මොත් එය ද රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති කරන බවයි.

මෙහි දි නිමල් සිරිපාල අමාත්‍යවරයා විසින් වර්තමාන මූල්‍ය පරිපාලනය හා ආණ්ඩුවේ නිසි සැලැස්මක් නොමැති කම මේ සියල්ලටම හේතුවක් ලෙස පෙන්වා දෙමින් පෑවසුවේ පසුගිය රජය සමයේ රටේ දරුණු යුද්ධයක් කරමින් පවා රට සංවර්ධනය කරමින් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරින් පිරිසක් මහින්ද රාජපක්ෂ රජයේ සිටී බවද පවසා ඇත.

4 Responses to “රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..”

  1. Charles Says:

    මේ අර්බුධයෙන් ගැලවෙන්න නම් මය්ත්රිපාල සිරිසේන ජනාධිපතියි රනිල් වික්රමසින්හ අගමැතියි වහා ඒ තනතුරුවලින් අස්වී රට ගොඩගන්න රාජපක්ස ආණ්ඩුවක් නැවතත් වහා ඇතිකළ යුතුයි.

  2. Dilrook Says:

    That will not work for the country Charles.

    Sri Lanka was officially heading towards bankruptcy since 2012 as state revenue was insufficient to repay loans and loan interest. It had to borrow to pay for other expenditure.

    We are in this problem thanks to the two governments that ruled since 2010. Replacing one with the other doesn’t resolve it. Sirisena was part of both!

    Sri Lanka needs someone with formal economics knowledge and expertise to become president and/or prime minister. Relying on advisors has proven disastrous. Dinesh is qualified but he is saddled with outdated socialist views unsuitable for today.

  3. Ananda-USA Says:

    Dilrook,

    I disagree that Sri Lanka was on the path to bankruptcy since 2012. The MR/UPFA govt had pared consumption expenses to a manageable level, snd was INVESTING borrowed money in long-term infrastructure that would have raised Sri Lanja to much higher economic level. Ungortunately, our foreign enemies snd JEALOUS local TRAITORS waylaid an overconfident government in the Jan 8, 2015 elections. The entire debt burden assumed by the MR/UPFA govt for infrastructure development was well within the means of the government to service until the income from those developments, and the larger economy created by them, kick into the national budget in the form of tax-receipts. There was no problem at all, if the voters had stsyed the course without being misled by the Yahapalanaya propaganda.

    2015 was year the economic decline hit like a tsunami. That year a bunch of crooks and borderline idiots claiming to have the knowledge to manage a national economy took over. Since then, they have been digging the hole deeper still into a yawning abyss!

    I agree with Charles; the solution is to return the MR/UPFA govt to power so that can pick-up the pieces and resume their economic program to lift Sri Lanka to the New Wonder of Asia, albeit 10 years later than projected before Jan 8, 2015!

  4. Dilrook Says:

    @Ananda

    That is not true. I’m looking at these projects objectively without any political bias.

    Those infrastructure projects must be profitable sufficiently year to year to repay their loans. If the loans repayment terms don’t match cash profit, then it is bankruptcy. You cannot tell the lenders to wait another few years and they will return enough to repay. Mattala airport, Sooriyakanda cricket stadium, Southern Expressway, etc. earn much less than the repayments on these!

    Total Chinese loans from 2005 to 2014 was $8 billion and most these have assets to support them (despite some with inadequate returns). Total foreign borrowings from 2005 to 2014 was $52 billion (including $10 billion direct borrowings from CEB, CPC, etc.). What happened to the $44 billion ($52 – $8)? While some of it did go to infrastructure projects, most of it went to day to day expenses. In fact the government approached China for consumption loans in 2013 and China flatly refused. I hailed the Chinese response in these columns.

    Unfortunately, most Sri Lankans are unable to look at this objectively. As a result, some will buy the JO’s narrative that this is all because of the Sirisena-UNP government while others will buy the UNP narrative that this is due to the former first family robbing state coffers. Both are wrong and don’t give a solution. But most Sri Lankans are incapable of looking beyond the party divide.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress