ජනාධිපති ආ.ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – ජී.එල් කියයි
Posted on February 16th, 2017

උපුටාගැණීම අදදෙරණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ සේවා සම්ප්‍රදාය කඩකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිඥවරයෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සෘජු පත්වීමක් ලබාදීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි පොදු ජන එක්සත් පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් මහතා චෝදනා කරයි.
අද (16) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ ය. 
නීතිඥ සංගමයේ උපදෙස් මත මෙම පත් කිරීම සිදු කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේ දී නීතිපතිවරයාගේ උපදෙස් පමණක් අධ්‍යනය කරන බවත් ඒ සඳහා නීතිඥ සංගමයේ උපදෙස් ලබා ගැනීමක් සිදු නොවන බවත් ජී.එල්.පීරිස් මහතා පැවසීය. 
මෙය කුමන හෝ දේශපාලන පක්ෂයක වුවමනාව මත සිදුකර ඇති බව ද මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ ය.

One Response to “ජනාධිපති ආ.ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – ජී.එල් කියයි”

  1. Charles Says:

    Maithripala SDirisena had been doing things in breach of the Constitution ever since he was elected President. His swearing in of Ranil Wickramasinghe as the Prime Minister when there was already a Prime Minister, re-appointment of Chief Justice Shiranee and dismissing the Chief Justice and appointing a new Chief Justtice were all acts outside the Constitution. His dis missing the SLFP and UPFA Secrtetaries just before the General election was ultra vires. He has no business to continue as the President in view of these serious breaches of the Constitution.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress