සමෘද්ධි සහනාධාරයෙන් අයථා ලෙස රු.2500.00 කපා ගැනීමට වාරණයක් ඉල්ලා එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඇතුලූ පාලනාධිකාරියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.
Posted on February 16th, 2017

Samurdhi Development Officers Union

2014 නොවැම්බර් මාසයේදී සෑම සමෘද්ධිලාභියෙකු වෙතම ”ඉසුරුමත් නිවහනක්” යන වැඩ සටහන යටතේ නිවාස අලුත් වැඩියාවන් සිදු කිරීම සදහා ලබා දුන් රු.2500.00 නිවාස ආධාර මුදල නැවත දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධි අයුරින් නැවත අය කර ගැනීමට කටයුතු කර ඇත.

උඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දෙන සමෘද්ධි සහනාධාරයෙන් මෙම මුදල අය කිරීම මුළුමනින්ම නීති විරෝධි වන අතර එමගින් අඩු ආදායම්ලාභී ජනතාව විශාල අසාධාරණයකට මේ වන විට ලක් වෙමින් සිටිති.

ඒ අනුව මෙම අසාධාරණය කඩිනමින් වලකාලීමට පියවර ගන්නා මෙන් ඉල්ලා හා ඊට නියෝග දුන් සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඇතුළු පාලනාධිකාරියට එරෙහිව 2017.02.16 බ‍්‍රහස්පතින්දා අද දින ප:ව: 2.00 ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් භාර දීමට අප සංගමය තීරණය කර ඇත.

නීතීඥ සුනිල් වටගල මහතාගේ මුලිකත්වයෙන් මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිසන් සභාව වෙත භාර දෙන අතර ඊට අගතියට පත්වු සමෘද්ධිලාභීන් සහභාගී විමට නියම්තය.

ස්තූතියි.

මෙයට,

චාමර මද්දුම කළුගේ.

ප‍්‍රධාන ලේකම්,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress