රාජපක්ෂ පාර්ශවයේ බෙදීමක් සිදුවෙයිද? ඉන්දියාව අවධානයෙන්!
Posted on February 18th, 2017

උපුටාගැණීම අදදෙරණ

February 18, 2017  01:27 pm

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීමට සැරසීමත් සමඟින් ශ්‍රී ලංකාවේ දේශපාලික වශයෙන් වෙනස්කම් රැසක් සිදු විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි අවධානයකින් පසුවන බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ද හින්දු පුවත්පත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රාජපක්ෂ මහතාගේ නැවත දේශපාලනයට පැමිණීමත් සමඟින් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාවේ වෙනස්කම් රැසක් මෙන්ම බෙදීම් රැසක්ද සිදුවිය හැකි බවට සැක පළ කළ හැකි බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් හා සිද්ධීන් සැළකිල්ලට ගෙන නිරීක්ෂණය කිරීමේදී මේ තත්ත්වය පැහැදිලිවන බවද ද හින්දු පුවත්පත පෙන්වා දෙයි.

එමෙන්ම ඒ සමඟින් මහින්ද රාජපක්ෂ මහතා වටා ඇති දේශපාලනික පාර්ශවයන් අතර බෙදීම් සිදු විය හැකි බවත් ඒ සම්බන්ධයෙන්ද ඉන්දීය රජය දැඩි අවධානයකින් පසුවන බව  ඔවුන් සඳහන් කර තිබේ.

පසුගිය දා භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද සඳහන්ය.

අවස්ථාවේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික කරුණු සහ දිවයින තුළ පැවත්වීමට නියමිත ඉදිරි ඉන්දීය සාගර සමුළුව සම්බන්ධයෙන්ද  සාකච්ඡා කර තිබේ.

2 Responses to “රාජපක්ෂ පාර්ශවයේ බෙදීමක් සිදුවෙයිද? ඉන්දියාව අවධානයෙන්!”

  1. Randeniyage Says:

    I note MR and Ranil( on the way back from Aus) in Singapore at the same time.
    When can we stop India.

  2. Christie Says:

    ඉන්දියානු අදිරදවාදී ජඩයෝ සින්හලයන් මහපොලොවෙන් අතුගා දමන තුරු නවතින්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress