සරත් වීරසේකර ජීනිවා යයි
Posted on February 18th, 2017

කීර්ති වර්ණකුලසුරිය උපුටා ගැන්ම දිවයින

කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු ජිනීවාහි සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නව තානාපතිනි නිකී හේලි සහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා බලා යනු ඇත.

ඔහුට මෙරට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් දෙදෙනකුද සම්බන්ධ වේ. ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ කොටි යුද අපරාධ හෙළි කරන මුල් අවස්‌ථාව මෙයයි.

මෙයට පෙර කිසිදු රජයක්‌ කොටි යුද අපරාධ ගැන සවිස්‌තර තොරතුරු ඉදිරිපත් කර නැත.

එහෙත් ඊළම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව පවසමින් මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය තොරතුරු යොමු කර තිබේ.

ශ්‍රී ලංකා රජය ඉටු කළ යුතු කාර්යයක්‌ හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරියකු විසින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ යොමු කරන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

One Response to “සරත් වීරසේකර ජීනිවා යයි”

  1. Christie Says:

    Thanks Sarath.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress