හමුදා බුද්ධි අංශ කැළඹේ… CID පච මල්ල යළිත් අවලමේ …. රනිල්ගෙන් ශානි අබේසේකරට තෑගි
Posted on February 19th, 2017

සටහන – තිත්ත සූකිරී LNW SPY  උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ්

යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09 කට පසු අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් පස්දෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත. පහර දුන් අය සොයා දඩුවමි දිය යුතුය. එහි තර්කයක් නොමැත.

මෙම සිදුවිමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා බුද්ධි අංශ නිළධාරින්ය. පුදුමයට කරුණ නම් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා විසින් කිසිදු ලිපියක් බුද්ධි අංශයට විරුද්ධව පළ කොට නොමැත. ඔහු විසින් වාර්තා කළ කිසිදු ලිපියක යුධ හමුදාව විවෙචනය කරමින් පළකිරිමක් සිදු කර නොමැත. එසේ නම් කීත් නොයාර් සමග සැබැවින්ම ප්‍රශ්ණයක් ඇත්තේ කා හට දැයි විශ්ලේෂණය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් තවමත් එවකට කොළඹ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානින්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නොමැත.

විවිධ ජවනිකා හරහා මේ සිදු කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රථිසංස්කරණය කිරිම හෝ විසුරුවා හැරිම යන ජිනිවා ප්‍රථිසංස්කරණ යෝජනාවල කරුණුය. රටක බුද්ධි අංශයක් පිළිබදව තිරණ ගැනිමට ජාත්‍යන්තර සංවිධානයකට ඇති අයිතිය කුමක්ද ?

මේවා ක්‍රියාත්මක කිරිම සදහා ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල් හා වරප්‍රසාද අදාල පුද්ගලයන්ට දොළපදේණි ලෙස ලැබේ.

බුද්ධි අංශ යනු රටක කොදු නාරටියයි. විවිධ චෝදනා මවාපාමින් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගනිමින් සිදු කරන්නේ දැනට සේවය කරන බුද්ධි අංශ නිළධාරින්ට රාජකාරි නොකරන ලෙස අනියමින් කරන බළපෑමකි. මේ හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයින්ගේ මානසික මටිටම මෙන්ම මුලු මහත් ආයතනයේම පරිහානියට පත්වෙමින් සිටියි. ජාත්‍යන්තරයට අවශ්‍යවන්නේද මෙයයි.

මේ ක්‍රියාදාමය හරහා සිදු වන බරපතළ ක්‍රියාදාමය නම් බුද්ධි අංශ තොරතුරුකරුවන්ගේ නාමලේඛණය විමර්ෂණ පදනමින් විස්තර ලබා ගැනිමට අධිකරණය පාවාදි ඒ හරහා රහස්‍ය තොරතුරු ලබා ගැනිමයි. අත්අඩංගුවට ගත් නිළධාරින්ට ඇප ලබාදිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධවිම හේතුවෙන් කිසිදු පදනමක් නොමැතිව ඔවුන්ට දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත විමට සිදු වේ.

උසාවියකින් වරදකරුවෙකු නොකර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ බමුණන් එම නිළධාරින් අත්අඩංගුවට ගැනිමට යාමේදි ප්‍රදේශය පුරා මිනිමරුවන් යැයි පවසමින් චරිත ඝාතනය කරමින් සිදු කරයි. මේ හරහා සිදු කරනුයේ වර්තමානයේ හමුදා බුද්ධි අංශතුළ සේවය කරන නිළධාරින් හට ඉල්ලා අස්ව යාමට තරම් පීඩනයක් එල්ල කිරිමයි.

නමුත් මෙම ජවනිකාවල රගපාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිගේ වෙස් මූණු ජනතාව ඉදිරියේ මේවන විට ගැලවි ගොස් හමාරය. මෙය සිදු කරනුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ යහපාලන උසස්විම් ලබා ගත් පුද්ගලයින්ගේ දොළපදේණිවලට හිළවි වශයෙන් අශිලිචාර ක්‍රියාදාමයක යෙදි සිටි. ඉදිරියේදි කටු සූප්පු කරන බල්ලන් විසින් එයට සහය දිම සදහා විවිධ කුමන්ත්‍රණ සදහා තවත් බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගැනිම සදහා මාන බලමින් සිටියි.

හමුදාව ජනතාව තුල ලබාගෙන ඇති ප්‍රසාදය විනාශකිරිමට යහපාලුවන් ගන්නා උත්සහය සිංහ සෙයියාවෙන් සිටින නිළධාරින් ඉදිරියේ පහසු නොවුණු ඇත. මේ වන විට ත්‍රිවිධ හමුදාව තුළම වත්මන් රජයට අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවති. ‍

මේ සිදුවෙම්න් පවතින්නේ බොරු චෝදනා හරහා ඊළග පාවාදිමට අවශ්‍ය පසුබිම සාදා ගැනිමේ කටයුතුය. හමුදාවේ අභිප්‍රායත් මේ සිදුවිම් වලට දායක වු සැබෑ වරදකරුවන් අත්අඩංගුවට ගැනිමය. සැබෑ වරදකරුවා සොයා ගන්නවා වෙනුවට සිදු කෙරෙනුයේ රටේ තිබෙන ප්‍රබලම බුද්ධි අංශ අඩපණ කිරිමය.

සෑම දෙනාම අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණු නම් යහපාලන ආණ්ඩුව පත්විමත් සමග රට සෑම අංශයේම අරාජිකත්වයට පත්ව ඇති බවයි.

මේ වන විට විදෙස් බුද්ධි අංශ කණ්ඩායම් ලංකාව තුළ පිණුම් ගසමින් කිසිදු බාධාවකින් තොරව තම න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටියි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම නාඩගම නම් අත්අඩංගුවට ගන්නාවත් සමගම පුද්ගලයින් වැරුදිකරුවන් කරමින් සමාජය පුරා මතයක් ගොඩනැගිමය. එම ජවනිකා වල ඉතිරි කොටස රාජ්‍ය මාධ්‍ය නාටකයක් සේ දිගහරිමින් අත්වැල් සපයයි.

යහපාලන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ට තර්ජනය කරමින් වරද පිළිගන්නා ලෙස අයුතු බලපෑම් සිදුකර ඇති බව ප්‍රසිද්ධ රහසකි.

ජේමිස් බොන්ඩිලා ලෙස රගපාන CID ජොකර්ලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිළධාරියාද දිගු කාලයක් සාක්ෂි රහිතව බන්ධනාගාර ගත කරවමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නියම මිනිමරුවා බව ලොවට පෙන්වමින් සිටි නාටකය පුස්සක් බවට පත් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජා ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන සිටි බුද්ධි අංශ නිළධාරින්ද බොරු චෝදනා එල්ල කරමින් දිගු කාලයක් බන්ධනාගාර ගත කර සිටි අතර නඩුව අවසානයේ ජුරියේ ඒකමතික තිරණය අනුව නිදොස් කොට නිදහස් කෙරුණි.

මීට පෙරාතුව රනිල් පාලනයේ CID ජෝකර්ලා සිදුකල මිලේනියමි සිටි පාවාදිමේ සැබෑ තතු ද රටට හෙළිදරව් විමෙන් CID නිරුවත හෙළිවිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවිමේදි කෝප්‍රල් වරයෙකුට මෙතරම් දෙයක් කිරිමට හැකි නම් එවකට හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා වගකිව යුතු නොවේද ?

එසේ නොවන්නේ නම් මොවුන් පවසන ආකාරයට එවකට හිටපු හමුදාපතිව සිටි මෙකල වෙලේ විදානේ නොහොත් පොන්නසේකා නපුන්සකයෙකි.

මාධ්‍යවේදි කීත් නොයාර්ට පහර දිම සම්බන්ධයෙන් කිසිදු පදනමකින් තොරව හමුදා බුද්ධි අංශ කරන චෝදනා මෙහෙය වන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යැයි මොනවට පැහැදිලි වෙයි.

යහපාලකයන් රටට තිබෙන සැබෑ තර්ජන හදුනා ගන්නවා වෙනුවට තම ‍පෞද්ගලික අභිමතාර්ත සදහා ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු වෙනුවෙන් කටයුතු සිදු කරමින් සිටියි. එහි වන්දි ගෙවිමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටය.

දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකා මාතාව පෙළුනු යුද්ධයෙන් තම ජිවිතය පරදුවට තබා ජයග්‍රහණය කල රණවිරුවන් හට බොරු චෝදනා එල්ල කරමින් දඩයම් කිරිමේ මෙහෙයුමක් වර්තමානයේ දක්නට ලැඛෙන අතර හුදෙක් මෙය එක්සත් ජාතින්ගේ මානව හිමිකමි සැසිවාරය පැවැත්වෙන කාල වකවානුවේ බහුලව දක්නට ලැබේ.

බෙදුම්වාදි කොටි ත්‍රස්ථවාදයෙන් මේ රට ගලවා ගැනිමට ජිවිත අවදානම ගෙන නායකත්වය දුන් රණවිරුවන් දඩයම් කිරිමට පටන්ගෙන ඇති මෙවන් වකවානුවක ප්‍රභාකරන්ලා හා එකට අසුන් ගෙන බෙදුම්වාදී දේශපාලනය කල අය හා පොංගු තමිල් උත්සවය සංවිධානය කල අය අද නිදැල්ලේ සිටින අතර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හරහා ශ්‍රී ලංකා රණවිරුවන් දඩුවම් දෙන්නට වෑයම් කල බටහිර අධිරාජ්‍යයවාදින් අද එය මෙරට අධිකරණ උපයොගි කරගනිමින් දඩුවම් දෙන අයුරු දක්නට ලැබීම ඇසට කදුළක් උනන්නට හේතුවක් විය.

රට ත්‍රස්තවාදින්ගෙන් මුදවා ගෙන රට තුල සමකාමි වාතාවරණයක් ගොඩනැගිමට ඔවුන් කල කැප කිරිම මේ රටේ මිනිසුන්ට අමතක නැත. අද මෙම රණවිරුවන්ට දඩුවම් දිමට සැබෑ උවමනාව ඇත්තේ කොටි සංවිධායේ ශේෂව ඇති කොටස් වලට හා දෙමළ ඩයස්පෝරාවට මෙන්ම මේ රටට හතුරුකම් කරන බටහිර බලවේගයන්ට හා යහපාලකයන්ට පමණි.

එයට මේ රටේ ජනතාව කිසිවිටකත් ඉඩනොතබනු ඇත.

අවසාන වශයෙන් කිමට ඇත්තේ රටේ ජනතාව තවමත් රණවිරුවන් සමගය. ජනතාවගේ එකම බලාපොරොත්තුවත් රණවිරුවන්ය

අද අපගේ නිහඩතාවය නිසා මතු පරපුරට භායානක අනාගතයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය.තවත් බලා සිටිය හැකිද?

සටහන – තිත්ත සූකිරී

One Response to “හමුදා බුද්ධි අංශ කැළඹේ… CID පච මල්ල යළිත් අවලමේ …. රනිල්ගෙන් ශානි අබේසේකරට තෑගි”

  1. Randeniyage Says:

    I expect Gota to defend these people than just saying he is sad.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress