ශ්‍රී ලාංකීය මහජනතාව විසින් සිදුකරනු ලබන ‘දෙවොල් දෙවියන්’ උදෙසාවූ කන්නලව්ව
Posted on February 20th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! මහකුරුම්බර සේනාවන්ට අධිගෘහිතව වැඩසිටි තමුන්නාන්සේලා ගුණ නැණින් පින්සිරින් තෙදබලෙන් අභිතව කීර්ති රශ්මි ධාරාවන් දසදිගත ප්‍රචලිතකර ස්වර්ණ වර්ණ කුම්භස්තල නංවා පටසළු රන් ධජ ලෙලවා රන්කොත් පිහිටුවා, ස්වර්ණ වර්ණාලංකාරයෙන් උජවලිතවන, ඉරිදා අස්ලිස නක්ෂත්‍ර තාරකාවෙන් නැව් සතක් කරවා, සදුදිනට යෙදී ආ බෙරණය නක්‍ෂත්‍ර තාරකාවෙන් බඩු පටවා සප්ත තාරකා සමුහය මෙන් දිලිසි දිලිසි සපිරිවර කැටිව ගැන නැව් සතක් දියත් කර සාගර තරණය කරමින් වැඩ වදාරණ කල්හි, නපුරු සැඩ සුළගින් නැව් සත කැඩී බිදී ගොස් අහසට පොළොවට දෙස් කියමින් සීනිගමට ගොඩබසින්නට ආ තැනේදී සිද්ධ පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ ඉදිරියට පැමිණ, දෙවොල් සත්දෙනාගේ තෙද බලම්මැයි සිතා අද තොපට මෙතෙරට ගොඩබසිනු නොදෙම්මැයි  කියා ගිනිකදු සතක් මවාපෑ තැනේදී, සිනහ පහළකර ඒ ගිනිකදු සතට පන සිසිල්කර සිද්ධ පත්තිනි වරය ලෙස සීනිගමට ගොඩබැස පුද පුජා ලැබීමට වරම් ලබාගත් සිද්ධවාහල දෙවොල් සත්දෙනා වහන්සේට සැලකර සිටින සකල අභිමතාර්ථයන් සපල කරදී වදාරණ සේක්වා!

සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! එදා කොටි ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දමා ජනතාවට අත්‍යවශ්‍ය ජලය, ජනතාව අතරට යාම වලකා ජනතාව පෙලුවාසේම, 2015 ජනවාරි මස 9 වෙනිදා මෙරට බලය ලබාගත් යහපාලන රජය, ක්ෂණයකින්ම රටේ සියලු සංවර්ධන කටයුතු නවතා, ජනතාවට අත්‍යවශ්‍ය මුදල් ජනතාව අතට ගලායාම නවතා දමා ඒවා මහා භාණ්ඩාගාරයේ සිරකරගෙන, ඒ  අති විශාල මුදල් සම්භාරය බැදුම්කර වංචාව මගින් තමන් අතට ගෙන ඇති බව වටහා ගත් ජනතාව හා ජන නායකත්වය, එෆ්. සී.අයි.ඩී. නම් මර්ධන යාන්ත්‍රණය ගොඩනංවා,මේ සිදු කරගෙනයන ජාතික මහා විනාශය සම්බන්ධවඔබ වහන්සේලා දැනුවත්කර, ඔබ වහන්සේලාගෙන් පිහිටක් අපේකෂවෙන් සීනිගම පුද භුමිය වෙත 2016 පෙබරවාරි මස  පැමිණ, පුද පුජා පවත්වා මේ යහපාලනය රටටත් ජාතියටත් මෙරට බහුතරයකගේ දර්ශනයවූ බුදු දහමටත් සිදුකරමින් සිටින විනාශය නවතා දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලබාදෙන ලෙසත්, මේ ව්‍යසනයෙන් රට ගොඩනැගීමට පිහිට වෙන ලෙසත් යදීමින්, සිදුකරන ලද කන්නලව්වෙන් පසු ඔබ වහන්සේලාගේ දිව්‍යමය බලයෙන් මේ සිදු කරමින් යන්නාවූ සියලුම කාර්යයන් දෙස මෙරට ජනතාව බලා සිටින්නේ, ඉමහත් ආශ්වාදයකින් යුතුවමය.

සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! මෙයට වසරකට පෙර පත්වන ලද ඒ මහ දේව කන්නලව්වෙන් පසු මේ දක්වාවූ කාලය තුලදී මේ යහපාලනයට  ඔබ වහන්සේලාගේ දිව්‍යමය දැක්ම උපයෝගී කරගෙන සිදුකර ඇති විනාශය කොතෙක්ද යත් අද වෙනවිට යහපාලනය මේ බිමේ ස්ථාපිත කිරීම උදෙසා කැපවුන ජාත්‍යන්තර තලයේ බලවත්ව සිටි එකද රාජ්‍ය නයක්‍යකුවත් සොයාගැනීමටවත් නොහැකි ආකාරයට අතුරුදන් කිරීමට තරම ඔබවහන්සේලා කටයුතු කර තිබීම; ලෝකයේ කිසිම කාලයක කිසිම තැනක නොසිදුවුණ සංසිද්ධියක් ලෙස අපි දනිමු. වසරක් තරම් කෙටි කාලයක් තුලදී, යහපාලනය ස්ථාපිත කර පෝෂණය කිරීමට වෙර දැරූ සියලුම ජාත්‍යන්තර රාජ්‍ය නායකත්වය ඔබවන්සේලා විසින් මර්ධනය කර ඇත. ඒ අනුව,

1. මහා බ්‍රිතාන්යෙ අගමැති ඩේවිඩ් කැමරන් බලයෙන් විසිව ගිය අතර.
2. ඇමරිකාවේ, කොටි හිතවාදී හා යහපාලන හිතවාදී පාලනයද විනාශකාරී තත්වයකට පත්කර ඇත.
3. එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අපට එරෙහි යෝජනා ගෙන ආ සියලුම බලමුළු අකර්මන්‍ය කල දිව්‍යමය බලය,
4. අපේ රටට එරෙහිව කටයුතු කලාවූ මහා ලේකම්ද එහි නැති තත්වයකට ඇද දමා අන්තර්ජාතික එම මහා ආයතනයද අර්බුදකාරී තත්වයකට පත්කර ඇත.
5.අප රටේ මුස්ලිම් තරස්තවදය ව්‍යාප්තකරමින් යහපාලන හිතවාදීව කටයුතු කල සව්දි අරාබිය, තුර්කිය,හා කටාර් රාජ්‍ය ආර්ථිකම ලෙස බිදවට්ටමින්ද,
6. මුළු මහත් යුරෝපයටම අප අත් වින්ද ඒ මහ ත්‍රස්ත බිය කමක්දයි වටහා ගැනීම සදහා ඒ රාජ්‍ය පද්ධතීන් තුලටද ත්‍රස්ත බිය ඇතුලත් කර, අවසන්ව,
7. කාලාන්තරයක්ම අප රට පිඩනයට පත්කලාවූ තමිල්නාඩු ප්‍රාන්ත රජයට පිවිස එහි රාජ්‍ය නායකත්වය වනසා දමා,
මෙරට ජනතාවට කිසිදා කල නොහැකි මහා බාරදුර කාර්යයක් ජාත්‍යන්තරය පුරාම සිදුකර මෙහි වැඩ සිටින්නාවූ ඔබ වහන්සේලාට අප වැද නමස්කාර කර අපගේ හදපිරි භක්ති ප්‍රණාමය පුද කරන්නෙමු

.තවද අසීමිත තෙජානුභාවයෙන් විරාජමානව හිරුරැස් හාමිය සදරැස් හාමිය, තෙදරැස් හාමිය, අනුසස් හාමිය මහා සාමිය, දේව රජ්ජුරු භණ්ඩාරය, අලුත් නුවර බණ්ඩාරය, යන දෙවොල් සත් බාගයට අධිගෘහිතව මෙකි පිරිවර සත්කට්ටුව,සමග දෙවුන්දරට, රිටිගලට, උණවටුනට, සීනිගමට,යහතින් දිවැස් කරුණාකර වැඩවදාරමින් ගිනිකුරුම්බර සත්කට්ටුව පූනා යක්ෂයෝය, කඩවරයෝය යන මෙකි යක්‍ෂයන් උපපිරිවරකොට ගෙන,ගම්මඩු, දෙවොල්මඩු, ගිනිමඩු, පාන්මඩු  යන මෙතෙක් දෑට දිෂ්ටි දීවැස් කරුණාකර, බල වැඩ වදාරමින්, ගම කොරොටු බාරව මේ නරලොව නර සත්වයින්ගේ සකලාභිවෘද්ධි වර්ධනය සලසා දෙන්නාවූ සිද්ධ දෙවොල් සත් දෙනාවහන්සේලගේ දිවය කරුණාවට භක්ත්‍යාදර ගෞරවයෙන් සැළකර සිටින කන්නලව්ව දිවකනින් අසා, දිව නෙතින් බලා,ශ්‍රී ලංකාද්වීපයේ වෙසෙන මේ බිම තමන්ගේ මාතෘ භුමිය ලෙස ආදරයෙන් රැකබලා ගැනීමට සුදානම් මෙරටවාසී යහපාලනයෙන් පීඩා විදින මේ ආතුරයින්ගේ සකල අභිවෘද්ධි වර්ධනය සලසාදී වැඩ වදාරණ සේක්වා!

සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! ඔබ වහන්සේලා විසින් වසරක් වැනි කෙටි කාලයක් තුලදී, මෙරට ජනතාව විසින් කරන ලද කන්නලව්වකට සවන්දී ජාත්‍යන්ත්‍රණය පුරා සිදුකර ඇති ඒ මහා මෙහෙවුම නිම කර, ජාතික සතුරන්ව විනාශ කිරීම ආරම්භ කර ඇති මේ මොහොතේදී, මෙරට දේශප්‍රේමී ජනතාව සිහිපත් කරනුයේ, එදා මහත් වික්‍රම තේජසින් පුලුප්පර දේසේ සිට,බඩු නැව් සතක් සාදා පැදගෙන මෙතරට ගොඩ බසිමුයි කියා එන ගමනේදී, වාත  ගර්ජනාවෙන් නැව් සත කැඩී බිදී ගිය මොහොතේදී, පෙර කරන ලද පුණ්‍යකර්ම තේජසින්, මුහුද මණිමෙකලාවුන් වහන්සේ මේ දැක නැව් සතම ඉලිප්පෙන්ඩ වරදී මෙතරට ගොඩ බැස්සවිමේදී දේව රජ්ජුරු දෙවියෝත්, සිද්ධ පත්තිනි දෙවියොත් මවාපෑ බුර බුරා ඇවිලෙන මහා ගිනි කදු සතම සිසිල් කරගෙන මේතර වැල්ලට ගොඩ බැස, වැලි සාල් කර, කරදියෙන් පාන් එළිය ඔප්පු සිද්ධකර ගත් ස්ත්‍යනුභාවයෙන් ඔබ දෙවියන් වහන්සේට කියා සිටින කන්නලව්ව දිවස් කරුණාවට ගෙන වදාරා, මෙරට ජනතා සකලාරිෂ්ට දෝෂාන්දකාර දුරින් දුර ගසා සිය පවුල්වල දන්නා නොදන්නා සියලුදෙනාටම සුබ සෙත් ශාන්තියක් සලසාදී, වදාරනවයි, පිනට පිහිට වෙනවයි, පින්ගන්නවයි, පස්වාන් දහසක් ආයු බොහෝ වේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress