ඉඳුරුවේ ආචාරි පට්ටම් !
Posted on February 26th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

අපේ රටේ දේශපාලන ක්ෂේත්රයට අලුතින්ම එක්වූ රසබර පුවත වන්නේ අප අගමැති රනිල් වික්රමසිංහට ඕස්ට්රේලියාවේ ඩීකින් විශ්ව විද්යාලයෙන් පිරිනැමූ ආචාර්ය උපාධියයි. මෙම උපාධිය ඔහුට පිරිනමමින් දැක්වූ හේතු පාඨය වනුයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු සිදුකල දීර්ඝ කාලීන සේවාව සහ ශ්රී ලංකාව ආර්ථික, අධ්යාපන හා මානව හිමිකම් ක්ෂේත්රයේ ඉහලට ඔසවා තැබීමට ඉටුකල කාර්යභාරය ඇගයීමයි. ඩීකින් විශ්ව විද්යාලයේ උපකුලපතිනිය වන ජේන් ඩෙන් හොලැන්ඩර්, අප අගමැතිවරයා විසින් ශ්රී ලංකාවේ නාමය ජාත්යන්තරය තුල ඉහලට ඔසවා තැබීමත්, කොටි ත්රස්තවාදීන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලීවීමත්, ජාත්යන්තර ප්රජාව වෙතින් මූල්ය සහය ලබාගැනීමට පදනම පිලිබඳව අගයකලේ හේතු පාඨයනට උදාහරණ සැපයීමක් වශයෙන් විය යුතුය.

රනිල් වික්රමසිංහ නම් දේශපාලකයාගේ ඉතිහාසය වසර 40 ක් තරම් ඈතට දිවෙයි. ඔහු පිලිබඳව ජනතාවගේ සිත් තුල පැහැදිලි රූපයක් ඇඳෙන්නේ 1977 ජුලි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව විදේශ කටයුතු පිලිබඳ නියෝජ්ය ඇමති බවට පත්වීමත් සමගය. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ බියගම මැතිවරණ කොට්ඨාශයෙනි. ඊට පෙර ඔහු කටයුතු කලේ කැළණිය සංවිධායක වශයෙන්ය. සමහරවිට සිරිල් මැතිව්ට තම කැළණිය අසුන බාර දෙන්නට සිදුවන්නට  ඇති නිස ඔහුට බියගමට එන්නට පාර කැපෙන්නට ඇති.එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී ඔහු පෙන්වූ ශිල්පයනට තෝතැන්න වූයේ මේ බියගම වැයික්කියයි. පක්ෂ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන සමග ඇති සමී ඥාති සම්බන්ධතාවද ඔහුගේ වාසියට හේතුවුනා නොඅනුමානය. ජේ ආර් ට ඔටුණු පලඳන්නට කුමර කුමරියන් නොමැති වීමද (සැබැවින්ම සිටියත් ඒ අයට ඔටුණ්න පිලිබඳව ආශාවක් නොමැති වීමද) මේ වාසි සහගත බව තීව්ර කලේය. ඒ නිසාම පාර්ලිමේන්තුවට නවකයෙකු වූ ඔහුට පත්වී මාස 3 ක් යන්නට මත්තෙන් යෞවන කටයුතු හා රැකි රක්ෂා පිලිබඳ කැබිනට් අමාත්ය ධූරය හිමිවිය. ඉන්පසු 1980 දී අධ්යාපන ඇමති ධූරය ලද ඔහු 1989 දක්වා එම තනතුරෙහි කටයුතු කලේය. මේ යුගයන්හිදී ජාතික තරුණ සේවා සභාව බිහිවිය. නව විවෘත ආර්ථිකය ඔස්සේ රටට ලැබුනු නිදහස් වෙළඳ කලාපයන්ගෙන් එකක් බියගමට ලබා ගැන්මටද ඔහු සමත් විය. එහි සම්මානය ඔහුගේ නමට බැර වුනද ඕවාට හේතු පාදක වූ කරුණු කවුරුන් දනිත්ද? රටේ විධායක නායකයා ඔහුගේ මාමාය. විෂය භාර ඇමති ලලිත් ඇතුලත්මුදලිට බලපෑමක් කිරීම එතරම් ලොකු දෙයකුත් නොවේ.

සමාජය තුල, විශේෂයෙන් විශ්ව විද්යාල පද්ධතිය තුල දැඩි විවේචනයන්ට සහ ආරවුල්වලට මග පෑදූ නිදහස් අධ්යාපනයට තදබල ප්රහාරයක් එල්ලකල අධ්යාපන ධවල පත්රිකාව ඔහුගේ සංකල්පයකි. අද මෙන්ම එදාද ඔහුගේ ඔලුවේ තිබුනේ පුද්ගලිකකරණයයි. මේ පුද්ගලිකකරණයේදී දෙපාර්ශ්වයක් තිබුනද ඔහු සැම විටම සතුටු කරන්නට සැදී පැහැදී සිටියේ බලවත් පාර්ශ්වයයි. එදා ඒ ධවල පත්රිකාව ඔස්සේ රටේ විශ්ව විද්යාල පද්ධතියම අවුල්ව ගිය අතර ඒ වන විට තහනමට ලක්ව සිටි ජවිපෙ ක්රියාකාරීනට එතුල තම ස්ථාවරය ගොඩනගා ගැනීමට හොඳ පසුබිමක් සැපයින. ඊලඟට 86 වසරේ තරමක් සාමකාමීව ගෙවුනු කාලය 87 වසරේ ඉන්දියාවේ මැදිහත්වීමෙන් කරලියට පැමිනි ඉන්දු – ලංකා සාම ගිවිසුමත් සමගම යලි ගිනියම් විය. ‘ඉන්දු – ලංකා’ යනුවෙන් නම් කලද මීට හේතු පාදක වූ පසුබිම් කරුණුවලදී, එය කොයි තරම් දුරට ඉන්දියාවට අදාලවීද යන්න පැහැදිලිය.  මේ කරුණු මෙසේ සරළ ලෙස කියැවුනද පසුබිමෙහි ඇත්තේ ඉතා සංකීර්ණ කතා පුවත්ය. කෙසේ වුවද රනිල් වික්රමසිංහ භූමිකාවේ සැබෑම මුහුණුවර සනිටුහන් වනුයේ මේ ගිවිසුම සමගම දිවයිනේ දකුණු ප්රදේයෙන් පැන නැගුනු ති භයංකර වූ ජවිපෙ හි දෙවන නැගිටීමත් සමගය.

එදා ඒ කැරැල්ල ඔස්සේ රටට අහිමි වූ මිනිස් ජීවිත සංඛ්යාව 41,813 ක් ලෙස වාර්තා වුවත්, මානව හිමිකම් සංවිධානවලට අනුව 67,652 ක් වෙයි. මේ කැරැල්ල මර්ධනය කිරීමේ ලා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකලේ රාජ්ය අනුග්රහය ඇතිව බිහිවූ වධකාගාරයන් විසින්ය. දිවයිනේ විවිධ ප්රදේශවල ඉදිවූ මෙවන් වධකාගාර අතරින් බටලන්ද වධකාගාරය ප්රසිද්ධියට පත්වූයේ එහි නිර්මාතෘ ලෙස රනිල් වික්රමසිංහ නාමය සනිටුහන් කරමිනි. රටතුල ඉතාම ප්රසිද්ධියට පත්වූ මේ වධකාගාරය තුලදී වද විඳ මරණයට පත්වූ අය අතර රුහුණ සරසවියේ ආචාර්ය සත්යපාල වන්නිගම සහ නීතීඥ විජේදාස ලියනආරච්චි වැනි ප්රකට චරිතද වූහ.

1997 ජනවාරි මාසයේදී චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් බටලන්ද වධකාගාරය පිලිබඳ කරුණු සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. 1997 දෙසැම්බර් මාසය දක්වා එහි සාක්ෂි විමසීම සිදුවූ අතර 1998 මාර්තු 27 වනදා කොමිසමේ නිර්දේශ සහිත එම වාර්තාව රජයට භාර දෙනු ලැබීය. 88 ජනවාරි 01 දින සිට 90 වසරේ දෙසැම්බර් 31 දක්වා සිදුවූ කැරැල්ලට අදාල සිදුවීම් පිලිබඳ විමර්ශනය කිරීම මෙම කොමිසමේ කාර්යභාරය විය. අදාල කරුණු විමසා සාක්ෂි රැස්කර නිර්දේශ ලබාදීම හැර නීතිමය මැදිහත් වීමේ බලතල මෙම කොමිසමට නොවිනි. කෙසේ වුවද බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුව මෙම වධකාරය ඇරඹීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව එවකට හිටපු අධ්යාපන ඇමති වූ රනිල් වික්රමසිංහ සහ ප්රදේශය භාරව සිටි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ සම්බන්ධ බව ප්රකාශයට පත්විය. ඔහු පොලිසිය සමග පැවැත්වූ නීත්යානුකූල නොවූ රැස්වීම් තුල තම බලය අපහරණය කල අයුරු සාක්ෂි තුලින් පැහැදිලි විනි. ඒ අනුව බටලන්ද වධකාගාරය හරහා පීඩාවට පත්වූ සහ මියගිය දහස් ගණනකගේ ජීවිත සම්බන්ධව ඔහුගේ මැදිහත් වීම ඉතා පැහැදිලිය. මේ වත්මන් අගමැතිගේ අප හොඳින් දන්නා මානව හිමිකම් ස්ථාපිත කිරීමේ වැඩ පිලිවෙලයි.

මේ හැර ඔහු මෑතකදී, 1981 දී සිදුවූ යාපනය පුස්තකාලය ගිණි තැබීම පිලිබඳව පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටි හැටි ඔබට මතක ඇති. එය එවක එජාප රජය විසින් සිදුකල හුදෙකලා ක්රියාවක් නොවේ. එම පුස්තකාලය ගිණි තැබීම සිදුවුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේදීය. එහිදී සිදුවූ චන්දමංකොල්ලයත්, ඊළනාදු පුවත්පත් කාර්යාලය ගිණි තැබීමත්, සිවිල් වැසියන් ඝාතනය කිරීමත් මේ හා බැඳුනු වෙන්කල නොහැකි සිදුවීම්ය. පැහැදිලි මානව හිමිකම් කඩවීම් වූ මේවා සම්බන්ධව සමාව ගැනීමක් සිදු නොවිනි. දකුණේ සිදුවූ සිදුවීම් ගැන නම් ඔහුට අබමල් රේණුවක තරම්වත් පසුතැවීමක් නැත. ඉතිහාසයේ සිදුවූ වඩා වෙන්ව ඇඳුනු සිදුවීම වෙනුවෙන් ඔහු සමාව ඉල්වූයේ අනිත් සිදුවීම් පොදු කුලකයකට ලා සලකා අමතක කල හැකි නිසාය. නමුත් එවක රජකල තම මාමණ්ඩියගේ  අනුග්රහය මත පක්ෂයේ හා රජයේ ප්රබල කොටස්කරැවෙකු වූ ඔහුට අනිකුත් පාපකර්මයන්ගෙන් ගැලවීමක් තිබේද? පක්ෂයේ හා පාලනයේ පැවැත්ම යනු නොඅනුමානවම රනිල් වික්රමසිංහ නම් අංකුර දේශපාලකයාගේ පැවැත්මය. ඩීකින් විශ්ව විද්යාලයේ උපකුලපතිවරිය සඳහන් කරන ‘දීර්ඝ කාලීන’ සේවාවට මේ සියල්ල ඇතුලත් වෙයි.

සබරගමුව ප්රදේශයේ මිනීවලවල් හාරමින් චන්ද ව්යාපාරයට අවතීර්ණ වූ චන්ද්රිකා කුමාරතුංග විසින් පත්කල බටලන්ද කොමිසමේ නිර්දේශ අනුව එජාපයේ ඉතිහාසය මෙන්ම රනිල් වික්රමසිංහ යනු කවුරුන්ද කියාද ඈ හොඳින් දන්නීය. ඇගේ පාලන සමයේ පැවති මැතිවරණවලදී ඔවුන් රනිල්ව හැඳින්වූයේ ‘බටලන්දේ වෘකයා’ නමිනි. ඒ පාඨය සහිතව මුද්රණය වූ පෝස්ටරවල පලවූ ඡායාරූපය අපට තවම මතකය. 2001-2004 කාලය තුල රනිල් අගමැති ධූරය දරත්දීද ඔවුන් අතර වූ විරසකවල අඩුවක් නොවීය. නමුත් අද වන විට ඇගේ හොඳම මිතුරන් අතර රනිල් වික්රමසිංහ යනු ප්රධානම චරිතයකි.  එදා මහා අඬහැර පා හාරා ඇවිස්සූ බටලන්ද වධකාගාරයේ කතන්දරයට සිදුවූයේ කුමක්දැයි ඇයට මතක තිබේද කියාවත් නොදනිමු. ශ්රී ලාංකික ජන ජීවිතය උඩුයටිකුරු කල ඛේදවාචකයක් පිලිබඳව ලෙයින් සළකුණුකල සටහනක් නමුදු මේ කොමිසමේ වාර්තාව භාවිතා වූයේ මැතිවරණයකදී රනිල්ට පහර දෙන්නට යොදා ගන්නා ආයුධයක් වශයෙන් විනා අනේකවිධ වද බන්ධනයට පාත්රව මියැදුනු දහස් සංඛ්යාත තරුණ ජීවිත වෙනුවෙන් ඒ අපරාධයට දඬුවම් දියහැකි මෙවලමක් වශයෙන් නොවේ. චන්ද්රිකා රජය මෙන්ම මහින්ද රජයද අනුගමනය කලේ එම ප්රතිපත්තියමය. ඒ නිසාම රනිල් වික්රමසිංහ අදද මිස්ටර් ක්ලීන් ලෙස යෙහෙන් වැජඹෙයි. මේ අප රටේ දේශපාලනයයි. එතුල බලය අත්කර ගැනීම සහ පවත්වා ගැනීම මිස තම ජනතාව ගැන තැකීමක් නොවීය. ඉතින් බාහිර ලෝකයෙන් වෙන කුමක් අපේක්ෂා කරන්නද?

2001 දෙසැම්බර් මාසයේදී අගමැති තනතුරට පත්වූ ඔහු 2002 පෙබරවාරි 22 දා එල්ටීටීඊ සංවිධානය සමග එලැඹුන ගිවිසුම සහ ඒ හා බැඳුනු සිදුවීම්ද ජනතාවට අමතක නොවිය යුතුය. අද ඔහුට ලැබෙන ආචාර්ය උපාධියේදී හේතු පාඨ ලෙස කියැවෙන එක් කරුණක් වූයේ එයයි. මේ අවබෝධතා ගිවිසුම ගැන විශ්ලේෂකයන් පවසනුයේ එතුලින් ඔහු උපක්රමශීලීව එල්ටීටීඊ බලය බිඳහෙලූ බවය. එසේ නම් එල්ටීටීඊ ය යනු ද්රවිඪ ජනතාවගේ හඬ ලෙස සැලකූ ඒ යුගයේ ඔහු සාම ක්රියාදාමයක නාමයෙන් අනුගමනය කර ඇත්තේ රැවටීමක් නොවේද? රාජපක්ෂ රජය තමන් යුද්ධය අවසන්කල බවට උදම් අනන විට ඊට පාර කැපුවේ තමන් බවට රනිල් වික්රමසිංහ උදම් අනන්නේ මේ නිසාය.

පසුගිය වසරේ අගමැතිවරයා යුරෝප සංගමයේ ප්රධානීන් හමුවූ අවස්ථාවේ ඔවුන්ගේ එක ඉල්ලීමක් සරාගතයින් ලෙස ශ්රී ලාංකිකයන් තම රටවලට පැමිනීම නතර කරන ලෙසය. අද අප දෙමළ ඩයස්පෝරාව ලෙස බහුතර වශයෙන් හඳුන්වන්නේ මෙසේ පැමිනි ජනතාවයි. මෙසේ විවිධ රටවලින් පැමිනෙන සරණාගතයින් නිසා තම රටවලට බලපාන විවිධ ගැටලු නිරාකරණය කර ගැන්මට මොවුන්ට සිදුව ඇතිවා නිසැකය. ඉතින් මේ කරදරවලින් නිදහස් වීමට මොවුන්ට තිබෙන හොඳම ක්රමය නම් මෙවන් රටවල තත්වය හොඳ අතට හැරී ඇති බව පවසා මේ ආගමනයන් වලකාලීමයි. මේ කරුණු සමග අගමැතිවරයාට ලබා දුන් ආචාර්ය උපාධිය ගලපා ගත්කල ජාත්යන්තරය මානව හිමිකම් පිලිබඳව දක්වන කැපවීමේ සැබෑ මුහුණුවර පැහැදිලි වේ.

මේ තත්වය තවත් තහවුරු කරමින් අපේ ජනාධිපති සහ අගමැති විසින් තමන් යන යන රටවල සිටින ශ්රී ලාංකික ජනතාවට, දැන් රටේ කිසිම ප්රශ්නයක් නැති නිසා යලි සිය රටට පැමිනෙන ලෙස අරාධනය කරමින් නාට්යයක් රඟ දක්වති. ශ්රී ලංකාවේ ඇති සැබෑ තත්වය ජාත්යන්තරයට වසන් කිරීමත් මෙම නාටකයේ එක් අරමුණකි. විශ්ව විද්යාලවල දන්නා කියන කාලයකින් ක්රමානුකූලව අධ්යාපනයක් සිදුව නැත. සයිටම් අර්බුදය ඔස්සේ සෞඛ්ය ක්ෂේත්රයම අනතුරේය. ජනතාව බදු බරින් මිරිකෙද්දී මැති ඇමතිවරු තම පරම්පරාවටම හරියන වරප්රසාද ලබා ගනිති. අධ්යාපනයට හා සෞඛ්යයට සිදුකල හොඳම සේවය නම් තමන් බලයට පත්ව දෙවන වසර වනවිට අයවැයෙන් ඊට වෙන්කල පිරිවැය අඩකින් කපා හැරීමයි. පසුගිය කාලය පුරා කර්මාන්ත ශාලා විවෘත කරනවායි අඬබෙර ගසමින්, රැකියා අවස්ථා මෙපමන සංඛ්යාවක් ඇතිකලායි ඇස්බැන්දුම් පෙන්වමින් කල විගඩම් ඔස්සේ ආර්ථිකයට කල මෙහෙය කිවයුතු නොවේ. ඒ සියල්ලටමත් වඩා තම ගජ මිතුරා සමග එක්ව මහ බැංකු බැඳුම්කර වංචාව ඔස්සේ ශ්රී ලංකාවේ ආර්ථිකයට කල මෙහෙවර ගැන නොදැනීමට තරම් ඩීකින් විශ්ව විද්යාල පාලන අධිකාරිය අඳබාල වීද?

2001-2004 දී අගමැතිව සිටිත්දී ඔහු ‘යලි පිබිදෙමු ශ්රී ලංකා’ නම් ආර්ථික සංවර්ධන ප්රතිපත්තියක් කරළියට ගෙන ආවේය. මෙහි කෘෂි කර්මාන්තයට විශේෂයෙන් වී ගොවිතැනට අපල දසාවක් උදාකර තිබිනි. එනම් කර්මාන්තශාලාවලට වැඩි ඉඩක් සලසා වී ගොවිතැන 25% දක්වා අඩු කිරීමටයි. ශ්රී ලංකාවේ දේශගුණය සහ ඉතිහාසයේ සිට පැවත ආ දියුණු වාරි කර්මාන්ත රටාව ඔහුට සත පහක වටිනාකමක් ඇති වගක් මේ ආර්ථික සංවර්ධන ප්රතිපත්තිය තුල නොතිබිනි. රනිල් වික්රමසිංහ ප්රමුඛ එජාපයට කවදත් අවශ්ය වුනේ ශ්රී ලංකාව, ශ්රී ලංකාවට අනන්ය වූ ආකාරයට සංවර්ධනය කිරීම නොව තවත් සිංගප්පූරුවක් කිරීමය.

විපක්ෂ නායක වශයෙන් රනිල් වික්රමසිංහගේ භූමිකාවද අපූරුය. 1993 දී ජනාධිපති ආර්. ප්රේමදාසගේ හදිසි අභාවයෙන් පසුව ඔහු අගමැති තනතුරට පත්වූ අතර 94 අගෝස්තු 19 දක්වා එම තනතුරෙහි කටයුතු කලේය. 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය පරාජයට පත්වූ පසු, ඒ වන විට යලි එජාපයට එක්ව සිටි ගාමණී දිසානායක සමග විපක්ෂ නායක තනතුරට තරග වැද පරාජයට පත්විය. 94 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී එජාප අපේක්ෂක ගාමණී දිසානායක ඝාතනයට ලක්වූ විට, වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීම පිනිස සිරිකොතෙහි රැස්වීමක් පැවැත්විනි. ඊට සහභාගි වීමට සිරිකොතට පැමිනි රනිල්ගේ මග අවහිර කොට ඔහුව පලවා හැරි ගාමණීගේ මස්සිනා වූ වික්රම වීරසූරිය ඇතුලු ආධාරකරුවෝ නව අපේක්ෂක ලෙස ගාමණීගේ වැන්දඹු බිරිඳ වූ ශ්රීමා දිසානායක නම් කලහ. ජනාධිපතිවරණයෙන් ඇය අන්ත පරාජයට පත්වූ විට යලි රනිල්ට විපක්ෂ නායක තනතුර හිමිවිය.

ඉන්පසු ඔහුගේ නායකත්වය යටතේ එජාපයට වැඩි වශයෙන් හිමි වූයේ පරාජයයි. මේ කාලය තුල පක්ෂයෙන් කැඩී ගිය බොහෝ පිරිස් සන්ධාන රජයට එක්වූ අතර 2013 දී පක්ෂයේ නියෝජ්ය නායකවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්රේමදාස ඇතුලු පිරිසක් ‘පැරදුනා ඇති’ යන තේමාව යටතේ අරගලයක් දියත් කරමින් නායකත්වය අභියෝගයට ලක් කලහ.  මාතරදී මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් දියත් වූ සුප්රසිද්ධ කුරුඳු පොලු ප්රහාරය එවන් විරෝධයකට එල්ල වූවකි. මේ අයුරින් තමන්ට පක්ෂ වූ පිරිස් යොදාගන කෙසේ හෝ නායක තනතුරේ එල්ලී සිටින්නට රනිල් සමත් විය.

අවසානයේ 2015 දී ශ්රීලනිපය භේද බින්න කරමින් පක්ෂ මහ ලේකම්වරයා තමන් වෙත නම්මාගෙන පොදු අපේක්ෂයා ලෙස ශ්රීලනිප නායකයාටම එරෙහිව යොදාගෙන ජනාධිපතිවරණය ජය ගන්නටත්, ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ සුලුතරයේ නායකයා වුවද ව්යවස්ථා විරෝධී ලෙස අගමැති තනතුරට පැන ගැන්මටත් ඔහු සමත් විය. සටනකට ඍජුව ඉදිරිපත් වීමට වඩා ඔහුගේ චරිතයේ කැපී පෙනෙන්නේ මෙවන් යටිබිම්ගත සැලසුම්ය.

2012 වසරේදී වරක් වත්මන් ජනාධිපති, එවකට සිටි සෞඛ්ය ඇමති මෛත්රීපාල සිරිසේන රනිල්ට චෝදනා කලේ 94 ජනාධිපතිවරණයේදී ගාමණී දිසානායකගේ මැතිවරණ ප්රචාරක සැලැස්ම රනිල් විසින් චන්ද්රිකාට ලබාදුන් බව කියමිනි. නමුත් තව වසර 3 ක් ගත වන්නට පෙර රනිල් සමග රහසින් ගිවිසුම්ගතව ජනාධිපතිකමහා අගමැතිකම දෙදෙනා අතර බෙදා ගැන්මට ඔහුම පෙලඹිනි. අපේ රටේ දේශපාලනය මේ බඳුය. දේශපාලකයන් හැමෝම එකිනෙකාට අවශ්යය. ඔවුන්ට මිනිසුන් අවශ්ය වනුයේ කතිරය සඳහා පමනි. මේ තත්වය කලමණාකරනය කර ගන්නා දේශපාලකයන්ට ආචාර්ය උපාධි ලැබෙනවිට ඔවුන් නිසාම පිල් බෙදීමෙන් මිනිස් ජීවිත වල හැදෙන කඩතොලු නම් දෙගුණ වනු ඇත.

One Response to “ඉඳුරුවේ ආචාරි පට්ටම් !”

  1. Christie Says:

    මේ ලිපිය රනිල්ට ලැබුන ඔස්ට්‍රේලියාවේවික්ටෝරියාවල ඩීකින් සරසවියෙන් දුන්න ආචාරියා පට්ටම ගැනද?
    ඩීකින් කියන්නේ ඉන්දියානු තෝතැන්නකි. පටන්ගත්දාසිට එය ඇතුලේ ඉන්දියානු පරපෝසිතයෝ ඉන්දියානු අදිරදය තල්ලු කලේය. හොඳම උදාහරනය ෆීජි වලින් පැමිනි ඉන්දියානු පරපෝසිතයෙකි. එයත් තවත් ලා ට්‍රොබ් නැමැති සරසවියේමැලේසියාවෙන් පැමිනි ඉන්දියානු පරපෝසිතයෙකු සමග ඉන්දියානු කරත්තය තල්ලු කලේය. අද ඩීකින් වල ඉන්දියානු කරත්ත්ය තල්ලු කරන්නේ ඩේමියන් කින්ග්ස්බරි නැමැත්තෙකුත් හා සන්ජෙය් ගෝපල් නැමති ඉන්දියානු පරපෝසිත්යකුත්ය. මෙම ඉන්දියානු පරපෝසිත්යා පසුගිය දිනක දිවයිනට පැමින රනිල්ව හමුවිය.
    රනිල්ද අප මෙන් ඉන්දියානු යටත් විජිත වැසියෙකි. වෙනස ඉන්දියානු අදිරදය රනිල්ව අපේ පාලකයෙකු ලෙස පත්කර සිටීමය.ඔට්ටෙලියාවේ කතා මගේ මිතුරු ඉන්දියානු මයිනාගෙනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress