අතිරේක විනාඩි 4 කින් මහ බැංකුවේ රුපියල් මිලියන 100 ක මගඩිය සිදු වුනේ මෙහෙමයි. කොමිසම නරඹපු වෙළදපොළේ පෙබරවාරි 27 මොකද වුනේ?  –  කීර්ති තෙන්නකෝන් කියයි
Posted on March 1st, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

බැදුම්කර වංචාව විමර්ශනය සදහා පත් කොට ඇති කොමිසමේ සමාජිකයින් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙන්දේසිය නිරීක්ෂණය කිරීම තුලින් ‘බැදුම්කර මගඩියේ’ එක් අන්තයක් පිළිබදව ඔවුනට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ලේ අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය. 

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

මහ බැංකු බැදුම්කර වංචාවේ දී 2015 පෙබරවාරි 27 උදේ සිදු වූ දේ තුල බැදුම්කර වංචාවේ ප්‍රබලම සාක්ෂිය සැගවී තිබෙනවා.  මහ බැංකු වෙන්දේසියේ පරිගණක පද්ධතිය තවදුරටත් ලංසු ලබාගත නොහැකිව සාමාන්‍ය තත්වය යටතේ පෙ.ව. 11 ට ස්වයංක්‍රීයව වැසී යනවා.  නමුත්, ලංකා ඉතිහාසයේ විශාලතව මහ බැංකු මංකොල්ලය සිදු වූ දිනයේ පෙ.ව. 10.55 ට ලැබුණු දුරකථන ඇමතුමකින් මහ බැංකුවේ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය තවත් විනාඩි 10 කට එනම් 11 සිට 11.10 දක්වා විවෘත කිරීමට නියෝගයක් ලැබෙනවා.

එම නියෝගය ලැබුණු පසුව පෙ.ව. 11.04 ට එච්එස්බීසී බැංකුව මගින් රු. මිලියන 100 ක මුදලකට 12.5% කට මුදලක් සදහා ලංසුවක් ලැබුණා.  මෙය ඉතා වැදගත්.  මෙම බැංකුව දැනගෙන හිටියා නිශ්චිතව වෙනදා වගේ මහ බැංකුවේ ලංසු ගැනීම 11.00 ට ස්වයංක්‍රීයව අවසන් නොවන බව.  ඔවුන් දැනගෙන හිටියා අර හොර ගැසට් එකේ තියෙන අනුපාතයට (වෙනදා සාමාන්‍ය වෙළෙදපොල වටිනාකමට වඩා වැඩි පොළියකට) තමන්ට වාසි සහගත ගණුදෙණුවක් කළ හැකි බව. 

අද කොමිසමේ නිරීක්ෂණය තුල ඔවුන් පෙ.ව. 11 ට අවසන් වන ස්වයංක්‍රීයව ලංසු සදහා පරිගණක පද්ධතිය වැසී යන බව අනිවාර්යෙන්ම නිරීක්ෂයට කරන්නට ඇතැයි අපි විශ්වාස කරනවා.  මේ වන විටත් එදා පෙ.ව. 10.55 ට ලැබුණු දුරකථන ඇමතුමකින් ලංසු ගැනීම විනාඩි දහයකට දික් කර බවත් ඒ විනාඩි දහයෙන් විනාඩි 4 ක් තුල ලංකාවේ විශාලතම බැංකු මංකොල්ලයෙන් කොටසක් රු. මිලියන 100 ක ගණුදෙනුව සිදු වූ බව විගණකාධිපති හා කෝප් වාර්තාවන් හි සදහන් වෙනවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

අද අපට ඇති අභියෝගය මේ මංකොල්ල කෑ මුදල් නැවත මහ බැංකුවට ලබා ගන්නේ කෙසේද යන්නයි.  මේ මුදල් අයිති රටේ ජනතාවටයි.  ඒ සදහා අප ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.  අප විශ්වාස කරනවා කොමිෂන් සභාවට එය කරන්න පුළුවන් වෙයි කියලා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

 

2 Responses to “අතිරේක විනාඩි 4 කින් මහ බැංකුවේ රුපියල් මිලියන 100 ක මගඩිය සිදු වුනේ මෙහෙමයි. කොමිසම නරඹපු වෙළදපොළේ පෙබරවාරි 27 මොකද වුනේ?  –  කීර්ති තෙන්නකෝන් කියයි”

  1. Ratanapala Says:

    Any other crime, suspects are apprehended and remanded pending investigations and filing charges. Why are the perpetrators of this crime still at large? Why are they still allowed to take part in the subsequent Central Bank Bond Sales?

    For the good of the nation all involved must be brought to book, charged and if found guilty incarcerated till doomsday!

  2. Ancient Sinhalaya Says:

    CB day light robbery is bankrupting Sri Lanka. Architect of this, traitor chief die hard catholic token Buddhist
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller has now realised the whole country knows what a cancer
    he has been to Sri Lanka and keeping a low profile. He is just staying away, planning an escape to the west before
    the ship sinks. Now everybody, including him, knows it is a matter of time before the whole thing explodes and drag every one with it to the hell. It is a ticking a time bomb. So called economic osthar pol pot r@nil and the YAMA PAALANa gang of thieves can’t keep a toilet clean let alone run a country. Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil can’t fool anyone any more. He has become a clown in Sri Lanka. He has proven he is only good at murder, mayhem, robbery, mega lying and treachery. Put simply, he is only a mass murdering, mega lying, mega treacherous, mega thieving WADA BARI TARZAN. His days are numbered! What a
    cancer he has been in Mother Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress