බැදුම්කරේ බැදුම්කරේ කොයි බද යන්නේ,?
Posted on March 1st, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

“අසුචි දුර්ගන්ධය සම්බන්ධව ඌරාට පැමිණිලි කලා වගෙයි.” මේ අපේ දේශයට එකතුවූ අලුත්ම ප්‍රස්තා පිරුලයි. මේ ප්‍රස්තා පිරුලේ උපතට හේතුව වශයෙන් කියා සිටින්නේ, බෙල්ලන්විල රජමහ විහාරාධිපති සවාමින්වහන්සේ, සිරිසේන ජනාධිපතිතුමාට මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව ඉතා අප්‍රසන්න ලෙස උන්වහන්සේ තුලවූ පිළිකුල ප්‍රකාශ කිරීමත් සමගය. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ස්වාමින්වහන්සේ යනු මහා ඥාණාන්විත, කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටින ඇසූ පිරු තැන් ඇති මහා සග රුවනකි. බුදු දහමින් පෝෂිතවූ උන්වහව්සේ, බුදු රජාණන්වහන්සේ විසින් දෙසා වදාළ ‘මහාචොරංග සුත්‍රය’ විසින් පෙන්වා දෙන මහා හොරුන් විසින් සිදු කරන කාර්යයන් සම්භන්ධව මනා දැනුමකින් පෝෂිත සග රුවනකි. තවද මහා හොරාගේ විනාශයේ ලක්ෂණ සම්බන්ධවත් ඒ තුලින් සමාජයට සිදුවෙන බලපෑමත් දනී. එම නිසා බෞද්ධ දේශනාවට අනුව මහා හොරෙකු විසින් නොකළ යුතු යයි දෙසා වදාල කරුණු අමු අමුවේ උල්ලංඝනය කරනු පෙනී පෙනීත් තව දුරටත් මුනිවත රැකිය නොහැකි වූ තැන, සිරිසේන ජනාධිපතිවරයා අමතා මේ මහා බැංකු බැදුම්කර මහා සොරකමේ නියැලී අයට සිය බලතල පාවිච්චි කොට දඩුවම් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියහ.

මේ රජය විනාශය කරාම  මෙහෙවන මේ බැදුම්කර වංචාව යනු කුමක්ද? මෙය මතුපිටින් අතගා එහි හැඩතල අවබෝධ කරගත හැකි දෙයක් නොවේ. බැදුම්කර වංචාවේ මුලාරම්භය පටන්ගන්නේ, 2015 ජනාධිපතිවරණය සම්බන්ධව ප්‍රකාශ කිරීමත් සමගය. මැතිවරණ සටන, ජනාධිපති අපේක්ෂකයා, හා මැතිවරණ සටනට අවැසි මුදල් හා මේ මහ බැදුම්කර වංචාව තුලින් උපයාගත් මුදල් අතර ඇති දේශපාලන ඥාතිත්වය කුමක්දැයි පළමුව අවබෝධ කරගත යුතුය.

මහින්ද රාජපක්ෂ යනු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල චරිතයකි. මේ චරිතය ශ්‍රී ලංකා ධරණී තලයෙන් ගැලව මුලිනුදුරා දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව බටහිර අධිරාජ්‍යවාදීන් අවබෝධ කර ගෙන සිටියහ. නමුත් ඔවුන් තුලවූ අත්දැකීම් කන්දරාව,තුල ජන මනස මෙහෙයවන ආකාරය සම්බන්ධව පරිපුර්ණ පාඩම් ගණනාවක්ම තිබුණි. මහා සෝවියට් දේශය බිද වැට්ටවූ අයට ශ්‍රී ලංකා රජයක් බිද වැට්ටවීමට උපාය මාර්ග නිර්මාණය කිරීම අපහසු කටයුත්තක්ද නොවේ. නමුත් එදා සෝවියට් දේශය බිද වට්ටවන සමයේ සිටි අමරිකව්වත්, යුරෝපයවත් මේ මැතිවරණය ප්‍රකාශ කරන සමයේ නොතිබිණි. වැහැරුණ ආර්ථිකයකින් යුතුව සිටි ,මේ බලවතුන්ට, මේ මැතිවරණයට වියදම් කිරීම සදහා කෂණිකව කෙටිකාලීනව ගෙවීමේ අපේක්ෂාවෙන් මුදල් රැස්කරන්නට සිදුවිය. ‘කෙක්කෙන් නැත්නම් කොක්කෙන් ‘ යයි සැලසුම් කරමින් විශාල මුදල් සම්බාරයක් මෙරට මැතිවරණ ව්‍යාපාරය සදහා යොදවන ලදී. මේ මැතිවරණය සදහා යොදවන ලද අති විශාල මුදල් සම්බාරය, නැවත ලාභාන්ශයක්ද සහිතව ගෙවිය යුතු බව මැතිවරණය මෙහෙයවූ අයත් මැතිවරණයට සහභාගිවූ අයත්  මානාව දැන සිටියහ. සටන ජයග්‍රහණයෙන් කෙළවරවූ පසු මුදල් අයකරගැනීමේ සැලසුම්ද විදේශීය මැතිවරණ සැලසුම් කරුවන් තුල විය. ඒ අනුව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔවුන් විසින් අනුමත කරන ලද, ඔවුන්ගේම ඒජන්තවරයෙක් මහා බැංකු අධිපතිතුමා ලෙස පත් කිරීමට මෙරට බලධාරීන්ට සිදුවිය.

බැදුම්කර වංචාවේ මුලාරම්භය පටන්ගන්නේ, 2015 ජනාධිපතිවරණය සම්බන්ධව ප්‍රකාශ කිරීමත්  සමග බව අප සටහන් කළෙමු. මැතිවරණ සටන යනු යුද්ධයකි. රටක් හා රාජ්‍ය බලය අල්ලාගැනීමට, විශාල ධන සම්භාරයක් අවශ්‍යවේ. ජනාධිපති අපේක්ෂකයා, දුප්පත් ගොවියෙකුගේ පුතෙක්වූ විට, රටපුරාම මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්නේ කොහොමද? මෙය බරපතල ගැටලුවකි. මහා රජෙක්වන්වූ මහා වංශවත් පවුලකට උරුම කම් ඇතිව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 මැතිවරණ ව්‍යාපාරය සදහා, එවකට කැලණිය රජමහා විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත ස්වමින්වන්සේගෙන්ද මුදල් ලබාගත්තා නම්, මේ දුප්පත්, පක්ෂයක්වත්, පක්ෂ කාර්යාලයක්වත් නැති ගොවි පුතා සිය මැතිවරණ ව්‍යාපාරය සිදුකලේ කෙසේද? ඒ මහා මුදල් කන්දරාව මෙරටට පොම්පකර ජනාධිපති අපේක්ෂකයාවද කුලියට ගන්න ලද්දේ, විදේශීය සංවිධාන ජාලයක් විසිනි.

2015 ජනවාරි මස 8 වෙනිදා මැතිවරණයෙන් ජයගත් සිරිසේන මහතා බලය ලබාගැනීම හේතුවෙන්, මෙරට ජනතාව නොදැනුවත්වම, තවත් ණය බරකට යටවිය. ඒ සිරිසේන මහතාගේ මැතිවරණය සදහා වියදම් කල විදේශීය ආයතන විසින් යොදවන ලද මුදල් වල බරයි. මේ අනුව කාලාන්තරයක් මුළුල්ලේ විවිධ රජයන් විසින් මෙරට සංවර්ධන ක්‍රියාවලින් සදහා ලබාගන්නා ලද ණය මුදල් වලට සිරිසේනගේ මැතිවරණ වියදම්ද බැරකර මෙරට ජනතාවගේ හිසමත තවත් ඇති විශාල බරක් පටවන ලදී.  මේ මුදල් ඉතා කෙටිකාලින පදනමකින් ලබා ගැනීමේ කොන්දෙසිමත ලබාදෙන මුදල් බැවින්, බලය ලබාගත් වහාම ඒවා යලි ගෙවා දැමීම කළයුතුව තිබිණි. ඒවා ගෙවිය යුතු ආකාරයද තීරණය කරන්නේ ණය දුන් ආයතන බැවින්, ජනාධිපතිතුමා ඔවුන්ගේ සේවකයකු බවට පත්ව ඔවුනගේ නියෝග ක්‍රියාත්මක කරන්නෙකුගේ තත්වයට පත්විය.

‘මා වැනි දිළින්දා 
වර වර හනික කැන්දා
මැතිවරණයට අන්දා
දමන නිරිදෝ වෙන කොයින්දා’

යයි සිතමින් සිරිසේන ජනාධිපති තනතුරේ වැජබෙන අතරේ ලෝක බලවතුන් තම සැලසුම ක්‍රියාත්මක කරන්නට පටන් ගති. සිරිසේන බලය ගෙන ක්ෂණයකින් ජාතන්තර හොර තක්කඩි රැල කඩා වැදුණේ මෙරට මහා භාණ්ඩාගාරය තුලටය. මේ වෙනතෙක්  මහා භාණ්ඩාගාරයේ අධිපති තේරීමේ බලය ඇත්තේ විදේශීය හොරුන් අතය. ජනාධිපතිවරණයට මහා ධනස්කන්දයක් වැයකළ විදේශීය බලමුළු මෙරට සැබෑ ආර්ථික මර්මස්තනයවූ මහා බැංකුවේ පාලනය සියතට ගැනීමත් සමග එහි පාලනය කිරීමේ වගකීම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතට පත් කිරීමත් සමග මේ රට පාලනය කිරීමේ වගකීමද ඔහු වෙත පැවරිණි, රටේ සැබෑ බලතල ඇති පුද්ගලයා ඔහු බවට පත්වූ අතර, ඔහු ජනාධිපති බලයද ඉක්මවා කටයුතු කළහැකි චරිතයක් ලෙස ස්ථාපනය කර ඇත. ඇති විශේෂ මේ පුද්ගලයා නීතියටද ඉහලින් ස්ථාපිත කර ඇති බැවින් ඔහු ඉදිරියේ නිතිය නිකම්ම නිකම් වචනයක් පමණක් බව මෙරට සියලුම දේශපාලන බලධාරීන් දනී. මේ අධිපතිට ජනාධිපති බලතල ඉක්මවා යන බලයක් ඇති අතර ඔහුට අනුව රටේ සියලුම කටයුතු මෙහෙයවීමේ බල තලද ඇති බව සියල්ලන්ම වටහා ගත යුතුය. පළමු අධිපති ලෙස පත්කළ නියෝජිතයා, සියලු සංවර්ධන කටයුතු නවතා දමා ඒ මුදල් භාණ්ඩාගාරය තුල රදවා ගතහ. බදු මුදල් ඉහල දමා භාණ්ඩාගාරය පුරවගත්හ. රාජ්‍ය දේපල විකුණා දම ඒ මුදල්ද  රැස් කර ගත්හ. විදේශීය ආයතනවලින්ද හැකිතරම් ණය ගෙන, තව තවත් පුරවා ගත්හ. ඒ කිසිදු සතයක් මෙරට ජනතාවට උරුම නොකර විදේශීය මෙරට මැතිවරණය සදහා මුදල් සැපයු ආයතන වෙතට යන්නට සැලසුම කළහ. මේ වනවිට ශ්‍රී ලංකාව යනු ජාත්‍යන්තර හොරුන්ට අදායම් සපයන මහා ඉල්ලමක් බවට පත්ව ඇත. මේ රටේ මැතිවරණය වෙනුවෙන් මහා ධනස්කන්ධයක් සැපයු බලවේගයන්ම, මෙරට බලය අල්ලාගෙන බැදුම්කර හා වෙනත් ආකාරයන්ගෙන් මෙරට ජනතාවගේ මුදල් කොල්ලකාගෙන හිලරි ක්ලින්ටන්ලගේ මැතිවරණ ව්‍යපාරවලටද යොදවා ඇති අතර, මේ බැදුම්කර වංචාව පිටුපස සිටින්නේ, මේ වනවිට ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව සටන් මෙහෙයවන බලවේගයන්ම වන අතර, රුසියානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ නම් ගම ඇතිව සදහන් කරන හොර නඩයයි. මේ වනවිට මේ රට තුල බරපතල අර්බුදයක් ඇත. ඒ පාලකයින් ‘ගොරක යකා හා ‘ලුණු යකා ‘ බවට පත්වී මෙරට සම්පත් තරගයට මෙන් විදේශිකයින්ට උරුම කරදීමයි. ඒකාබද්ධ විපක්ෂයට කල හැකි හා කලයුතු කර්යය සම්භාරයක් ඉතිරිව තිබේ.  ජනතාව පෙළගැසී අවසන්ය. නායකත්වයේ හා සටන් කළමණාකාරිත්වයේ විශාල අඩුවක් තිබේ. ඉවසිලිමත්භාවය හා කාර්යක්ෂමතාවය අවැසිය. බිම් මට්ටම සම්බන්ධව සැලකිලිමත් විය යතුය. නව ජනතා සටනට අප සුභ පතමු.

3 Responses to “බැදුම්කරේ බැදුම්කරේ කොයි බද යන්නේ,?”

  1. Christie Says:

    මහෙන්දරන්ලා බටහිරයෝ නොවෙති. උන් ඉන්දියන් පරපෝසිතයෝය.

  2. Ancient Sinhalaya Says:

    CB day light robbery is bankrupting Sri Lanka. Architect of this, traitor chief die hard catholic token Buddhist
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller has now realised the whole country knows what a cancer
    he has been to Sri Lanka and keeping a low profile. He is just staying away, planning an escape to the west before
    the ship sinks. Now everybody, including him, knows it is a matter of time before the whole thing explodes and drag every one with it to the hell. It is a ticking a time bomb. So called economic osthar pol pot r@nil and the YAMA PAALANa gang of thieves can’t keep a toilet clean let alone run a country. Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil can’t fool anyone any more. He has become a clown in Sri Lanka. He has proven he is only good at murder, mayhem, robbery, mega lying and treachery. Put simply, he is only a mass murdering, mega lying, mega treacherous, mega thieving WADA BARI TARZAN. His days are numbered! What a
    cancer he has been in Mother Lanka!

  3. aloy Says:

    AS,
    Do not say RW is ” WEDA BARI TARZAN”. Though he doesn’t have son or daughter he has culled over 40,000 of sons and daughters of Sinhalese. He was awarded the doctorate for nothing; that is for the job done and keeping the communism away from SL. He has not started killing yet but keeping the socialism away by cleverly manipulating the uni students.

    Do not day dream of seeing the back of the fellow. He will hand over to MR the same way he took over for a while and return when MR bungles and the circus will go on for ever until the Sinhalas are no more.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress