බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ තිබෙනවා – මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි බැඳුම්කර කොමිසම හමුවේ කියයි
Posted on March 7th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන උපුටා ගැන්ම දිවයින

භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර මහතා ඊයේ (07 දා) හෙළි කළේය.

මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරුණු පැහැදිලි කිරීමට මහ බැංකුව පියවර ගත් බව ද සරත්චන්ද්‍ර මහතා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‍ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

2017 ජනවාරි මස මුලදී පරිණත වූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට රු. බිලියන 120 ක විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වූ බවද කෙටි කලක්‌ තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් එකවර එතරම් විශාල මුදලක්‌ රැස්‌කර ගැනීමේ දුෂ්කරතාවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදු වූ බවද සරත්චන්ද්‍ර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අනුව එක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් උපරිම වශයෙන් රැස්‌කර ගත හැකි මුදල රු. බිලියන 40 ක්‌ බවට භාණ්‌ඩාගාර ලේකම්වරයාට දැනුම් දීමට මහ බැංකුව කටයුතු කළ බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

ඉදිරි කාලය තුළ තවත් රු. බිලියන 90 ක පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර කල්පිරීමට තිබෙන බවද, එම පැරණි ණය ගැනීම සඳහා ගෙවීම් කිරීමට මහා භාණ්‌ඩාගාරයට අරමුදල් සපයා දීමට සිදුව තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

මේ අරමුදල් ප්‍රශ්නය ගැන මහ බැංකුව මහා භාණ්‌ඩාගාරයේ භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවද මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරයා කියා සිටියේය.

මේ දුෂ්කර තත්ත්වය සමනය කර ගැනීම සඳහා දළ වශයෙන් හෝ මහා භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාව ලිතව දන්වා එවන ලෙස මහ බැංකුව විසින් මහා භාණ්‌ඩාගාරයට දන්වා ඇති බවද ඒ මහතා කීවේය.

සාමාන්‍යයෙන් රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක්‌ සඳහා භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු කැඳවීම සිදුකරන බවත්, එසේ කරන්නේ පොලී අනුපාත ඉහළ යැම වළක්‌වා ගැනීමට බවත් ඒ මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

රාජ්‍ය ණය අධිකාරි සරත්චJද්‍ර මහතාගේ සාක්‍ෂිය ඊයේ මෙහෙයවනු ලැබුවේ මෙම පරීක්‍ෂණයේදී කොමිසමට සහය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසිනි.

තමා ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවයට බැඳුණාට පසුව දෙපාර්තමේන්තු කීපයක තනතුරු දරා ඇති බවත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකු ලෙස ද ටික කලක්‌ සේවය කර ඇති බවත් එහි ප්‍රධානියා ලෙස පත්වීම ලැබෙන විට එම තනතුරේ සිටියේ දීපා සෙනවිරත්න මහත්මිය බවත් සරත්චන්ද්‍ර මහතා සාක්‍ෂිදීම ආරම්භ කරමින් පැවසීය.

2 Responses to “බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ තිබෙනවා – මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි බැඳුම්කර කොමිසම හමුවේ කියයි”

  1. Christie Says:

    රටේ වියාපාර ඉන්දියානු පරපෝසිතයන් අතර තිබෙනතුරු අපට ගැලවීමක් නැත.

    We have no escape as long as the economy is in the hands of Indian colonial parasites.

  2. Ananda-USA Says:

    The GOSL is now living on CREDIT CARDS paying off old loans and accumulated interest with EVER-LARGER new loans!

    The recurring credit card servicing payments are ALSO INCREASING as a result, and is THREATENING TO CONSUME ALL of the revenue of the government.

    At that point, the RISK OF DEFAULT will be too high for LENDERS to lend more money to Sri Lanka, and the government will be DRIVEN INTO BANKRUPTCY.

    The only recourse, is to SELL OFF NATIONAL ASSETS at FIRE SALE PRICES converting Sri Lanka into a FOREIGN OWNED COLONY agsin!

    This is what the Yamapalanaya is SYSTEMATICALLY doing.

    This is a true CRASH & SELL situation as Fran Diaz says!

    IT IS TIME that President Sirisena DISMISSED the PM Ranil Wikunanasinghe and the CABAL of UNP Ministers, and APPOINTED a PATRIOTIC CAPABLE SLFP government with MR as PM to RESCUE the Nation!

    Aiyooooo Sirisena ……. DO YOUR DUTY …. do not let our Motherland CRASH & BURN!

    Stop pontificating on INANE INSIGNIFICANT MATTERS, MOVE YOUR ARSE and PUT OUT THE FIRE!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress