කථානායක නියෝගයෙන් උස්සපු ලංකාවේ මන්ත්‍රීවරු පිළිබද ඓතිහාසික දත්ත
Posted on March 8th, 2017

මාධ්‍ය  නිවේදනය-කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් සකස් කරන ලද වාර්තාවකිනි.

1952 හෝ ආසන්න අවස්ථාවක වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් පිටකලේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි.  1956 ට පෙර වරක් ගාල්ලේ ඩබ්ලිව්.දහසානායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථා නායකට සිදු වූනා යැයි මතකයක් ඇත.  පිලිප් ගුණවර්ධන සහ එඩ්මන් සමරක්කොඩි (සහ තවත් අයෙකු නම දන්නවානම් කියන්න) ට කථානායක දුන් නියෝගයට විරෝධය පළ කිරීම නිසා 1960 ජූලී ආණ්ඩුවේ දී රොබට් ගුණවර්ධන ද පාර්ලිමේන්තුවෙන් පිටතට ගියේ පොලීසියේ, වේත්‍රධාරිගේ කර පිටිනි. සත්‍ය වශයෙන්ම පොලීසියෙන් කරපිටින් යන්නට වූ අය අතර සුන්දරම කථාව රෝබට් ය.

1955 අප්‍රේ්ල් 5 මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි දෙදහස් පන්සීය සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ කථා කරන අතර ඔහුට කථානායක වාඩිවන්නට නියෝග කළේය. ඔහු එයට එරෙහිව පවත්වාගෙන ගිය අතර ඔහු ඉවත් කළේය.  (මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද නඩුවකින් අවසන් විය.)

කලවාන අතුරු මැතිවරණ අවුලේ දී සරත් මුත්තෙට්ටුවෙගම හා අබේරත්න පිලපිටිය දෙදෙනා ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරිණි.   

1980 දී සරත් මුත්තෙට්ටුගම පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේය.  අවසාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ පුද්ගලයා සරත් සහෝදරයා ය.

[1964 දී වැලිමඩ ජාතික විමුක්ති පෙරමුණ මන්ත්‍රී කේ.එම්.පී.රාජරත්න ද පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන ගිය කථාවක මතකයක් ඇත.  දන්නා අයෙකු කියන්න] 

දිනේෂ් ගුණවර්ධන මෙම ලැයිස්තුවට අද අලුතෙන්ම එකතු විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් සකස් කරන ලද වාර්තාවකිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress