උතුරු මැද පළාත් සභාවට අයත් ආයුර්වේද කාර්ය මණ්ඩලය කලක සිට මුහුණ දෙන පහත දැක්වෙන වෘත්තීය ගැටළු වන.
Posted on March 13th, 2017

උතුරු මැද පළාත් සභාවට අයත් ආයුර්වේද කාර්ය මණ්ඩලය මාධ්‍ය නිවේදනයයි.

උතුරු මැද පළාත් සභාවට අයත් ආයුර්වේද කාර්ය මණ්ඩලය කලක සිට මුහුණ දෙන පහත දැක්වෙන වෘත්තීය ගැටළු වන.

  1. අනියම් කාර්ය මණ්ඩලය ස්ථිර නො කිරීම.
  2. 06/2006 චක‍්‍රලේඛය විධිමත්ව ක‍්‍රියාත්මක නො කිරීම.
  3. 2016 අයවැයෙන් වැඩි කළ මුදල් මෙතෙක් නො ගෙවීම.
  4. ආහාර දීමනා හිඟ මුදල් නො ගෙවීම.
  5. විශේෂ දීමනා හිඟ මුදල් නො ගෙවීම.
  6. නිල ඇඳුම් දීමනා හිඟ මුදල් නො ගෙවීම.

යන ගැටළු විසඳා ගැනීම සඳහා පසුගිය කාලය තුළ සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය උතුරු මැද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, උතුරු මැද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, එම පළාත් සභාවේ ආයුර්වේද කොමසාරිස්තුමා යන වගකිව යුතු පාර්ශවයන් සමග සාකච්ඡුා වට ගණනාවක් පැවැත් වූ අතර, අවසන් වශයෙන් 2016.11.30 දින ප.ව.2.30 ට ඉහත වගකිව යුතු පාර්ශවයන් සියලූ දෙනා සහ අප සංගමයේ නියෝජිතයින් සහභාගි වූ සාකච්ඡාවේ දී 2017 පෙබරවාරි මාසය ඉක්මවීමට මත්තෙන් ඉහත ගැටළු සඳහා ස්ථිර විසඳුම් ලබාදෙන බවට පොරොන්‍දු විය.

එහෙත්, එම ගැටළු සඳහා විසඳුම් ලබාදෙනවා වෙනුවට, උතුරු මැද ආයුර්වේද කොමසාරිස්තුමාගේ අඩන්තේට්ටම් වලට මුහුණ දීමට ආයුර්වේද කාර්ය මණ්ඩලයට නිරන්තරයෙන් සිදු වී ඇත.

මේ සම්බන්‍ධව 2017.02.16 දරණ ලිපිය මගින් අප සංගමය උතුරු මැද ආණ්ඩුකාරතුමා, දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, ආයුර්වේද කොමසාරිස්තුමා, ආයතන ප‍්‍රධානීන්ට ද පිටපත් සහිතව අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කර ඇත. එසේම, ඉහත ගැටළු සම්බන්‍ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවරයන් කවරේ ද යන්න අප සංගමය වෙත දන්වා සිටින ලෙස ද, එයින් ඉල්ලීමක් කර ඇත.

එහෙත්, මේ වන තෙක් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා දීමට වගකිව යුතු සියලූම පාර්ශ්වයන් අපොහොසත් වීම හේතුවෙන් අකමැත්තෙන් වුව ද, 2017.03.15 දින සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයන්ට එළඹීමට අප සංගමය තීරණය කර ඇත.

2017.03.15 දින දහවල් 12.00 ට සියලූ කාර්ය මණ්ඩල සම්බන්‍ධ වන උද්ඝෝෂණයක් උතුරු මැද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේම, 2017.03.16 හා 17 දෙදින පැය 02 ක් සියලූ සේවාවන් ගෙන් ඉවත් වීමට ද තීරණය කර ඇති අතර, අදාළ ගැටළුවලට සාධාරණ විසඳුම් නොලැබෙන්නේ නම්, 2017.03.20 දින සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ග වෙත එළඹීමට ද අප සංගමය තීරණය කර ඇත.

මේ පිළිබඳව ඔබ මාධ්‍ය මඟින් අවශ්‍ය ප‍්‍රචාරය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මෙයට,

මහින්‍ද ගුරුගේ

ප‍්‍රධාන ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress