කතාව දෝලාවෙන් …..!!
Posted on March 13th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

මේ දිනවල ජගත් මානව හිමිකම් කවුන්සලය රැස්වී ශ්රී ලංකාව සම්බන්ධවද කතා කරති. වත්මන් රජය මානව හිමිකම් සම්බන්ධව පෙන්නුම් කරන ප්රගතිය පිලිබඳව ඔවුන් සෑහීමකට පත්ව නැති බව පැවසේ. ශ්රී ලංකාවට තම ප්රගතිය පෙන්වීම සඳහා තවත් වසර 2 ක් ලබා දියයුතු බව බ්රිතාන්ය කියා සිටී. මේ සියල්ල අතර ශ්රී ලංකාව තුල මානව හිමිකම් ස්ථාපිත කිරීම සම්බන්ධව කාරණයක් කර ගනිමින් ඔස්ට්රේලියාවේ ඩීකින් විශ්ව විද්යාලය මගින් අගමැති රනිල් වික්රමසිංහට ආචාර්ය උපාධියක්ද පිරිනමා වැඩි දවසක් නැත.

බ්රිතාන්යයේ පලවන ‘ද බෑන්කර්’ සඟරාව විසින් ආසියා පැසිෆික් කලාපය තුල හොඳම මුදල් ඇමතිවරයා ලෙස ශ්රී ලංකාවේ මුදල් ඇමති රවි කරුණානායක නම් කර ඇත. ඒ රටේ ණය වාරික ගෙවීමේ අර්බුදය වලක්වාගනු වස් ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 1.5 ක් ලබා ගැනීමට සමත්වීම නිසායි. ඒ අතරම ජා. මූ. අරමුදලේ අධ්යක්ෂිකා ක්රිස්ටීන් ලගාඩි පවසා සිටින්නේ ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිලිබඳව සලකා බලන කල්හි මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායකගේ ඉටුකරන කාර්ය භාරය සම්බන්ධව කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බවය. මේවා අසන කල්හි ජාත්යන්තරයට පොට වැරදිලාවත්ද කිය සිතේ. රටේ නිශ්පාදන වලට ජීඑස්පී ප්ලස් සහනය ලැබී ඇතැයි පසුගිය කාලයේ මැති ඇමතිලා ගමක් ගානේ යමින් ගස් ගල් යට පවත්වන කුඩා රැස්වීම්වල පවා කෑ ගසමින් ගියහ. නමුත් එය මේ වන විටත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ බව අසා සිටින අහිංසක ජනතාවට නොපවසා සිටීමට ඔවුහු ප්රවේසම් වූහ. රවීගේ සම්මානය හෝ රනිල්ගේ ආචාර්ය උපාධිය පුම්බා පෙන්වමින් කයිවාරු ගසන ආණ්ඩුවට මිනිසුන් කරුණු කාරණා ගැඹුරින් නොදන්නාකම ආශීර්වාදයකි. 

ශ්රී ලංකාව තුල ෆෙඩරල් ක්රමය ස්ථාපිත කලයුතු බවද ජාත්යන්තර අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන යුද අධිකරණයක් පිහිටුවිය යුතු බවද ජගත් මානව හිමිකම් සංවිධාන බලධාරීන්ගේ අදහසයි. තමන් බලයට පැමිනි පසුව ජාත්යන්තරය තුල තමන්ට විශාල පිලි ගැනීමක් ඇතැයි වහසි බස් පවසන අතරම තමන් සිටිනතාක් රටේ ඒකීය භාවය සුරක්ෂිත කරන බවත්, රණ විරුවන්ට කිසිදු අයුරක හානියක් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා පවසයි. ඔහුගේ වෑයම ජාත්යන්තරය රැවටීමද නොඑසේ නම් ජනතාව රැවටීමද කියා දන්නේ ඔහුම පමනි. ඒ අතර විවිධ චෝදනාවන් යටතේ සිරභාරයට පත්වන හමුදා නිළධාරීන්ගේ සංඛ්යාව දිනෙන් දින ඉහල යයි. තමාව ජනාධිපති බවට පත්කල ජනතාවට තිබුනු බලවත් අඩුපාඩුවක් වූ 1818 හා 1848 කැරැලිවලදී ඉංග්රීසින් විසින් දේශද්රෝහීන් බවට නම්කල පිරිස විශේෂ ගැසට් නිවේදනයක් මගින් මුදවාලන්නේ මෙතුලින් අද රටේ තිබෙන දැවෙන ප්රශ්න සියල්ල විසඳේවි යයි සිතී විය යුතුය. නමුත් අද ක්රියාත්මක වන එෆ්සීඅයිඩී ය හරහා මෙන්ම ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ගේ කියුම් කෙරුම් තුල පවත්නා ත්රස්තවාදයෙන් රට මුදවා ගැනීමට මුල්වූ පිරිසක් රටට විනකල ද්රෝහීන් පිරිසක් බවට පත් කිරීමේ ක්රියාවලියක නිරතව සිටින බව ජනාධිපතිවරයාට වැටහේද?

රටේ ප්රධාන පුරවැසියා ලෙස ජනාධිපතිවරයා රඟ දක්වන භූමිකාව නම් ඉතාම හාස්ය ජනකය. මාර්තු 8 වන දින පැවති ජාත්යන්තර කාන්තා දින සැමරුමේදී  ශ්රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සාමාජිකාවන් ඇමතූ ඔහු, බැඳුම්කර වංචාව පිලිබඳ විමර්ශණයේදී වැඩිම බරක් ඇති සාක්ෂිය ලබා දුන්නේ කාන්තාවක බවත්, ඒ ගැන කාන්තාවන් ආඩම්බර වියයුතු බවත් පැවසීය. මෙය සැලකිල්ලට ගතයුතු පුවතකි. මේ කතා කරන්නේ ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරිවරිය වන දීපා කාන්ති සෙනවිරත්න මහත්මිය පිලිබඳවය.

පසුගිය වසරේ කාන්තා දිනයේදීද ඔහු දොස්තරවරුන් වෙතින් කාන්තාවන්ට සිදුවන අතවර පිලිබඳව කිසිසේත්ම සමාජයේ පොදු කාරණයක් නොවූ විකාරරූපී කතාවක් කලේය. මෙවර කතාවද ඊට දෙවැනි නැත. මහ බැංකුවේ කාන්තා නිළධාරිනිය සම්බන්ධ කාරණයේදී ඔහුට පෙනී ඇත්තේ ඇගේ නිර්භීත බව පමනි.
මේ නිළධාරිනිය කියන පරිදි ඇයට එම පත්වීම 2015 පෙබරවාරි 9 වන දින ලැබෙනවිට, ඈ එය ප්රතික්ෂේප කර ඇත. ඒ රාජ්ය ණය අංශය පිලිබඳව තමාට කිසිදු පලපුරුද්දක් නොමැති බව ඇය දන්නා නිසාය. නමුත් එම තනතුර භාර ගන්නා ලෙස ඇයට මහ බැංකු අධිපතිවරයා බලකර ඇත. ඒ වනවිට ණය අංශයේ සිටි වඩාත්ම සුුදුසු සහ පලපුරුදු සහකාර අධිකාරිවරයා වූ ආචාර්ය ආසීම් ඉවත් කිරීමට තමන්ට වුවමනා බව මහ බැංකු අධිපතිවරයා පැවසූ බව කී ඇය එය රහසක්ව තබා ගන්නා ලෙස ද ඔහු තමන්ට පැවසූ බව කියා සිටියාය.

බැඳුම්කර නිකුතුව වෙනුවෙන් ඉදිරිපත් වූ ලංසු භාර ගැනීමේදී බිලියන 10 ලංසුව භාරගන්නා ලෙස තමාට මහ බැංකු අධිපතිවරයා බලකර සිටි බවත් නියෝජ්ය ණය අධිකාරී ආසීම් මහතා විසින් සිවු වතාවක් එහි ඇති අහිතකර බලපෑම් පෙන්වා දුන්නත් අධිපතිවරයා එය නොසලකා හැරි බවත්, ඇගේ සාක්ෂියේ සඳහන් විය.
මේ කරුණ විශ්ලේෂණය කරන විට එම කාන්තාවගේ තමන් දුටු නිර්භීතබව යට අන්තර්ගත වූ යතාර්ථය ජනාධිපතිවරයාට නොපෙනුනේද? සුදුසුකම් සහිත පිරිමින් සිටියදී මහ බැංකු අධිපතිවරයා විසින් පලපුරුදු බවින් තොර කාන්තාවක්ම මෙම තනතුරට පත් කරන්නට පියවර ගත්තේ ඇයි? පිරිමියෙකු මෙන් නොව කාන්තාවක අදාල තනතුරේ සිටිනවිට බලපෑම් මගින් ඈ දමනයකර, තම ඉලක්කය කරා යා හැකි බව ඔහු සිතුවා වන්නට පුලුවන. එමෙන්ම පසු කාලීනව අත්විය හැකි ප්රතිඵල ගැනද ඔහු තුල බයක් තිබෙන්නට නැත. ඒ අනුව ඔහු මේ කාන්තා චරිතය මැන ඇත්තේ ගතානුගතික මිණුම් දඬු වලිනි. එමෙන්ම විෂයානුබද්ධ පලපුරුද්ද අඩුකම තුල තමාට මහ බැංකු බැඳුම්කර හිතුමතේ භාවිතාකල හැකි බව ඔහුගේ අරමුණ වන්නට ඇති. එනම් මහ බැංකු අධිපතිවරයාද කාන්තාවන්ගේ ‘හැඳිමිටේ නුවණ’ ගැන උපකල්පනය කර තිබේ. කෙසේ වුවද මේ කාන්තාව නිර්භීතව ඉදිරිපත්ව තම ගැලවීම සඳහා හෝ සිදුවූ දේ පවසා ඇත. ඉතින් රටේ ජනාධිපති වශයෙන් ඔහුට මෙම කාන්තාවගේ නිර්භීත භාවය ගැන පමනක් ආඩම්බර වී නිකම් සිටිය හැකිද? එවිට එතැන සිදුව ඇති පැහැදිලි චංචාව? මේ සම්බන්ධව ජනාධිපතිවරයා ඍජු ප්රතිපත්තියක සිට වරදකරුවන්ට නිසි දඬුවම් දීම පිනිස තීරණ ගනී නම්, අන්න එවිට එම කාන්තාවගේ නිර්භීතභාවයේ ප්රතිඵල දෘශ්යමාන වී කාන්තා පරපුරට ආඩම්බර වීමට හැකි වනු ඇත. එසේ නැතොත් ඇයටද තම නිර්භීත බවේ ප්රතිඵලය ලෙස සමහරවිට රට හැර යාමට සිදුවනු ඇති. එය එසේ වුවොත් මේ කතාවත් හරියට ජනාධිපතිවරයා විසින් විවිධ නම් දමා උත්සව පවත්වා ආරම්භ කරන මුත්, නිකම්ම නමට පමනක් සීමාවන අනෙකුත් ව්යාපෘතීන් ගනනටම වැටෙනු නිසැකය.

පුලතිසි යොවුන් කඳවුරට පැමිනෙන ඔහු තරුණ පරපුර නගා සිටුවීමට කැපවන බව පවසයි. ඉන්දුනීසියාවේ හෝ වෙනයම් රටක සමුලුවකට ගියවිට ශ්රී ලංකාව ආසියාකරයේ ඒ ඒ සමුලුවට අදාල විෂයවලින් ප්රමුඛතාවයට ගෙන එන බවට පවසයි. අගමැතිවරයා රැකියා දස ලක්ෂයක් දෙන බව කියමින් නාම පුවරු විවෘත කරමින් තැන තැන යයි. රැකියා පන් ලක්ෂයක් භාර ගැනීමට සූදානම් වන ලෙස මුදල් ඇමතිවරයා ජනතාවට අණ කරන්නේ හරියට ජනතාව එපා කියනවාක් මෙනි. ඒ හැර විවිධ වර්ණවල ටී ෂර්ට් අැඳගෙන ඊට ගැලපෙන කැප් තොප්පිද දමාගෙන ව්යායාම කිරීම හෝ පා ගමන් යාමත්, ඒවාට ලොකු ප්රචාරයක් ලබා දීමත් ජනාධිපතිවරයාගේ පුරුද්දක් වී තිබේ. රටේ දිනෙන් දින මතුවන ප්රශ්න දෙස බලන කල්හි රටේ අනාගතය ගැන සහතිකයක් දිය හැකිද? වත්මන් අගමැති බලයේ සිටි සෑම වකවානුවකම මෙන් මෙවරද රටේ දල ජාතික ආදායමට සාපේක්ෂව ණය ප්රමානය 100% ඉක්මවා යන ලකුණු ඇති බව ඩේලි මිරර් පුවත්පතේ සඳහන් විය. අද වන විට රටේ දැවෙන ප්රශ්නය ඇත්තේ මැති ඇමතිලාටය. ඒ වාහන මදිකමය. පසුගිය වසරේ මැදදී රු. කෝටි 118 ක් වැයකර ලබාගත් වාහන අබලන්ව ඇති සෙයකි. දැන් තවත් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රු. කෝටි 49 ක් අනුමත කරගෙන ඇතිවා මදිවට ඒ ගැන අසන මාධ්යවේදීන්ගේ ඇඟට ගොඩ වන්නේ ‘ඔයගොල්ලො කියන්නෙ අපට කියන්නෙ කබල් ජීප් වල යන්න කියලද?’ අසමිනි. මේ තැනට එන්නට පෙර චන්දය අයදින්නට ගියේ කෙසේදැයි අසන්නට එකෙක් නැත. මේ සියලු පව්වල බර කර ගහන්නට සිදු වන්නේ අනාගත පරපුරටය. ඉතින් ජනාධිපතිවරයා යොවුන් සමුලුවල පවසන මෙවන් ලාභ ප්රකාශවල අර්ථය කුමක්ද?

අනික වාහන ඉල්ලා සිටින අයගේ අදාල ඇමති පට්ටම ජනතාවට මතක් වනු ඇත්තේ නම් ලැයිස්තුව දකිනවිටය.  ඒ ඒ විෂයයන් යටතේ මේ වසර 2 ට මඳක් වැඩි කාලය තුල රටේ ප්රගතියට සිදුව ඇති දේ කුමක්ද යන කරුණද ජනතාවට මතකයට නැගෙන්නේ නම් මැනවි. නැතිනම් ඉතින් මේ අය ඇමතිලා කියා දන්නවා විනා ඒ මොන මොන විෂයයන් පිලිබඳවද යන දැනීම ජනතාවට තිබෙන්නට බැරිය. විෂය ඉතා සීමිත සංඛ්යාවක හැර එවන් දැනුමක් ලැබෙන්නට තරම් හොඳ හෝ නරක කාර්යභාරයක් රට තුල සිදු වන්නේ නැති තරම්ය.

ඒ මදිවාට විජිත් විජිතමුණි සොයිසා වැනි අඳබාල පෘථග්ජනයන් ඇමතිකමට මුවාවී තමන්වම හඳුන්වා ගන්නේ ‘ප්රභූන්’ යන වචනයෙනි. මේ කතාවම සනාථ කරමින් ඊයේ පෙරේදා බස්නාහිර පලාත් මහ ඇමතිවරයා පැවසුවේ තමන්ට මිලියන් ගණන් වටිනා නිවාස, වාහන ආදිය ලැබී ඇත්තේ පෙර පින් බලයෙන් බවය. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගේ පින් මහිමය ගැන ඔහු කතා කලේය. ජනතාවගේ බදු මුදලින් තමන් ලබන සැප ගැන මෙසේ ජනතාව ඉදිරියේම මෙසේ කතා කරන්නට තරම් මොවුන්ට දැන් ලැජ්ජා බයක් නැත. මොවුන් පෙර පින් පුරන කාලයේ ජනතාව ඔවුන්ගෙන් ණය අරන් නොගෙවා සිට ඇති හැඩය. අද මේ පිරිස නඩත්තු කරන්නට විය ගහට බැඳි හරකුන් මෙන් ජනතාව බදු බර කර ගසාගෙන යන්නේත්, ජනතාවට කොස් කොල, ක්රෝටන් කොල කන්න කියන්නේ එබැවින් එබැවින් විය යුතුය.

ඉතිහාසයේ කිසිදු රාජ්ය නායකයෙකුට නොලැබුන තරම් ආරාධනාවන් සංඛ්යාවක් තමාටත් අගමැතිවරයාටත් ලැබෙන බව ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී පැවසීය. ඒ තමන්ගේ නිරන්තර රට සවාරි සඳහා ඇති හේතු පාඨයන්ය. ඒ ද අර කීවාක් මෙන් පින් මහිමයේ ප්රතිඵල විය යුතුය. සමාජ වෙබ් අඩවි වල තියෙන තරමක් බොරු බවද ඔහු පවසයි. සමාජ වෙබ් අඩවි ඇත්ත කියූ කාලය 2015 ජනවාරි 08 වන දායින් අවසන්ව ඇත.
අගමැති, ජනාධිපති ප්රමුඛ පින්වන්තයින් 225 දෙනා කරන කියන දේ දකිනවිට අසන්නට කටට එන පැනයකි.
පිස්සුද? හැටිද?

3 Responses to “කතාව දෝලාවෙන් …..!!”

  1. Christie Says:

    “ඔස්ට්රේලියාවේ ඩීකින් විශ්ව විද්යාලය මගින් අගමැති රනිල් වික්රමසිංහට ආචාර්ය උපාධියක්ද පිරිනමා වැඩි දවසක් නැත. ”

    රනිල්ට මේ පට්ටම දෙන්න මූලිකය ඩීකින් වල නීති ව්දුහලේ ලොක්කා ඉන්දියානු මැක්කා සන්දීප් ගෝපාලන්ය.

  2. Ananda-USA Says:

    Yamapalanaya Katawa Dolawen, Gamana Payin!

  3. Kumari Says:

    The current set of UNP and UNP supporting SLFP MPs remind me of the UNP MPs of the Dharmishta Palanaya. JRJ brought about obedience of his MPs through undated letters of resignation, his brain dead nephew has done the same through FDID. Once you sign a letter of resignation what hope of democracy.

    JRJ too had International friends by way of Ronald Regan and Margaret Thatcher. But, how did JRJ end his presidency, by blessing the country with a 30 year war and killing the Sinhalese Youth in the 88/89 uprising. These are the results of unconstitutional acts such as allowing a minority group in parliament to be the official opposition. All the constitutions mention the political party that is capable of forming the next government only, should be the official opposition in parliament. Also Sirisena’s SLFP Presidency /Chairmanship is also wrong. To be the SLFP President one has to contest elections under the SLFP banner, you can’t betray the party, join the enemies and then come and get the chairmanship. The illegal acts committed by the UNP and the individulas and groups related to UNP can be written to fill a library.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress