ශ‍්‍රිලංගම සේවකයින්ගේ මාසික වේතනයෙන් වැඩිකරන ලද රු 10,000 මුදල සඳහා අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටීම.
Posted on March 14th, 2017

සමස්ථ ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

ගරු කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමිය
කම්කරු දෙපාර්තමේන්තුව,
නාරාහේන්පිට,
කොළඹ 05.

ගරු මැතියණියනි,

ශ‍්‍රිලංගම සේවකයින්ගේ මාසික වේතනයෙන් වැඩිකරන ලද රු 10,000 මුදල සඳහා අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටීම.

රජයේ සේවකයින්ට සහ අර්ධ රාජ්‍ය ආයතන සේවකයින්ට රු 10,000 මුදලක් වැටුපට වැඩිකරන ලද අතර එම මුදල සමහර ආයතන වල වැටුපට පවා එකතු කර ඇත. නුමුත් ශ‍්‍රිලංගම සේවකයින්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් ගිණුම සඳහා වැඩිකරන ලද රු 10,000 මුදලින් මුදල් අයකර ගැනීම මේ මෙහෝතේ සිදුවන්නේ නැත.

රු 10,000 මුදල වැටුපට වැඩිකිරීමේ ආරම්භක මොහොතේ ශ‍්‍රිලංගම සේවකයින්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ලදි. ඔබ ආයතනය මැදිහත්වී එම ක‍්‍රියාවලිය වැලැක්වීම සහා ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවට අප සංගමයට තොරතුරු ලැබී ඇත. මෙම කි‍්‍රියාව ඔබ තුමිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ශ‍්‍රිලංගම සේවකයින්ගේ මූලික මිනිස් අයිති වාසිකම් බරපතල උල්ලංඝනය කිරීමකි.

රජයේ සේවකයන්ට මෙම රු 10,000 මුදලින් රු 2,500 ක මුදලක් මූලික වැටුපට එකතු කර ඇති තත්වයක් තුළ ශ‍්‍රිලංගම සේවකයින්ගේ මුදලින් අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ගැනීම වැලැක් වීම අතිශය ඛේදජනකය. අනෙකුත් සියලූම ව්‍යවස්ථාපිත අයතන වල, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුපෙන් රු 10,000 මුදල සඳහා අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ගන්නා බව ඔබතුමියට දන්වා සිටින අතර ශ‍්‍රිලංගම සේවකයින්ගේ වැටුපෙන් මෙම රු 10,000 මුදල සඳහා අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමියගෙන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටන්නෙමු.

ස්තූතිය.

මෙයට විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ථ ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress