රනිල් කියන බටහිරයා ළඟ මෛත්‍රි අද නිවටයකු වෙලා..
Posted on March 20th, 2017

– මව්බිම

මහින්ද රාජපක්ෂ යනු ජාතික නායකයෙක්. එතුමා කිසිම පක්ෂයකට අයිති නැහැ. මේ රටේ බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු යනාදී සියලුම ආගම් අදහන මිනිසුන්ගේ ජාතික නායකයා එතුමායි. එතුමා තරම් සියලු ආගමිකයන්ගේ පිළිගැනීමට එක සේ ලක්වූ වෙනත් කිසිදු නායකයකු මේ දිවයිනේ නැහැ.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් සහ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියන් මේ අදහස් ප්‍රකාශ කෙළේ පසුගියදා බෙලිඅත්ත සමුපකාර උත්සව ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීය. නව ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, එක්ටා ගිවිසුම හා රටේ අනාගතය යන මාතෘකාව යටතේ ජාතික හිමිකම් සංවිධානය හා යුරෝපීය ශ්‍රී ලාංකික සංසදය එක්ව මේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

වසර 30ක් තිස්සේ අපේ රටේ තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසන් කළා. ඉන් පසු රටේ කිසිම තැනක බෝම්බ පිපිරුණේ නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාවකින් කිසිම පුද්ගලයකු මිය ගියේ නැහැ. මේ පිළිබඳව එතුමාට අපි සැවොම ගෞරව කළ යුතුයි.

කොටි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන් බටහිර රටවල් එකතු වී එතුමාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා 2011 සිටම කුමන්ත්‍රණයක් පටන් ගත්තා. මේ සඳහා චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රි, රාජිත, රතන හිමි ඇතුළු ප්‍රබල පිරිසක් යොදා ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද මහතා ගෙදර යැව්වා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තනිකරම බටහිරයෙක්. ඔහුගේ කතාවත්, ඇඳුමත්, පාටත් ඊට ගැළපෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා අද නිවටයෙක් වෙලා. රනිල්ට වුවමනා විදියට කටයුතු කරනවා. ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. එය සම්මත වුණොත් රට ඉවරයි. බලය බෙදා හැරියොත් රටේ ඒකීයභාවය විනාශ වෙනවා.

අද බටහිර ජාතීන් ඔවුන්ට අවශ්‍ය නොවන රටවල් යටත් කර ගැනීම කෙළින්ම කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ රටවල් යටත් කර ගැනීම සදහා තමන්ට මෙහෙය විය හැකි කණ්ඩායමක් ඒ රට තුළම හදා ගන්නවා. ලිබියාවට කළේ ඒකයි. ගඩාෆි කියන පුද්ගලයා ලිබියාවේ දැවැන්ත සංවර්ධනයක් කළ නායකයා. එය බටහිර ජාතීන්ට අභියෝගයක් වුණා. ඒ හේතුවෙන් කුමන්ත්‍රණය කරලා ගඩාෆිව මරා දැම්මා. ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය හා ඉන්දියාවේ රෝ සංවිධානය එකතු වී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වා. මෙම අපරාධය කරපු අපරාධකරුවන්ට මේ ආත්මයේදී දඬුවම් නොලැබුණත් අපායේදී නම් දඬුවම් ලැබෙන බව ඒකාන්තයි.

 

2 Responses to “රනිල් කියන බටහිරයා ළඟ මෛත්‍රි අද නිවටයකු වෙලා..”

  1. Christie Says:

    මව්බිම හා හාමුදුරුවනේ අද ඉස්සර වගේ නෙමෙයි බටහිර බලවත් ඉන්දියන් කාරයො ඉන්නව. උන් අපිට විතරක් නෙමෙයි අපි වගෙ අනිත් අයටත් කෙනෙහිලිකම් කරනව. Sඉන්හල අපි එකතුවී ඉන්දියානු ජඩයින්ට එරෙහිව නැගී සිටිය යුතුය,

  2. Ancient Sinhalaya Says:

    Traitor maru sira (hora) has no backbone. In front of traitor chief die hard catholic token Buddhist Batalande
    Wadakaya Bay Gal Karaya pol pot r@nil wickramaSinhalakiller, he is a mere puppet. He doesn’t have any say in
    any thing. So he just having a good time since there is nothing he can do. Only thing he has to make sure is he
    rubber stamps everything.

    If he has an iota of patriotism, he should get rid of the traitor chief Batalande Wadakaya.
    Batalande wadakaya’s treachery most Sinhalese know now and he is on a rocky road and never going to regain
    his murderous, powerful state any more. So maru sira sack him now and show you have a back bone, you’re
    patriotic. All the sins you’ve committed will be forgiven. Do it! You can do it. Even we will be your supporters! Do it
    and save Sri Lanka Matha!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress