ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සංග්‍රාමික විඩාව
Posted on March 23rd, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග

යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ (වර්තමානයේ  ෆීල්ඩ් මාෂල්) යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය.

සරත් ෆොන්සේකා දක්‍ෂ සොල්දාදුවෙකි. යුද බිමේ අත්දැකීම් නිසා ඔහු තුල සංග්‍රාමික විඩාව ඇතැම් විට නිරීක්‍ෂණය කල හැකිය​.  සමහර අවස්ථා වලදී  ඔහු තුල මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​. පහත දැක්වෙන්නේ ප්‍රභාකරන් මරා දැමූ මොහොතේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට දුන් දුරකතන ඇමතුමයි

…තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.

Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක් යනුවෙන් මා ප්‍රකාශ කළ විට What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය. Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන් මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු What?” (මොකක්ද?) යනුවෙන් ප්රශ්න කළේය. මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.

Sir, we killed prabhakaran”

(සර්, අපි ප්‍රභාකරන් මරා දැම්මා) තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම, Sure” (සහතිකද?) Yes, Sir” (ඔව් සර්) නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු, How do you know it is Prabhakaran” (කොහොමද ඔබ දන්නෙ ඔහු ප්රභාකරන් කියලා?) Sir, I have the dead body with me” (සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා) Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”

Hmm, don’t tell this to anyone, until I tell you.”

හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?” Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.” (සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන් ඉස්කෝලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් දෙන්න.)

තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද්ද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.

(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා) යුද හමුදාපතිවරයා මෙම ප්රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය. එහෙත් මා විනය ගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත. ආරක්ෂක ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ජ්යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අබිබවා යමින් මෙම ප්රවෘත්තිය ආරක්ෂක ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.

සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”

කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?” සර් කඩොල් කැලේ.” දැන් ඊයේ සවස කඩොල් කැලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.” ඔව් සර්” ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?” ඔව් සර්” එහෙනම් මේකා හිටියේ කොහේද?” සර්, කඩොල් කැලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.” එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.” සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.” ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”

ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය. මුළු රටම බලා සිටි ප්රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය. මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.

මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.” සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.” මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?” පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.” ඉන්පසු නැවතත් ප්රශ්න කිරීම් ඇරඹූ ඔහු, දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ?” ඊට වඩා හිටියා සර්” කීයක්ද 10-15ක්?” නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.” Whattt? Fifty two buggers have escaped yesterday?”

ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය. තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි. එහෙත් ඔහු සාමාන්යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.

Yes sir, but we got all of them and all of them are dead now”

( ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය, 834-836 පිටු)’

One Response to “ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සංග්‍රාමික විඩාව”

  1. Kumari Says:

    I reckon that SF was not happy that our forces managed to kill Prabhakaran. In the last phase of the war, SF was batting for the International Community (lead by the Americans). When his forces were fighting the do or die war, SF was talking to aggravate the Tamil Nadu politicians by calling them Stupid etc. He wanted at least the Indians to pressurise Rajapakses’ to stop the war. In fact in Washington he told the Reuters, that we may not be able to eradicate terrorism but we may able to contain it.

    No wonder Fonseka was upset to hear Prabhakaran was killed. No wonder he challenged Mahinda at 2010 Presidential. No wonder Fonseka was backed by the US.

    With only 5000 votes to his credit he has spent Rs 5000 lakhs in a matter of three months as a minister in Pxxxa Ranil’s government. Anoma Fonseka got a special approval for a Rs255,000 per month lease for an official vehicle for herself. The approved limit is Rs125,000. All this is while the pensions / payments to the soldiers are being reduced by over 50%.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress