වස විසෙන් තොර කෘෂිකර්මය හා ගොවියා ‘ගොනාට ඇන්දීම’
Posted on March 30th, 2017

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ Ravaya – 19th March 2017

රජයේ ‘වස විසෙන් තොර ගොවිතැන’ නම් ව්‍යාපෘතියේ අරමුණ නම් අවුරුදු තුනක කාලයකින් ලංකාව සම්පුර්ණයෙන්ම වස-විස නැති රටක් බවට පරිවර්තනය කිරීමයි. මේ කෘත්‍ය තුලින් අප රටේ සුපිරි ගුණාත්මක, අතිශයිම පලදායි, සුව ප්‍රාර්ථනාවෙන් සපිරි පාරම්පරික ගොවිකම සහ නවීන ක්‍රමවේද හරහා රට තිරසාර කෘෂිකර්ම ක්‍රමවේදයකට රැගෙන යාම” බව නිල වශයෙන් ප්‍රකාශිතය.

වසර තුනකින් කෘෂි රසායනික භාවිතයෙන් ඉවත්වීම, ඒ වෙනුවට කාබනික පොහොර හා ජෛව පොහොර භාවිතය හා වී වගා වපසරියෙන් 30% තුල මෙම කාලයේ දී ආවේනික වී වගාව ව්‍යාප්ත කිරීම එහි ක්‍රියාකාරකම් අතර වේ.

2015 වසරේ මාස් කන්නයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය නියෝජනය කරන්නේ වත්මන් රජයේ කෘෂි ප්‍රතිපත්තිය දැයි හරිහැටි පැහැදිලි නැත. මන්ද සියවසකට වඩා පැරණි, හා විද්‍යාත්මක දැනුම හා හැකියාවන් රැසක් තිබෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙයට සම්බන්ධ නොමැති නිසාය.

ඒ වෙනුවට ව්‍යාපෘතිය මෙහෙය වන්නේ ජනාධිපති කාර්යාලයෙන් වන අතර එයට නායකත්වය ලබා දෙන්නේ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයයි (SEMA). ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතුරැලියේ රතන හිමි මෙහි කැපී පෙනෙන භූමිකාවක් සිදු කරයි.

‘වස විසෙන් තොර රටක් ‘ නැමති කෘෂිකර්ම ප්‍රකාශනයේ වැරදි බොහෝය. ඉලක්ක කරා ලගා නොවිය හැකි වගත් එහි ප්‍රවේශයන් ප්‍රායෝගික නොවන වගත් සක්සුදක් සේ පැහැදිලිවේ.

ඒ සම්බන්දව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් වූ ආචාර්ය සරත් අමරසිරි ‘The Island’ පත්‍රයේ 2017 ජනවාරි 25 වැනි දින පල කරන ලද විවේචනාත්මක ලිපියෙන් එහි ඇති වැරදි සාවධානව හා තර්කානුකූලව පෙන්වා දී ඇත. ඇත්තෙන්ම එම ලිපිය කියවීමේදී පැහැදිලි වන්නේ එම ව්‍යාපෘතිය සැකසුමට නිපුණ කෘෂිකර්ම විද්වතුන් සහභාගි නොමැති වී ඇති වගයි.

ඒ කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති ප්‍රගතිය බලමු.

රසායනික කෘෂිකර්මයෙන් ඈත්වීමේ ප්‍රථම රජයේ පියවර වූයේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන ග්ලයිෆෝසේට් නැමැති රසායනික වල්නාශකය මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කිරිමය. එයට හේතුව සේ දැක්වුයේ එය රජරට වකුගඩු රෝගයට (CKDu) පාදක වන වගයි.

එහෙත් ග්ලයිෆෝසේට් හෝ වෙනත් කෘෂි රසායනිකයක් වකුඩ්ගඩු රෝගය ඇති කරනවා යයි නියත වශයෙන් කීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් තවම සොයා ගෙන නැත.

2016 අප්‍රේල් මස කොළඹ පැවති, ලාංකික හා ජාත්‍යන්තර විද්වතුන් සහභාගි වූ වකුගඩු රෝග විශේෂඥ සමුුලුවේ දී පවා තීරණය වූයේ මෙම මතයට විද්‍යාත්මක සාක්ෂි නොමැති වගයි.

එවන් පසුබිමෙක හුදු දේශපාලන සාධක මත ගන්නා ලද මේ තීරණයෙන් අද තේ වගාව ප්‍රමුඛව බොහෝ වගාවන් විකල්ප වල් මර්දන ක්‍රමෝපායන් නොමැතිව විශාල අර්බුදයකට පත් වී ඇත. විශේෂයෙන්ම ප්‍රශ්න රැසක් සමග පොර බදමින් සිටින තේ වැවිලි කර්මාන්තයට එය අමතර පහරක් බවට පත් වී තිබේ.

වැවිලි කරුවන් ගේ සංගමයේ දත්තයන් අනුව ගිය වසරේ තේ කර්මාන්තයට වූ පාඩුව රුපියල් බිලියන 18 කි. ෙමයට එක් ප්

රධාන ෙහ්තුවක් ෙලස ඔවුන් දක්වන්ෙන් දරා ගත හැකි වියදමට විකල්ප වල් මර්දන ක්

රම ෙනාතිබීමයි. එමෙන්ම මෙම වල්නාශකය නොමැතිව බඩ ඉරිඟු හා අනෙකුත් ක්ෂේත්‍ර වගා මෙන්ම තෙත් කලාපයේ වී වගාවේ ද පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කෙරේ.

2015/2016 මාස් කන්නයේ කාබනික කෘෂිකර්මය හා ආවේනික වී වගාවේ ව්‍යාප්තියට අදාල අය විශාල ප්‍රයත්නයක් දැරවද වගා වී ඇත්තේ කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 7,500 පමණ ඉතා සුළු ප්‍රමාණයකි. ආවේනික වී වර්ග වගා කරන ලද රජරට හා නැගෙනහිර ගොවීන්ට ලාබදායි මිලකට වී විකිණිමට නොහැකිවීම සම්බන්දව ඔවුන් පෙලපාලි ගිය වග ඔබට මතක ඇත.

අද වී වගාවේ මෙරට සාමාන්‍ය ජාතික පලදායිතාව හෙක්ටයාරයකට වී ටොන් 4.5 වන අතර ආවේනික වී වර්ග සාමාන්‍ය ඵලදාව ටොන් 1.5 පමණ වෙයි. ගොවියාට අවශ්‍ය ඔහුගේ ශ්‍රමයට සරිලන අස්වනු හා ආදායම් මිස දේශපාලන උද්‍යෝග පාඨ නොවේ. නව වී වර්ග මෙන් අස්වනු තෙගුණයක් නොලැබෙන්නේ නම් ගොවීන් පැරණි වී වර්ග වගා කරයිද?

තවද පැරණි වී වර්ග ඵලදායිතාව අඩු වුවද ඒවායේ වැඩි පෝෂන ගුණ මෙන්ම ඖෂධ ගුණයන් ද ඇතැයි මතයක් පවතී. මෙය පදනම් සහිතය. එහෙත් නව වී ප්‍රභේද කිසිසේත් නිස්සාර නොවේ. සමහර නව වී ප්‍රභේදවලද (විශේෂයෙන්ම රතු සහල්) පැරණි ප්‍රභේද මෙන්ම පෝෂ්‍යදායි වග දත්තයන් පෙන්වා දේ.

කෙසේ වෙතත් ප්‍රධාන ආහරයෙන් බලාපොරොත්තු වන්නේ කාබෝහයිඩ්‍රේට් නැතහොත් ශක්තිය වන අතර අනෙකුත් පෝෂන පදාර්ථ එළවළු, පලතුරු මස් හා මාළුවලින් ලබා ගත යුතුවේ.

 

ක්ෂුද්‍රජීවි පොහොර හා ඒවායේ ක්‍රියාකාරීත්වය

කාබනික පොහොර අවශ්‍යතාවයක් ප්‍රායෝගිකව හා තරගකාරි මිලට ලබා ගත නොහැකි බැවින් රජයේ ‘වස විසෙන් තොර’ කෘෂි තාක්ෂණ නියමුවෝ දැන් නොයෙක් ක්ෂුද්‍රජීවි පොහොර භාවිතයට ගොවීන් පොලඹවනු ලැබේ. මේවා ඵලදායිදැයි පෘථුල විද්‍යාත්මක පර්යේෂණ මගින් අත්හදා බලා නොමැති වග පෙනේ.

එහෙත් රජයේ ”වස විසෙන් තොර රටක්” නැමැති ලේඛණයේ මේවායේ භාවිතය නිර්දේශ කොට ඇත. SEMA වෙබ් අඩවියෙන් හා ජාතික පුවත්පත්වල නිතර පළ කැරෙන ලිපිවලින් මේවා ගොවීන් අතර ප්‍රවර්ධනය කරනු ලබයි.

මෑතදී දිනපතා පත්‍රයක ප්‍රධාන ලිපියක පල වූයේ ‘විශිෂ්ඨ ජෛව පොහොරක්’ මගින් ප්‍රධාන බෝගවල රාසයනික පොහොර භාවිතය 50% කින් අඩු කල හැකි වගයි. එපමණක් නොව ඵලදායිතාව 20-30% වැඩි කල හැකි යැයි ද, එමගින් විදේශිය මුදල් බිලියන ගණනක් රජයට ඉතිරි කර හැකියැයි ද ප්‍රකාශ කොට තිබුණි.

‘බයෝෆ්ල්ම් බයෝෆ්ර්ට්ලයිසර් (Biofilm Biofertilizer) නැමැති මෙම ක්ෂුද්‍රජීවි පොහොර සම්බන්ද වසර 10ක් පර්යේෂණ කර ඇතැයි සදහන් කොට තිබුනද අප දන්නා පරිදි මෙම ජෛව පොහොර ළපටි තේ හා රබර් පැල වැඩීමට උපකාරි වී ඇති වගට පර්යේෂණ දත්ත ඇති මුත් වී හා වෙනත් ක්ෂේත්‍ර බෝගවලටද ක්‍රියාකාරියැයි පිලිගත හැකි දත්තයන් නොමැත.

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වී සමග මෙන්ම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ බඩඉරිගු සමග මෙතෙක් කරන ලද පර්යේෂණ මගින් කිසිදු ගුණාත්මක ප්‍රතිඵල ලැබී නොමැතියැයි අදාල නිලධාරීහු පවසති.

තවද වෙනත් ආයතන සමග ද පර්යේෂණ කර ඇතැයි ද මෙම ලිපියේ සදහන් වී ඇතිමුත් එය සනාථ කිරීමට ලොව පිළිගත් පර්යේෂන සඟරාවල ප්‍රකාශිත පර්යේෂණ දත්තයන් නොමැත.

කරුණු මෙසේ තිබියදීත් මෙම ජෛව පොහොර එක්තරා සමාගමක් මගින් ගොවීන්ට නිර්දේශ කිරීම ප්‍රෝඩාවක් නොවේද? රාජ්‍ය ආයතනයක් වන SEMA විසින් මෙය නිර්දේශ කරනු පෙනේ. එය කෙතරම් ආචාර ධර්මීයද?

කෙසේ වෙතත් මෙම ජෛව පොහොර සම්බන්ද විද්‍යාත්මක ලිපියක්, බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කර ගත් Commonwealth Agricultural Bureau International (CABI) නම් ආයතනයෙන් 2016 ජූනි මස පළ කරන ලද The Handbook of Microbial Resources නම් පොතෙහි පරිච්ඡේදයක් ලෙස ඇතුළත් කර තිබේ. www.cabi.org/bookshop/book/9781780645216

Biofilmed Biofertilizers: Application in Agroecosystems” නම් මෙම විද්‍යා ලිපියේ කර්තෘවරුන් 15 දෙනෙක් ඇත. ඔවුන් මහනුවර මූලික අධ්‍යයන ආයතනය, තලවකැලේ තේ පර්යේෂනායතනය, පුද්ගලික ආහාර සමාගමක් හා රාජ්‍ය නොවන සන්විධානයක් ආදී ස්ථානවල සේවය කරන බව දැක්වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කිසිවකුත් මේ අතර නැත.

සොබාවිකව පසේ හමු වන ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බෝග වගාවට අවශ්‍ය රසායනික මූලද්‍රව්‍ය සම්පාදනය කර ගැනීමට ලොව පුරා පර්යේෂණ කරනු ලබන්නේ දශක ගණනක සිටය. මූලපද්ධතිය හරහා බෝගයනට සාර්ථකව පෝෂණ පදාර්ථ ලබා දිය හැකි පසෙහි ඇති ක්ෂුද්‍රප්‍රාණීන් හදුනාගැනීම හරහා අනාගතයේ රසායනික පොහොර භාවිතය අඩු කිරිම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

මෙය වැදගත් පර්යේෂණ ක්ෂේත්‍රයකි. මෙවැනි පර්යේෂණවල අවශ්‍යතාවය ගැන කිසිදු තර්කයක් නොමැත. මෙම නව තාක්ෂනයන් යථා කාලයේ දී කෘෂි රසායනික භාවිතය අවම කිරිමට හා තිරසාර කෘෂිකර්මයට ඉවහල් වනු නිසැකය.

 

එහෙත් විද්‍යාවේ මූලික විනයක් හා ප්‍රමිතියක් වන්නේ කරන පර්යේෂණ පිළිබඳ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමත් ඒවා සමස්ත විද්‍යා පර්යේෂක සමූහය විසින් විමර්ශනයට ලක් කිරීමත්ය. එසේ බලන විට මෙම විද්‍යාත්මක ලිපිය කිහිප අතකින් ගැටළු සහගත වෙයි.

මේ එම ලිපියේ Biofilmed Biofertilizers හෙවත් BFBF පොහොර යොදා වවන ලද බෝගවල ඵලදාව ගැන දත්ත වගුවකි. සසැදීම සදහා වගුවේ අන්තම තීරයේ ගොවිපල 30කින් ලබාගත් 2014 යල කන්නයේ සහ 2014/2015 මහා කන්නයේ බෝග ඵලදා දත්තයන් මා විසින් ඇතුලත් කර ඇත. මෙම දත්තයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘වගා වියදම්’ නැමැති ප්‍රකාශනයෙන් උපුටා ගන්නා ලදි.

 

 

බෝගය BFBF + +50% රසායනික පොහොර යෙදූ විට ඵලදාව (හෙක්ටාරයට කිලෝග්‍රෑම්) 100% රසායනික පොහොර යෙදූ විට ඵලදාව (හෙක්ටාරයට කිලෝග්‍රෑම්) සැසඳීම පිණිස එක් කරන ලදී: සාමාන්‍ය ගොවිබිම් ඵලදාව (හෙක්ටාරයට කිලෝග්‍රෑම්)
තේ 4,300 4,100
වී 4,420 3580 6,059 (අම්පාර Y/I)
බඩ ඉරිගු 2,681 2,502 8,594 (අනුරාධපුර Y/I)

4,571 (අනුරාධපුර M/R)

රාබු 1,192 992
ගෝවා 1,302 980 27,945 (නුවරඑළිය Y/I)
කරවිල 1,547 1,563 13,343 (හම්බන්තොට Y/I)
වම්බටු 748 678
බණ්ඩක්කා 3,107 1,739
මිරිස් 3,478 2,350 17,618 (අනුරාධපුර Y/I)

7,116 (අනුරාධපුර M/R)

මාළුමිරිස් 238 152 12,617 (බදුල්ල M/I)
තක්කාලි 335 397 19,834 (බදුල්ල Y/I)
බෝංචි 2,762 2,396 11,330 (බදුල්ල Y/I)

5,782 (බදුල්ල M/R)

 

M= මහ කන්නය; Y= යල කන්නය; I= වාරි ජලෙයන් වගා කිරීම; R= වැසි ජලෙයන් වගා කිරීම

ඇත්තෙන්ම BFBF යොදා ගෙන වවන ලදැයි කියන බෝග ඵලදාව සම්බන්දව පර්යේෂණ දත්තයන් ගැන විශාල අවිස්වාසයක් පැන නැගේ. උදාහරණයක් වශයෙන් එලවළු ඵලදාවන් ගත හොත් BFBF පොහොර යොදන ලද මාළුමිරිස්, තක්කාලි හා ගෝවා ඵලදාව හෙක්ටාරයට කිලෝග්‍රෑම් 238, 335 හා 1,302 වන අතර අනුරූපව ගොවිපල ඵලදාව පිලිවලින් හෙක්ටාරයට කිලෝග්‍රෑම් 12,617, 19,834 හා 27,945 වේ.

එනම් ගොවිපල ඵලදාව, BFBF යොදා ගනිමින් මෙකී පර්යේෂකයන් ලබා ගත් පර්යේෂණ ඵලදාව මෙන් 53, 59 හා 21 ගුණයකින් වැඩිය.

පර්යේෂණ දත්තයන් මෙතරම් පහත් වූයේ කෙසේද? දත්ත එකතු කිරිමේ දී හෝ ගණනය කිරිමේ දී ලොකු වරදක් සිදු වී ඇති බව පැහැදිලිය. විද්‍යාඥයින් (කර්තෘවරුන්) 15 දෙනෙකුට මෙම අඩුපාඩුව නොපෙනීම පුදුමය.

එපමණක් නොව මෙම පර්යේෂණ ග්‍රන්ථයේ කර්තෘවරුන්ටද මෙය නොපෙනුනේ කෙසේද? මෙම ලිපිය පල කිරිමට භාර ගත්තේ කෙසේද?

ඇත්තෙන්ම අද සමහර විද්‍යා පර්යේෂණ සගරාවන්හි මෙවැනි දේ දුර්ලබ නොවේ. සමහර මුදල් ගෙවීම මත ප්‍රචාරය වන සගරාවල ඕනෑ ලේඛනයක් ප්‍රකාශ කර ගත හැකිය.

ලංකාවේ ග්ලයිෆෝසේට් තහනමට තුඩු දුන් (තවමත් වෙනත් කිසිදු පර්යේෂකයකු තහවුරු කර නොමැති) කල්පිතයද එවැනිම ප්‍රකාශනයක පල කරන ලද ලිපියකි.

එපමණක් නොව මෙම පර්යේෂණ සැලැස්මේ ද තව වැදගත් අඩුපාඩුවක් ඇත. එනම් 50% රසායනික පොහොර පමණක් යොදන ලද පාලක පර්යේෂණයක් (Control Treatment) නොමැතිව ජෛව පොහොර සිද්ධිදායක දැයි පෙන්නුම් කල නොහැක.

ඇත්තෙන්ම පිළිගත හැකි හා තහවුරු කරන ලද පර්යේෂණ දත්තයන් නොමැතිව, තවමත් අත්හදා බැලීමේ මට්ටමේ තිබෙන BFBF වැනි තාක්ෂණයක් ගොවීන් අතර ප්‍රචලිත කිරීම අපේ ගොවියා රැවටීමක් නොව්ද?

එපමණක් නොව වාණිජ වශයෙන් අලෙවි කරන මෙම BFBF ජෛව පොහොරය, රජයේ ආයතනයක් වන SEMA වෙබ් අඩවියේ පවා ප්‍රවර්ධන කරනු ලබයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයකින් තොරව මෙවැනි වාණිජමය කෘෂි අලෙවි භාණ්ඩයක් රජයේ තවත් ආයතනයක් මගින් ප්‍රචලිත කිරිම සදාචාරාත්මක ද?

අද වෙලදපොලේ නොයෙක් මෙවැනි ජෛව පොහොර වර්ග ඇත. අප දන්නා පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම ද්‍රව්‍ය අත්හදා බලා නිර්දේශ කර නොමැත.

එසේ නොමැතිව, තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මේවා අහිංසක ගොවීන් අතර ප්‍රචලිත කිරීම ඔවුන් ‘ගොනාට ඇන්දවීමක්’ නොවේද?

රජය මේ ගැන නිසි පරිදි විද්‍යාත්මකව සොයා බලා, ප්‍රතිපල තහවුරු වූ පසුව පමණක් මෙවැනි දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් ආයතනයක් මගින් ගොවීන්ට නිර්දේශ කිරීම අතිශයින්ම වැදගත්වේ.

එම තාක්ෂණයෙන් ගොවීන්ට හදුන්වා දීමට පෙර ඒවා මුළුමනින්ම ප්‍රතිඵලදායක හා ආරක්ෂිත ද යන්න නිසැකව හදුනා ගත යුතුය.

2017 වසර වනවිට ජෛව පොහොර වෙලදපොල ඩොලර් බිලියන 10 ඉක්ම වනු ඇතැයි අනාවැකි පල වී ඇත. කෙසේ වෙතත් තිරිසාරව ක්‍රියාකාරි ක්ෂුද්‍රප්‍රාණී පොහොර සංයෝජන මෙතෙක් විශාල අභියෝගයක් බව විද්‍යාඥයින්ගේ මතයයි.

 

[කෘෂි විද්‍යාඥ ආචාර්ය පරාක්‍රම ෛවද්‍යනාථ, ෙපාල් පර්ෙය්ෂනායතනෙය් හිටපු සභාපතිවරෙයකි. එක්සත් ජාතීන් ෙවනුෙවන් රටවල් ගණනක ෙස්වය කළ විද්වෙතකි. 1984දී ආචාර්ය ෙර් විෙජ්වර්ධන සමග Conservation Farming for Small Farmers in the Humid Tropics නම් පුෙරෝගමී අත්ෙපාත රචනා කෙළ්ය.]

2 Responses to “වස විසෙන් තොර කෘෂිකර්මය හා ගොවියා ‘ගොනාට ඇන්දීම’”

  1. Christie Says:

    අම්මපා රතන හාමුදුරිවො වකුගඩු පැනයට උත්තර හොයන්න මැලේසියාවේ ඉන්න ඉන්දියන් පරපොසිතයන් ගාවටද ගියේ?
    මේ පෝර සෙල්ලමට කා ලඟටද යන්නෙ හාමුදුරුවනේ?

  2. Christie Says:

    ජීවී පෝර තමයි ඉස්සර අපේ රටෙත් වෙනත් රටවලත් පාවිච්චි කෙරුවෙ. මේ කියන තෝරාගත් ජීවි දාල කොරන සෙල්ලම පලදායක නම් මොන්සන්ටෝ වගේ අය අනිත් පෝර සෙල්ලම් අත් ඇරල බොහොම කල්.
    හොඳම ජීවි පෝර තමයි හුජ්ජ හා ගූ. ජපානය වගේ රටවල තවමත් යොදනව.

    Than you Dr. Parakrama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress