තෑගී ලැබුන කඩුවේ වගතුග
Posted on March 30th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

පර සතුරන් දෙපලු කරන්නට ”’මට සිංහල කඩුවක් දෙව  ”’ය්    පොළොන්නරුවේ මහා  පරාක්‍රම බාහු රජතුමා  එදා කී හැටි ඉතිහාසය දන්නෝ දනිති.

රුසියාවේ පුටින්ද  එය දන සිට ඇත .

කොය් කඩු වෙනුත් සතුරන් දෙපලු කල හැකි නමුත්සතුරු ප්‍රශ්නය ඉවරටම ඉවර කල හැක්කේ  රටට ගැලපෙන, අපේ  අතට හුරු ආයුධයෙන් බව පරාක්‍රම බාහු රජ තුමා දැන සිටියේය .  

සිංහල කඩුවක්ම ඉල්ලුවේ සිංහල ක්‍රමයටම සිංහල රටේ  ප්‍රශ්නය විසදන්නටය .

නොකියා කිව්වේ අපේදේ  අපේ ක්‍රමයටම විසදිය යුතු බවය් .

යහපාලන රජයේ ජනාධිපති පොලොන්නරුවේ සිරිසේන විදේශීය ක්‍රමයට සිංහල රටේ ප්‍රශ්න විසඳීමට කරන ක්‍රියාව වැරදිබව රාජ තාන්ත්‍රික ලෙස සිරිසේනට කියාදීමට රුසියන් පුටින් අපේ පැරණි සිංහල කඩුවක්  සිරිසේනට ප්‍රදානය කර ඇත .

එහෙත් සිරිසේනට එය මෝඩි ඇඳුම තරම්වත් වටිනා කමක් නැත .

පුටින් රුසියාව නැවත නංවන්නේ ජාතික වාදය මගිනි

පුටින් ට්‍රම්ප් ට උදව් කලෙත් ජාතික වාදය මගින් නැවත ඇමරිකාව නැංවිය හැකි බැවිනි .

එහෙත් ඉඟියෙන්වත්  කෙලමෝලෙන් ඇනලවත්සිරාට නම් මේවා තෙරු කරවීමට සිරාවටම  නොහැකිය.අත්මේස් නැතුව අතට අතදුන්න සුද්දී ගැනඇති කැක්කුම සිරිසේනට පුටින් ගැන නැත .

තමන්  පාගාගෙන හිටපු උන් ගැන වහල්ලු බය පක්ෂ පාත කම් දක්වනවා තමය් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress